
මේෂ - යහපත් මානසික සුවය
මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 01 - 02 - 03 යන ස්ථානවල ගමන් කරමින් ඔබගේ යහපත් මානසිකත්වය සතිය ආරම්භයේ පටන්ම ඔබට ලබාදෙන අතර සතිය මැද භාගයේ සුවිශේෂි මුදල් ලාභයක් සමඟ කිසියම් උරුමයක පෙර ලකුණු මතු කරයි. විශේෂයෙන් නීතියෙන් පැවත තිබූ අවහිරතාවක් ලිහිල් වන ලකුණු පෙනේ. තම සොහොයුරකු වෙතින් ආර්ථික ලාභයක් හිමි වන ලකුණු පෙනේ. තම අභිවෘද්ධියට විවිධ ඇප උපකාර ලැබෙනු ඇත.
වෘෂභ - ව්‍යාපාරික සැලසුම් ක්‍රියාත්මකයි
වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 12 - 01 - 02 යන ස්ථානවල ගමන් කරමින් පිටරට සම්බන්ධ කටයුත්තකදි යහපත්කම් මතු කෙරේ. යම් හෙයකින් ව්‍යාපාරයක සැලසුම් සකස් කරමින් සිටින ඔබට ඒවා ක්‍රියාවට නැංවීමට අවස්ථාව උදාවේ. ධනය පිළිබඳ සතුටු විය හැකි සතියකි. ආදරය, ආලය පිළිබඳ කරුණුවලදී බාධා අවහිරතා ඉවත් වේ.
මිථුන - ආර්ථික ලාභයක්
මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 11 - 12 - 01 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භයේදීම හදිසි ආදායම් මාර්ගයකට ඉඩ සැලසේ. විශේෂයෙන් කලක් අතහැර දමා තිබූ ව්‍යාපාරික ස්ථානයක් යළි ආරම්භ කිරීමට ඔබට අවස්ථාව උදාවෙන අතර කිසියම් ආහාරයක සතුරු කරදර කීපයක් නිසා ඔබට ඔබගේ කටයුතු කෙරේ. බාධක එල්ලවේ. අධිෂ්ඨානය ඇතොත් එළැඹෙන බාධක ලිහිල් වනු ඇත.
කටක - රැකියා උසස් වීමක්
කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව ව්‍යාපාරික රැකියාමය ප්‍රතිලාභයක් පෙනෙන්නට තිබේ. දණහිසට අගුණ වුවද ප්‍රවේශම් වුවහොත් එම උවදුරුද අවමකර ගත හැකිය. මෙම සතියේ චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයට අනුව 10, 11, 12 යන ස්ථානවල ගමන් කිරීම නිසා මෙසේ වාසි සහගත වන අතර වාහන ලාභ, ඉඩම් හා නිවාස ලාභ ගෙන එන සතියකි. තමා කලක් බලාපොරොත්තුව සිටි රැකියාවක් තමාට හිමි වන ලකුණු පෙනේ.
සිංහ - උෂ්ණාධික රෝග
සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 09 - 10 - 11 යන ස්ථානවල ගමන් කරමින් ඔබට යටපත්වූ උරුමයක හිමිකම ආර්ථික ප්රතිලාභ හිමිකම යන කරුණු තුළින් ඔබට යහපත උදාවේ. කෙසේ හෝ උෂ්ණාධික බව නිසා හටගන්නා රෝග පිළිබඳව අනතුරු හැඟවේ. භාෂා ඥානය කලා කුසලතා මෙන්ම ජන්මයෙන් උරුමවූ කිසියම් නිපුණතාවක් නිසා සමාජයේ කැපී පෙනෙන ආකාරයක් දක්නට ලැබේ.
කන්‍යා - අධික වෙහෙසකාරි බවක්
කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 08 - 09 - 10 යන ස්ථානවල ගමන් කරන අතර හදිසි අනතුරු ආපදා තුනටිය ආශ්‍රිත උවදුරු පෙනෙන්නට තිබේ. කළබල නොවීම තුළින් ඒ සඳහා සහනය උදාකරගත හැකිය. ශරීරය වෙහෙසකාරි වන සතියකි. කිසියම් ආර්ථික පාඩුවකට හේතු වනු ඇත. ගනුදෙනු කිරීමකදි ලියවිල්ලකට අත්සන් කිරීමකදි කල්පනාකාරි වන්න. ඇස් රෝග - සෙම් රෝග පළවන සතියකි.
