
ජනාධිපතිවරයා විසින් ඉදිරියට ගෙන යන නව වැඩපිළිවෙළ කෙරෙහි සහ එම නායකත්වය සම්බන්ධයෙන් විශාල ජනතා අපේක්ෂා තිබූ බව ඉතා පැහැදිලියි. මේ නැවුම් ජනවරම ලැබීමට ප්‍රධානතම හේතු සාධකයක් වන්නේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළහි අන්තර්ගතයයි. පසුගිය 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් අනතුරුව ආරම්භ කරන ලද ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට මෙවර මැතිවරණයෙන් ජනතාව විශාල වශයෙන් අනුමැතිය ලබා දී ඇත.
සෞභාග්‍යයේ දැක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මුල් කරගත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමඟ ඉදිරියට යන පුළුල් වැඩසටහනකි. ඒ වැඩසටහනේ ප්‍රධාන ධාරා දෙකක් ඉදිරිපත් කර ඇත. සමාජය එක් ධාරාවක් මඟින් කියැවෙන අතර රටේ සංවර්ධනය පිළිබඳ නව ආකල්පයක් සහ නව සිතීමක් අවශ්‍ය බව අනෙක් ධාරාවෙන් කියැවේ. 2015 වසරේ ඇතිවූ යහපාලන රජය විසින් කරන ලද ආර්ථික ඝාතන නිසා මෙන්ම විශේෂයෙන් ගෝලිය අර්බුදයක් වූ කොරෝනා වසංගතයත් සම්බන්ධයෙන් ඇතිවූ ආර්ථික කඩාවැටීම නිසා මෙරට ආර්ථිකයේ විශාල කඩා වැටීමක් ඇති විය. ඒ බලපෑමෙන් ඉදිරියට යන්නේ කෙසේද? ඒ බලපෑම අතික්‍රමණය කරමින් එයින් එළියට යන්නේ කෙසේ ද? එහිදී සංවර්ධන සැලැස්ම විවර කරගන්නේ කෙසේද? යන කාරණා මතුවී තිබේ. ඒ අනුව නව සංවර්ධන දැක්මක් අවශ්‍යයි කියන කථීකාව සමාජය තුළ ඇති විය. ඒ රික්තකය පිරවීම සඳහා නව සංවර්ධන උපාය මාර්ග රැසක් සෞභාග්‍යයේ දැක්මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරිපත් කළේය. ඒ සෞභාග්‍යයේ දැක්මේ වුයේද ජනතාව අපේක්ෂා හෙයින් ජනතාව එය වැළඳගනු ලැබීය. රටට නව ආණ්ඩු ක්‍රමයක් අවශ්‍යයි යන කරුණද සෞභාග්‍යයේ දැක්ම තුළ තිබූ බැවින් එම මතයට විශාල ජනවරමක් ලැබිණි.
මේ ජනවරමේ අර්ථය ලඝු කර දැක්වුවහොත් සංවර්ධන අභියෝගයක් සහ ආණ්ඩුකරණ අභියෝගයක් ජයගන්නට ඉදිරිපත් වූ ජනවරමක් ලෙසත් වෙනත් ආකාරයකින් පැහැදිලි කළහොත් සංවර්ධන අභියෝගයක් සහ රටට අවැසි ආණ්ඩුකරණ අභියෝගයක් ජයගැනීම සඳහා ඉදිරිපත් වූ ජනවරමක් ලෙස මේ අති දැවැන්ත ජනවරම හැඳින්විය හැකිය. කෙටිකාලයක් තුළ මේ ආණ්ඩුව අභියෝග ජයගත් ආකාරය පිළිබඳව ජනතාව විශාල ලෙස පැහැදී සිටින බවද මේ අති දැවැන්ත ජනවරමින් පැහැදිලි වෙයි.
