
ගෝලීය වසංගතයක් වන කොවිඩ් 19 වසංගතයත් සමඟ අද වන විට ලෝකයේම බොහෝ රටවල්වලට විශාල බලපෑම් රැසක් ඇති විය. සමස්ත ලෝකයට ම මුහුණ දීමට සිදුවූ මේ අනපේක්ෂිත අත්දැකීම අද වන විට ලොව පුරා රටවල සියලු ක්ෂේත්රයන් කඩා වැටීමට තරම් බරපතළ බලපෑමක් සිදු කර ඇත. ඒ ගෝලීය වසංගතයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වූ ලෝකයේ බලවත් රටවල් විශාල ලෙස කඩා වැටෙද්දී මේ වසංගතයට සාර්ථකව මුහුණ දීමට අපිට හැකි විය. එහෙත් වසංගතය මර්දනය කළද ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවේද විශාල ආර්ථික කඩාවැටීමක් සිදු විය.
ඒ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟිය යුතු කාලය උදා වී ඇත. කොවිඩ් 19 සඳහා පිළියමක් මේ දක්වා නොමැති නිසා ඒ සමඟ ම ජීවත් වීමට මුළු ලෝකයට ම සිදුව තිබේ. මේවන විට ලෝකයේ බොහෝ රටවල් ඒ සඳහා සුදානම් වන බැවින් රටක් ලෙස අපද යථා තත්ත්වයට පත් විය යුතුය.
ලෝකයේ බොහෝ රටවල්වලට මෙන්ම මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අතර සංචාරක ව්‍යපාරය ප්‍රමුඛ වෙයි. විදේශ විනිමය ලැබෙන සියලු මාර්ග මේ වනවිට රටට අහිමි වී ඇතත් ඉතා කෙටි කලකදි ඕනෑම රටකට යළිත් විදෙස් විනිමය ඉපැයීමේ පහසුම මඟ සංචාරක කර්මාන්තයයි. මේ වනවිට සංචාරක ව්‍යපාරයෙන් ලැබෙන මුදල් සහමුලින්ම නතර වී ඇති අතර එය නැවත ගොඩනැඟිය යුතු බව මෙරට ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන්ගෙන් විශාල ඉල්ලීමක් ඇති අතර දැනට රටවල් අතර සංචාරය සඳහා අවසර ලැබී ඇති රටවල් අතර සංචාර සිදු වෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංචාරක වැඩපිළිවෙළක් මෙරට තුළ නැවත ස්ථාපිත කිරීමට යම් අවකාශයක් ලබාගත යුතුය. පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයට සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම කළ යුතුය. ගෝලීයකරණය තුළ සියලු රටවල් එකට බැඳී ඇති අතර රටක් ලෙස තනිව නැගී සිටීම ඉතා අසීරු ය. අපේ රටට සංචාරක කර්මාන්තය හරහා විශාල විදේශ විනිමයක් ලැබුණු රුසියාව, බෙල්ජියම, කසකස්ථානය බෙලරුසියාව වැනි රටවල් මුල් කරගනිමින් සංචාරක කර්මාන්තය නැවත මෙරට තුළ ආරම්භ කිරීමට අදාළ සියලු අංශ මේවන විට දැනුවත් කරමින් පවතී.
සාමාන්‍ය සංචාරකයන් සඳහා ශීතකාලයට නවාතැන් පහසුකම් ලබා දෙන එක් කාමරයක් ඩොලර් හයදහසකට අලෙවි වූවත් අද වන විට එය ඩොලර් 200ක මුදලකටවත් අලෙවි නොවෙයි. රටක් ලෙස නැඟී සිටින්නට නම් විදෙස් විනිමය අනිවාර්යෙන්ම ලැබිය යුතුය. රටට විදෙස් මුදල් පැමිණිය හොත් එය බෙදී යන්නේ කෙසේද? කාටද? කියන කරුණ ගැටලුවක් නොවේ. එය මෙරටට දේශීය ආදායමක් විය යුතුය. සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමේදී යම් විවේචනය පැමිණිය හැකිය. නමුත් මේ ආකාරයට තව වසර ගණනාවක් ගත වුවහොත් ලංකාව වැනි රටවලට කුමක් සිදුවිය හැකිද යන කරුණ මතුවේ. විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම මේ වන විට ඇහිරී ඇත. කොරෝනාවලින් ආරක්ෂා වන්නා සේම රටට ආදායම ගෙන්වා ගත යුතුය. මේ වන විට ඇගළුම් අපනයනය තුළින් රටට විශාල වශයෙන් ලැබෙන විදෙස් විනිමය අහිමි වී ඇත. කාර්මිකයන්ට රැකියා අහිමි වී ඇත. ව්‍යවසායකයන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු ඒ අය සඳහා රැකියා ගැටලුව මතු වෙයි. පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අප උත්සාහ කළ යුතුය. ඒ සඳහා සංචාරක කර්මාන්තයට නැවත මූලික අඩිතාලමක් තැබිය යුතුයි. මේ අභියෝග ජයගත යුතු බව බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.
