මහ මුහු­දේදී අමා­නු­ෂික ලෙස පහර කෑ ශෙෂාන්ගේ නොකී කතාව | සිළුමිණ

මහ මුහු­දේදී අමා­නු­ෂික ලෙස පහර කෑ ශෙෂාන්ගේ නොකී කතාව

භි­මා­න­වත් මාත­රට මිරිස්ස යන නාමය එක්කර තිබුණේ ඉහළ ආර්ථික වටි­නා­ක­මකි. මිරිස්ස කී සැණින් සැමගේ මත­ක­යට නැඟෙන්නේ සුන්දර සංචා­රක ප්‍රදේ­ශ­යයි. එහෙත් එම සුන්දර බවට අසු­න්ද­ර­ත්ව­යක් මෙන්ම හා මාතර අභි­මා­න­යට කැළ­ලක් එක්වූයේ ඉකුත් පහ­ළොස් වැනි­දාය. ඒ මාධ්‍ය වාර්තා මඟින් හෙළිවූ ඈත දිය­ඹේදී බාල­ව­ය­ස්කාර දරු­වෙ­කුට අමා­නු­ෂික ලෙස වද හිංසා පැමි­ණ­වීම පිළි­බඳ කතා­වත් සම­ඟය. එය පසු­ගිය සතිය මුළු­ල්ලේම කා අත­රත් කතා­බ­හට ලක්වූ පුව­තක් බවට පත්ව තිබුණේ එහි වූ ආකා­රු­ණික බව නිසා­මය.

 

මෙරට සිදුවූ තවත් බාල අප­චා­ර­යක් ලෙස පොලිස් පොතට මෙම සිදු­වීම එක්වූයේ පසු­ගිය මාස දහ අට තුළ නීති­ප­ති­ව­රයා විසින් ළමා අප­යෝ­ජන සිද්ධීන් දොළො­ස්ද­හස් නව­සිය හැට අටක විම­ර්ශන අව­සන් කර නඩු අට­සිය පනස් එකක් දක්වා අඩු­කර තිබි­ය­දීය.

ඒ ඉකුත් සෙන­සු­රාදා (15දා) දින­යයි. මෙරට රූප­වා­හිනී නාළි­කා­වල මධ්‍ය­හන පුවත් හා රාත්‍රී පුවත් මඟින් ප්‍රචා­රය වූ නෙතට කඳු­ළක් එක්කළ පුවත් වාර්තා­ව­කින් කියැ­වුණේ මිරිස්ස බණ්ඩ­ර­මුල්ල ප්‍රදේ­ශයේ බාල­ව­ය­ස්කාර දරු­වකු මුහුදු රැකි­යාව සඳහා ගෙන­ගොස් ඈත දියඹ මුහු­දේදී දින හත­ළිස් පහක් පුරා අමා­නු­ෂික ලෙස පහ­ර­දී­මට ලක්කර සිරුර පුරා තුවාල සිදු කර ඇති බවයි. අදාළ දරුවා ගොඩ­බි­මට පැමි­ණී­මෙන් පසු දැඩි ලෙස රෝගී තත්ත්ව­යෙන් පසුවූ නිසා මවු­පි­යන් විසින් මාතර රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව ද ඉන් කියැ­විණි.

මහ මුහු­දේදී ධීව­ර­යන්ගේ අමා­නු­ෂික පහ­ර­දී­ම්ව­ලට එලෙස ලක්ව සිටියේ මිරිස්ස බණ්ඩ­ර­මුල්ල පදිංචි ශෙෂාන් ප්‍රමෝද් නම් වයස අවු­රුදු දහ­ස­යයි මාස­යක් පමණ වූ බාල­ව­ය­ස්කාර දරු­වෙකි. දින හත­ළි­ස්ප­හක් පුරා මහ මුහුදේ කඳුළු අතර ජීවත් වූ ශෙෂාන් යළි ගොඩ­බි­මට පැමිණ ඇත්තේ ඉකුත් 12 වැනිදා ය. අදාළ පහ­ර­දීම පිළි­බඳ ශෙෂාන්ගේ පියා කොට­විල පොලී­සි­යට පැමි­ණිලි කරන්නේ අගෝස්තු මස 13 දින රාත්‍රී 10.15 ට පම­ණය. ඒ වන විට දරුවා මාතර රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි­යේය.

