මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කඩාවැටීමේ සිද්ධියත් සමඟ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජයේ නැවත කතිකාවක් ගොඩ නැඟුණි. මින් පෙර වැල්ලවත්ත ප්‍රදේශයේ එවැනිම ගොඩනැඟිල්ලක කොටසක් කඩා වැටීමක් සිදු විය. මෙවැනි සිදුවිම්වලදී විවිධ පාර්ශ්වයන් විවිධ මත පළ කර ඇත. මෙවැනි ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේදී අනිවාර්යයෙන් අවසරය හා උපදෙස් ලබා ගත යුතු ආයතන කිහිපයක් වේ.
ආපදා කළමනාකරණයේදී තාක්ෂණික වශයෙන් සේවා සැපයීම මෙන්ම ගංවතුර, නාය යෑමේ, සුළිසුළං ආදී ආපදාවන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉදිකිරීම් කරන්නේද යන කාරණය ගැන විද්‍යාත්මකව තොරතුරු සැපයීමත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදු කරයි.
ඉදිකිරීම් සඳහා යොදාගන්නා ගොඩනැඟිලි ද්‍රව්‍ය ගැන ප්‍රමිතිය විද්‍යානුකූලව සහතික කිරීමද අත්‍යාවශ්‍ය කාර්යයකි. පාරිසරික සාධක වන ජලය, වාතය, ශබ්දය වැනි කරුණු පිළිබඳ පර්යේෂණ කර එමඟින් සිදු වන කම්පන පිළිබඳ තොරතුරු ලබා දීමක් සිදුවිය යුතුය. ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේදී පළමුව පළාත් පාලන ආයතනයෙන් අනුමැතිය ලබාගත යුතුය. මේ අනුමැතිය ලබා ගැනීමේදී අදාළ පළාත් පාලන ආයතනයේ සුවිශේෂී නීති ඇත. ඒඅනුව බිම් කැබැල්ලේ සහ නිවසේ සැලැසුම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ඉදිකිරීමට අදාළ මූලික සැලසුම නාගරික සංවර්ධන අධිකාරියට හෝ අදාළ පළාත් පාලන ආයතනයට ඉදිරිපත් කර අනුමත කරගත යුතුයි. ඉන්පසු එහි ව්‍යුහගත සැලසුම් සකස් කිරීම සිදුවෙයි. ඉදිකිරීම් ව්‍යුහය සැලසුම් කිරීමේදී භූ ගර්භ පරීක්ෂාව කළ යුතුයි.
ඇතැම් විද්වතුන් පවසන්නේ පිහිටි පස නිසි ලෙස තෝරා ගෙන එම මවු පාෂාණ ශක්තිය පිළිබඳ පරීක්ෂා කොට ගොඩනැගිලි ඉදි කළ යුතු බවයි. 2011 වසරේදී ගොඩනැඟිල්ලක් ගොඩනැඟීමේදී එය භූ විද්‍යාත්මකව සුදුසු ප්‍රදේශයක්ද යන්න පිළිබඳ අධ්‍යයනයක් කර තක්සේරු කරමින් එයට අවසර ලබා ගැනීමට කටයුතු කර ඇතත් ඊට පෙර එවැනි ප්‍රමිතියෙන් තොර නිවාස විශාල ලෙස ඉදි වී ඇත. එයට හේතුව 2011ට පෙර එවැනි පනතක් නොතිබීමයි. ඒ නීතිය සියලු පාර්ශ්වයන් විසින් අනුගමනය කරන්නේ නම් මෙවැනි ඛේදවාචක සිදු නොවනු ඇත.
ගොඩනැඟිලි කඩාවැටීම් සම්බන්ධයෙන් 1980 ගණන්වලදී ලංකාව පුරා නායයෑම් පිළිබඳ සිතියම් ගත කිරීමක් කරනු ලැබුවා. ඒ අනුව ලංකාව පුරා දිස්ත්‍රික් අටක නාය යෑම් සිදු විය හැකි අවදානම් ප්‍රදේශ සිතියම් ගත කර තිබෙනවා. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නායයෑම් පිළිබඳ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ලංකාව පුරා ආරම්භ කර තිබෙන අතර ප්‍රාදේශීය මට්ටමින් පොලිස් වසම්වලින්ද ඒ පිළිබඳ දැනුම්වත් කර තිබෙනවා. 2011 වසරෙන් පසු ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේදී භූ විද්‍යාත්මකව එය ගොඩනැඟීමට සුදුසු ප්‍රදේශයක්ද යන්න ගැන අධ්‍යයනයක් කර තක්සේරුවක් කළ යුතුයි.