තුලා - සතුට සැනසුම උතුරා යයි
තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ආරම්භයේදි කිසියම් මංගල කරුණකට හේතු මතු කෙරේ. ආදරය, ආලය පිළිබඳ කටයුත්තකදි සවිමත් සහ සම්බන්ධතාද අවිවාහක අයට විවාහ යෝජනා සම්මත වීමද සිදුවනු ඇත. කොටින්ම කියනවා නම් සිතේ සතුට සැනසුම උතුරා යන සතියකි.
වෘශ්චික - ආසාදිත තත්ත්වයක්
වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 06 - 07 - 08 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ආරම්භයේ යටි බඩ ආශ්‍රිත කිසියම් ආසාදිත තත්ත්වයක් හේතු කොටගෙන පරීක්ෂණ වලට භාජනය වීමට ඔබට සිදු වේ. වතුර හීනතාව නිසා මුත්‍ර පිටවීම අවම කෙරේ. ඒ නිසා යටි බඩේ කොරවීම් ස්වභාවයක් මතු කිරීමට පුළුවන.
ධනු - නව නිවසක පදිංචිය
ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 05 - 06 - 07 යන ස්ථානවල ගමන් කිරීම යහපත් වෙයි. විශේෂයෙන් දරු සම්පත් අපේක්ෂා කරන අයට දරු සම්පත්ද ආර්ථික ප්‍රතිලාභද මතු කෙරෙනු ඇත. දුරබැහැර සිටින මිතුරකුගේ පැමිණීම නිසා ඔබට ආර්ථික වාසි රැසක් උදාකර ගැනීමට හේතු වේ. පෙර දිනක ඔබ ඔබේ මිතුරකු වෙනුවෙන් කළ උපකාරයකට ප්‍රතිඋපකාර උදාවීමෙන් වාසි සහගත යමක් ඔබට ලැබෙනු ඇත. වාහන ලාභයකට අලුත් නිවසක පදිංචියට යෑමට ඔබට හැකි වේ.
මකර - පපුවේ අධික සෙම ගතිය
මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මේ සතියේ චන්ද්‍රයා 04 - 05 - 06 යන ස්ථානවල ගමන් කිරීම නිසා ආර්ථික වාසි දේපළ ඉඩකඩම් හිමි වන සතියක් වන අතර රැකියා ප්රතිලාභ ඇති වීමටද හේතු වෙයි. පපුවේ අධික සෙම ගතිය ඇතිවන සතියකි. පිටස්තර ස්ථානවලදි නුහුරු නුපුරුදු ස්ථානවල ජලාශ, වැව්, අමුණ ඇළ දොළ ගංගාවල බැස ස්නානය කිරීම බොහෝ අනතුරු සහගත වෙයි. කල්පනාකාරි වන්න.
කුම්භ - භෞතික සම්පත් උරුමයක්
කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 03 - 04 - 05 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ආරම්භයේදීම කිසියම් භෞතික සම්පතක උරුමය ඔබට හිමිවේ. ඉඩමක්, නිවසක් හෝ වෙනත් උරුමයක් උදාකර දේ. නමුත් කලක් පැවතුණු නීති ගැටලුවකින් මිදුණ ද යළි එබඳු උවදුරකට බොහෝවිට ඉඩ ඇති නිසා කල්පනාකාරි වන්න. මිත්‍ර සංගම් තුළින් උවදුරු එළඹෙන නිසා ඒ අය ඇසුරු කිරීමේදි කල්පනාකාරි වන්න. උඩ නැගීම් වාහන වලින් අධික වේගයෙන් ගමන් කිරීමෙන් වැළකී සිටින්න.
මීන - චෝදනා එල්ලවේ
මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 02 - 03 - 04 යන ස්ථානවල ගමන් කරන නිසා සතිය ආරම්භයේදීම මුදල් නාස්තියක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති නිසා කල්පනාකාරි වන්න. මිත්‍ර වේශයෙන් ඔබකරා එන සතුරන් තුළින් පාඩු සිදුවන කරුණු කාරණා යෙදේ. නමුත් සතිය මැද සතිය අවසානය ඔබට අභිවෘද්ධියට කරුණු යෙදේ. වැඩිහිටි පාර්ශ්ව තුළින් ඔබට චෝදනා ගර්ජනා එල්ලවීමට බොහෝ දුරට ඉඩ ඇති නිසා කල්පනාකාරි වන්න. ඇල්වතුර පානය, අධික සීතල වතුර ස්නානය අවම කරන්න.