නි‍ෙව­සට ගොස් සොයා­ බ­ලන මහජන නියෝජිතයන් වන මහින්ද යාපා අබේවර්ධන, 
කංචන විජේසේකර හා පියල් නිශාන්ත 

ලද පැමි­ණිල්ල මත පොලිස් පරී­ක්ෂණ අර­ඹන කොට­විල පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රොෂාන් චමින්ද හෙට්ටි­ආ­රච්චි මහතා දරු­වා­ගෙන් ලබා­ගත් තොර­තුරු මත වහා පරී­ක්ෂණ අර­ඹද්දී ශෙෂාන්ට පහර දුන් සැක­ක­රු­වන් ප්‍රදේ­ශ­යෙන් පලා යන්නට උත්සාහ දර­මින් සිට ඇත. තමන්ට ලද තොර­තුර පිළි­බඳ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක හෙට්ටි­ආ­රච්චි මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී චන්දන හේරත් සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රොහාන් යන අයට දැනුම් දීමෙන් පසු සැක­ක­රු­වන් සොයා පොලිස් කණ්ඩා­යම් පහක් මෙහෙ­යුම් සඳහා යෙද­විණ.

පොලිස් පරී­ක්ෂණ කඩි­නම් වෙද්දී බාල­ව­ය­ස්කාර දරු­වාට අමා­නු­ෂික ලෙස පහ­ර­දුන් සැක­ක­රු­වන් හත­ර­දෙනා සහ බෝට්ටුවේ හිමි­කරු ද පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වූයේ සූක්ෂම මෙහෙ­යු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙසිනි. ඒ අතර මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­තිනි, ප්‍රධාන පොලිස් පරී­ක්ෂිකා රසිකා දම­යන්ති ප්‍රමුඛ පොලිස් කණ්ඩා­ය­මක් පහ­ර­දීම පිළි­බඳ අදාළ දරු­වා­ගෙන් තොර­තුරු විම­ස­මින් සිටි­යහ.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාං­ශයේ පොලිස් සැර­යන් චන්ද­නගේ මනෝ­වි­ද්‍යා­ත්මක මඟ­පෙ­න්වීම ඔස්සේ ශෙෂාන් පොලී­සි­යට ලබා­දුන් තොර­තු­රු­ව­ලට අනුව ඔහු මුහුදු රැකි­යාව සඳහා පොල­ඹ­වා­ගෙන ඇත්තේ බෝට්ටුවේ ස්කීපර් ලෙස කට­යුතු කළ සැක­ක­රුය. 2004 ජූලි මස 01 දින මාතර මහ රෝහ­ලේදී ඉපදී ඇති ශෙෂාන්ගේ වයස අනුව මුහුදු රැකි­යාව සඳහා යොද­වා­ගත නොහැකි බැවින් ස්කීපර් විසින් උප්පැන්න සහ­ති­කයේ උපත 2001 ජූලි මස 01 දින ලෙස වෙන­ස්කර අවශ්‍ය නීත්‍යා­නු­කූල පසු­බිම සක­ස්කර දී ඇත. ඒ අනුව ශෙෂාන් අැතුළු පස්දෙ­නෙ­කු­ගෙන් සම­න්විත කණ්ඩා­යම බහු­දින ධීවර යාත්‍රා­ව­කින් මුහුදු රැකි­යාව සඳහා මිරිස්ස ධීවර වරා­යෙන් පිටව ගොස් ඇත්තේ පසු­ගිය ජූනි මස 28 වැනිදා රාත්‍රී නව­යයි තිහට පම­ණය.

දින දෙකක දීර්ඝ මුහුදු ගම­න­කින් පසු ගැඹුරු මුහු­දට පැමිණ ඇති ධීවර කණ්ඩා­යම මසුන් ඇල්ලී­මට පට­න්ගෙන ඇත. ඒ ජූලි මස පළ­මු­වැ­නි­දාය. ධීවර රැකි­යා­වේදී ශෙෂාන්ට පවරා ඇත්තේ මුහු­දට දැල් දැමීම, මන්ද ගැසීම හා මන්ද ඇදී­මයි. මාළු අල්ලා­ගැ­නී­මට එළුෑ දැල නැවත බෝට්ටු­වට අදි­මින් සිටි­යදී කිලෝ අටක තරම් බර බල මාළු­වකු ශෙෂාන්ගේ අතින් ගිලිහී නැවත මුහු­දට වැටී ඇති අතර ඉන් කේන්ති ගත් ධීව­ර­යන් ශෙෂාන්ට පහ­ර­දී­මට පට­න්ගෙන ඇත. එදා සිට දින හත­ළිස් පහක් පුරා මහ මුහුදේ ගත­ක­රද්දී ශෙෂාන් දිගින් දිග­ටම පහ­ර­දී­ම්ව­ලට ලක්ව ඇති අතර ඇතැම් අව­ස්ථා­ව­ලදී කුඹ ගසේ ගැට­ගසා පද්ද­මින් සිට ඇත. අවස්ථා කීප­යක් මුහු­දට ද දමා ඇත.