ඒ තක්සේරුවෙන් පසුවයි එම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ අවසර ලබා ගැනීම කළ යුතු වන්නේ. 2011 වර්ෂයට පෙර එය ක්‍රියාත්මක නොවුණත් වර්තමානයේ ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේදී එම සහතිකය ලැබුණු විට පමණයි ඉදිකිරිම් කළ යුතු වන්නේ. ඊට පෙර සෑදූ ප්රමිතයෙන් තොර ගොඩනැඟිලි අනතුරට ලක්විය හැකියි. අපේ කාර්යභාරය විය යුත්තේ එවැනි ගොඩනැඟිලිවල ප්‍රමිතිය සොයා බැලීමයි. එසේ වුවහොත් සියයට පනහක් හෝ බේරා ගැනීමට හැකි වෙයි. පාදම අනිවාර්යෙන් ම පිහිටි ගලට අමුණා සකස් කළ යුතුයි. භූ විද්‍යාඥයන්ට පමණයි පිහිටි ගල හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ.
පාදම පිළිබද අවධානමක් තිබෙනවා නම් ගොඩනැඟිලි පර්යේෂණ මධ්‍යස්ථානයෙන් උපදෙස් ලබා ගත හැකියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයන් දිස්ත්‍රික් මට්ටමින් පවතින අතර ප්‍රමිතිය සම්බන්ධයෙන් එම ආයතන ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයත් සමඟ එකතු කටයුතු කරයි කියා මා විශ්වාස කරනවා. රජයට පුළුවන් මෙරට සිටින සියලු භූ විද්‍යාඥයන් එකතු කරමින් සති දෙකක්,තුනක් ඇතුළත අධ්‍යයනය කරමින් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීමට. එවිට අවදානම් සහිත ගොඩනැඟිලි සම්බන්ධයෙන් කටයුතු කළ හැකියි. භූ විද්‍යාත්මක පර්යේෂණයක් කිරීම මඟින් බොහෝවිට මේ ගැටලු කලින් විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. මහනුවර කඩා වැටුණු ගොඩනැඟිල්ල මා පරීක්ෂා කර බැලුවා. එය පාෂාණයට සම්බන්ධයක් නැතිවයි ඉදිකර ඇත්තේ. පාෂාණය තිබෙන නමුත් එයට සම්බන්ධ කරලා නැහැ. උස අඩු ගොඩනැඟිල්ලකට අනුමත කරන ලද්දක් පසුකාලීනව තට්ටු කිහිපයක් දක්වා උඩට ගොස් ඇත්තේ. ගොඩනැඟිල්ල සෑදීම 2006 ආරම්භ කර ඇති නිසා අනිවාර්යය කොන්දේසි අනුව එය ඉදිවී නැහැ. එවැනි ප්‍රමිතියෙන් තොර නිවාස තවත් තිබිය හැකියි. ඒ නිසා ඉතා ඉක්මන් එවැනි අවදානම් සහිත ගොඩනැඟිලි මොනවාද යන්න අප හඳුනාගත යුතුයි. බෑවුම් ප්‍රදේශවල ඉදිකිරීම් කිරීමේදී පහළ ප්‍රදේශයේ ජිවත් වන ජනතාවටද ඒ මඟින් අවදානමක් ඇති වනවා. මේ සම්බන්ධයෙන් සාමුහිකව කතා කිරීමට සංවිධාන විය යුතුයි. මහනුවර ගොඩනැඟිල්ල සම්බන්ධ සිදුවීමේදී සිදුවී ඇත්තේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදු වූ දෙයක්.
පළාත් සභා ආයතනය මඟින් අනුමැතිය සඳහා යැවීමේදී එය නිසියාකාරව කළමනාකරණය කළ යුතුයි. මේ කර්තව්‍ය කෙරෙන්නේ නැහැ. නායයෑමේ අවදානම් රහිත ප්‍රදේශයක ගොඩනැඟිලි ඉදිකිරීමේදී ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙන් අනුමැතිය ගැනීමක් සිදු වන්නේ නැහැ. බොහෝ වෙලාවට ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මඟින් සිදු කරනු ලැබුවත් ඒවායේ නිසි අධීක්ෂණය සඳහා කාර්ය මණ්ඩලයේ යම් හිඟයක් තිබෙන අවස්ථාද තිබෙනවා. ඒ අවස්ථාවලදී පළාත් පාලන ආයතනයක් සතුව ඇති සම්පූර්ණ නිවාස සියල්ලම අධීක්ෂණය කිරීමක් සිදු වන්නේ නැහැ. එයයි පළමු වැනි වරද. නිසි ප්‍රමිතියන්ට අනුකූලව නොවෙයි මෙය සිදු වන්නේ.
