බාහිර උපා­ධිධාරීන් 30,000ක් කබලෙන් ළිපට වැටෙයිද | Page 2 | සිළුමිණ

බාහිර උපා­ධිධාරීන් 30,000ක් කබලෙන් ළිපට වැටෙයිද

පාසල් අධ්‍යා­ප­නය නිමා කිරී­මෙන් අන­තු­රුව බොහෝ දෙනෙක් අපේ­ක්ෂා­වෙන් පසු­වන්නේ සර­සවි වරම් ලබා ගැනී­ම­ටය. එහෙත් රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යට ඇතු­ළත් වීමට නොහැ­කිව අපේක්ෂා භංග­ත්ව­යෙන් පසු වූ බොහෝ දෙනෙක් ඉන් අන­තු­රුව පිවි­සෙන්නේ බාහිර උපාධි ලබා ගැනීමේ අපේ­ක්ෂා­වෙනි. රජයේ පිළි­ගත් ඉහළ වැටුප් තල­යක උසස් රැකි­යා­ව­කට යාමට මේ බාහිර උපා­ධි­යෙන් විශාල පිටි­ව­හ­ලක් ලැබෙ­න්නේය. කෙසේ වෙතත් මෙම බාහිර උපා­ධි­ධා­රින්ගේ අපේක්ෂා යම් පම­ණ­කට භංග වෙමින් බාහිර උපා­ධියේ තත්ත්වය මේ වන විට විවිධ ගැටලු සහ­ගත තත්ත්ව­යන් මතු කර­මින් සිටි­යි. බාහිර උපා­ධි­ධා­රීන් මේ වන විටත් චෝදනා කරන්නේ තමන්ට නිද­හස් අධ්‍යා­ප­න­යෙන් උරුම වූ උපා­ධිය විවිධ කප්පාදු කිරිම් වලට ලක්ව ඇති බවකි. මේ පිරිස චෝදනා කරන්නේ බාහිර උපාධි ලියා­ප­දිං­චියේ සිට විභාග ප්‍රති­ඵල පැමි­ණීම දක්වාම මේ කප්පාදු කිරිම් වලින් දැඩි ලෙස බාහිර උපා­ධි­ධා­රීන් පීඩා විඳින බවකි.

 

මේ වන විට විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම විසින් කලා උපා­ධි­ධා­රීන්ගේ ලියා­ප­දිං­චිය තාව­කා­ලි­කව අත්හිටුවා විශ්ව­වි­ද්‍යාල ප්‍රති­ප­ත්ති­මය තීන්දු­ව­කට පිවිස ඇත්තේ එක්‌ ­ව­ස­ර­කට අභ්‍ය­න්තර පාඨ­මාලා හදාරා උපා­ධි­ධා­රීන් බවට පත් වන සංඛ්‍යා­වට සමාන බාහිර උපා­ධි­ධා­රීන් සංඛ්‍යා­ව­ක්‌ ­බා­හිර උපා­ධි­ධා­රීන් ලෙස බඳවා ගැනී­මය. තවත් පැත්ත­කින් බාහිර උපා­ධියේ ගුණා­ත්මක බව වැඩි දියුණු කිරි­මට විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම විසින් විෂ­ය­මාලා සංශෝ­ධ­න­යක් කිරී­මට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් නිද­හස් අධ්‍යා­ප­නය ලැබීමේ අයි­තිය තහ­වුරු කර­මින් බාහිර උපා­ධි­ධා­රීන් මෙන්ම අපේ­ක්ෂ­කයෝ මේ වන විට මුහුණ පා ඇති ගැටලු විවිධ පැති­කඩ හරහා සිළු­මිණ විශේෂ සට­හ­නක් කරන්නේ මේ ප්‍රශ්නය හැකි ඉක්ම­නින් නිරා­ක­ර­ණය කිරී­මට අව­ධා­නය යොමු කිරී­ම­ටය.

