
රුවන්වැලි මහාසෑය හදන්න මහා භාණ්ඩාගාරයෙන් රන්කහවණු දීලා වියදම් කළේ ඇයි? ලෝවාමහාපාය සාදවා මහරහතන් වහන්සේලාට පූජා කළේ ඇයි? ලෝවාමහාපායට රන් කහවනු වියදම් කරන්න අනුමැතිය ගත්තේ කාගෙන් ද? මහා සංඝරත්නයට සංඝාරාම තනවා පූජා කළේ ඇයිද? කියා දුටුගැමුණු මහරජතුමා යහපාලන ආණ්ඩුව කාලයේ දී සිටියේ නම් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) විසින් විමසනවා නොඅනුමානය.
සිංහල බෞද්ධ සංස්කෘතියක ප්‍රවාහයක් සමඟ ඉතිහාසයේ සිට මෙරට පැවත එන අතර රට එක්තැනම නතර කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී ක්‍රියාත්මක වූ අතර එහිදී විශාලත ම භූමිකාව සිදුකළ ආයතනයක් වශයෙන් “FCID” ය හැඳින්වීමට පුළුවන. “FCID” චෝදනා එල්ල කරමින් ගොනු කළ නඩු විභාගවලින් අනතුරුව යම් යම් තීන්දු ලැබිණ. එම තීන්දුවලට එරෙහිව අභියාචනාධිකරණයට ගියවිට ලැබුණු තීන්දුවලින් පෙන්නුම් කෙරෙනුයේ FCID සිදු කළ අපරාධයන්ය.
දැන් ඒවාට වග කියන්නේ කවුද?
යහපාලන ආණ්ඩුව කාලයේදී නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ ඒ නිසාය. රටේ ඉහළම රාජ්‍ය නිලධාරියා වශයෙන් එනම් හිටපු ජනාධිපති ලේකම් වශයෙන් කටයුතු කළ ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සුප්‍රසිද්ධ “සිල්රෙදි” නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය පසුගිය 19 වැනිදා නියම කළේය. සුප්‍රසිද්ධ “සිල්රෙදි” නඩුව වශයෙන් මෙය දේශපාලන වේදිකාවට ද ගෙන යෑමට යහපාලන ආණ්ඩුවේ හවුල්කරුවන් වූ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ බව නොරහසකි.
දැනට සමගි ජන බලවේගයේ සිටින අතිබහුතරයක් ඒ අවස්ථාවේදී නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂයයි.
එමනිසා සිල්රෙදි නඩුව ගොනු කිරීමට දායක වූ පිරිසගෙන් සමගි ජන බලවේගයට අත් දෙක පිසදමා ඉවතට යාමට නොහැකි වනු ඇත. දූෂණ විරෝධී කමිටුව මඟින් නඩු තෝරාගෙන අරලියගහ මන්දිරයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, “FCID” නිලධාරීන්, රහස් පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස් ගෙන්වා නඩු ගොනුකිරීමට උපදෙස් ලබා දෙයි.
ජාතික විධායක සභාව නියෝජනය කළ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් ඇතුළු දේශපාලඥයන් පිරිසට ද ජේ.සී. වැලිඅමුණ ඇතුළු ඇතැම් රාජ්‍ය නොවන (NGO) සංවිධානවල නියෝජිතයන්ට අවශ්‍ය වූයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක පදනමට ප්‍රහාර එල්ල කිරීමට ය.
“FCID” යට උප්පැන්න සහතික ලබාදුන් පුද්ගලයන්ට අවශ්‍ය වූයේ එක ගලකින් කුරුල්ලන් දෙතුන් දෙනෙකුම බිම වට්ටවා ගැනීමටය. “FCID” ය ගැන එවකට පැවති යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල රැස්වීම්වල දී සිදු වූ කතාබහකින් “FCID” පිහිටුවීමේ පරමාර්ථ ඉතා හොඳින් පැහැදිලි වේ. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සිරගත කිරීම, රාජපක්ෂවරුන් සිරගත කිරීම හරහා මහින්ද රාජපක්ෂ දේශපාලනමය වශයෙන් නිහඬ කිරීම, “FCID” විභාගවන චෝදනාවලට මාධ්‍ය මඟින් උපරිම ප්‍රසිද්ධියක් ලබාදීම ඇතුළු අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාවලීන් සිදු කර ඇත.
ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට එරෙහිව අසභ්‍ය චෝදනා ගොනුකොට ඔවුන් සිරගත කරන්නේ රාජ්‍ය නිලධාරීන්ට ද යම් අනතුරු ඇඟවීමක් සිදුකිරීම සඳහාය.
රාජ්‍ය නිලධාරීන් අතර උසස්ම රාජ්‍ය නිලධාරියා වන්නේ ජනාධිපති ලේකම්වරයා ය. ඔහු සිරගත කරනවා නම් ඊට පසුපස සිටින ඕනෑම කෙනෙකු ඉතා පහසුවෙන් බයකර ගත හැකිය.
2015 ට පෙර රට එකම වැඩ බිමක් සේ වැඩ කටයුතු සිදුකෙරුණේ රාජ්‍ය නිලධාරීන්ද දැඩි කාර්යක්ෂමතාවයකින් කටයුතු කළ නිසා ය නිසාය. මෙම ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ 2005 සිට 2014 දක්වා පැවති රාජපක්ෂ ආණ්ඩුව සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ බව යහපාලන ආණ්ඩුවේ නායකයන් ඉතා හොඳින්ම දැන සිටියේය.
මෙම යාන්ත්‍රණය කඩා රාජපක්ෂලාගෙන් රාජ්‍ය සේවකයන් ඈත් කිරීම සඳහා යහපාලකයන් ට අවශ්‍ය වී තිබුණි. මෙම සිල්රෙදි පරිත්‍යාග කිරීමේ සිද්ධිය “FCID” විමර්ශනය සිදුකරන විට ඊට විශාල වශයෙන් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමට ද යහපාලන ආණ්ඩුව අමතක නොකළේය.
ඊට හේතුව කුමක් ද?
මෙම විමර්ශන කටයුතු ප්‍රවෘත්ති විකාශවල ප්‍රධානතම ප්‍රවෘත්තියක් වන විට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ඒ දෙස බලා සිටියේ ගල් ගැසුනාක් මෙනි. උපාසක උපාසිකාවන්ට සිල්රෙදි පරිත්‍යාග කිරීමේ සිද්ධියකට රටේ ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේ අත්දෙකට මාංචු කුට්ටම් වැටෙන විට පහළ සිටි රාජ්‍ය නිලධාරීන්ට කුමක් සිතෙන්නට ඇද් ද? මෙහි ඉතා ගැඹුරින් සාකච්ඡා කළ යුත්තේ එයයි. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම බිඳ දැමීමට අවශ්‍ය වී තිබෙන්නේ කාට දැයි මෙහිදී ඉතා සියුම්ව සිතා බැලිය යුතුයි.
මෙය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාරයන් වූ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ප්‍රබල බලපෑමක් ඇති කළේය. ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට සිරගත කිරීම හා මහින්ද රාජපක්ෂ එවකට සිටි ජනාධිපතිවරයා නීතීමය වශයෙන් කොටුකර ගැනීමට සහ අපකීර්තියට පත් කර ගැනීමට ද යහපාලකයන්ට අවශ්‍ය වී තිබුණි. නමුත් මෙම සිදුවීම හරහා රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටෙන විට එය යහපාලන ආණ්ඩුවට ද දැඩි අවාසියක් වන බව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හෝ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හෝ දැනුණේ නැත.