පසුගිය යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව ඉතා කෙටි කාලයක් තුළදී කලකිරීමට පත් විය. මැතිවරණ කල් දැමූ එම ආණ්ඩුව පැවැත්වූ පළමුවැනි පළාත් පාලන මැතිවරණයේදී එවකට නව පක්ෂයක් වූ පොදුජන පෙරමුණ විශාල ජනවරමක් ලබාගත් බව ඉතා පැහැදිලිය. දුර්වල යහපාලන ආණ්ඩුව රටේ විශාල ආර්ථික අර්බුද රැසක් මතු කළේය. ඔවුන් නැවත නව රජයට මේ රට බාර දුන්නේ සියයට 6.7 පමණ වූ ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා පහත දමමිනි. මහ දවල් සිදු කළ මහ බැංකු මංකොල්ලයෙන් රටේ ආර්ථිකට විශාල බලපෑමක් ඇතිවිය. ඔවුන් විදෙස් රටවලින් විශාල ණය කන්දරාවක් ලබා ගත්තද කිසිදු සංවර්ධන ව්‍යපෘතියක් සිදු කළේ නැත. මාධ්‍ය සන්දර්ශන සිදුකරමින් හොරු ඇල්ලීමට කොමිෂන් සභා පත්කරමින් ජනතාව නොමඟ යැවූහ. ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ අනන්‍යතාවට, භෞමික අඛණ්ඩත්වයට හානි වන ආකාරයට යහපාලන රජය විදෙස් ප්‍රතිපත්ති අනුගමනය කරනු ලැබිණි. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් අපේ රටට විරුද්ධව ජිනිවාවල යෝජනා ගෙන එන විට එවකට සිටි මෙරට විදෙස් ඇමැතිවරයා ඒ යෝජනාවල යෝජකයකු ලෙස අත් ඔසවමින් පෙනී සිටීමට කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ ද්‍රෝහී ප්‍රතිපත්ති නිසා මේ රටේ ජාත්‍යන්තර තත්ත්වය ඉතාමත් දුර්වල අඩියකට ඇද වැටිණ.
එපමණක් නොව යහපාලන ආණ්ඩුව නිසා රටේ ජාතික ආරක්ෂාව විශාල අර්බුදයකට ලක්විය. අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරයත් සමඟ ඉතා විශාල පිරිසක් මරණයට පත්විය. මරණ බියෙන් තැති ගත් ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනයත් සමඟ නැවත ජීවය ලබන්නට විය. ආරක්ෂාව පිළිබඳ තිබු අවිනිශ්චිත භාවය තුරන් විය. ජනතාව නිදහසේ නැවත හුස්ම ගැනීමට පටන් ගත්හ. ජාතික ආරක්ෂාව සම්පුර්ණයෙන් බිඳ වැටීම තුළ විශ්වසනීය ආණ්ඩුවක් තුළ ජාතික ආරක්ෂාව ස්ථාපිත කරගැනීම මේ ජනවරමේ තවත් අර්ථයකි.
අපේ රටේ ජාතික වශයෙන් පිළිගත් සංස්කෘතිකමය හරපද්ධතියක් විය. ඒ හර පද්ධතින් අපහාසයට ලක්කරමින් බටහිර ගැති සමහර සංස්කෘතික ලක්ෂණ වැරදි අසම්මත සංස්කෘතික අංග, වැරදි සමාජ ක්රමයන් මේ රටට එන්නත් කිරීමට යහපාලන ආණ්ඩුව උත්සාහයක යෙදිණ. නමුත් සංස්කෘතිය අගයන ජනතාව ඊට කිසිදු ප්‍රසාදයක් නොදැක්වූහ. ඒ ක්‍රමවේදයන් වෙනස් කිරීමට මෙරට ප්රගතිශීලී ජනතාව යුහුසුළු වුයේද එහෙයිනි.
ඒ අනුව රටේ ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව, ජාතික සංස්කෘතිය, ජාතික සමගිය සම්මුතිය සම්බන්ධයෙන් මෙන්ම ජාත්‍යන්තර කීර්තිය සම්බන්ධයෙන්ද විශාල හානියක් කළ ආණ්ඩුවක් ලෙස මිත්‍යාව වපුරමින් බොරු යහපාලනයක් ගෙනගිය බෝඩ් ලෑල්ලකට සීමා වූ යහපාලන ආණ්ඩුවට එරෙහිව පියවර ගත්හ. කණ්ඩායම රටට පෙන්නුම් කළ වැරදි දේශපාලනික ක්‍රමවේදයන් සම්බන්ධයෙන් වූ ජනතා කලකිරීම මේ ජනවරමේ තවත් අර්ථයක් විය. මේ වැරදි දේශපාලන ක්‍රියාකාරීත්වය මේ ජනවරමට පදනම් වූ තවත් කරුණකි. රටේ ගැටලු අලුත් මුහුණුවරකින් කියවා ගැනීමට හැකි ජනාධිපතිතුමා සමඟ එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට එතුමා සමඟ වැඩකරන අනෙක් පිරිසටද හැකිවිය. රට ඉදිරියට ගෙන යෑමට අලුත් ඇහැකින් බැලීම