නායයෑම් සම්බන්ධයෙන් ගොඩනැඟිලි පර්යේෂණ අනුමැතිය ගන්නේ කලාතුරකින්. එසේ නම් පළාත් පාලන ආයතනය මඟින් පමණක් අවසරය අරන් නිවාස ඉදි නොකළ යුතුයි. මේ ඉදිකරන නිවාස තුළ අවදානමක් තිබිය හැකියි. කඳුකර ප්‍රදේශවල බෑවුම් සහිත බිම්වල නිවාස සෑදීමේදී අවදානමක් ඇති අතර ම බොහෝ වෙලාවට මිනිස් ක්‍රියාකාරකම් මතද මෙවැනි දේවල් සිදුවිය හැකියි. එයින් වැළකීමට නම් ගොඩනැඟිලි ඉදිකිරීමේදී සරල පිළිවෙතක් නොවෙයි මීට වඩා විධිමත් පිළිවෙතක් අනුගනය කළ යුතුයි. එසේ නම් අදාළ ආයතනවල අනුමැතිය ගත යුතුයි. ත්‍රිකුණාමලයේ මේ වන විට හෝටල් ඉදිකරලා තිබෙනවා. විකිරණශීලී මූලද්‍රව්‍ය නිකුත් කරන ඛණිජ නිධි ලංකාවේ තිබෙනවා. බොහෝ වටිනාකම් ඇති එවැනි නිධියක් උඩ හෝටල් ඉදිකර තිබෙනවා. පසුකාලිනව එහි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ගොඩනැඟිලි ඉදි කිරීමේදී අදාළ ආයතනවලින් අවසර ගත යුතුයි කියලා අපිට ක්‍රමවේදයක් තිබුණේ නැහැ. දැන් ඒ සඳහා කාලය එළැඹ තිබෙනවා. ඒ නිසා මෙය ආපස්සට හරවන්නේ නැතුව දැන් ක්‍රියාත්මක විය යුතුයි. අදාළ සියලු මෙවැනි ගොඩනැගිලිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සහ ඉදිරියේදී ඉදි කරන සියලුම ගොඩනැඟිලි සඳහා අවසර ගත යුතුයි. එවිට අදාළ ඉදිකිරීම්වලදී අපිට කියන්න පුළුවන් අවදානමක් තියෙනවාද යන්න ගැන. ඒ වගේම පිහිටි පසේ පොස්පේට් නිධි, ඩොලමයිට් නිධි හෝ වෙනත් දෙයක් තිබෙනවාද කියා අපට පෙර දැනුම් දීමක් කළ හැකියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේද හඳුන්වා දී තිබෙන්නේ ඉදිරියේදී මෙවැනි දේ සිදු නොවීමට කටයුතු කිරීමටයි. ඒ අනුව යම් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේදී ආයතන විසි දෙකක් විසින් අවසර ලබා ගත යුතුයි. ඉතා කෙටි කාලයකදී මේ සඳහා අවසර ලබා දීමට මේ වන විට සැලැසුම් කර තිබෙන අතර එය ඉක්මනින් සිදු කිරීමට අප බැඳී සිටිනවා. මේ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් සඳහන් කළහොත් භූ කම්පනයක් නිසා සිදුවු දෙයක් නොවන බව දැනට සොයාගත් තොරතුරු අනුව ඉතා පැහැදිලියි.
මේ වනවිට මේ සම්බන්ධයෙන් කමිටුවක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව අවදානම් නිවාස සහ සියලු නිවාස මේ වනවිට පරික්ෂාවට ලක්කරමින් පවතිනවා. යම් කෙනෙක් ඉල්ලීමක් කළොත් තමන්ගේ නිවස අවදානම් තත්ත්වයේ කියලා, එය පරික්ෂා කිරීමටද මේ කමිටුව යනවා. එසේ ගොස් පරීක්ෂා කරන නිවාස පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන්න කියලා අපි නිර්දේශ කර තිබෙනවා. පළාත් සභාවේ ඉජිනේරුවන්ගේ උපදෙස් ඒ අයට ලබා දීමට කටයුතු කරනවා.