“බාහිර උපා­ධිය ආරම්භ කළේ තරුණ පිරිස අධ්‍යා­ප­න­ගත කර­න්නයි. ඒත් මේ වන විට මේ බාහිර උපා­ධි­යට විවිධ ප්‍රශ්න මතු­වෙලා. සම­හර විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට වසර ගණ­නා­ව­කින් බාහිර සිසුන් බඳවා ගෙන නැහැ. කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය තමයි බාහිර උපා­ධි­යට වැඩි සිසුන් පිරි­සක් බඳවා ගන්නේ. ඒත් වසර ගණ­නා­ව­කින් එහි ලියා­ප­දිං­චි­යක් සිදු වී නැහැ. රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යත් එහෙ­මයි. ඊට හේතුව තමයි සෑම රජ­යක්ම බාහිර උපා­ධිය වද­යක් කොට සැල­කීම. මේ වන විට බාහිර උපා­ධිය සම්බ­න්ධ­යෙන් විශාල ප්‍රශ්න ගණ­නා­වක් මතු වෙලා. සාමා­න්‍ය­යෙන් බාහිර උපාධි පළමු වසරේ හොඳම ප්‍රති­ඵල ගන්නා සිසුන් කිහිප දෙනෙක් අභ්‍ය­න්තර උපාධි පාඨ­මා­ලාවේ දෙවැනි වසර ශිෂ්‍ය­යකු ලෙස බඳවා ගන්නවා. නමුත් වසර 10-15 ක සිට මේ අයි­තිය නොකි­යාම අත්හි­ටුවා තියෙ­නවා. ඒ වගේම විශ්ව­වි­ද්‍යාල බාහිර උපාධි උග­න්වන අයට ඒ පිළි­බඳ ඇත්තේ අඩු අව­බෝ­ධ­යක්. මේ නිසා අපේ සිසුන් විවිධ අව­ස්ථා­වල අප­හ­සු­තා­ව­ලට පත් වෙනවා. ඒ වගේම 2006/13 නමින් චක්‍ර­ලේ­ඛ­යක් ගෙනාවා. එයින් සඳ­හන් වුණේ, අභ්‍ය­න්තර සිසුන්ට සමාන ප්‍රමා­ණ­යක් බාහිර සිසුන් බඳවා ගත යුතු බවයි. නමුත් එසේ සමාන කිරිම වැර­දියි. සෑම විශ්ව­වි­ද්‍යා­ල­ය­කින්ම බාහිර උපාධි හදා­රන්න බැහැ. ඒ වගේම සෑම වස­ර­කම බාහිර උපාධි ලියා­ප­දිං­චිය කර­න්නෙත් නැහැ. ජ'පුර විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ විෂය හැරුණු කොට 2016 වසරේ සිට මේ දක්වා කිසිම විශ්ව­වි­ද්‍යා­ල­ය­කට මේ බාහිර උපාධි සඳහා බඳවා ගැනීම් කර නැහැ. ......මේ නිසා බාහිර උපාධි කප්පා­දු­වක් තමයි මේ සිදු­වෙලා තියෙන්නේ “බාහිර උපාධි සුරු­කීමේ සංවි­ධා­නයේ කැඳ­වු­ම්කරු මහේෂ් අඹේ­පි­ටි­ය පවසයි.

මේ වන විට මෙම ප්‍රශ්නය වැඩිවශයෙන් මතුවී ඇත්තේ කැල­ණිය , ජයවර්ධනපුර මෙන්ම රුහුණු, පේරා­දෙණි විශ්ව­වි­ද්‍යාල සඳහාය. විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම පව­සන්නේ ලියා­ප­දිං­චිය තාව­කා­ලි­කව අත් හිටුවා ඇත්තේ කලා සිසුන්ගේ පම­ණක් බවය. ඒ එහි විෂය මාලා රැකියා වෙළෙඳ පොළට සිරි­ලන පරිදි සංශෝ­ධ­නය කර­න්නට ගත් තීර­ණය නිසාය.

