ගුවන් නිරීක්ෂණ මෙහෙයුම්වලින් අදත් 07ක් අත්අඩංගුවට | සිළුමිණ

ගුවන් නිරීක්ෂණ මෙහෙයුම්වලින් අදත් 07ක් අත්අඩංගුවට

පොලිසිය විසින් ගුවන් හමුදාවේ සහය ඇතිව හුදෙකලා කොට ඇති මෝදර ප්‍රදේශයේ සිදුකළ හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.
 
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිසට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
 
මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්ෂණික විහිදුම් බලකාය, පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව සිටියි.
 
ඊයේ දිනයේදී ද සිදුකළ ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් මෝදර ප්‍රදේශයේ දී පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

Comments