නිවසක් ඉදිකරන්නේ නම් එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් වී සිටිය යුතුයි. මේ කඩාවැටීමට ලක්වූ නිවසේ මුල් අදියරේ ඉදිකිරීම් සඳහා 2006 වසරේදී අවසර ගෙන ඉන්පසුව තමයි මේ ආකාරයට තට්ටු පහක් දක්වා උඩට මේ නිවස ඉදි කරලා අවසානයේ තවත් තට්ටුවක් ගත් බවයි මෙහි වාර්තාවේ සඳහන් වෙන්නේ. අපි දන්නේ නැහැ මේ නිවසේ අත්තිවාරම සකස් කර ඇත්තේ තට්ටු කීයකටද කියලා. පස සම්බන්ධයෙන් පරික්ෂණයක් කරලා නැහැ. බෑවුම් තැනක පසට ඔරොත්තු දෙනවා ද කියන කාරණාව දන්නේ නැහැ. කමිටුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිර්දේශයක් නිකුත් කර පස සම්බන්ධයෙන් පරික්ෂා කර අදාළ ඉඩම්වල සැකසීමට සුදුසු නිවස කුමක්ද යන්න තීරණය කරයි. පිහිටිගලට සම්බන්ධ කරලා සැදුවා නම් මෙවැනි ඛේදවාචක සිදු වන්නේ නැහැ. ගැළපෙන ක්‍රමයට නිවසක් සකස් කළ යුතුයි. නීතිවිරෝධි ලෙස නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීම සිදු වන අවස්ථා අපි දැක තිබෙනවා. මහනුවර නගර සභාවේ පමණක් නිවාස දෙසියයක් පමණ කඩා ඉවත් කරන්න තීන්දු කර තිබුණත් එකක් වත් කඩා ඉවත් කර නැහැ. ඒ දේවල් විසඳා ගත යුතුයි. මෙය ක්‍රියාදාමයක්. එකවර කළ නොහැකියි. නායයෑමක් නොවෙයි මෙතන සිදුවෙලා තියෙන්නේ ගොඩනැඟිල්ලයි කඩාගෙන ගිහින් තිබුණේ. මෙහි අභ්‍යන්තර ගැටලු ගොඩාක් තිබෙනවා. දාමයක් වගේ බොහෝ තැන් පරීක්ෂා කරන්නට අවශ්‍යයි. එක් ආයතනයකට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඉඩම් කැබලි සැලැස්ම ඉදිරිපත් කළාම අනුමත කර තියෙන්නේ 2006 වසරේදී. නමුත් එහි අනුමත විදිහට සකස් කර නැහැ.
අපි මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට උත්සාහ කරනවා. මේ වනවිට අපිට විශාල ප්‍රමාණයක් පැමිණිලි ලැබී තිබෙනවා. මේ කැඩුණු බිල්ඩින් එක අසල ඇළක් තිබෙනවා. එම ඇළ නිසා මේ නිවස අසල ඛාදනය වීමක් සිදුවෙලා තිබෙනවා. කලින් පළුඳු වී තිබෙන බවක් පෙනෙනවා. මේ එක් සිදුවීමක් නිසා අහිංසක මිනිසුන් පිරිසක් බිලි වුණේ. කැබලි ඉවත් කරන තුරු මෙහි අත්තිවාරම සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මෙහි තිරණයක් ගන්න ඉතා අපහසුයි. වගකිවයුතු සියලු ආයතන එකතු කරලා කමිටුවක් පත් කරලා කමිටුවේ නිරීක්ෂණයට අනුව නිර්දේශ අනුව ඉදිරියේදී මේ වැනි දේ නොවන්නට වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ස්වාභාවික ආපදා අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය යොදලා අවශ්‍ය කටයුතු අපි කරනවා. ගින්න නිවීමේ කටයුතු සම්බන්ධයෙන්ද අප කටයුතු කරනවා. මෙය සිදුවී ඇත්තේ ගොඩනැඟිල්ලේ ප්‍රමිතියේ ගැටලුවක් නිසාද කියන කාරණාව සම්බන්ධයෙන් දැනට පර්යේෂණ මට්ටමේ පවතිනවා. ඉදිරියේදී නාය යෑමේ අවදානම හඳුනාගත් දිස්ත්‍රික්කවල ඉදිකිරීම් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබා ගත යුතුයි. එහිදි අනුමැතිය ලැබුණහොත් පමණයි නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට අනුමැතිය ලබා දිය හැකි වන්නේ. එසේ නොමැති ව අනුමැතියෙන් තොරව කරනදේවල් කරන්න එපා කියලා තමයි අපි ජනතාවට කියන්නේ. එය නීති විරෝධී කටයුත්තක්. එවැනි ගොඩනැඟිලි තමයි මේ ආකාරයට කඩාවැටීමට ලක්වන්නේ. මේ නීති පද්ධතිය තුළ මිනිසුන් නිවැරදි ආකාරයට හැසිරෙනවා නම් මෙවැනි සිදුවීම් සිදුවන්නේ නැහැ.
