
ආගමික සංහිඳියාව පිළිබඳ සුබවාදී නැඹුරුවක්
ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයට නැණවත් ඇස
විධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක්
නව නීති සම්පාදනයට බුද්ධිමතුන්ගේ එකඟතාව
රජයේ ඍජු තීන්දු තීරණ පිළිබඳ ජනතාවගේ ප්‍රසාදය
ඥානකාරක බුධ ග්‍රහයා 2020 සැප්තැම්බර් මස 02 වැනි දින 12.01ට සිය උච්ච මූලත්රිකෝණ ස්වක්ෂේත්ර රාශිය වන කන්‍යාවට පැමිණේ. විශේෂයෙන් තීක්ෂණ නුවණට සත්‍යවාදි බවට කතා ලීලාවට ශාස්ත්‍රීය නිර්මාණ පොත්පත් ග්රන්ථකරණයට ඉගෙනීමට ඉගැන්වීමට චිත්‍ර කර්මාන්තය හා කලා කටයුතුවලට ප්‍රධානවන බුධ සිය වාස භවන හා සමාන කන්‍යා රාශියට පැමිණීම රටේ සිදුවන බොහෝ කටයුතු සඳහා බුද්ධිමතුන්ගේ ඒකරාශි වීම කැපවීම හා ආශිර්වාදය හිමි වෙනු ඇත.
මේ අතරම 2020 අගෝස්තු මස 16 වන දින 19.11ට රවි ග්‍රහයාද සිය ස්වක්ෂේත්ර රාශිය වන සිංහ රාශියට පැමිණීම කෙළින්ම රජය නියෝජනය වන සුබවාද සිදුවීම් රැසක් මෙන්ම රජය ශක්තිමත් වන ප්‍රතිසංස්කරණ රැසක් සිදුවීමට එය හේතු සාධක වන්නකි. කුම්භ ලග්නය වන ලංකා කේන්ද්‍රයට අනුව රවි 7 ට පැමිණීම විවිධ ප්‍රබල ජන කොටස්වල ඒකරාශිව රජයේ තීන්දු ක්‍රියාවට නැංවීමට සහාය වීමද සිංහ ලග්නය වන ජනරජ කේන්ද්‍රයේ රවි ලග්නගත වීමද රජයේ ඍජු තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාවට නැංවීමද ඒ සඳහා සැමගේ සුබවාදි එකඟතාව රජයට නොඅඩුව ලැබීමද ඒ තුළින් රජය බුද්ධිමත් ලෙස ඉදිරියට ක්‍රියා කටයුතු සම්පාදනය කරවීමට ද සමත් වනු ඇත. ඥානයෙන් කෙරෙන කටයුතු අතර විදුලි, තැපැල්, දුම්රිය ගමනාගමනය, නව සොයා ගැනීම්, තාක්ෂණික ඥානය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා රටේ විනෝදාස්වාදය වෙනුවෙන් කෙරෙන කටයුතු හා සුබසාධන කටයුතු කෙරේද වඩ වඩාත් කැපවීමට මේ රවි - බුධ යහපත් රාශි සම්ප්‍රාප්තිය ඉවහල් වනු ඇත. විශේෂයෙන් නීති සම්පාදනය, අධ්‍යාපන, රටේ ප්‍රවාහන, ප්‍රවාහන තදබදය අවම කෙරෙන සැලසුම් සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීමද ඒ සඳහා ආගමික සංහිඳියාව - ජනතා ප්‍රසාදය ද රජයට හිමි වීමෙන් රජයේ ප්‍රධානින් බුද්ධිමත් ලෙස සිය කටයුතු ඉදිරියට ගෙන යනු ඇත. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තැන වැජඹෙන රටක් බවට පත් කිරීමට තරම් සුදුසු පියවරයන් රැසක් ඉදිරි සති දෙක තුන අතර ක්‍රියාවට නැංවෙනු ඇත.
මේ අනුව බුධ රවි සංක්‍රමණය ලග්න අනුව රටට ජනතාවට බලපාන්නේ කෙසේද යන්න සලකා බලමු.