ඔවුන් දෙදෙනාම හිටියේ රාජපක්ෂලාට එරෙහිව කුමන හෝ ආකාරයෙන් චෝදනා එල්ලවනවා නම් එම සිහිනයෙන් අවදි නොවීමටය. එම චූන් එකෙන් දිගටම සිටීමටය. එය මෝඩ චූන් එකක් වන බව මෛත්‍රී හෝ රනිල් දැන නොසිටියහ.
එපමණක් නොව යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් වන මංගල, රාජිත, පාඨලී, හකීම්, රිෂාඩ්, මනෝ ගනේෂන් ඇතුළු පිරිස ද දැන නොසිටියහ.
නමුත් ඔවුන්ට හොරා තවත් ප්‍රධානතම දෙයක් ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට සිරගත කිරීමෙන් සිදුවන බව ඉතා හොදින් ම දැන සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සංවිධානයේ එම්.ඒ. සුමන්තිරන්, ජේ.සී. වැලිඅමුණ ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල (NGO) නියෝජිතයන් පිරිසකි.
මෙම NGO වල සිටින බෙදුම්වාදයට හිතවත් දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිසකට ද ලලිත් - අනූෂ නඩුව ඉතා වැදගත් විය. ලලිත් - අනූෂට එරෙහිව එල්ල කෙරුණු චෝදනාවලට විශාල ප්‍රසිද්ධියක් සමාජ මාධ්‍ය ජාලා මඟින් ලබාදීමට ද මෙම NGO පිරිස ක්‍රියාකළ අතර ඔවුන්ට ඒ සඳහා ඇතිවෙන්නට මුදල් ලැබුණේ ඩොලර්වලිනි.
මෛත්‍රීගේ හා රනිල්ගේ කණින් රිංගා ලලිත් - අනූෂ සිල්රෙදි නඩුවෙන් ඔවුන් දෙදෙනා සිරගත කිරීම තුළ මෙරට රාජ්‍ය යාන්ත්‍රණයට දැඩි බලපෑම් සිදුවීම හරහා රාජ්‍ය යාන්ත්‍රණය බිද වැටීම ගැන බෙදුම්වාදීන් සිටියේ දැඩි සතුටකිනි.
මේ රට අංශ කිහිපයකින්ම අස්ථාවර කිරීම සඳහා මෙම පිරිස යහපාලන ආණ්ඩුව අටවාගත් බව හොදින් පැහැදිලි වන්නේ මෙම සිදුවීම් පිටුපස තිබෙන දේශපාලනය ඉතා හොදින් හැදෑරුවොත් පමණි. අවාසනාවකට වර්තමාන ආණ්ඩුවෙන් එම හැදෑරීම කිසිසේත් සිදුනොවීම ද වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල දුර්වලකමක් බව නොකියාම බැරිය.
එක් පැත්තකින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් රට අස්ථාවර වනවිට අනෙක් පැත්තෙන් FCID එක හරහා රාජ්‍ය යාන්ත්‍රණය අස්ථාවර කිරීමට යහපාලන ආණ්ඩුව සමයේදී ක්‍රියාකළේය. මෙහිදී ප්‍රධානතම සිද්ධියක් වන්නේ ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට සිරගත කිරීමය.
මේ රට සෑම පැත්තකින්ම අස්ථාවර වනු දැකීමට දැඩි කැමැත්තක් තිබෙන්නේ ලොවපුරා සිටින කොටි හිතවාදීන්ටය. NGO කල්ලි ද ඊට උඩ ගෙඩි ලබා දෙන්නේ ඔවුන්ට ලැබෙන ඩොලර් කුට්ටි හේතුවෙනි. ජනතා විමුක්ති පෙරමුණේ රතු සහෝදරවරුන්ට ද ඇත්තේ රට අරාජික කර ගැනීමේ සිහිනයකි. ඔවුන්ගේ ඡන්ද පදනම 3% හෝ රැකෙන්නේ එවිට ය.