කඳුකර ප්‍රදේශවල නායයෑම්වලට වැඩි උත්තේජනයක් සහ සාධකයක් වන්නේ වර්ෂාවයි. ඕනෑම බිල්ඩින් එකක් ගොඩනැඟිය යුත්තේ පිහිටි ගලට අනුවයි. එවිට කඩාවැටීමක් වෙන්නේ නැහැ. එහිදී ඉදිකිරීම් සම්බන්ධයෙන් කටයුතු කළ ඉජිනේරුවන් විසින් දැනුම්වත් විය යුතුයි. ඒ නිසා ඉදිකිරීම් සම්බන්ධ ක්රියාකලාපයක් මේ අනතුරට හේතුව වී තිබෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙවැනි දේ සිදු වන අවස්ථා තිබෙනවා. පස් කඳු කැපීම්, කණ්ඩි කැපීම් සිදු වන අවස්ථාවලදී නායයෑම් සිදුවනවා. එවැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා නායයෑම් සිදුවනවා. මෙය සම්පූර්ණයෙන් ම ඉදිකිරීමේදී සිදු වන වරදක් නිසා සිදු වන අවස්ථා තිබෙනවා. පැහැදිලිවම එවැනි දේවල් සිදුවීම වැළැක්වීමට කළ යුත්තේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ දැනුම ඇතිව උපදෙස් අනුව ගොඩනැඟිලි ඉදි කිරීමයි. එසේ නැතිව හිතුමතේ ගොඩනැඟිලි ඉදිකරන්න එපා කියලයි අපි ජනතාවට කියන්නෙ. ඒ වගේම කැලෑ එළිකිරීම්, පස් කණ්ඩි කැපිම් තමන්ට අවශ්‍ය ආකාරයට නොකරන්න කියලත් අපි උපදෙස් දෙනවා. ඉදිරියේදී මෙවැනි දේ නොවන්න තාක්ෂණික දැනුම නැතිව කිසිම ඉදිකිරීමක් කරන්න එපා කියලත් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එම ගොඩනැඟිල්ලේ ඉදිකිරීමේදී ව්‍යුහයේ ඇතිවූ ගැටලුවක් ලෙසයි අපි එය දකින්නේ. දැනටමත් අපි ඒ පිළිබඳ පර්යේෂණයක් සිදු කරනු ලබනවා. එතැන නායයෑමක් හෝ ගිලාබැසීමක් සිදුවී නැහැ. කඳුකර ප්‍රදේශවල ඉදිකිරීම් කරනවා නම් ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් දෙනු ලබන නිර්දේශයන් මත ඉදිකිරිම් කටයුතු සිදු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.
ඒ වගේම පළාත් පාලන ආයතනය මඟින් අවසරය ගනු ලබන විට අපේ ආයතනය මඟින් නිකුත් කරනු ලබන නිර්දේශයද එයට ඇතුළත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. එවිට හොඳ ඉදිකිරීමක් කරන්නට පුළුවන්. එසේ නැතිව තමන්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයට ඉදිකිරිම් කරන්න එපා. නිසි අධීක්ෂණය යටතේ නිසි ප්‍රමිතිය යටතේ ඉදිකිරීම් කරන්න කියලයි අපි කියන්නෙ. තැන් තැන්වල පිහිටීම අනුව එයට අදාළ ව්‍යුහයක් මත ඉදිකිරීම් කළ යුතුයි. අනුමැතිය සඳහා පළාත් පාලන ආයතනයට යවනවා. එහිදී අපෙන් උපදෙස් ලබා ගන්න කියලයි අපි කියන්නේ. ඒ උපදෙස්, අනුමැතිය ලැබුණත් ඇතැම් අය ගොඩනැඟිල්ල හදන විට එය කරන්නේ ඒ අයට ඕන විදිහටයි.
මෙය ගොඩනැඟිල්ලේ පැවති ප්‍රමිතියේ අඩුවක් ලෙසයි අපි දකින්නේ. සාමාන්‍ය යෙන් තට්ටු දෙකකට අනුමත කළ බිල්ඩින් එකක් නම් එහිදී එයට තව තට්ටුවක බලය දරන්න බැරිවෙයි. එවැනි දෙයක් තමයි මෙහිදී සිදුවන්නට ඇත්තේ.