මේෂ ලග්නය
වාසනාවන්ත දරු ඵල
ෙම්ෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ 06 ට රවි 5 ට පැමිණීම විදේශ ආයෝජන ව්‍යාපාර හා විවිධ ආර්ථික ප්රතිලාභ හිමිවන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් දරුවන් බලාපොරොත්තු වන අය සඳහා වාසනාවන්ත පුත්‍ර ඵලද හිමිවෙයි. බුධ විශේෂයෙන් වා, පිත්, සෙම් රෝග වලට හේතු සාධක වන ග්‍රහයකු බැවින් එබඳු රෝග කෙරෙන් ප්‍රවේශම් වීමට වග බලා ගන්න. විශේෂයෙන් සෙම වඩන ආහාර ඇසිඩ් ගතිය සහිත ආහාර අවම කර ශරීර සෞඛ්‍ය පිළිබඳව උනන්දු වියයුතු කාලයක් බව පවසමි. චන්ද්‍රයා ද මේ සතිය පුරාවට 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කිරීම වැටීම් තැලීම් වලටද හේතුවිය හැකිය. රුචක යෝගය හර්ෂා යෝගය ඔබට උදා කරයි.
වෘෂභ ලග්නය
රැකියාවේ සුබවාදී වෙනසක්
වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ ග්‍රහයා 05 වැන්නේ සිටින අතර රවි 04 වැන්නේ සිට ඔබගේ රැකියාවේ සුබවාදි වෙනසක් ඇති කිරීමට සමත් වේ. තමා බලාපොරොත්තු වන වාහන ඉඩම් නිවාස මිලදී ගැනීමක් ද හදිසි ධනයක් අන්සතු දේපළක් හිමි වීමක්ද පෙනෙන්නට තිබේ. උෂ්ණ අධික ආහාර වලින් වැළකී සිටිය යුතු කාලයකි. තෙල් ආහාර අවම කිරීම සුබයි. නැතහොත් පපුවේ නහරගත කිසියම් අසාත්මිකතා මතු කිරීමට හේතු වනු ඇත. ඉදිරි සතියේ චන්ද්‍රයාගේ ගමන් මඟද ඒ රෝග සඳහා අත වනන බව පෙනෙන්නට තිබේ. සරල හා විමලා යන බලවත් යෝග දෙක ඔබට උදා කරයි.
මිථුන ලග්නය
අන් අයගේ අතහිත
මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ ග්‍රහයා 04 වැන්නට හා රවි ග්‍රහයා 03 වැන්නට පැමිණ සිටීම ඉතා වාසනාවන්ත පිහිටීමකි. කාලයක් ගැටලුවක්ව පැවති නීති ප්‍රශ්නයක් නිරාකරණය වනු ඇත. එසේම තම ඥාති පාර්ශ්වයෙන් එල්ල වුණු විරෝධතා සමනය වී බොහෝ දෙනා ඔබගේ සාර්ථකත්වයට අතහිත දෙනු ඇත. කිසියම් සැලසුම් සහගත ආයෝජනයකට ඔබගේ මනස ක්‍රියාවට නැංවෙන අතර ඒ තුළින් බොහෝ සම්පත් උදාවීමට ද හේතුවේ. හංස යෝගය යන බලවත් යෝගය ඔබගේ ලග්නයට අනුව උදා කරයි.
කටක ලග්නය
ධන සම්පත් උදාවේ
කටක ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ බුධ 03 වැන්නට හා රවි ග්‍රහයා 02 වැන්නට පැමිණ විශේෂයෙන් ධන සම්පත් උදා කිරීමට හේතු වෙයි. අන් අය සතු ඉඩම් මිල මුදල් ඔබට අයිති වීමේ බලය හිමිවේ. විශේෂයෙන් ඔබට හිමි වන්නට තිබී වෙනත් අයකු විසින් භුක්ති විඳිමින් පැවති ඉඩමක අයිතිවාසිකම නීතියෙන්ම ඔබට පැවරෙනු ඇත. ඒ සඳහා බොහෝවිට වැඩිහිටි පාර්ශ්වයෙන් ඇප උපකාරද ලැබේ. ඔබගේ ලග්නයට අනුව රුචක යෝගය හා හර්ෂ යන බලවත් යෝග දෙක ඔබට උදා කරයි.