සම්බන්ධයෙන් ජනතාව තුළ ප්‍රසාදයක් ගොඩනැගිණි. මේ සියල්ලේම සමාන්තර ඇගැයීමක් මේ ජනවරමේදී ලබාදී ඇත. මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් කතා කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ධාරාව නිර්මාණය වීම සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් ඇගැයිය යුතුය. බැසිල් රාජපක්ෂයන් මේ රටේ දේශපාලනයට පාඩම් රැසක් කියා දුන් නායකයෙකි. රටට අලුත් පක්ෂයක්, අලුත් ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක් හැදීමට පසුබිම සකස් කළේ වසර හතරක් වැනි කෙටි කාලයකිනි. අලුතින් මේ රටේ ඉතිහාසය ලිවීමට හැකි තැනකට මේ රට තල්ලු කරන්නට බැසිල් රාජපක්ෂයන්ගේ යාන්ත්රණයට හැකිවිය. මෙරට දේශපාලනයට මෑත ඉතිහාසයේ පහළ වූ සුවිශේෂ දේශපාලන චරිතයක් ලෙස බැසිල් රාජපක්ෂයන් හැඳින්විය හැකිය. මේ නව දේශපාලනික ක්‍රියාකාරීත්වය ගොඩනැඟීමට බැසිල් රාජපක්ෂ මහතාගේ නව දේශපාලන ප්‍රවාහය ඉවහල් වූවා යැයි සඳහන් කළ හැකිය. මේ පුළුල් මෙහෙයවීම මෙන්ම මෙරට වසර තිහක කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ ජනතා සිත්සතන් තුළ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි තිබූ ආදරය නිසා ඇතිවූ විශ්වාසය නිසා ජනතා බලවේගය ඔවුන් දෙසට කේන්ද්‍ර ගත වීමද තවත් හේතුවකි. සමාජය තුළ සදාචාරාත්මක සහ දේශපාලනික වශයෙන් මෙවැනි විශාල විශ්වාසයක් ගොඩනැඟීමට හැකියාව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ වැනි නායකත්වයකට පමණි. මෙවැනි කාරණා රාශියක එකතුවකින් මේ ජනවරම තුනෙන් දෙකකට වඩා එහා ගිය අති දැවැන්ත ජනවරමක් බවට පත්විය. දේශපාලනික වශයෙන් මේ ජනමතය සමඟ ගැටගැසුණු කරුණු කාරණා රාශියක් ඇත. මේ වනවිට කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් කණ්ඩායමක් පත් කර ඇත. ඒ කණ්ඩායම්වල විවිධ දක්ෂතා ඇති අය සිටියි. එමෙන්ම මන්ත්‍රීවරුන් අතරත් ඉතා ඉහළ තලයේ දක්ෂතා ඇති අය සිටියි. ඊළඟ වසර කිහිපය තුළ මේ රටේ ජනතාවගේ ගැටලු සියල්ලට පිළිතුරු සෙවිය හැකි රාජ්‍ය යාන්ත්‍රණයක්, පාලනයක් ඇතිකර ගැනීමට හැකිවෙතැයි අපි විශ්වාස කරමු. මේ ආණ්ඩුව ආර්ථික සංවර්ධනය සහ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් නව කියවීමක්, අලුත් සිතීමක් ඇති කළ ආණ්ඩුවකි. මේ දේශපාලනික වෙනස සහ සංවර්ධනය සම්බන්ධයෙන් නව කියවීම පිළිබඳව සඳහන් කළ හැකි වන්නේ පසුගිය කාලය පුරා ගෝලීය අර්බුදයක් බවට පත් වු කොරෝනා වසංගතයි. ඒ සමඟ ගෝලිය ආර්ථික ක්රමයේ අර්බුදයක් ඇතිවිය.
ඒ නිසා රට තුළ දේශිය ආර්ථිකය ගොඩනැඟීමට අලුතින් සිතන දේශපාලනික දර්ශනයක් ඇති කිරීම සුවිශේෂී කාරණාවකි. රටේ ආර්ථිකය ගැන නැවත සිතීමට හැකියාව මේ රජයට තිබිණි. ඒ නව දේශපාලනික කියවිමට විශාල පිළිගැනීමක්ද ජනතාව තුළ ඇති වීම සුවිශේෂී කරුණකි. කොරොනා වසංගත අවස්ථාවේදී මෙන්ම විශේෂයෙන් දිළිඳුකම තුරන් කිරිමේ වැඩ පිළිවෙළේදී ජනාධිපති කාර්ය සාධක බළකාය තුළ බැසිල් රාජපක්ෂයන් අතිවිශාල මෙහෙයුමක් සිදු කළේය. පශ්චාත් කොරෝනාවෙන් පසු ලොව පුරා අලුත් ගෝලීය ආර්ථික මොඩලයක් බිහිවෙතැයි උපකල්පනය කළ හැකිය. ඒ සඳහා මුහුණ දීමට අලුත් ආර්ථික මොඩලයක් ඇති කිරීමට නව රජයට හැකියාව ලැබෙනු ඇත යන්න අපේ විශ්වාසයයි.