එහි මුල් පියවරක් ලෙස රුසියාව කේන්ද්‍රගත කරගත් රටවල් මුල් කරගනිමින් මෙය ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ඒ සඳහා දෙරට සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන්ගෙන් ඉල්ලීම්ද වෙයි. රුසියාව සහ මෙරට අතර ඇති සම්බන්ධය ඉතිහාසය පුරා දිවෙයි. ඒ නිසා විශ්වාසයෙන් යුතුව අපිට එම රටවල සංචාරකයන් මෙරට ගෙන්වා ගත හැකිය.
1991 - 1992 දශකවල සෝවියට් දේශය විශේෂයෙන් පසුකාලීනව එම ප්‍රාන්ත රටවල් බවට පත්විය. සෝවියට් දේශය බිඳ වැටීම අපේ රටට අවාසිදායකය. එයට හේතුව වනුයේ රටවල් දෙකක අර්බුදයකදී වඩා දුර්වල රටට බොහෝ දුරට සහය ලබා දුන් රටක් ලෙස සෝවියට් දේශය හැඳින්විය හැකි වීමයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ සෝවියට් දේශය සමඟ වඩා සමීප සබඳතා පැවැත්විණි. ඉන්පසු සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ ප්‍රාන්ත රටවල් ලෙස වෙනස් වීමට පටන් ගැනීම සිදු විය. රුසියාව ජාත්‍යන්තර වශයෙන් බොහෝ සෙයින් අපට උපකාරී වන රටකි. ජාත්‍යන්තරව අපට ඇතිවූ ගැටලුකාරී අවස්ථාවලදී අපේ රට වෙනුවෙන් පළමු ස්ථානයේ පෙනී සිටින රටක් ලෙස රුසියාව හැඳින්විය හැකියි. දේශපාලනික වශයෙන් අපට රුසියාව සමඟ ගැටලු නොතිබිණි. රුසියාව වෙන්වුණු පසුව සෝවියට් දේශය සමඟ තිබුණු ගනුදෙනු වෙනස් විය. අලුතින් ගිවිසුම් අත්සන් කිරීමට සිදු විය. 2006 වසරේ මා එම රටේ ශ්‍රී ලංකා තානාපතිව මා එහි යනවිට සෝවියට් දේශයේ අනෙක් පැරණි රටවල් සමඟ ඉතා අඩු ගිවිසුම් ප්‍රමාණයත් අත්සන් කර තිබුණි. විශේෂයෙන් 1961දී ගුණපාල මලලසේකර මහතා තානාපතිව සිටියදී ගිවිසුම් අත්සන් කිරීමක් සිදුවී ඇත. රටවල් දෙකක් අතර හුවමාරු සම්බන්ධ ගිණුම්වත් අවම වශයෙන් නොතිබිණි.