සිංහ ලග්නය
රාජ තාන්ත්‍රික උපකාර
සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ ග්‍රහයා 02 වැන්නේ ද රවි ග්‍රහයා 01 වැන්නේ ද යෙදෙමින් සිතේ බලවත් සතුට ශක්තිය උදා කරමින් සැලසුම් සහගත ධනයකට හිමිකම් කීමට ඔබට හැකි වේ. රාජ තාන්ත්‍රික උපකාර හා තමාගේ ඥානකාරකත්වය උපක්රමශීලි ක්‍රියාමාර්ග නිසා බොහෝවිට එබඳු යහපත්කම් රැසකට සුදුසු මං සැලසේ. කෙසේ නමුදු හිසේ තදබල වේදනාවක් සෙම් කෝප වීමක් වීමට ඉඩ තිබෙන නිසා රාත්‍රී කාලයේ ස්නානය සෙම වඩන අතර සුදුසු නොවන බව පවසමි. ඔබගේ ලග්නයට අනුව හර්ෂ නම් බලවත් යෝගය ඔබට උදාවනු ඇත.
කන්‍යා ලග්නය
බොහෝ දෙනාගේ ප්‍රසාදය
කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ ග්‍රහයා ලග්න ගතවීමද රවි 12 වැන්නට පැමිණ සිටීමද නිසා බොහෝ විට එදිනෙදා කටයුතු කෙරෙන් සතුට අභිවෘද්ධිය ද ශාස්ත්‍රිය කලා අංශ කෙරෙන් සුබවාදි ජයග්‍රහණ ද හිමි වෙයි. බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමි වනු ඇත. ඔබ කරන කටයුතු අන් අයගේ ඇගයීමට ලක්වන අතර ඒ සඳහා සුදුසු මිලක් වටිනාකමක් ද හිමි වේ. විශේෂයෙන් පාදයේ වළලුකර ආශ්රිත උවදුරු එළඹිය හැකි නිසා ප්‍රවේශම් වන්න. ඔබගේ ලග්නයට අනුව හංස යෝගය, සරලා යෝගය හා විමලා යෝගය නම් බලවත් යෝග ත්‍රිත්වය ඔබට වාසනාව ගෙන එයි.
තුලා ලග්නය
යහපත් ආර්ථික වාසියක්
තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ ග්‍රහයා 12 වැන්නට පැමිණීමත් රවි ග්‍රහයා 11 වැන්නට පැමිණ තිබීමත් නිසා යහපත් ආර්ථික වාසියක් ඔබට හිමිකර දෙයි. පිටරටක සිටින අයකු වෙතින් එම වාසිය ඔබට ලැබෙන අතර ලොතරැයි දිනුම් තරග විභාග වලින් ජයග්‍රහණ යනාදියට හේතු වෙයි. තමා කලක් සැලසුම් කරගෙන ආ ආයෝජන කටයුත්තකට අත ගැසීමට ඔබට ශක්තිය හා අන් අයගේ ඇප උපකාර ලැබෙනු ඇත. විශේෂයෙන් තුලා ලග්නය හිමි ඔබට සස යෝගය විමලා යෝගය යන යෝග යුගළ ඔබගේ ඉදිරි සාර්ථකත්වයට මනා පිටිවහලක් වනු ඇත.
වෘශ්චික ලග්නය
ස්වඋත්සාහයෙන් ඉදිරියට
වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ ඔබගේ කේන්ද්‍රයේ 11 වැන්නට පැමිණීමත් රවි 1 වැන්නට පැමිණ සිටීමත් නිසා විශේෂයෙන් ධන කාරකත්වය මනාව ඔපුප් කරන පිහිටීමකි. විශේෂයෙන් රැකියාව, විවාහය හා ආර්ථික ප්‍රවර්ධනයට බාධා පැමිණි යුගය අවසන් කරමින් බොහෝ මාර්ග රැසක් ඔබගේ දියුණුවට විවෘත කරදෙයි. තමා ස්ව උත්සාහයෙන් කරගෙන ආ ව්‍යාපාර කටයුතු නව මං ඔස්සේ ඔබට කරගෙන යාමට ශක්තිය උදා කෙරෙනු ඇත. වෘශ්චික ලග්නයට අනුව හර්ෂ යෝගය නම් බලවත් යෝගය ඔබට උදාකර දෙනු ඇත.
