ඉකුත් සතියේ දෙමළ මාධ්‍ය කී දේ . . . | සිළුමිණ

ඉකුත් සතියේ දෙමළ මාධ්‍ය කී දේ . . .

යාපනය විශ්වවිද්‍යාලයේ  අතර සිසුන්ට ප්‍රහාරයක්

 

යාපනය විශ්ව විද්‍යාලයේ 2 හා 3 වසරවල සිසුන් අතර 8 වන බ්‍රහස්පතින්දා සවස ඇතිවූ ගැටුමට මැදිහත්වී සාමකාමි ලෙස විසඳන්න උත්සාහ කළ අවස්ථාවේ උපකුලපතිවරයා, කතිකාචාර්යවරුන් හා මුරකරු එක්ව පහර දුන් බවට සිසුන් චෝදනා කරති.

පහරදීමෙන් පසු පොලිසිය හා හමුදාව ගෙන්වන බවට තර්ජනය කළ බවත් එහි වීඩියෝ දර්ශන පවා තමන් සතුව ඇති බවත් ඔවුහු පවසති.

ටැමිල් වින්

*******************

යාපනය විශ්වවිද්‍යාලයේ රාත්‍රයේ සිදුවූයේ කුමක්ද උපකුලපති පැහැදිළි කරයි

 

දෙවන වසර හා තෙවන වසර සිසුන් අතර ගැටුම තෙවන වසරේ සිසුන් දෙවන වසරේ සිසුන්ට හිංසා කිරීමෙන් ඇතිවූවක්. එය වළක්වාලීමට ගිය අවස්ථාවේ එහි පැවතුනේ භයානක තත්ත්වයක් එය පාලනය කරන්නට යම් ක්‍රියාමාර්ග ගන්න සිදුවුණා.

ඒ අය කියන්නා සේ වැරදි දේවල් සිදුවුණේ නෑ.

ටැමිල් වින්

***************

13 වන සංශෝධනය ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? සුමන්දිරන් විමසයි.

 

13 වන සංශෝධනය ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද ඉන්දියාවට කියන්නේ මොනවාදැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පාර්ලිමේන්තුවේ දී විමසයි.

 

වීරකේසරි

**************

ඝාතකයා කවුද ඩග්ලස් ගජේන්ද්‍රකුමාර් අතර තදබල විවාදයක්

ඝාතකයන් පාවාදෙන්නන් කවුද කියා ප්‍රශ්න කරමින් ඇමති ඩග්ලස් දේවානන්ද හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර පාර්ලිමේන්තු විවාදයක් ඇතිවූයේ පසුගියදා යාපනයේ දී පොලිස් නිලධාරියෙකුගේ ගෙල කපා මරාදැමීමේ සිද්ධිය පිළිබඳ ඇති වූ කතා බහකදීය.

 

වීරකේසරි

*******************

ඉන්දියාව හා එ.ජා.සංවිධානය සමඟ ක්‍රියාකිරීමට දෙමළ පක්ෂවල කමිටුවක් අවශ්‍යයි එවැන්නක් ප්‍රයෝජනවත් වන බව සුරේෂ් ද කියයි.

 

සියලු දෙමළ පක්ෂ එක්ව ජාත්‍යන්තර කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවක් ගොඩනැගිය යුතුයි. විශේෂයෙන් ඉන්දියාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම සඳහා මෙවැනි කමිටුවක් පත්කිරීම අතිශයින්ම ප්‍රෙයා්ජනවත් වන බව ඊ.පී.ආර්.එල්.එෆ්. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

වීරකේසරි

******************

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සිවිල් සමාජ නිදහස ශ්‍රී ලංකාව සහතික කර තිබෙනවා එ.ජා.මහ ලේකම්ට ශ්‍රී ලංකාව ජිනීවා හි දී පිළිතුරු දෙයි..!

 

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම සිවිල් සමාජ ආරක්ෂා කරමින් එහි බලය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇත. තව මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රියාකාරකම් පිළිබඳව ලද පැමිණිළි විභාග කර නීතිය ක්‍රියාත්මක කිරීමට සහතික වී ඇති බව ජිනීවා මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් ප්‍රකාශ කළාය.

වීරකේසරි

****************

රිසාඩ් ගේ සහෝදරයාගේ නිදහස රහසිගත දේශපාලන විසඳුමක් ද ?

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් චෝදනා

 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා රැසක් සමඟ අත් අඩංගුවට ගත් පුද්ගලයෙක් හිටිහැටියේම නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව පවසන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙහි පසුබිමේ රහසිගත දේශපාලන ගිවිසුමක් ඇති බවට සැකකරන බවද කියයි.

