මරා එල්ලු­වා ද එල්ලිලා මැරු­ණා ද ? | සිළුමිණ

මරා එල්ලු­වා ද එල්ලිලා මැරු­ණා ද ?

‘‘සඳා මේ බස් ඩ්‍රයි­වර් රස්සාව කරලා හරි­යන්නේ නැහැ. රට යන්න මගේ අද­හ­සක් තියෙ­නවා. ‘‘ ප්‍රියන්ත තම බිරිඳ වූ සඳ­මාලි ඇම­තු­වේය.

අක­මැ­ත්තෙන් වුවත් තම සැමි­යාගේ විදේශ ගම­නට සඳ­මාලි කැමැත්ත පල කළාය.

ඒ අනුව පළ­මු­ව­රට 2008 වර්ෂයේ දි ප්‍රියන්ත සවුදි ආරා­බියේ රැකි­යා­ව­කට ගියේය. හේ එම රටේ පුද්ග­ලික සමා­ග­මක එස්ක­වේ­ටර් රිය­දු­රකු ලෙසය. . ප්‍රිය­න්තගේ එකම බලා­පො­රො­ත්තුව වුයේ සිය දරු­ප­වුලේ අනා­ග­තය සැප­වත් කිරී­මය. ඔහු වරි­න්වර මෙර­ටට පැමිණ යළි විදේ­ශත විය.

ප්‍රියන්ත තම සහ­කා­රිය වූ අනු­රු­ද්ධිකා සමඟ ඇති කර­ගත් ප්‍රේම සම්බ­න්ධ­තා­ව­ය­කින් අන­තු­රුව විවාහ විය. ප්‍රිය­න්තගේ උප­න්ගම මාතර යටි­යන ප්‍රදේ­ශයේ වුවද විවා­හ­වී­මෙන් ඔවුන් රත්ගම ප්‍රදේ­ශ­යට පදිං­චි­යට පැමි­ණෙන ලදී. ප්‍රියන්ත කාල­යක් බස්රථ රිය­දු­රකු ලෙස රැකි­යාව කළේය. දරු­ප­වුලේ බඩ­වි­යත රැක­ගැ­නිම සඳහා ඔහු දැඩි අර­ග­ල­යක නිර­තව සිටි­යේය.

ප්‍රිය­න්තගේ වියෝව අසා නිව­සට පැමිණි අසල්වා­සීන් කම්පා වෙද්දී
 

රත්ගම, අලු­ත්පාරේ අංහ­න්දියේ පදිං­චිව සිටි 42 හැවි­රිදි කන්දගේ ප්‍රියන්ත තිදරු පියෙකි. ප්‍රිය­න්තගේ බිරිද අනු­රු­ද්ධිකා සඳ­මා­ලිය. ඇය තිස්පස් හැවි­රි­දිය. මොවුන්ගේ වැඩි­ම­හල් පුතු මතිෂ සාරංග (14 )රත්ගම දේව­ප­ති­රා­ජ­මහා විද්‍යා­ලයේ 10 වසරේ අකුරු කර­න්නේය. පවුලේ මද්දු­මයා සිතුම් මිහි­රංග (08) රත්ගම සිරි­සු­මන විද්‍යා­ලයේ දෙවැනි වසරේ ඉගෙ­නුම ලබ­න්නේය. පවුලේ බාලයා වන අභි­ෂෙක් හස­රංග අවු­රුදු දෙක­හ­මා­රක සිගි­ත්තෙකි.

ප්‍රියන්ත මෙර­ටට පැමිණි එක් අව­ස්ථා­ව­කදි යළි විදේ­ශත නොවි මෙරට සිට ස්වයං රැකි­යා­වක් කිරි­මට අදි­ටන් කර­ග­ත්තේය. ඔහු දක්ෂ විදු­ලි­කා­ර්මි­ක­යකි. ඔහු ජේන­රේ­ටර් දෙකක් හා ඒ සඳහා අවශ්‍ය උප­ක­රණ මිල­දී­ගෙන උත්සව සඳහා විදුලි ආලෝ­ක­ක­රණ කට­යුතු කිරිමේ නිරත වූයේය. කපු­මුල්ලේ තොරණ සඳහා විදුලි ආලෝ­කය ප්‍රියන්ත විසින් සප­යනු ලැබිය. එප­ම­ණක් නොව එක අව­ස්ථා­ව­කදී ඔහු සිනි­ගම දේවා­ලයේ පෙර­හ­රක මාර්ගය විදුලි ආලෝ­ක­යෙන් බැබ­ළ­වි­මට කට­යුතු කළේය. සමාජ සේවා වැඩි­වීම නිසා එම ව්‍යාපා­රය සාර්ථක වූයේ නැත. ඔහු හත­ර අත ණය විය. පසුව ඔහු හෝට­ල­යක්ද පව­ත්වා­ගෙන ගියේය. එයද අසා­ර්ථක විය.