ධනු ලග්නය
දේපළ අයිතියක්
ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ ග්‍රහයා 10 වැන්නට පැමිණෙන අතර රවි ග්‍රහයා 09 වැන්නට පැමිණ තිබීම නිසා ඉතා ප්‍රබල පුණ්‍ය මහිමයක් ඔබ වෙත ළඟා කර දෙනු ඇත. ඔබ විසින් මීට පෙර කර තිබූ ආයෝජනයක ප්රතිලාභ හෝ ඔබට අයිති වීමට තිබූ දේපළක උරුමය නොඅඩුව ඔබට ලැබෙනු ඇත. තවද තම පිය පාර්ශ්වයේ උරුමයක් මෙන්ම තමාට කලක් අවහිරයක්ව තිබූ නීති ගැටලුවක් ලිහිල්ව ගොස් අහිමි වී තිබූ ආර්ථික ප්‍රතිලාභයක් ඍජුවම ඔබට හිමි වනු ඇත. ධනු ලග්නයට අනුව හංස යෝගය හා හර්ෂ යෝගය නම් බලවත් යෝග දෙක ඔබට යහපත පිණිස උදා වෙයි.
මකර ලග්නය
පෙර පින් මතු කෙරේ
මකර ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ බුධ 09 වැන්නට පැමිණීමද රවි 08 වැන්නට පැමිණ සිටීමද පෙර පින් මහිමය මතු කරන අපූර්වතම පිහිටීමකි. තමාගේ යහපත් කල්ක්‍රියාව බොහෝ දෙනාගේ ප්‍රසාදයට ඇගයීමට ලක්වන බව පෙනෙන්නට තිබේ. ඔබගේ චින්තනය දියුණු වී පෙර ආත්මයේ පටන් පැවත ආ කුසලතාවක් මේ වකවානුව තුළ විශේෂයෙන් කැපී පෙනෙන අන්දමින් උද්දීපනය වේ. චිත්‍ර, සංගීත හා වෙනත් නිර්මාණශීලී කටයුතු මෙසේ ප්‍රචලිත වීමට කරුණු යෙදෙනු ඇත. ඔබගේ ලග්නයට අනුව රුචක යෝගය, සස යෝගය, සරල යෝගය සහ විමලා යෝගය යන යෝග හතරම ඔබට යහපත පිණිස යෙදේ.
කුම්භ ලග්නය
විවාහ කටයුතු සඳහා පසුබිම
කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ 08 වැන්නට එතරම් සුබ නොවුවද දැනට රවි 07 වැන්නේ ප්රබලව යෙදී සිටින නිසා කල්ගිය විවාහ කටයුතු සඳහා සුදුසු කාලය එළඹීමකි. වෙන්වූ විවාහ සහකරු හෝ සහකාරිය නැවත ඔබ සොයා එනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා සම්මත වේ. බුධ විසින් ඔබට උගුරේ සෙම පපුවේ හතිය ගෙන එන නමුත් සෙම වඩන ආහාර අවම කිරීම අවේලාවේ ස්නානය අවම කිරීම තුළින් එම අපහසුතා මඟහරවා ගැනීමට ඔබට හැකිවෙයි. සරලා යෝගය විමලා යෝගය යන යෝග දෙක ඔබට යහපත ගෙන ඒමට සමත් වෙයි.
මීන ලග්නය
සිතේ සතුට
මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ ග්‍රහයා 07 වැන්නට පැමිණ සිතේ සතුට උපදවන කරුණු රැසකට මඟ පාදයි. කලක් ඔබ වෙතින් ඈත්ව සිටි බොහෝ දෙනෙකු ඔබ සමඟ සබැඳියාවෙන් කටයුතු කිරීමට එක්වේ.
විභාගාදි කටයුතු වලින් ජය හිමිවේ. රැකියා සම්මුඛ පරීක්ෂණ ආදියේ ජයග්‍රහණ ඔබට හිමි කර දෙයි. විශේෂයෙන් ඔබ ප්‍රවේශම් විය යුත්තේ යටිබඩ ආශ්‍රිතව සිදුවිය හැකි අසාත්මිකතාවන්ගෙනි.
සැර උෂ්ණ ආහාර පානාදියෙන් වැළකී උපරිම වතුර පානය ඇඟ නිවෙන ආහාරපාන ගැනීම සුදුසු වෙයි.
ඔබගේ ලග්නයට අනුව භද්‍ර යෝගය, හංස යෝගය, හර්ෂ යෝගය ඔබට උදාකරමින් ඉදිරියට යහපත් කෙරේ.