ලෙඩුන් රවටා කොල්ල කෑ හොර දොස්ත­ර | සිළුමිණ

ලෙඩුන් රවටා කොල්ල කෑ හොර දොස්ත­ර

රා­පි­ටිය ශික්ෂණ රෝහලේ නේවා­සික ප්‍රති­කාර ලබන තම පියා බැලිම සඳහා පුතකු තම මව සමග රෝහ­ලට පැමි­ණි­යේය. මව සිය දැත්වල රන්මුදු මුදු කිහි­ප­යක් හා ගෙල රන් මාල­යක් පැළද සිටි­යාය. ජැන්ඩි­යට ඇද පැළද සිටි තරු­ණ­යකු රෝහලේ වාට්ටුව තුළ ඒ මේ අත ගමන් කර­මින් සිටි­යේය. මොහු ප්‍රිය­ම­නාප තරු­ණ­යකු වු අතර වාට්ටුවේ සිටි කොයි­ක­වු­රුත් මොහු වෛද්‍ය­ව­ර­යකු යැයි සිතු­වේය. කාන්තාව පැළද සිටි රන්මාල හා මුදු දෙස එක­ව­රම මොහුගේ නෙත ගැටුණි. මොහු මෙකී මව හා පුතු පැත්ත­කට කැඳ­වා­ගෙන යනු ලැබිය. ඔය­ගොල්ලෝ දන්න­වාද තාත්තාට තියෙන රෝගය. තවම රෝගය හඳු­නා­ගෙන නැහැ. ඉතා භයා­නක රෝග­යක් තමයි තාත්තාට තියෙන්නේ ලේ ඥාතීන් නිසා රුධිර පරි­ක්ෂ­යක් කරන්න වෙනවා; මොහු පුතුට කීවේය.

හරි එහෙ­නම් ඔයා එන්න එසේ කී මෙකී තරු­ණයා නේවා­සික ප්‍රති­කර ලබන රෝගි­යාගේ පුතු සාය­න­යක් වෙත කැඳ­වා­ගෙන ගොස් එතැන සිටින ලෙස කීවේය. තරු­ණයා ඒ අසල තිබු ශල්‍යා­ගා­ර­යට දමා ඔහු දෙස බලා මොහු කඩි­මු­ඩියේ මව සිටින තැනට ගියේය. අම්මේ මෙත­නට එන්න, එසේ කී මොහු මව ඇදක හාන්සි කරවා ලේ පරි­ක්ෂ­ණ­යක් කිරී­මට තිබෙන බව කීවේය. මව පැළද සිටි රන් භාණ්ඩ ගලවා බෑග­යක දමන ලෙස කී තරු­ණයා හෙමින් සිරුවේ එ් රන්භාණ්ඩ රැගෙන මාරුවී ගොස් තිබුණි. තමන් වංචා­කා­ර­ය­කුට හසුවී ඇති බව මෙකී මවට හා පුතුට පසුව අව­බෝධ විය. ඒ වන­විට සියල්ල සිදුවී හමා­රය.

මෙකී මව හා පුතු ගාල්ල පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශය වෙත ගොස් මේ ගැන පැමි­ණිලි කරනු ලැබීය. මෙය මිට මාස කිහි­ප­ය­කට පමණ පෙර වූ සිද්ධි­යකි. පසු­ගිය දින 10වැනි­දින ගාල්ල කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ වකු­ගඩු සාය­න­යට තම සැමි­යාට ප්‍රති­කාර ගැනීම සඳහා පැමිණි කාන්තා­වක් මෙවැ­නිම ඉර­ණ­ම­කට ගොදුරු වුවාය. ඕ 70 හැවි­රිදි වියේ පසුවූ අක්මී­මන ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වකි. ඉකුත් 10 වැනි දින වකු­ගඩු රෝගි­යෙන් පෙලෙන තම සැමි­යාට ප්‍රති­කාර ගැනීම සඳහා ඇය ගාල්ල කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ වකු­ගඩු සාය­නය වෙත පැමි­ණි­යේය. වකු­ගඩු රෝගියා වූ සැමියා 75 හැවි­රිදි වියේ පසු­විය. සැමියා රුධිර කාන්දු පෙර­ණ­යට ලක්කළ යුතු නිසා උදේ රැයින්ම මොවුන් වකු­ගඩු රෝග සාය­න­යට පැමිණ සිටි­යහ. මෙම යුවළ වකු­ගඩු සාය­නයේ දොර­ටුව අසල සිටි­යදි ජැන්ඩි­යට හැද පැළ­ද­ගෙන සිටි තරු­ණ­යකු වකු­ගඩු සාය­නය වෙත පැමි­ණි­යේය. මෙකි අඹු­සැමි යුවළ අස­ලට කිට්ටු වූ මෙම තරු­ණයා ලොකු දොස්තර මහ­ත්තයා එන­තෙක් ඔය දෙන්නාට පරි­ක්ෂ­ණ­යක් කරන්න තියෙ­නවා යැයි කියා කිවේය. මොහු වකු­ගඩු ඒක­කයේ වෛද්‍ය­ව­ර­යකු යැයි වය­ස්ගත යුව­ළද සිත­න්නට වුහ.