“විෂය මාලා වෙනස් කිරීම අපි කිසි­සේත් එපා කියන්නේ නැහැ. එය අනි­වා­ර්ය­යෙන්ම සිදු­විය යුත්තක්. නමුත් අපි කියන්නේ මෙය බාහිර අභ්‍ය­න්තර උපාධි දෙක­ටම සිදු­විය යුතුයි කියා. මොකද මේ විෂය මාලා දෙකම සමා­නයි. වෙනස් විය යුතු­නම් ඒ දෙකේම වෙන­ස්කම් සංශෝ­ධන සිදු­විය යුතුයි. ඒත් මේ ප්‍රති­සං­ස්ක­රණ හරහා අධ්‍යා­ප­නය ලැබී­මට තියෙන අවස්ථා අහිමි නොකළ යුතුයි. 1996 අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යටතේ උසස් පෙළ විෂය 4 විෂ­ය­යන් තුන­කට අඩු කළා. මේ නිසා දරු­වන්ට උසස් අධ්‍යා­ප­න­යට පිවි­සී­මට තිබූ ඉඩ ප්‍රස්ථා අහිමි වුණා. අද රටේ විවිධ පුද්ග­ලික උසස් අධ්‍යා­පන ආය­තන බිහි වෙලා. එසේ නම් හතු පිපෙ­න්නාක් මෙන් බිහි­වෙන ආය­ත­නත් නියා­ම­නය හා නවී­ක­ර­ණය විය යුතුයි".

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ 2016 වසරේ සිට මේ දක්වා බාහිර උපාධි ලියා­ප­දිං­චිය කර නැහැ. රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ කොට­ස­ක­ගෙන් ලියා­ප­දිං­චි­යට මුදල් ගත්තා. ඒත් අද මේ සියල්ල නතර වෙලා. ඒ වගේම මෙහි ඇති ලොකුම ගැට­ලුව තමයි එසේ බඳවා ගත් අය­ටත් වසර දෙක­කින් විභාග පවත්වා නැහැ. මේ නිසා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් බාහිර උපාධි ලබා ගෙන පිට­වී­මට වසර 7-8 ක් පමණ යනවා. “ඒ බාහිර උපාධි ආචාර්ය සංස­දයේ කැඳ­වු­ම්කරු මනෝජ් සංජී­වය.

ඔවුන්ගේ චෝද­නා­වක් වන්නේ මෙම බාහිර උපාධි සඳහා අය කර ගන්නා මුදල් සම්බ­න්ධ­යෙනි. පසු­ගිය පාලන සමයේ රුපි­යල් 15,000 කින් පමණ ආරම්භ වූ මේ උපාධි මුදල නොදැ­නු­ව­ත්වම රුපි­යල් 65,000 දක්වා ඉහළ දමා ඇති බවකි. මේ වන විට එය රුපි­යල් 80,000 ක් දක්වා ඉහළ දමා ඇති බවත් එයින් බාහිර උපාධි ලබා ගැනී­මට පැමි­ණෙන අඩු ආදා­ය­ම්ලාභි පවු­ල්වල දරු­වන්ට විශාල අග­ති­යක් වන බවත් ඔවුන්ගේ චෝද­නා­වකි. බාහිර උපාධි ලියා­ප­දිං­චිය අපේ­ක්ෂා­වෙන් වස­ර­කට 50,000- 60,000 ක් අතර සිසුන් පිරි­සක් සිටින බවත් ඔවුන්ගේ අපේක්ෂා සියල්ල මේ වන විට නැතිවි ඇති බවත් ඔවුහු චෝදනා කරති. කෙසේ වෙතත් පසු­ගි­යදා උපා­ධි­ධා­රීන්ට රැකියා ලබා දීමේදි මේ බාහිර උපා­ධි­ධා­රින්ට විශේෂ සැල­කි­ල්ලක් ලබා දී ඇති බවත් එය මේ සටනේ එක් ජය­ග්‍ර­හ­ණ­යක් වු බවත් ඔවුහු පැව­සූහ.