එම නිසා ලබා­ගත් ණය පිය­විම සඳහා යළි විදේ­ශ­ග­ත­වි­මට තිර­ණය කළේය. ‘‘ගත්තු ණය ටික බේරන්න තියෙ­නවා. එකම විස­ඳුම රට යන එක විත­රයි. ‘‘ ප්‍රියන්ත සිය සහ­කා­රි­යට කීවේය. විදේ­ශ­ත­විම සඳහා ප්‍රියන්ත සතුව මුදල් නොවිය. තමන් පදිං­චිව නිවස උගස් කිරී­මට අව­සා­නයේ ප්‍රියන්ත තීර­ණය කළේය. ඒ සඳහා සිය බිරි­දගේ ද කැමැ­ත්තද හිමි­විය. පදිංචි නිවස හා ඉඩම රුපි­යල් ලක්ෂ 7ක මුද­ල­කට උගස් කෙළේය. ඉන් කොට­සක් ණය තුරුස් පිය­වි­මට කට­යුතු කළ ප්‍රියන්ත පසු­ගිය වර්ෂයේ මැයි මස 12 වැනි­දින යළි විදේ­ශ­ත­විය. හේ සවුදි අරා­බියේ දමාම් නග­රයේ පෞද්ග­ලික සමා­ග­මක එස්ක­වේ­ටර් රිය­දු­රකු ලෙස යළි රැකි­යාව ගියේය.

ප්‍රියන්ත මිතු­රන් පිරි­සක් හා දමාම්හි කාම­ර­යක නත­රවි සිටි අතර ඔහු ණය පිය­විම සදහා මාසි­කව බිරි­ඳට මුදල් එවනු ලැබිය. බිරිඳ එම මුද­ලින් ණය පොලී ගෙවිම සඳහා වැඩි ප්‍රමා­ණ­යක් යෙදවු අතර අත ඉතිරි වූ සොච්චම් මුදල පවුලේ නඩත්තු කට­යුතු සදහා මෙන්ම දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු සඳහා යෙද­විය. ප්‍රියන්ත බිරිඳ සමග සැම දින­කම පාහේ දුර­ක­ථ­න­යෙන් කථා කළේය. ප්‍රියන්ත සමඟ සිටි මිතු­රන් ඔහු සිය බිරිඳ සමඟ කථා­බස් කරන දේ සිය කාම­රයේ තිබු දුර­ක­ථ­න­ය­කට සම්බන්ධ කොට අසා­ගෙන සිටි­යහ. මේ ගැන ප්‍රියන්ත පසුව දැන­ග­ත්තේය. ඔහු ඒ නිසා මිතු­රන් සමඟ එත­රම් ඇයි හොදැ­යි­ය­කින් නොදැ­ක්වීය. ඔහු මිතු­රන් සමඟ ආර­වු­ලක් ඇති­කර ගත්තේ ඒ හේතුව නිසාය.

පසු­ගිය ජූලි මාසයේ දිනක ප්‍රිය­න්තට සිය මිතු­රන් මත්පැන් පානය කිරිම සඳහා කථා කොට තිබේ. එහෙත් ප්‍රියන්ත ඒ සඳහා සිය අක­මැත්ත ප්‍රකාශ කළේය.

‘‘උඹ බොන්න එන්නේ නැද්ද කියා මිතු­රන් ප්‍රිය­න්තට බැණ වැදී පහ­රදී ඇත.‘‘ ඒ කථාව ගැන බිරිද අනු­රු­ද්ධිකා සඳ­මාලි මෙසේ කීවාය.

‘‘මහ­ත්තයා යාළු­වොත් එක්ක මත්පැන් පානය කිරී­මට ගිහින් නැහැ. ඊට පස්සේ මේ අය අතර ආර­වු­ලක් ඇති­වෙලා තියෙ­නවා. මහ­ත්ත­යාට ගහලා තියෙ­නවා. පසුව මහ­ත්ත­යාත් පහ­ර­දීල තියෙන බව ආරං­චියි, එහිදී මාව­නැල්ලේ අය­කුගේ අත කැපිලා මහ­ත්ත­යට දින 24ක් සිර­ග­ත­වෙලා ඉදලා තියෙ­නවා‘‘

ප්‍රියන්ත නිද­හස්ව පැමිණ සඳ­මා­ලිට කථා කළේය. හේ සිදු වු සියල්ල අකු­රක් නෑර සිය බිරිඳ සමඟ කීවේය. මේ අතර හිරෙන් නිද­හස්ව පැමි­ණී­මෙන් පසු ප්‍රිය­න්තට අවශ්‍ය ආහා­ර­පාන මෙන්ම අනි­කුත් අව­ශ්‍යතා එරට රැකි­යාව කරන සිය මිතු­රකු විසින් සපයා දීමට කට­යුතු කළේය ප්‍රියන්ත අව­සන් වතා­වට පසු­ගිය 15 වැනි­දින දහ­වල් සඳ­මාලි සමඟ කථා කළේය.