මෙකී වය­ස්ගත යුවළ රෝහලේ භෞතික චිකි­ත්සක කාම­රය වෙත කැඳ­වා­ගෙන යනු ලැබීය. කාන්තාව ඇදක හාන්සි කරනු ලැබිය. අම්මාට පී. සී. ආර්. පරි­ක්ෂ­ණ­යක් කරන්න තියෙ­නවා. ඒ නිසා එම පරි­ක්ෂ­ණය කරන්න ඉස්සෙල්ලා අම්මා පැළද සිටින රන්භාණ්ඩ ටික ගල­වන්න ඕන. තියෙන රන්භා­ණ්ඩ­වල තොර­තුරු කොළ­යක ලියලා බැග­යක දමලා මහ­ත්ත­යාට දෙන්න තරු­ණයා කිවේය. ඒ අනව කාන්තාව පැළද සිටි මුදු තුනක් ගෙල­බැඳි රන්මා­ලය හා සුරය ගලවා සැමි­යාට දුන්නේය. හරි මහ­ත්ත­යාත් අතන තියෙන ඇදේ හාන්සි වෙන්න තරු­ණයා කිවේය. ඔහු ඇදේ හාන්සි විය. තව පොඩි වෙලා­ව­කින් පරි­ක්ෂ­ණය කරනවා තරු­ණයා කිවේය. මෙකී යුව­ළට එසේ පැවසු ජැන්ඩි­යට හැද­පැ­ළද සිටි තරු­ණයා හෙමින් සිරුවේ මෙකී යුව­ළට නොපෙ­නෙන ලෙස ස්වර්ණා­භ­රණ දමා තිබූ බෑගය රැගෙන වකු­ගඩු සාය­න­යෙන් මාරුවී ගියේය. රන්භා­ණ්ඩ­වල වටි­නා­කම තුන්ලක්ෂ විසි­ප­න්ද­හ­සක් විය.

ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී මේ අයු­රින් රන්භාණ්ඩ වංචා කිරීමේ සිද්ධි සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 08ක් ගාල්ල පොලි­සිය වෙත වාර්තා වී තිබුණි. මින් පැමි­ණිලි 07ක් ගාල්ල කරා­පි­ටිය ශික්ෂණ රෝහල තුළදී වූ රන් භාණ්ඩ වංචා කිරීමේ සිද්ධීන් වන අතර එක් පැමි­ණි­ල්ලක් ලැබී තිබුණේ ගාල්ල මහ­මෝ­දර රෝහල තුළදී වූ රන් භාණ්ඩ වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ද­යෙනි. වෛද්‍ය­ව­රකු ලෙස පෙනී සිටි­මින් මොහු රෝහ­ලට පැමි­ණෙන රෝගින්ගේ රන්භාණ්ඩ වංචා­කොට තිබුණි.

ආර­ක්ෂක නිල­ධා­රි­ය­කුගේ පරි­ක්ෂා­වට

මේ ආකා­ර­යට රෝගීන්ගේ රන් භාණ්ඩ වංචා කිරීම පිළි­බඳ පැමි­ණිලි ලැබීම පොලි­සි­යට ද මහත් ප්‍රශ්න­යක් විය. එක් අව­ස්ථා­ව­කදි මෙකී තරු­ණයා කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ ගෙට්ටුවේ සිටි ආර­ක්ෂක නිල­ධා­රි­ය­කුගේ පරි­ක්ෂා­වට ලක්විය. මම වෛද්‍ය සිසු­වෙක් තරු­ණයා කීවේය. එහෙ­නම් කෝ බලන්න ඔයාගේ හැඳු­නු­ම්පත ආර­ක්ෂක නිල­ධා­රියා විම­ස­න්නට විය. මහ­ත්තයෝ රෝහ­ලට එන­විට කවුද හැඳු­නු­ම්පත් අර­ගෙන එන්නේ එ්ක කාම­රයේ තියෙ­නවා. ඔයාට පෙන්වන්න අවශ්‍ය නම් එන්න කාම­ර­යට යන්න මොහු කීවේය. හරි එහෙ­නම් යමු ආර­ක්ෂක නිල­ධා­රියා කීවේය. ඔහු මොහුගේ පිටු­ප­සින් ගියේය. නමුත් මෙකී පුද්ග­ලයා ඉක්මන් ගම­නින් ගොස් ආර­ක්ෂක නිල­ධා­රියා මග හැර­ය­න්නට ගියේය.