ලලිත් - අනූෂ සිල් රෙදි නඩුවෙන් ඔවුන් දෙදෙනා සිරගත කිරීමේ දැඩි වුවමනාව තිබුණේ ද මෙම බලවේගයන්ට ය.
ලලිත් - අනූෂ සිරගත වීම තුළ රාජපක්ෂවරුන් කොටුවන බව එක් පැත්තකින් පෙන්වන විට අනෙක් පැත්තෙන් රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැටී රට අරාජිකවීම ද සිදුවේ. මේ රට දෙකඩ කර ගැනීමේ පිපාසාවෙන් සිටින කොටි අන්තවාදීන් දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් පිරිස්ට වුවමනා වී තිබුණේ එකින් එක ඉතා සූක්ෂමව යහපාලන ලේබලය යටතේ එය සිදුකර ගැනීමට ය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වූ දිනවල කොටි හිතවාදීන් දැඩි ප්‍රීතියකින් පැවසුවේ ශ්‍රී ලංකාව තුළ අස්ථාවර පාර්ලිමේන්තුවක් දිගින් දිගටම ඇතිවේය කියා ය. එසේ වුවාට පාර්ලිමේන්තුව අස්ථාවර වී එය නැටවීමේ හැකියාව අන්තවාදී කණ්ඩායමකට හිමිවී සම්භාවිතාව ඉතා වැඩිය.
උදාහරණයක් ලෙස දින 52 ආණ්ඩුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ජාතික ආණ්ඩුවෙන් ඉල්ලා අස් වී තිබූ නිසා එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වාගෙන යාම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීමට සිදුවිය.
එක් පැත්තකින් ව්‍යවස්ථාවෙන් රට අස්ථාවර කරන විට අනෙක් පැත්තෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකාර්යක්ෂම කර රට අරාජික කිරීමේ ක්‍රියාවලිය වර්තමාන ආණ්ඩුව යටතේ නතර වී ඇති නිසා කොටි හිතවාදීන්, NGO කල්ලි, රතු සහෝදරවරුන් ඉන්නේ කරකියා ගත නොහැකිවයි.
20 වැනි ආණ්ඩුක්‍රය ව්‍යවස්ථා සංශෝධනය ඔවුන්ට වහ කඳුරු වී ඇත්තේ ඒ නිසාය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් ව්‍යවස්ථාවෙන් හා රාජ්‍ය සේවයෙන් රට අස්ථාවර කිරීමට ගෙනගිය වැඩසටහනට තිත තබා තිබේ.
මෑත කාලයේදී රටක් ලැබූ ජයග්‍රහණයක් වශයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වීම අනිවාර්යෙන් ම හැඳින්විය හැකිය.
ලලිත් - අනූෂ නිදොස් කොට නිදහස් කිරීම තුළින් අඩපණව තිබූ රාජ්‍ය සේවයට නව පණක් ලැබී තිබෙන බව අවිවාදයෙන් ම පිළිගත යුතුයි. යහපාලන ආණ්ඩුවට එල්ල වී තිබෙන චෝදනාවලින් ප්‍රබල එකක් වූයේ රාජ්‍ය සේවය දුර්වල කිරීම යන කාරණයයි.
ඊට හේතුව වූයේ ලලිත් - අනූෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට පෝලිමට බොරු චෝදනා එල්ල කොට සිරගත කිරීමට කටයුතු කිරීමයි. රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරීන් යහපාලන ආණ්ඩුව යටතේ ගමන් කරන විට යහපාලන ආණ්ඩුවේ ම රාජ්‍ය යාන්ත්‍රණයට අනෙක් පැත්තෙන් අංශ භාගය සෑදිගෙන ගියේය.
ඊට හොඳම උදාහරණයක් ඇත. බත්තරමුල්ල සෙත්සිරිපායේ පළමු අදියර ගොඩනැගිල්ලේ දෙවන මහලේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පිහිටා ඇත. යහපාලන රජය සමයේදී මෙහි කැබිනට් අමාත්‍යධූරය දැරුවේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.
