තොණ්ඩ­මන් මාලි­ගාවේ ගින්න ගැන සැක­යක්.... | සිළුමිණ

තොණ්ඩ­මන් මාලි­ගාවේ ගින්න ගැන සැක­යක්....

තොණ්ඩ­මන් පර­පුරේ පාර­ම්ප­රික උරු­ම­යක් වූ නුව­ර­එ­ළිය, රම්බඩ, වැව­න්ඩන් බංග­ලාවේ පසු­ගිය අඟ­හ­රු­වාදා පෙර­වරු 2.30 ට පමණ ඇතිවූ ගින්න­කින් විනාශ විය. එම නිවසේ තිබූ වසර 150 කටත් වඩා පැරණි ලීබඩු ඇතුළු දේපළ සිය­ල්ලම අළු බවට පත්විය.

බ්‍රිතාන්‍ය ජාතීන් මෙරට පාල­නය කළ අව­දියේ 1883 දී මෙම බංග­ලාව ඉදි­කර ඇත. ඉන්දි­යාවේ සිට කුලී කම්ක­රු­වකු ලෙස ශ්‍රී ලංකා­වට පැමිණි 13 හැවි­රිදි කුමා­ර­වේල් තොණ්ඩ­මන් හෙවත් කරු­ප­යියා තොණ්ඩ­මන්ගේ දහ­ඩිය කඳුළේ ප්‍රති­ඵ­ල­යක් ලෙස ඉදිවී තිබුණු මෙම බංග­ලාව තොණ්ඩ­මන් පර­පුරේ ඉති­හා­ස­ගත ගොඩ­නැ­ගි­ල්ලකි.

ඒ කාලයේ කුලී කම්ක­රු­වන් සමඟ මෙර­ටට පැමිණි කරු­ප­යියා තොණ්ඩ­මන් ආර­ම්භයේ වෙළඳ සැලක සේව­ක­යකු ලෙසත් පසුව තම­න්ගේම ව්‍යාපා­ර­යක් ආරම්භ කර වැව­න්ඩන් වතු­යායේ කංකානි (කම්කරු වැඩ පරී­ක්ෂක) ලෙස සේව­යට එක්ව ප්‍රධාන කංකානි ලෙසත් කට­යුතු කර­මින් පසු කලෙක වැව­න්ඩන් වතු­යා­යත්, බංග­ලා­වත් අයි­ති­ක­ර­ගෙන ඇත.

වැව­න්ඩන් බංග­ලාව ඉංග්‍රී­සින්ගේ පාලන සමයේ ඉදි­ක­රන ලද්දකි. එම වතු­යායේ අයි­ති­කා­රි­ණිය වන එංග­ලන්ත ජාතික ඕවන් මෙන­වි­ය­ගෙන් කරු­ප­යියා තොණ්ඩ­මන් මෙම බංග­ලාව සහ වතු­යාය මිලදී ගෙන ඇත. එදා පටන් ඔහුගේ පරි­පා­ලන ගොඩ­නැ­ගිල්ල ලෙස කරු­ප­යියා තොන්ඩ­මන් පව­ත්වා­ගෙන යන අත­ර­තුර 11 වැනි වියෙහි පසු වූ සෞම්‍ය­මූර්ති තොණ්ඩ­මන් 1924 දී ශ්‍රී ලංකා­වට පැමිණ ඇත. කරු­ප­යියා තොණ්ඩ­මන් රෝගා­තු­රව 1940 දී මිය යෑමෙන් පසු එම වතු­යායේ පාල­නය ඔහුට බාර විය.

මේ රටේ රජුන් තනන්නා ලෙස ප්‍රච­ලිත සෞම්‍ය­මූර්ති තොණ්ඩ­මන් මේ රටේ ආණ්ඩු පිහි­ටු­වීම සඳහා දේශ­පා­ලන සාකච්ඡා රැසක් පවත්වා ඇත්තේ ද මේ බංග­ලා­වේ­දීය. දේශ­පා­ලන මෙන්ම වෘත්තීය අර­ගල රැසක තීන්දු තීරණ රැසක් ගත් වතු කම්කරු ජන­තා­වගේ දෛවය වෙන­ස්කළ මාලි­ගා­වක් ලෙස වතු­ක­රයේ ජන­තාව මෙම බංග­ලාව හඳු­න්වයි.

මෙම බංග­ලාවේ ගින්න ඇති වූ සැණින් එහි සේව­ක­යන් වහාම රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩ­ම­න්ටත්, සෙන්දිල් තොණ්ඩ­මන්ට හා පාර්ලි­මේන්තු මන්ත්‍රී මරු­ද­පාන්ඩි රාමේ­ෂ්ව­ර­න්ටත් දැනුම් දී ඇති අතර මේ සිය­ල්ලන්ම උදෑ­සන 5.30 ට පෙර එම ස්ථාන­යට පැමිණ තිබේ. ඒ වන­වි­ටත් ගිනි නිවන හමු­දාව, පොලි­සිය හා හමු­දාව එක්ව ගින්න පාල­නය කර තිබිණි.

වසර 150 කට අධික කාල­යක් පැරණි මෙම බංග­ලාව ගිනි ගැනී­මට හේතු වූ කරුණ සොය­න්නට විවිධ පාර්ශ්ව­යන් පරී­ක්ෂණ ආරම්භ කර තිබේ. තොණ්ඩ­මන් යන නාමය වතු වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ප්‍රධා­නියා වන අතර ලංකා කම්කරු කොංග්‍ර­සය නැමති එම වෘත්තීය සමි­තිය හා ගැටෙන වෙනත් වෘත්තීය සංවි­ධාන රාශි­යකි. එවන් ගැටු­මක් මුල් කර­ගෙන සිදු­ක­රන ලද සාප­රාධි ක්‍රියා­වක්ද යන්නත් විම­ර්ශ­න­වල එක් පිය­ව­රක් වනු ඇත.

මෙසේ ගිනි­ගත් බංග­ලාවේ සියලු මේස පුටු අල්මාරි රෙදි­පිළි ඇතුළු සියලු දේ සහිත කාමර සිය­ල්ලක්ම පාහේ විනාශ වුවද එහි දේව යාඥා කාම­ර­යට හෝ කුස්සි­යට කිසිඳු හානි­යක් සිදුව නැත. එතු­ළින් පැහැ­දිළි වන්නේ මෙම ගින්න කුස්සි­යෙන් හෝ දේව කාම­ර­යෙන් හට­ගත් එකක් නොවන බවයි.

කෙසේ වෙතත් මෙම ඉති­හා­ස­ගත බංග­ලාව විනා­ශ­වීම ගැන කා තුළත් ඇත්තේ දුකකි, වේද­නා­වකි. හේතුව එය පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­මක් හා සමාන දේප­ළක් වූ නිසා පම­ණක් නොව වතු කම්ක­රු­වන්ගේ දෛවය වෙනස් කර­න්නට අවශ්‍ය තීන්දු තීරණ රැසක් ගන්නට ඉව­හල් වූ ස්ථාන­යක් නිසා­වෙනි.

Comments