 

සති අන්ත වීරකේසරි

*****************

සහෝදරයාගේ නිදහස හා දේශපාලනය අතර කිසිදු සබඳතාවක් නෑ

 

අප දේශපාලන තීන්දු තීරණ ගන්නේ රටේ හා ජනතාවගේ යහපත සලකා බැලීමෙන් මිස ජාතිවාදීන්ට බියවී කිසිදු තීරණයක් නොගන්නා බවත් ඒ අනුව තම සහෝදරයාගේ නිදහස හා දේශපාලනය අතර කිසිදු සබඳතාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී

රිසාඩ් බදියුදීන් පැවසීය.

 

සති අන්ත වීරකේසරි

*******************

රිසාඩ්ව ආණ්ඩුවට ගන්නේ නෑ

ඇමති රෝහිත.....

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් ආණ්ඩුවට ගන්න කිසිදු අවශ්‍යතාවක් නෑ. ප්‍රධාන මැතිවරණ දෙකක දී පොදුජන පෙරමුණට ඡන්දය දුන් ජනතාව ද එය පිළි ගන්නේ නෑ. එනිසා ජනතා මතයට පටහැනිව ආණ්ඩුව ක්‍රියා නොකරනු ඇතැයි වරාය හා නාවික

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.

තිනක්කුරල්

********************

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කළ යුතුයි

අගමැති නිලධාරීන්ට දන්වයි.

ශ්‍රී ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂයන් නිලධාරින්ට නියම කර තිබේ.

තමිල් මිරර්

*****************

 

පාස්කු ඉරිදා ප්‍රහාරයට එ.ජා.ප.ය වගකිව යුතුයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට තමන් ඇතුළු එ. ජා. පපක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතුයි යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු ඒ බැව් කීය.

තිනක්කුරල්

*****************

ජාත්‍යන්තර සහය මත පෙඩරල් පාලනයක් නියත වශයෙන්ම හිමිකර ගන්නවා

එම්.කේ.සිවාජිලිංගම්

ජාත්‍යන්තර සහය මත එක්සත් ශ්‍රී ලංකාවක් තුළ පෙඩරල් පාලනයක් ලබා ගැනීමට උත්සහ කරන බව හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් පැවසීය.

තිනක්කුරල්

*******************

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතිතරම් තිබෙන බව වෙළෙඳ සංගමය කියයි.

යාපනයේ ඇතිතරම් අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳායතන සතුව තිබෙන හෙයින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස්කරමින්

ආහාර හිඟයක් ඇතිනොකරන්නැයි යාපනය වෙළෙඳ සංගමය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උදයන්

********************

උතුරු මුහුදේ වෙරළට ගොඩගැසු ඉන්දීය ධීවරයාගේ සිරුර එරට නාවික හමුදාවට බාර දෙයි

තමිල්නාඩු ධීවරයෙකුගේ සිරුරක් පසුගිය බදාදා යාපනය අල්ලෛපිට්ටි වෙන්පුරවිනගර් මුහුදු වෙරළට ගොඩගසා තිබිණි.එම සිරුර හඳුනාගැනීමෙන් පසු නාවික හමුදාව විසින් ඉන්දීය නාවික හමුදාව වෙත බාර දී තිබේ.

උදයන්

**********************

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 9 දෙනෙකු නිරෝධායනයට

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් 9 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.

වාලම්පුරි

*******************

යාපනය අර්ධද්වීපයේ වෙරළාරක්ෂාව තරවේ.

ජනතාවට අවධානයෙන් සිටින්නැයි ආඥාපති ඉල්ලයි

 

රටපුරා ඇති වී තිබෙන කොරෝනා අවධානම හමුවේ යාපනය අර්ධද්විපය අවට මුහුදු තීරයේ වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන්නැයි යාපනය ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉල්ලා සිටියි.

තිනක්කුරල්

*****************

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16 ක් නිරෝදායනයට

 

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන් 16 දෙනෙකු මඩකලපුවේ පිහිටි විශ්වවිද්‍යාලයට අයත් නේවාසිකාගාරයේ ස්වයං නිරෝධායනයට ලක්කර පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ලතාගරන් පැවසීය.

තිනක්කුරල්

**************

 

13 මුළුමනින්ම ක්‍රියාත්මක කරවන්න

ඉන්දියාව පියවර ගතයුතුයි. විග්නේෂ්වරන්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවට විසඳුමක් ලෙස පෙඩරල් පාලනයක් ඉන්දියාවේ සහය මත ලබාගැනීමට ඉන්දු ලංකා ගිවිසුම අවියක් ලෙස භාවිතා කළ හැකි නිසා 13 වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න ඉන්දියාව පියවර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් පැවසීය.

තිනක්කුරල්

 

Comments