එක් දිනක් මහජන දිනය පැවති අවස්ථාවේදී දුර බැහැර ප්‍රදේශයක සිට පුද්ගලයන් කිහිප දෙනෙකු පැමිණ සිටියේ නිවාස අවශ්‍යතාවයක් වෙනුවෙනි. දුර බැහැර දුෂ්කර ප්‍රදේශයක සිට පැමිණි මෙම ගැමියන් තිදෙනාගේ ප්‍රශ්නය වී තිබුණේ දැනට අඩි තාලම් යොදා තිබෙන නිවාස සඳහා අවම පොලියට නිවාස ආධාර මුදලක් ලබා ගැනීමටය.
පැය 02 ක් පමණ වේලා අසුන්ගෙන සිටීමට සිදු වූ මේ තිදෙනාගෙන් කෙනෙකු ආරක්ෂක නිලධාරියෙකු වෙත ළංවූවේය.
“අපේ මහත්තයෝ කහට උගුරක් බොන්න ක්‍රමයක් නැද්ද?” යනුවෙන් එම අහිංසක ගැමියා විසින් විමසීමක් කරන ලදී.
“පල්ලෙහා කැන්ටින් එක තියෙනවා. ගිහිල්ලා බීලා එන්න.” යනුවෙන් ආරක්ෂක නිලධාරියා ප්‍රතිචාර ලබා දුන්නේය.
“ඉස්සර නම් මහජන දිනයට එන කට්ටියට තේ එකක් එහෙම දුන්නා” යනුවෙන් ඉදිරියට පැමිණ පැවසුවේ තවත් පුද්ගලයෙකි. එවිට ආරක්ෂක නිලධාරියා ලබා දුන් පිළිතුරෙන් සියල්ලොගේම ඇස් උඩ ගියහ.
“මිනිස්සුන්ට විතරක් නෙමෙයි අපිටත් ඔෆිස් එකෙන් තේ වතුර නැහැ. සංග්‍රහ වියදම්වලට ලේකම්තුමා මුදල් දෙන්න බැහැ කියලා. නිවාස හදන්න තියෙන සල්ලිවලින් තේ බොන්න සල්ලි දුන්නා කියලා කවුරුහරි කිව්වොත් මට හිරේ යන්න වෙන්නේ කියලා ලේකම්තුමා කියලා. ඒක නිසා තේකක් බොන්න කිරිපිටිවලට, සීනිවලට, තේ කොළවලට සල්ලි දෙන්නේ නැහැ. වතුර විතරයි බොන්න තියෙන්නේ.” යනුවෙන් එම ආරක්ෂක නිලධාරියා කියාගෙන ගියේ ය.
ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට සඳහා සිරදඬුවම් නියම වූ පසුව ඕනෑම අමාත්‍යාංශයක ලේකම්වරයෙකුට තේ බොන්න හෝ රුපියලක් වෙන් කිරීම ගැටලු සහගතය.
විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් සිල් රෙදි බෙදන්න ගිහිල්ලා ප්‍රශ්නයක් වුණා නම් නිවාස හදන්න තියෙන මුදල්වලින් තේ බිව්වොත් කොහොමට සිටීවිද කියන කාරණය ඕනෑම අමාත්‍යාංශයක ලේකම්වරයෙකුට සිතීම සාධාරණය. මොකද අමාත්‍යාංශයක සෑම ශතයකටම වගකිව යුත්තේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ය.
යහපාලන ආණ්ඩවු බිහිකළ FCID යේ තර්කවලට අනුව යම් අමාත්‍යාංශයකට අදාළ කාරණය හැරෙන්නට කිසිදු දෙයකට මැදිහත් විය නොහැක. අවම වශයෙන් තේ එකක්වත් ලබා දිය නොහැක. ප්‍රජා සත්කාර සිදුකළ නොහැකිය. හදිසි අවශ්‍යතාවලදී ජනතාව වෙනුවෙන් කිසිවක් කළ නොහැකිය.