රෝහලේ ආර­ක්ෂක අංශ මගින්ද සායන සඳහා පැමි­ණෙන රෝගින්ගේ රන්භාණ්ඩ ආරක්ෂා කර­ගන්න ලෙස නිර­න්ත­ර­යෙන් රෝගීන් දැනු­වත් කිරි­මට කට­යුතු කර තිබුණි. එක් දිනක් ආර­ක්ෂක අංශයේ නිල­ධා­රි­යකු විසින් මේ ගැන රෝගීන් දැනු­වත් කර­මින් සිටි­යදි තරු­ණ­යකු ඔහු අස­ලට පැමි­ණි­යේය. මහ­ත්ත­යාගේ බැජ් එකේ අයෙක් ඉන්නවා නේද කොළඹ ඔහු නමක් සඳ­හන් කොට කීවේය. මට හරි­යට මතක නැහැ, ආර­ක්ෂක නිල­ධා­රියා කීවේය. එදින මොහු ඒ අයු­රින් ආර­ක්ෂක නිල­ධා­රියා වෙත කථා කර ඇත්තේ තමන් ගැන ආර­ක්ෂක අංශ­ව­ලට ඉව වැටී ඇති බවට සැක­හැර දැන­ගැ­නීම සඳ­හාය.

මොහු තැනට උචිත ලෙස විවිධ උප­ක්‍රම අනු­ග­ම­නය කර­මින් ඉතා සුක්ෂම ලෙස රෝහ­ලට පැමි­ණෙන රෝගී කතුන්ගේ රන්භාණ්ඩ වංචා කිරීම සිදු­ක­ර­ගෙන ගියේය. මේ අතර ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි විකුම් ගිණිගේ, ගාල්ල මුල­ස්ථාන පොලිස් පරි­ක්ෂක කපිල සේනා­ප­තිද සිල්වා යන නිල­ධා­රීන් විසින් මේ පිළි­බඳ විම­ර්ශ­නය කොට සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා ගාල්ල පොලි­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරි­ක්ෂක ඩි.ජි ආනන්ද මහතා වෙත උප­දෙස් ලබා දුන්නේය. පොලිස් පරි­ක්ෂක ආනන්ද අප­රා­ධ­ක­රු­වන් පසු­පස හඹ­ගොස් ඔවුන් කොටු කර­ගැ­නී­මට සමත් දක්ෂ නිල­ධා­රි­යෙකි.

ඔහු මේ පිළි­බද විම­ර්ශන කට­යුතු ආරම්භ කරනු ලැබීය. මෙකී සැක­කාර තරු­ණ­යාට ඇඹි­ලි­පි­ටිය රෝහ­ලට පැමිණි කාන්තා­ව­කගේ රන්භාණ්ඩ වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධව ඇඹි­ලි­පි­ටිය අධි­ක­ර­ණයේ නඩු­වක් පැව­ති­යේය. පොලිස් පරි­ක්ෂක ආනන්ද ඇතුළු පොලිස් නිල­ධා­රීහු සැක­කරු කොටු කර­ගැ­නීම සඳහා එදින අධි­ක­ර­ණය වෙත ගියහ. නමුත් මොහු එදින අධි­ක­ර­ණය වෙත නොපැ­මි­ණි­යේය. ඔහුට අධි­ක­ර­ණය මගින් සිතාසි නිකුත් කිරි­මට කට­යුතු කර තිබුණි. පසුව පොලිස් පරි­ක්ෂක ආනන්ද ඇතුළු පොලිස් නිල­ධා­රින් මොහුගේ නඩු­ගොනු පිරි­ක්ස­මින් සැක­ක­රුගේ තොර­තුරු ලබා ගත්තේය. මොහු හෝමා­ගම පිටි­පන ප්‍රදේ­ශයේ කුලී නිව­සක පදිං­චිව සිටින බවට පොලි­සිය විසින් තොර­තුරු අනා­ව­ර­ණය කර­ගනු ලැබිය. ඒ විත­රක් නොව මොහු පිළි­බඳ දුර­ක­ථන විශ්ලේ­ෂණ වාර්තා පොලි­සිය මගින් ලබා­ගෙන තිබු­ණේය. පොලිස් පරි­ක්ෂක ආනන්ද පොලිස් නිල­ධා­රින් කණ්ඩා­ය­මක් සමඟ පසුගිය දිනෙක සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා හෝමා­ගම පිටි­පන ප්‍රදේ­ශ­යට ගියහ. එහෙත් ඔහු නිවසේ නොසි­ටි­යහ. මොහු නිව­සට එන තෙක් පොලිස් නිල­ධා­රින් මග­රැක සිටි­යහ. අලුයම 5.00ට පමණ සැක­කාර තරු­ණයා නිව­සට පැමිණි අතර ඒ සමඟ ඔහු පොලිස් අත්අ­ඩං­ගු­වට පත්විය.