‘‘ සඳා මට මේ අය­ගෙන් තර්ජන තියෙ­නවා. මාව ඉක්මන්ට ගෙන්වා ගන්න කට­යුතු කරන්න. තුවාල වෙච්ච කෙනා මගෙන් ලක්ෂ 25ක වන්දි මුද­ලක් ඉල්ල­නවා. ඒ මුදල අපි කොහොම හරි ගෙවලා මේ කර­ද­ර­යෙන් නිද­හස් වෙමු. ඉඩම විකු­ණලා මේ සල්ලි හොයා­ගන්න. ඔයා දරු­වොත් එක්ක අම්මාගේ ගෙදර පදිං­චි­යට යන්න. මොනවා හරි කරලා අපි ගෙයක් හදා ගනි­මු. මට ඉක­්ම­නට සල්ලි එවන්න‘‘

එදින පස්ව­රුවේ සඳ­මාලි ප්‍රිය­න්තගේ අපල උප­ද්‍රව දුරු­විම සඳහා දේවා­ල­ය­කට ගොස් භාර­යක් ද වුවාය. දේවා­ලයේ සිට ප්‍රිය­න්තට සඳ­මාලි දුර­ක­ථන ඇම­තුම් කිහි­ප­යක් ගත් අතර ප්‍රිය­න්තගේ දුර­ක­ථ­නය නාද වුවද ප්‍රති­චා­ර­යක් නොවිය.

තම සැමියා කථා නොකි­රිම සඳ­මා­ලිට ලොකු ගැට­ලු­වක් විය. ඇය දස­අතේ කල්පනා කළාය. ප්‍රියන්ත දිවි­හානි කර­ගෙන ඇති බව සඳ­මා­ලිට දැන ගන්නට ලැබුණි. ඇයට මේ සිද්ධිය අදහා ගැනී­මට නොහැකි විය. ප්‍රියන්ත එල්ලී සිටින ආකා­රයේ ඡායා­රුප පෙළක්ද ඔවුන්ට ලැබි තිබුණි.

‘‘මගේ මහ­ත්ත­යාට එල්ලිලා මැරෙන්න කිසිම වුව­ම­නා­වක් තිබුණේ නැහැ. මහ­ත්ත­යාට ගහලා මරලා එල්ලුවා ද කියලා අපිට ලොකු සැක­යක් තියෙ­නවා. මහ­ත්ත­යාගේ මර­ණය ගැන අප­ක්ෂ­පාතී පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන්න කියලා ඉල්ලා සිටි­නවා. අපි විදේශ සේවා කාර්යං­ශ­යෙන් ඉල්ලා සිටි­නවා මේ ගැන අප­ක්ෂ­පාති පරී­ක්ෂ­ණ­යක් පවත්වා අපිට සාධා­ර­ණ­ත්වය ඉෂ්ට­ක­රලා දෙන්න කියලා. මහ­ත්ත­යාගේ මළ සිරුර මෙර­ටට කඩි­න­මින් ගෙන්වා දෙන්න කට­යුතු කරණ ලෙසත් මා රජ­යෙන් ඉල්ලා සිටි­නවා. මම දරු තිදෙනා එක්ක තනි­වුණා. ලොකු පුතා මේ සිද්ධිය දැන ගත්ත දවසෙ ඉදලා කැම කන්නේ නැහැ. දැන් ඉන්න හිටින තැනක් අපිට නැති වෙන්නයි යන්නෙ. දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු කර­ගෙන යන්න ඕන. පවුලේ එදි­නෙදා විය­දම් පිය­වා­ගන්න ඕන. අපි අන්ත අස­රණ තත්ත්ව­යට පත්වෙලා ඉන්නේ‘‘ සද­මාලි හැඩූ කදු­ළින් යුතුව කීවාය.

මොවුන් පදිං­චිව සිටින නිවසේ තව­මත් වැඩ අව­සන් වි නැත. පවුලේ අග­හි­ග­කම් නිසා රන් කහ­වනු සොයා විදේ­ශ­ගත වු ප්‍රිය­න්තට අව­සා­නයේ සිය ජීවි­ත­යද අහිමි විය. මේ සිදු­වී­මට සම්බන්ධ සවු­දියේ රැකියා කරණ ශ්‍රිලාං­කි­ක­යින් 04 දෙනෙකු එරට පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මිය­ගිය ප්‍රිය­න්තගේ මළ සිරුරු කඩි­න­මින් මෙර­ටට ගෙන්වා දීමට අවශ්‍ය කට­යුතු කරන බව සවුදි අරා­බියේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය දන්වා සිටී.

 

Comments