හදිසි තත්වවලදී චක්‍රලේඛවලට සීමා නොවී කටයුතු කරන ලෙසට ජනාධිපති හෝ අගමැති උපදෙස් ලබා දුන්න ද FCID ලලිත් වීරතුග, අනූෂ පැල්පිටට එල්ල කළ චෝදනා අනුව කෙතරම් හදිසි කාරණයක දී වුව ද චක්‍රලේඛ අබිබවා යෑමට රාජ්‍ය නිලධාරීහු කටයුතු නොකරති.
එවිට රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැටී ජනතා සේවාවන් අඩාළ වේ. යහපාලන ආණ්ඩුව රාජපක්ෂවරුන් එක් පැත්තකින් මට්ටු කිරීමට මෙය ක්‍රියාත්මක කළ ද එය ඔවුන්ට ම පාර වළල්ලක් විය. යහපාලන ආණ්ඩුව බිඳ වැටීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූ රාජ්‍ය සේවය අඩාළවීමට බලපෑවේ ද FCID සිදු කළ රාජ්‍ය නිලධාරීන්ගේ පළිගැනීමයි.
එය යහපාලන ආණ්ඩුවේ හිටපු වජිර අබේවර්ධනගේ වචනවලින් ම කියනවානම් මෙසේය. “කවුරුත් වැඩ නොකර ඉන්න එපා. එකට බයේ වැඩනොකර ඉන්න එපා. තමන්ගේ රජයේ ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරනවායි කියලා කියන්න. ඔය FCID කියන ඒවා ගණන් ගන්න එපා. තමුන්නාන්සේලාට ප්‍රශ්නයක් වුණොත් මං බලා ගන්නම්. යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව සමයේදීම FCID ජයටම ක්‍රියාත්මක වන යුගයක වීම විශේෂත්වයකි.
තම යහපාලන ආණ්ඩුවෙන් ඇතිකළ FCID මඟින් තම ආණ්ඩුවේම රාජ්‍ය සේවය දුර්වල වන හැටි මෙන්ම තම නිලධාරීන් ඊට දක්වන බිය ගැන ද වජිර හොඳින් දැන සිටියේය. ඒ නිසා වජිර තම විවේචන ඉදිරිපත් කළේය. වජිර පමණක් නොව, යහපාලන ආණ්ඩුවේ තවත් මැති ඇමතිවරුන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී හඬ නැගුවේ රජයේ නිලධාරීන් කිසිඳු වැඩක් නොකරන්නේ FCID ආයතනයට බිය වී තිබෙනවා කියාය.
සම්බුද්ධත්ව ජයන්ති උත්සවය වෙනුවෙන් මහා සංඝරත්නයේ ඉල්ලීමක් අනුව එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමකට අනුව උපාසක උපාසිකා මාතාවන්ට මෙම සිල්රෙදි පරිත්‍යාග කිරීම සිදු කෙරිණ.
එය ලබාගත් උපාසක උපාසිකාවන් කියා සිටියේ රජයේ අනුග්‍රාහකත්වයෙන් මෙවැනි සිල්රෙදි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදු කිරීම මුළු රටටම ආදර්ශයක් බවයි. මහා සංඝරත්නය ද අනුශාසනා කළේ සිල්රෙදි පරිත්‍යාග කිරීම වැනි පුණ්‍යකර්මයක් සිදු කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවයි.
මෙම සිල් රෙදි මහින්දගේ ගෙදර ගෙනිච්චේ නැත. මේ සිල්රෙදි ලලිත් වීරතුංග හෝ අනූෂ පැල්පිටගේ ගෙදර ගෙනිච්චේ ද නැත. එසේ නම් එය සාවද්‍ය පරිහරණයක් වෙන්නේ කෙසේ ද?