බාහිර උපාධි ලියා­ප­දිං­චිය සම්බ­න්ධ­යෙන් පනවා ඇති මේ බාධක පිළි­බඳ විශ්ව­වි­ද්‍යාල උප­කු­ල­ප­ති­වරු දැක්වූයේ මෙවන් අද­හ­සකි. “විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම මඟින් අපට ලිඛි­තව දැන්ව‍ූ පසුවයි, බාහිර උපාධි ලියා­ප­දිං­චිය තාව­කා­ලි­කව නැවැ­ත්වූයේ. පසු­ගි­යදා උපා­ධි­ධා­රීන් 50,000 කට රැකියා ලබා දීමේදී ඉන් විශාල ප්‍රමා­ණ­යක් ලැබුණේ බාහිර උපා­ධි­ධා­රීන්ට. නමුත් ඔවුන්ට රැකියා ලබා දිමේදි නිපු­ණතා පිළි­බඳ ප්‍රශ්න­යක් මතු වුණා. මේ නිසා කලා බාහිර උපා­ධි­ධා­රීන්ගේ උපා­ධියේ ගුණා­ත්මක බව ඇති කිර­ීම­ටත් ඉංග්‍රීසි හා තොර­තුරු තාක්ෂණ දැනුම ලබා දීමේ අර­මු­ණින් ඒ විෂය මාලා සංශෝ­ධ­නය කිරීමේ අර­මුණ ඇතිව විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම මේ තීර­ණ­යට පිවි­සියේ. ඒ වගේම අපේ විශ්ව­වි­ද්‍යා­ල­ය­ටත් තවත් ගැට­ලු­වක් තියෙ­නවා. අපි වසර 3 කින් බාහිර උපාධි ලියා­ප­දිංචි කර නැහැ. මේ වසරේ ඒ ප්‍රශ්නය විස­ඳ­මින් සිටියේ. ඒත් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ නියෝ­ගය පරිදි මේ කට­යුතු තාව­කා­ලි­කව නවත්වා තියෙ­නවා. බාහිර උපා­ධි­ධා­රීන්ගේ ගැට­ලු­වේදී රජය මතු­ක­රන තර්කය ඉතා සාධා­ර­ණයි. “රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය සුජිව අම­ර­සේන මෙසේ සඳහන් කරයි.

මේ වන විට බාහිර උපාධි බොහෝ­ම­යක් පිරි­න­මන කැළ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යේද මතුව ඇති මේ ප්‍රශ්න­යට හැකි ඉක්ම­නින් විස­ඳුම් දීමට එම පාල­නා­ධි­කා­රි­ය කට­යුතු සකස් කර­මින් සිටියි.

“පසු­ගිය කාලයේ බාහිර උපාධි සඳහා සිසුන් විශාල පිරි­සක් බඳවා ගත්තා. මෙයින් එක් අත­කට විශාල ගැටලු රාශි­යක් මතු වුණා. ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම් මෙන්ම ප්‍රති­පල දීම් පවා ප්‍රමාද වුණා. මේ නිසා අවස්ථා කිහි­ප­ය­ක­දීම ලියා­ප­දිංචි ප්‍රමා­ණය අඩු කරන්න උත්සහ ගත්තත් විවිධ බල­වේග නිසා එය කළ නොහැකි වුණා. මේ අතර කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය තීර­ණය කළා, මේ පාඨ­මාලා සඳහා ඉංග්‍රීසි හා තොර­තුරු තාක්ෂණ විෂ­යන් අනි­වා­ර්යය කරන්න. පසු­ගිය මාස­වල අපි විභාග ප්‍රති­ඵල කිහි­ප­යක් නිකුත් කළා. ඒ අනුව සිසුන් 25,000 ක් පමණ පෙනී සිටි විභාගවලින් සමත් වී සිටියේ සිය­යට 10 යි. මේ නිසා සිසුන් විශාල පිරි­සක් බඳවා ගැනී­මේදි ප්‍රමි­තිය අත්‍ය­ව­ශ­්‍යයි. දැන් අපේ විශ්ව­වි­ද්‍යා­ලයේ වස­ර­කට මානව හා ශාස්ත්‍ර පීඨ­යට සිසුන් බඳවා ගන්නේ අභ්‍ය­න්තර සිසුන් මෙන් දෙගු­ණ­යක්. ඒ 2600 කට ආසන්න පිරි­සක්. අඩු පිරි­සක් බඳවා ගැනී­මෙන් උපා­ධියේ ගුණා­ත්මක බව වැඩි කරන්න පුළු­වන්. කෙසේ වෙතත් කැලණි විශ්ව­වි­ද්‍යා­ලයේ මතුව ඇති ප්‍රශ්න වහා විස­ඳ­න්නට මේ වන විට කට­යුතු යොදා තියෙ­නවා...“ ඒ කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­තිනි ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය නිලන්ති ද සිල්වා ගේ අද­හ­සයි. කෙසේ වෙතත් බාහිර උපා­ධි­ධා­රීන්ගේ ගැටලු පිළි­බඳ මතු කරන තර්ක­යන්ට සාධා­රණ මඟ පෙන්වි­මක් ලබා දිමට මේ වන විටත් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම් සභාව කට­යුතු යොද­මින් පව­තියි.