සැක­කාර තරු­ණයා පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වී­මෙන් පසු වසර තුන හත­රක පමණ කාල­යක සිට තමන් සිදු කළ රන්භාණ්ඩ වංචා­කි­රිමේ ජාවා­රම් පිළි­බඳ මොහු එකින් එක වැමෑ­රි­යේය. සැක­කාර තරු­ණයා වෛද්‍ය­ව­ර­යකු ලෙස පෙනී සිටි­මින් දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල රෝහල් සදහා ප්‍රති­කාර ගැනී­මට පැමිණී කතුන් රව­ටා­ගෙන රන්භාණ්ඩ වංචා කළ බව පරි­ක්ෂ­ණ­ව­ලදි අනා­ව­ර­ණය විය. සැක­කාර තරු­ණයා 30 හැවි­රිදි වියේ පසු­වන විවා­හ­ක­යෙකි. ඔහු අනු­රා­ධ­පුර ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි. මොහු පවුලේ එකම පිරිමි දරු­වාය. මොහු වාණිජ්‍ය අංශ­යෙන් අ.පො ස උස­ස්පෙළ හදාරා තිබේ. මොහුට සහෝ­ද­රි­යන් තිදෙ­නෙකි. එක් සහෝ­ද­රි­යක් ඔස්ට්‍රේ­ලි­යාවේ පදිං­චිව සිටින අතර අනික් සහෝ­ද­රි­යන් දෙදෙනා රැකි­යා­වල නිර­තව සිටිති. මොහු කුඩා කාලයේ සිටම නාහෙ­ට­නා­හන දඩ­බ්බ­ර­යෙකි. තම එකම පුතුගේ දඩ­බ්බර වැඩ නිසා පියා තම බිරිද පුතු හා ඔහුගේ බිරිද සමඟ අනු­රා­ධ­පු­රයේ තිබු ඉඩ­ක­ඩම් විකුණා 2013 වර්ෂ­යේදී හෝමා­ගම ප්‍රදේ­ශ­යට පැමිණි කුලී නිව­සක පදිං­චිව සිටි­යහ. පියා කර­වල අලෙවි කිරිමේ ව්‍යාපා­ර­යක් කර­ගෙන ගියේය. හෝමා­ග­මට පැමි­ණි­යද පුතුගේ දඩ­බ්බර වැඩ­වල අඩු­වක් නොවීය.

පි. සි.ආර්. පරි­ක්ෂණ මුවා­වෙන් රෝගීන් රවටලා

සැක­කාර තරු­ණයා විවාහ වි සිටියේ පවුලේ ඥාති කාන්තා­වක් සම­ඟය. මොහුන් දෙප­ළට දරු­වන් නොමැති අතර වංචා කරනු ලැබු රන්භාණ්ඩ උක­ස්කොට ලබා­ගන්නා මුදල් විය­දම් කොට මොහු සල්ලාල ජිවි­ත­යක් ගත කළේය. හේ නිර­තු­රුව රාත්‍රී සමාජ ශාලා වෙත ගියේය. කැසිනෝ සුදු­වට ද යොමු විය. ඒ විත­රක් නොව හේ ගණි­කා­වන් ඇසුරු කළේය. වංචා කරනු ලැබූ රන්භාණ්ඩ උක­ස්කොට දින­කට රුපි­යල් ලක්ෂ 05ක මුද­ලක් ලබා ගත්තද එක රැය­කින් සියල්ල විය­දම් කළේය. හේ අත­දි­ග­හැර මුදල් විය­දම් කළේය. මොහු වසර තුන හත­රක කාල­යක සිට ඉතා සුක්ෂ්ම අයු­රින් මෙකි ජාවා­රම කර­ගෙන ගියේය. ඔහු මේ සඳහා විවිධ උප­ක්‍රම භාවිත කරනු ලැබීය. රෝගීන් සායන සඳහා අලු­යම සිට පැමි­ණෙන අතර මොහුද මෙකී ජාවා­රම කර­ගෙන යෑම සඳහා උදේ රැයින්ම රෝහල් වෙත පැමි­ණි­යේය. එක් අව­ස්ථා­ව­කදි වෛද්‍ය­ව­ර­යකු ලෙස පෙනී සිටින මොහු තවත් අව­ස්ථා­ව­කදි වෛද්‍ය සිසු­වකු ලෙස පෙනී සිටි­න්නේය. රෝහලේ උප­ස්ථා­ය­ක­ව­ර­යකු හෙදි­යක ඇතැම් අව­ස්ථා­ව­ලදි මොහු ගැන තොර­තුරු විම­සීමේ දි මොහු පෙනී සිට ඇත්තේ වෛද්‍ය සිසු­වෙක් නැත­හොත් වෛද්‍ය­ව­ර­ය­කුගේ ඥාති­යකු බව පව­ස­මිනි.

