අපි එජා­පය ආක්‍ර­ම­ණය කර­නවා | සිළුමිණ

අපි එජා­පය ආක්‍ර­ම­ණය කර­නවා

මැති­ව­ර­ණ­යෙන් අන්ත පරා­ජ­යක් ලැබූ එජා­පය මේ වන විට අර්බුද රැස­කට මුහුණ දී සිටි­නවා. මේ තත්වය හිටපු මහ ලේකම් විදි­යට ඔබ දකින්නෙ කොහො­මද?

ඇත්ත­ටම ඉතාම කන­ගා­ටු­දා­යක තත්ව­යක්. මෙරටේ තිබුණු දැවැන්ත දේශ­පා­ලන විප­ක්ෂය අද පත්ව ඇති තත්වය ඉතාම කන­ගා­ටු­දා­ය­කයි. රනිල් වික්‍ර­ම­සිංහ එජාප නාය­ක­ත්වය අත­හැ­රලා සජිත් ප්‍රේම­දාස මහ­තාට පක්ෂය බාර දුන්නා නම් එහෙම වෙන්නෙ නෑ. ජන­තා­වත් මැති­ව­ර­ණ­යේදී ලබා දී තිබෙන්නේ ඒ පණි­වි­ඩ­ය­මයි. ඒක නොස­ලකා ආත්මා­ර්ථ­කා­මීව කට­යුතු කිරී­මෙන් එජාප පාක්ෂි­ක­යින් ගම්වල හුදෙ­කලා වී සිටි­නවා. බහු­ත­ර­යක් මේ වන විටත් සමගි ජන බල­වේ­ග­යට එක­තුව සිටි­යත් තව­මත් සම­හර පාක්ෂි­කයෝ එජා­පය නැවත ගොඩ එයි කියල බලා­ගෙන ඉන්නවා.

දැන් සිදු­වන දේවල් කොළේ වහලා සිදු­වන දේවල් කිය­ලයි කියන්නේ. ඔබ­ලත් දැනු­වත්ව රජ­යට එරෙහි දැවැන්ත බල­වේ­ග­යක් හදන උප­ක්‍ර­ම­යක් ද මේ ක්‍රියා­ත්මක වෙන්නෙ?

එජා­ප­යට හා සම­ගි­ජන බල­වේ­ග­යට එකට වැඩ කළ හැකි නම් ඔබ කියන ආකා­ර­යට රජ­යට එරෙහි පුළුල් ජන­බ­ල­යක් හදන්න පුළු­වන්. මොකද රජ­යත් මේ වන විට ජනතා අප්‍ර­සා­ද­යට ලක්වෙ­මින් තිබෙන්නෙ. අපිත් විම­සි­ල්ලෙන් රජයේ කට­යුතු දෙස බලා­ගෙ­නයි ඉන්නෙ. අපි සම­ගි­ජන බල­වේ­ගය ශක්තිය වැඩි කර­ගෙන විරුද්ධ පක්ෂයේ සියලු පක්ෂ සමඟ එක්ව රජය කරන ජනතා විරෝධි කට­යු­තු­ව­ලට එරෙහි පුළුල් ජන­බ­ල­යක් ගොඩ­න­ඟ­මින් ඉන්න බව සැබෑ­වක්. සම­ගි­ජන බල­වේ­ගය හා එක්වී­මට කිසිම බාධා­වක් නෑ. එජාප නාය­ක­ත්වය සජිත් ප්‍රේම­දා­සට බාර දීලා දෙපා­ර්ශ්ව­යට එක්ව එකට වැඩ කරන්න පුළු­වන්.

එජා­ප­යත් සම­ගි­ජන බල­වේ­ග­යත් රෝ සංවි­ධා­නයේ න්‍යාය පත්‍ර­යට අනුව රජය අර්බු­ද­ය­කට යොමු කිරීමේ කුම­න්ත්‍ර­ණ­ය­කට හවුල් බවට චෝදනා එල්ල වෙනවා නේද?

ඔය කියන කාර­ණය ගැන නම් මම කිසිම දෙයක් දන්නෙ නෑ. එජා­පය කිසි කලෙක ඔවැනි සංවි­ධාන සමඟ සබ­ඳතා පැවැ­ත්වූ­වාද කියල මට නම් විශ්වාස කරන්න බෑ. මෙරටේ වෙනත් දේශ­පා­ලන පක්ෂ එවැනි සබ­ඳතා පව­ත්වන බවට පසු­ගිය කාලේ කථා­බහ පැතිර ගියා.

* කරු ජය­සූ­රිය එජාප නාය­ක­ත්වය අපේක්ෂා කළත් එය ප්‍රති­ක්ෂේප වී තිබෙන පසු­බි­මක සජිත් කරුට සම­ගි­ජන බල­වේ­ග­යට ආරා­ධනා කරන්නේ එජා­පය ආක්‍ර­ම­ණය කර­න්නද?