“අපි කිසිම විටක බාහිර උපාධි ලියා­ප­දිං­චිය නව­ත්වලා නැහැ. දැනට සිය­ලුම කල­ම­නා­ක­රණ, තොර­තුරු තාක්ෂණ මෙන්ම ශාස්ත්‍ර පීඨ සිය­ලුම බාහිර උපාධි ක්‍රියා­ත්ම­කයි. තාව­කා­ලි­කව නවත්වා ඇත්තේ කලා බාහිර උපාධි පම­ණයි. අද රැකියා විර­හිත උපා­ධි­ධා­රී­න්ගේන් තුනෙන් දෙකක් පමණ ශාස්ත්‍ර පීඨයේ උපා­ධි­ධා­රීන්. මේ අය­ගෙ­නුත් බහු­ත­ර­යක් බාහිර උපා­ධි­ධා­රීන්. මේ අය අමා­රු­වෙන් උපාධි ලබා ගත්තත් රැකි­යා­වක් නැති­නම් වැඩක් නැහැ.

ඒ නිසා මෙතැන යම් ප්‍රශ්න­යක් තියෙ­නවා. මේ නිසා අපි නැව­තත් ලංකාවේ සිය­ලුම ශාස්ත්‍ර පීඨ උපා­ධි­ධා­රින් පිළි­බඳ සලකා බැලී­මක් කර­නවා. ඒ වගේම කැළ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යේත් යම් ප්‍රශ්න­යක් තියෙ­නවා. මෙහි එක වස­ර­කට 20000 කට අධික ප්‍රමා­ණ­යක් ලියා­ප­දිංචි වෙලා තියෙ­නවා. නමුත් අපි රාජ්‍ය විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­ය­ටම එදා වස­ර­කට බඳවා ගත්තේ සිසුන් 25000 ක්. වැඩි­පුර බඳවා ගැනී­මෙන් ආචා­ර්ය­ව­රුන්ගේ ගැටලු මතු වෙනවා.

ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ ගැටලු මතු වෙනවා. මේ නිසා අපි බාහිර උපාධි ලියා­ප­දිංචි වීම් ප්‍රමා­ණය අඩු කළා. කෙසේ වෙතත් තාව­කා­ලි­කව ලියා­ප­දිං­චිය අත්හි­ටුවා ඇති කලා උපා­ධි­ධා­රීන් ලියා­ප­දිංචි කිරීම් කට­යුතු නැව­තත් හැකි ඉක්ම­නින් ආරම්භ කෙරෙ­නවා.“ ඒ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ සභා­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය සම්පත් අම­ර­තුං­ගය. කෙසේ වෙතත් බාහිර උපා­ධි­ධා­රීන් වෙනු­වෙන් කතා කරන සංවි­ධාන වල ඉල්ලීම් වන්නේ බාහිර උපාධි අපේ­ක්ෂ­ක­යන්ට හැකි ඉක්ම­නින් සාධා­ර­ණ­යක් ඉටු කරන ලෙසයි.

 

Comments