සැක­කාර පුද්ග­ලයා ජැන්ඩි­යට හැද­පැ­ළද රෝහ­ල්වෙත ගොස් හෙදි­යන් සාත්තු සේව­ක­යන් නොමඟ යවා වය­ස්ගත රෝගීන් ඉතා සුක්ෂම අයු­රින් රවටා පරී­ක්ෂ­ණ­යක් සිදු කිරී­මට බව පවසා රැගෙන ගොස් රන් භාණ්ඩ වංචා­කොට ඇති බව විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. පසු­ගිය කාලයේ මෙකී සැක­කරු විසින් පි. සි.ආර්. පරි­ක්ෂණ පව­ත්වන මුවා­වෙන් රෝගීන් රැගෙන ගොස් රන්භාන්ඩ වංචා­කොට ඇති බව විම­ර්ශ­න­ව­ලදි අනා­ව­ර­ණය වී තිබේ. සැක­කාර පුද්ග­ලයා වෛද්‍ය­ව­ර­යකු ලෙස පෙනී සිටි­මින් ඇඹි­ලි­පි­ටිය, නුව­ර­එ­ළිය, රත්න­පුර ඇහැ­ලි­ය­ගොඩ පුත්ත­ලම කැගල්ල , රාගම, හැටන් හම්බ­න්තොට කුරු­ණැ­ගල ආදි ප්‍රදේ­ශ­වල රෝහ­ල්ව­ලට ගොස් මේ අයු­රින් රෝගීන් රවටා රන්භාණ්ඩ සොර­ක­ම්කොට ඇති බව විම­ර්ශ­න­ව­ලදි අනා­ව­ර­ණය වී ඇත.

සැක­කාර පුද්ග­ලයා විසින් 2019 වර්ෂයේ සිට ගාල්ල කරා­පි­ටිය, මහ­මෝ­දර රෝහ­ල්ව­ලදි රන්භාණ්ඩ වංචා කිරීම් සිද්ධි 08කට සම්බ­න්දව වංචා­ක­රණු ලැබු රන්භාණ්ඩ හා පුත්ත­ලම ප්‍රදේ­ශයේ රෝහ­ලක දි වංචා­ක­රනු ලැබු රන්භාණ්ඩ ගුලි පවුම් 15ක් ගෙල­බැඳි රන්මා­ල­යක් හා අත්ප­ළ­ද­නා­වක් නුවර රජින විදියේ ස්වර­ණා­භ­රණ හල­කට අලෙ­වි­කොට තිබි­යදී පොලි­සිය මගින් සොයා­ගනු ලැබිය. දැනට සොයා­ගත් රන් භාණ්ඩ­වල වටි­නා­කම රුපි­යල් ලක්ෂ 20ක අධික බව පොලි­සිය පව­සයි. මෙකී රන්භාණ්ඩ උණු­කොට තිබු අතර එකි ස්වර්ණා­භ­රණ වෙළ­ද­සැල් හිමි­යාද ‍ පොලිස් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි විකුම් ගිණිගේ, ගාල්ල මුල­ස්ථාන පොලිස් පරි­ක්ෂක කපිල සේනා­ප­තිද සිල්වා යන නිල­ධා­රීන්ගේ අධි­ක්ෂ­ණය යටතේ ගාල්ල පොලි­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරි­ක්ෂක ඩි.ජි ආනන්ද.උ පො ප උම­යං­ගන උ පොප සංජිව පො සැ 58970 බණ්ඩා­රිගො පො සැ31951 රෝහණ පො කො 778258 ගිත­ප්‍රිය යන නිල­ධා­රින් විසින් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

Comments