ඔව්. අපේ අර­මුණ එජා­පය ආක්‍ර­ම­ණය කරලා එය සම­ගි­ජන බල­වේ­ග­යට සම්බන්ධ කර ගැනී­මයි. මොකද එජා­පය කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යේදී යෝජනා ස්ථිර කර­ගෙන බිහිවූ සම­ගි­ජන බල­වේ­ගය එජා­ප­යෙන් නෙර­පීම යුක්ති සහ­ගත නෑ. ඒ නිසා අපි නිර­තු­රු­වම උත්සහ කරන්නේ එජා­පය එකතු කර ගැනී­ම­ටයි.

මෙරටේ, ක්‍රියා­ත්මක වන පුද්ගල කේන්ද්‍රීය දේශ­පා­ල­නය අත­හැර ප්‍රති­ප­ත්ති­මය දේශ­පා­ලන ක්‍රියා­දා­ම­යක් සඳහා ඔබලා කැප නොවන්නේ ඇයි?

ඔබ කියන කාර­ණය පැහැ­දි­ලියි. මෙර‍ටේ ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ දෙක­ටම ජන­තාව ඡන්දය දෙන්නෙ පුද්ගල කේන්ද්‍රීය දේශ­පා­ල­නය නිසයි. පොහො­ට්ටු­වට ඡන්දය දුන්නෙ මහින්ද රාජ­පක්ෂ චරි­තය නිසයි. සම­ගි­ජන බල­වේ­ග­යට ඡන්දය දුන්නෙ සජිත් ප්‍රේම­දාස චරි­තය නිසයි. මේක තමයි ඇත්ත. නමුත් ඔබ සඳ­හන් කරන ආකා­ර­යට ප්‍රති­පත්ති කේන්ද්‍රීය දේශ­පා­ල­න­යක් සඳහා ජන­තාව පෙළ ගැස්විය යුතුයි. නමුත් මේ පව­තින ක්‍රමය අනුව ඒක කරන්න කොත­රම් කාල­යක් අවශ්‍ය වේදැයි අනු­මාන කර­න්නත් අමා­රුයි.

 

ඔබත් එජාප මහ­ලේ­කම් තන­තුර දර­මින් පක්ෂය මාරු කළා. ඊට හේතු­වත් පෞද්ග­ලික කාර­ණ­යක්. ඒ ආකා­ර­යට ඔබ වැනි උගත් අත්දැ­කීම් සහිත දේශ­පා­ල­න­ඥ­යන්ගේ හැසි­රීම අංකුර දේශ­පා­ල­න­ඥ­යන්ට ලබා දෙන ආද­ර්ශය කුමක්ද?

ඇත්තම එදා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට එජා­ප­යෙන් ජය ගත හැකි අයෙකු ඉදි­රි­පත් කර­න්නට අපි ගත් ක්‍රියා­මා­ර්ගය ගැන අදත් ජන­තාව ප්‍රසා­ද­යෙන් කතා කර­නවා. පක්ෂය බේද භින්න ‍වෙලා තිබුණ විදි­යට එදා රනිල් සජිත් එකම වේදි­කා­ව­කට නංවා ගන්න නොහැ­කිව තිබි­යදී අපි කැප­වෙලා ඒ අය සමගි කළා. එදා උල්ලං­ඝ­නය වුණේ පක්ෂයේ ප්‍රති­ප­ත්ති­යක්. ඒකට එරෙහි වුණේ මම පක්ෂයේ මහ­ලේ­ක­ම්ව­රයා විදි­ය­ටයි. ඒක ගැන අම­නාප වූ අන්ත­වාදී කණ්ඩා­යම් මට එදා එරෙහි වුණා. ඒ අනු­වයි මම දේශ­පා­ලන තීන්දු­වක් ගත්තේ. 2015දි මම කිව්ව දේවල් අද­ටත් වලං­ගුයි.

 

ඔබ වැනි උග­තු­නුත් පුද්ගල කේන්ද්‍රීය දේශ­පා­ල­නය සඳහා පක්ෂ දේශ­පා­ල­නයේ හිඟ වී සිටි­නවා නම් ප්‍රති­පත්ති දේශ­පා­ල­නය ක්‍රියා­වට නංවන්න පුළු­වන්ද?‍‍‍‍