සාවද්‍ය පරිහරණය යනු මහ බැංකු කොල්ලය වැනි දෙයකි. සිල්රෙදි පරිත්‍යාග කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක්‍රමිකතාව අතර ඇත්තේ අහස පොළොව මෙන් පරතරයකි. මෙරට බෞද්ධ සංස්කෘතියක පදනමට ගැසීමට NGO කල්ලි පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී ක්‍රියාකළ අතර සිල්රෙදි බෙදා දීමට එරෙහිව සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රහාර දීමට කටයුතු කළේ ද මෙම භඨ කල්ලිය ය.
සිංහල බෞද්ධ පදනමට සම්බන්ධ බොහෝ දේවල්වලට යහපාලන ආණ්ඩුව පහරදුන්නේ විවිධ හේතූන් දක්වමිණි.
පන්සල්වල පිංපෙට්ටි සීල් තැබීමට කටයුතු කිරීමට යහපාලන ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියා කළේය. බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නයට අපහාස කිරීමට ක්‍රියාකළේ යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර ය.
අග්‍රාමාත්‍යවරුන් 07 දෙනෙකුගේ ලේකම් වශයෙන් කටයුතු කළ බ්‍රැඩ්මන් වීරකෝන් කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රකටයි. ඔහු ලියන ලද “අගමැතිවරුන් 07 දෙනෙකු සමඟ” ග්‍රන්ථයේ පරිච්ඡේද කිහිපයක් ම ඔහු සඳහන් කර ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස තීරණ ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදුන් ආකාරයයි.
විශේෂයෙන් ම මඩකලපුව ප්‍රදේශයේ හමාගිය සුළි සුළඟින් පසුව බඩු බෙදා හැරීම සම්බන්ධයෙන් යම් යම් ගැටලු මතු වූ අවස්ථාවලදී තම අභිමතය පරිදි තීරණ ගත් බව බ්‍රැඩ්මන් වීරකෝන් විසින් පෙන්වා දී තිබුණි. ආර්. ප්‍රේමදාස, අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වශයෙන් සිටින විට ලේකම්ධූරය දැරුවේ තවත් කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ද වූ කේ.එච්.ජේ. විජේදාසය.
ඔහු සමඟ පුවත්පතක පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවක දී මෙම ලියුම්කරු රාජ්‍ය නිලධාරීන් කැඳැවීම ගැන විමසා සිටියේ ය.
“ඔය FCID එවකට රාජ්‍ය නිලධාරීන් කැඳවන විදියට ඒ කාලේ දී FCID එක තිබුණා නම් කොළඹ එළවළු, පලතුරු, මාළු මුදලාලි ලා සේරටම FCID යන්න වෙනවා.”
“මොකද ඒ කාලෙදී, ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට තොගබඩු ගෙනාවම චෙක් මඟින් ගෙවීම් සිදුකරන්නේ ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි. නමුත් නිවැරදි ආකාරයට එම ගෙවීම් සිදුකළා. FCID එකට රාජ්‍ය නිලධාරීන් ගෙන්වන විදියට ඒ කාලේ FCID එක තිබුණා නම් පෝලිමට යන්න වෙනවා FCID එකට” යනුවෙන් කේ.එච්.ජේ. විජේදාස ප්‍රකාශ කළේ ය.
යහපාලන ආණ්ඩුව සමයේ දී අරලියගහ මන්දිරයේ සිට නීතිය නවපු හැටි හඬපට සමඟින් දැත් හොඳින් හෙළිවෙමින් පවතී. මෙම නීතීය කනේ වැලි ගෑවෙන තරමට ම නවපු හැටි ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස් කිරීමෙන් මනාව පැහැදිලි වේ. සිල්රෙද්දටත් පහර ගැසූ යහපාලන නරිවාදං රෙද්ද පල්ලෙන් බේරීමට පටන්ගෙන තිබේ.