රුසියාව, බෙලරුසියාව, කසකස්ථානය සහ යුක්රේන් අවම වශයෙන් එම ගිවිසුම් දෙක නැතිනම් රටවල් දෙක අතර සංචාරක කර්මාන්තයන් සම්බන්ධයෙන් කතා කිරීමටවත් අපහසු තත්ත්වයක් තිබිණි. 2014 වර්ෂය වනවිට අපේ රටේ නිෂ්පාදිත තේ වලින් සියයට 25ක් පමණ ලබා ගන්නා ලද්දේ රුසියානුවන් විසිනි. අද වනවිට එය පහළට වැටී ඇත. රුසියානුවන් වසරකට මිලියන 20 – 25 අතර ප්‍රමාණයක් විදේශ රටවලට සංචාරය කරයි. අවසානයේ අපේ රටට වඩා විශාල ප්‍රමාණයක් සංචාරකයන් පැමිණෙන රටක් බවට ඒ රටවල් පත් විය. රුසියානුවන් බහුතරය සංචාරය සඳහා කැමැති ජාතියකි. එවකට තානාපති ලෙස සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට මට සිදු විය. ඒ සඳහා ඒ වනතෙක් කිසිදු වැඩපිළිවෙළක් දියත් කර නොතිබුණි. 2005 වසරේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වන ආකාරයට පැරණි සෝවියට් දේශයේ ලංකාවට සංචාරය සඳහා පැමිණ තිබුණේ වාර්ෂිකව 4500ට ආසන්න පිරිසකි. රටවල් 15 කට ආසන්න සංඛ්‍යාවකින් ලංකාවට පැමිණ තිබුණේ ඉතාමත් සුළු පිරිසකි. මා තානාපතිව සිටින කාල වකවානුවේ එය වාර්ෂිකව එක්ලක්ෂ විසි දහසක් දක්වා වැඩි විය. 2018 වර්ෂය වනවිට එම සංචාරකයන් සංඛ්‍යාව 1000 පමණ වැඩිවීමක් සිදු වී ඇත. අපේ රට පිළිබඳව දැනුම්වත් කරනු ලැබිය යුත්තේ සංචාරක අමාත්‍යාංශය තානාපති කාර්යාලය හරහා ය. විශේෂයෙන් රුසියාව, චීනය වැනි රටවල ඉංග්‍රීසියෙන් දැනුම්වත් කිරීම්වලට වඩා රුසියානු භාෂාවෙන් අපේ රට පිළිබඳ හඳුන්වා දිය යුතුය. පොදුවේ එම ජනතාවට හුරු ඔවුන්ගේ බසයි. ඒ සඳහා එවකට මම මාර්ග සලකුණු සහ සුවිශේෂ ස්ථාන පිළිබඳව හෝටල් පිළිබඳව සියලු තොරතුරු එහි ඇතුළත් කරනු ලැබිණි. එහිදී ප්‍රධාන සංචාරක ගම්මානයන් හඳුන්වා දීමක්ද සිදු විය.
රුසියානු සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන්නන් සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් අතර මේ වන විට සංචාරක ව්‍යපාරය නැවත ආරම්භ කිරීමට එකඟතාවක් මතුවී ඇත. කෙසේ වෙතත් රටක් ලෙස ඉදිරියේදී රුසියානු සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුය. ඉතා විශාල රුසියානු සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණ තිබීමත් ඔවුන්ගෙන් ලැබෙන විදෙස් විනිමයක් සලකා බලා කොරොනා වසංගතය සම්බන්ධයෙන් අවදානම් තත්ත්වය අවම කරගනිමින් අපට නැවත එය ආරම්භ කළ හැකිය.
මේ වසරේ අගෝස්තු 1වැනිදා සිට 19 දක්වා කාලය තුළ තුර්සියේ හන්තාලියා නගරයට රටවල් තිස් දෙකකින් මිලියනයක් සංචාරකයන් පැමිණ ඇත. එම මිලියන එක ලක්ෂ තුනකට ආසන්න සංචාරකයන් යුක්රේන ජාතිකයන් වෙයි. දෙලක්ෂ අනුදහසක් පමණ දෙවැනි වරට පැමිණ ඇත්තේ රුසියානුවන් ජර්මන් ජාතිකයන් අසූපස් දහසක් වෙයි. මෙතැනදී අපි දකින කාරණාවක් නම් මේ සංචාරකයන්ට ශීතකාලයේදී සංචාරය සඳහා හැකි සුදුසු රටක් පිළිබඳ සාකච්ජා කිරීමේදී ඒ සංචාරකයන් ලංකාව පිළිබඳ වැඩි උනන්දුවක් දක්වයි. අප මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ රටක් ලෙස රට අභ්‍යන්තරයේ පවතින මුදල් සංසරණය වෙමින් රටක් දියුණු කළ නොහැකි නමුත් විදෙස් විනිමය අපිට ලබාගත හැකි පහසු ම මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්ත හඳුනා ගත හැකි නිසාය.
සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් විසින් ගුවන්තොටුපොළට පැමිණෙන අදාළ සංචාරකයන්ගේ පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරික්ෂණ කර ඇති සහතිකය ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතුය. මත්තල සිට මෙරටට පැමිණි පසු පී.සී.ආර් පරීක්ෂාව කිරීමට අදාළ සංචාරක අනුගාමිකයන්ට වගකීම පැවරෙයි. සංචාරකයන් සහ ලංකාවේ ජනතාව අතර සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කිරීමටත් යම් ක්‍රමවේදයන් අනුගමනය කිරීමත් එහිදී ඉතා වැදගත් වෙයි. හම්බන්තොටට පැමිණි පසු ඒ ආශ්‍රිත වෙරළ සීමාවේ හෝටල් කිහිපයක් නතර කිරීමට පියවර ගන්නා අතර එහිදී එම හෝටල් ආශ්‍රිතව ලාංකිකයන්ට ගැවසීම තහනම් කිරීම තුළ යම් අවදානමක් වේ නම් එයින් මිදිමට හැකියාව ලැබෙනු ඇත. මුහුදු වෙරළට මේ සංචාරකයන්ට යා හැකි විය යුතු සේ ම හෝටලය තුළ යම් පහසුකමක් තිබිය යුතුය. ඒ සඳහා ලාංකිකයන්ට යම් කැපවීමක් කළ හැකි විය යුතුය.
පොදුවේ රටක් ලෙස ගොඩනැඟීමට නම් යම් යම් කැපවීම් රටක් ලෙස අපි කළ යුතුය. සියලුම පහසුකම් සංචාරකයන්ට ලබාදීමට හැකිවිය යුතුය. මේ සඳහා යම් පාර්ශ්වයන් විරුද්ධ විය හැකි නමුත් රටක් ලෙස අපිට ලැබී ඇති ස්වභාවික සම්පත්වලින් අපි උපරිම ප්‍රයෝජන ගත යුතුය. මේ කාලවකවානුවේදී වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන්නට රටක් ජාතියක් ලෙස අප යම් කිසි දායකත්වයක් දිය යුතුය. අපිට අවශ්‍ය මේ අවස්ථාවේ රටට මුදල් ලැබෙන ක්රමවේදයකි. අද වන තෙක් අපගේ රට සංචාරකයන් සඳහා විවෘත කර නැත. යුක්රේනය, බෙලරුසියාව, කසකස්ථානය වැනි රටවල් විවෘත කර ඇත. ගුවන් ගමන් ඒජන්ත වරයා ගුවන් යානා එකසිය පනස් නවයක් ගුවන් ගත කිරීමට තිරණය කර ඇති අතර පෙබරවාරි දක්වා ගමන් කරන ලද ගුවන් යානා ඉවත් කළ වහාම එම ගුවන් ගමන් ආරම්භ කරන බව පවසයි. අපේ රටට පැමිණීමට සංචාරකයන් ප්‍රිය කරන අතර සාමාන්‍යයෙන් රුසියානුවන් දිනකට ඩොලර් 160 දිනකට වියදම් කරන අතර රුසියානුවන්ගෙන් සංචාරකයන් අසුපන්දහසක් පැමිණ ඇත. පෞද්ගලිකව මගේ ජීවිතය රුසියානු සංචාරක කර්මාන්ත වෙනුවෙන් කැප කර ඇති නිසා රුසියානු රටවල් කෙන්ද්‍රගත කරගෙන සංචාරක කර්මාන්තය හරහා මෙරටට සංචාරක කර්මාන්තය හරහා විශාල මුදල් ප්‍රමාණයක් හිමි වන බව දනිමි. යුරෝපා රටවල් හෝ කොවිඩ් පාලනය කිරීමට අපේ රට තරම් විශාල මහන්සියක් ගෙන නැති තරම්ය. නමුත් අපි මේ අවස්ථාවේදී රටක් ලෙස ඉතා ඉක්මනින් මේ වැටුණු ආර්ථිකය යළි ගොඩ නඟා ගත යුතුය. ඒ සඳහා සියලු දෙනා කැපවිය යුතුය.