මම ඔබේ කතා­වට සිය­යට සීයක්ම එක­ඟයි. ප්‍රති­පත්ති දේශ­පා­ල­නය අපේ රටට අත්‍ය­ව­ශ්‍ය­යයි. අස­ල්වැසි ඉන්දි­යා­වත් ප්‍රති­පත්ති දේශ­පා­ල­නය අනුව තමයි වැඩ­ස­ට­හන් සංවි­ධා­නය කරන්නෙ. ලෝකයේ හුඟක් රට­වල් ජාතික ප්‍රති­පත්ති හදලා ඒ අනුව තමයි කට­යුතු කරන්නෙ. කවුරු බල­යට පත් වුණත් ඒ ප්‍රති­පත්ති වෙනස් වෙන්නෙ නෑ, අපේ රටේ ඇමැ­ති­වරු මාරු වුණා­මත් ඒ අමා­ත්‍යාං­ශයේ ප්‍රති­පත්ති වැඩ­ස­ට­හන් වෙනස් වෙනවා. සම­හ­ර­විට ඇමැ­තිගේ කාම­රයේ පුටුව මේසය පවා වෙනස් වෙනවා. මේක කන­ගා­ටු­දා­ය­කයි. එහෙම නැතුව රට හදන්න බෑ. සෑම පක්ෂ­ය­ක­ටම ප්‍රති­පත්ති මත පද­නම් වූ වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍ය­යයි. ලංකාවේ එවැනි තත්ව­යක් නෑ. තුනෙන් දෙකේ බල­යක් සහිත වත්මන් ආණ්ඩු­වට ඒ ජන­තා­වාදී ප්‍රති­පත්ති වැඩ­පි­ළි­වෙ­ළක් හදන්න පුළු­වන්. රට වෙනු­වෙන් රටට ගැළ­පෙන ප්‍රති­පත්ති හද­නවා නම් අපි සහය දෙනවා. පෞද්ග­ලික න්‍යාය පත්‍ර අනුව කට­යුතු කර­නවා නම් අපිට ඊට එරෙහි වෙන්න සිද්ධ වෙනවා.

 

මේ දක්වා පාර්ලි­මේ­න්තු­වේදී සම­ගි­ජන බල­වේ­ගය ප්‍රධාන විරුද්ධ පක්ෂය විදි­යට කථා­නා­යක පත් කිරී­මේදී හා රාජා­සන කථාව අනු­මත කිරී­මේදී රජ­යට සහය දී තිබෙ­නවා. ඉදි­රි­ය­ටත් මේ ආකා­ර­යෙන් කට­යුතු කර­න­වාද?

අපි කිසි­වි­ට­කත් රටට හිත­කර කිසිම දේකට එරෙහි වෙන්නෙ නෑ. ජනා­ධි­ප­ති­ව­රයා රාජා­සන කථාවේ ඉදි­රි­පත් කළ වැඩ­පි­ළි­වෙළ ප්‍රායෝ­ගි­කව දකින්න අපි බලා­ගෙන ඉන්නවා. කියන දේ නොකර නොකි­යපු දේවල් කරලා පෞද්ග­ලික අර­මුණු ඉටු­කර ගන්න අපට ඉඩ දී බලා­ගනෙ ඉන්න බෑ. හරි දේ කළොත් අපි හැම­දාම ඒවාට සහය දෙනවා. වැරදි දේ කළොත් ඒවාට විරුද්ධ වෙනවා.

 

පාර්ලි­මේන්තු පළමු සැසි­යේ­දීම විග්නේ­ශ්ව­රම් මන්ත්‍රි­ව­රයා ජාති­වා­දය අවු­ළු­වන්න උත්සහ කළා. ඒක සම්බ­න්ධ­යෙන් සම­ගි­ජන බල­වේ­ගයේ ස්ථාව­රය කුමක්ද?

අපි දැන­ට­මත් අපේ ස්ථාව­රය ප්‍රකාශ කරලා තියෙ­නවා. අපේ ස්ථාව­රය තමයි නැවත මේ රට තුළ ජාති­වාදි ආග­ම්වාදි අද­හස් ප්‍රකාශ කරලා රට අර්බු­ද­ව­ලට තල්ලු කරන්න ඉඩ දෙන්න බෑ. වසර තිහක යුද්ධ­යක අත්දැ­කීම් අපිට තියෙ­නවා. ඒ ඇතිවූ වේදනා සිත් රිදීම් තවම පහ­වෙලා නෑ. එවැනි පසු­බි­මක අපි කරන ප්‍රකාශ ගැන සැල­කි­ලි­මත්ව නැවත වර්ග­වාදී ගැටු­ම්ව­ලට උඩ­ගෙඩි දෙන ප්‍රකාශ කිරී­මෙන් වැළකී සිටින්න ඕනේ. අපි අපේ ස්ථාව­රය අපේ මන්ත්‍රි­ව­රුන් හරහා ප්‍රකාශ කරලා තිබෙ­නවා.

ජාතික හා දේශ­ප්‍රේ­මය ගැන වැඩි­පුර කථා කරන ආණ්ඩුව විග්නේ­ෂ්ව­රම් ගේ ප්‍රකා­ශය ගැන ලිහිල්ව කට­යුතු කරන එක ගැන අපි අද පුදුම වෙනවා.