“මගේ පුතා මුහුදු ගියේ ගෙදර තිබූ අග­හි­ඟ­කම් නිසා. ගෙයක් හදා­ගන්න එයාට ලොකු ආශා­වක් තිබුණා. අනේ දුප්ප­ත්ක­මට ගියාම මෙහෙම වධ හිංසා කර­න­වද? මගේ පුතාගෙ අතින් බලයා මාළු කූරි­යෙක් මුහු­දට වැටුණා කියලා තමයි ගහන්න පටන් අරන් තියෙන්නේ. දැල් වලින්, මාළු­න්ගෙන් පවා ගහලා තියෙ­නවා. වැඩි­යෙන් කෑවා කියා නෑඹි­ලි­ය­කින් ඔළු­ව­ටත් ගහලා. අනේ ළමයි බිස්ක­ට්ව­ලට ආස­යිනේ. බඩ­ගි­න්නට චොක්ලට්, බිස්කට් එකක් කෑව කියල කටට අත­දාල දෙපැ­ත්තට ඇදලා; කටත් තුවා­ලයි; පුතා ගෙදර ආවේ ගිය විදි­යට නොවෙයි; ඇවි­ද­ග­න්න­වත් බැරුව.මගේ පුතාට පුදුම දුකක් දීල තියෙන්නේ” ශෙෂාන්ගේ මව වූ චන්දිමා ප්‍රිය­ද­ර්ශනී හැඬූ කඳු­ළින් පැව­සු­වාය.

ශෙෂාන්ගේ දෙමවුපියන්, සහෝදර සහෝදරියන් හා ඔවුන් ජීවත්වන නි‍ෙවස

රෝහල් ගත­කර සිටින ශෙෂාන්ට ප්‍රති­කාර කරන අතර පොලී­සිය ඊළ­ඟට සැකයේ ඇස යොමු­කර තිබුණේ දරු­වාට ලිංගික හිංස­න­යක් ද සිදුව ඇති ද ගැනය. ඒ සම්බ­න්ධ­යෙන් මාතර මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී මඟින් පරී­ක්ෂ­ණ­යක් කළ ද එවැනි ලිංගික හිංස­න­යක් සිදුව නැති බව කොට­විල පොලී­සිය පැව­සු­වේය.

ශෙෂාන් පස් දෙනෙ­කු­ගෙන් සම­න්විත පවුලේ වැඩි­ම­හල් දරු­වාය. ඔහුට එක් මල්ලී කෙනෙකු හා නංගිලා තිදෙ­නෙකු සිටිති. තාත්තාට ස්ථිර රැකි­යා­වක් නැත.

ශෙෂාන්ට සිදුව ඇති අමා­නු­ෂික පහ­ර­දීම පිළි­බඳ මාධ්‍ය වාර්තා පළ­වී­මත් සමඟ ඇතිවී තිබෙන තත්ත්වය පිළි­බඳ සොයා­බැ­ලීම සඳහා රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන කංචන විජේ­සේ­කර සහ පියල් නිශාන්ත මහ­ත්වරු හා පොලිස් මූල­ස්ථා­නයේ ළමා හා කාන්තා අප­යෝ­ජන නිවා­රණ කාර්යාං­ශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රීණී බිම්ෂානි ජාසිං­හ­ආ­රච්චි පසු­ගිය (16) දින මාතර මහ රෝහ­ලට පැමි­ණි­යහ. එහිදී ශෙෂාන්ට සිදු­කර ඇති අමා­නු­ෂික ප්‍රහාර පිළි­බඳ සොයා බැලූ අමා­ත්‍ය­වරු ශෙෂාන් රැකි­යාව සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවේ බල­ප­ත්‍රය අහෝසි කිරී­ම­ටත් එම වර­ද­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­ම­ටත් අවශ්‍ය පිය­වර ගෙන ඇති බවත් පැව­සූහ. දරු­වාගේ ප්‍රති­කාර කට­යුතු සහ අව­ශ්‍යතා පිළි­බඳ කට­යුතු සිදු කිරී­ම­ටත් මෙවැනි සිදු­වීම් ඉදි­රි­යට සිදු නොවී­මට අවශ්‍ය පිය­වර ගන්නා බවත් අමා­ත්‍ය­වරු එහිදී වැඩි­දු­ර­ටත් පැව­සූහ.

අන­තු­රුව අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලි­මේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේ­ව­ර්ධන දරුවා ජීව­ත්වන මිරිස්ස බණ්ඩ­ර­මුල්ලේ නිව­ස­ටද ගොස් පරීක්ෂා කර බලා එම පවුලේ අනා­ගත සුර­ක්ෂි­ත­තාව සම්බ­න්ධ­යෙන් කළ හැකි ආධාර උප­කාර පිළි­බ­ඳව ද සොයා බැලූ අතර, එහිදී පියල් නිශාන්ත අමා­ත්‍ය­ව­රයා කියා සිටියේ නව නිව­සක් ඉදි­කර ගැනී­මට හා දරු­වන්ගේ ඉදිරි අධ්‍යා­පන කට­යුතු සඳහා උප­කාර කරන බවයි.

Comments