පාර්ලි­මේන්තු මාර්ගය උත්සව මාර්ග­යක් වූ අව­ස්ථා­වක මාර්ග නීති අදාළ වෙන්නෙ නෑ. සම­ගි­ජන බල­වේ­ගයේ මන්ත්‍රි­ව­රුන්ට මේ සාමාන්‍ය දැනීම පවා නොමැ­තිව ජන­තාව නොමඟ යවන්න උත්සහ කිරීම ගැන ඔබ මොන­වද හිත­න්නෙ

ඇත්ත­ටම අපි ප්‍රවේ­ශම් විය යුතුයි. මම පුද්ග­ල­යෙක් ගැන විවේ­ච­නය කරන්න හෝ අඩු­පාඩු කථා කරන්න කැමති නෑ. අපි පාර්ලි­මේ­න්තු­වේදී ඉටු කළ යුතු කාරණා මොන­වද කියල තේරුම් ගන්න ඕනේ. පාර්ලි­මේ­න්තු­වේදී අපිට පැව­රෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙ­නවා. එකක් තමයි ජන­තාව වෙනු­වෙන් නීති සම්පා­ද­නය කිරීම. අනෙක් කාර­ණය තමයි ජන­තා­ව­ගෙන් එකතු කරන බදු මුදල හරි­යට භාවිතා කිරීම. මේ මූලික කරුණු ගැන අව­ධා­නය යොමු නොකර අවැ­ද­ගත් කාරණා ගැන වාද විවාද කර­මින් පාර්ලි­මේ­න්තුව තුළ කල­හ­කාරි ලෙස හැසි­රීම ජන­තාව අපෙන් අපේක්ෂා කරන්නෙ නෑ. අපි මේ අඩු­පාඩු හදා ගන්න ඕනේ. පසු­ගිය කාලේ පාර්ලි­මේ­න්තුව තුළ මන්ත්‍රි­ව­රුන්ගේ හැසි­රීම නිසා ජන­තාව පාර්ලි‍ෙම්න්තු මන්ත්‍රි­වරු ප්‍රති­ක්ෂේප කරන තත්ව­යට පත්වුණා.

වර­දක් වුණා කියල ඔවුන් සදා­කා­ලි­කව ඉවත් කරන්න හොඳ නෑ. වැරදි හදා­ගෙන ඉදි­රි­යට ගන්න ඕනේ. හරින් ප්‍රනාන්දු අපේ මන්ත්‍රි­ව­රයා අග­ර­ද­ගුරු සම්බන්ධ කර­ගෙන කරපු ප්‍රකා­ශය ආන්දෝ­ල­න­යට ලක්වුණා. පක්ෂයේ නාය­කයා විදි­යට සජිත් ප්‍රේම­දාස හරින් සමඟ අග­ර­ද­ගුරු හිමි­යන් හමුවේ සමාව ගත්තා. එහෙම වැරදි නිවැ­රැදි කර­ගෙන ‍යන අයට ජනතා ප්‍රසා­දය හිමි වෙනවා. වර­දක් වුණාම ඒක “හෝද හෝදා මඩේ දාන්න” හොඳ නෑ.

 

සාම්ප්‍ර­දා­යික විප­ක්ෂයේ කාර්ය­භා­රය වෙනු­වට අලුත් පක්ෂ­යක් විදි­යට පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂය නියෝ­ජ­නය කරන සම­ගි­ජන බල­වේ­ගය අලු­තින් යමක් කරන්න හිත­න­වාද?

ජන­තාව ආණ්ඩුවේ විප­ක්ෂයේ අපි හැමෝම පාර්ලි­මේ­න්තු­වට පත්ක­රල එවා තිබෙන්නෙ රට වෙනු­වෙන් කට­යුතු කර­න්නයි. මේ අනුව සාම්ප්‍ර­දා­යික විප­ක්ෂ­යක් ලෙස අපි ආණ්ඩුවේ හැම­දේ­ටම විරුද්ධ වෙන්න සූදා­නම් නෑ. ජන­තා­වාදි කට­යු­තු­ව­ලදී අපි ආණ්ඩුව සමඟ කට­යුතු කර­නවා. නමුත් 19 වන ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය සම්බ­න්ධ­යෙන් ආණ්ඩුව කට­යුතු කරන ආකා­රය සම්බ­න්ධ­යෙන් අපි අව­දි­යෙන් සිටින්නෙ. 19 වන සංශෝ­ධ­නය ඉතා හොඳ රටට රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට හිත­කර බොහෝ දේවල් තිබෙනවා. ඒ කරුණු අහෝසි කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ. නමුත් හැම­දේ­ටම විරුද්ධ විය යුතුයි කියන මතයේ ඉඳ­ගෙන අපි කට­යුතු කරන්නෙ නෑ.

Comments