13 සහ 19 වැනි සංශෝධනය රට විශාල ආර්ථික දේශපාලනික අර්බුදයකට පත් කර ඇත. මේ අර්බුදයට ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රති සංවිධානය සහ ප්රතිංස්කරණය කිරීමට වැඩපිළිවෙළක් ගෙන ආ යුතුය. මේ ජනවරම ලබා දීමේදී ජනතාවගේ එක් අපේක්ෂාවක් ඒ තුළ කේන්ද්‍රගත වි ඇති බව ඉතා පැහැදිලිය.
අද වන විට විපක්ෂය විසිරී ඇති තත්ත්වයකට පත් වී ඇත. විපක්ෂය සෝදාපාළුවට ලක්වන තත්ත්වයකට පත්වීමට පසුගිය කාලයේ පැවැති විපක්ෂයේ ක්‍රියාකාරීත්වය හේතු වී ඇත. විපක්ෂය ප්‍රගතිශිලි ක්‍රියාකාරීත්වයකින් ජනතා හිතවාදී යෝජනාවලින් කටයුතු කරයි යන ජනතා අපෙක්ෂාව විනිර්මුක්ත වීමට හේතුව පසුගිය කාලයේ විපක්ෂයේ හැසිරීමයි. එම පක්ෂවල අභ්‍යන්තරයේ හෝ කිසිදු දේශපාලන ස්ථාවරයක් නැති විම නිසා විපක්ෂය සම්බන්ධයෙන් ජනතාවගේ සම්පූර්ණ විශ්වාසය බිඳ වැටී ඇත. එය මේ ජනවරමේ තවත් සුවිශේෂත්වයකි. විපක්ෂයක් පිළිබඳ කිසිදු ජනතා අපේක්ෂාවක් නැති බවක් මෙයින් තහවුරු වෙයි. විපක්ෂය දේශපාලනික අර්බුදයකට පත්වීමට සහ දුර්වල වීමට හේතු ගණනාවක් ඇත. 2015 ජනාධිපති මැතිවරණයෙන් පසු එජාපය සුළු සමාජ කාණ්ඩායමක, දේශපාලනික යාන්ත්‍රණයක අත්අඩංගුවට පත්වීම, කොළඹ සිවිල් සමාජයේ සුළු පිරිසක් එකතු වී එක්සත් ජාතික පක්ෂයේ ඉහළින් සිටින යාන්ත්‍රණයක් ලෙස සිවිල් සමාජ යාන්ත්‍රණය තුළ ක්‍රියා කිරීම, ඔවුන් විසින් එජාප දේශපාලනික යාන්ත්‍රණය මෙහෙයවීම ආදී කරුණු නිසා එජාපයේ කඩාවැටීම සහ ජනතා විශ්වාසය නැති වී යෑම සිදු විය.
මේ අනුව පොදු ජන පෙරමුණ ශක්තිමත් වීම සහ එජාපයේ කඩා වැටීමත් සමාන්තරව සිදු විය.
එක්සත් ජාතික පක්ෂය නෛසර්ගික දේශපාලනික ධාරාවෙන් මිදී එයින් එළියට විසිවීම 2015 සිටම ආරම්භ විය. දේශපාලනික දර්ශනයේ ගැඹුරක් නැති නිසා සමගි ජන බලවේගය මේ මොහොතේ යම් බලපෑමක් කිරීමට උත්සාහ කළද එය දීර්ඝකාලීන නොවන අතර එජාපය ඉතා පහත් අඩියකට ඇදවැටී තිබිණ. සජිත් මහතාට විශාල දේශපාලනික කියැවීමක් හෝ හැකියාවක් ඇතැයි සිතිය නොහැකිය. විපක්ෂයේ දුර්වල වීම ප්රජාතන්ත්රවාදී රටකට අහිතකර වන්නේ ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරීත්වය රටකට නුසුදුසු වුවහොත් පමණයි. මෙතරම් ජනවරමක් ලබා දීමට හේතුව වන්නේ මේ නව රජයට ජනතාවගේ ඇති ප්‍රසාදය සහ විශ්වාසයයි. ශක්තිමත් විපක්ෂයක් පිළිබඳ අපේක්ෂා නොකර ජනතාව මෙවැනි විශාල ජනවරමක් ලබාදී ඇත්තේද ජනතාවාදී ආණ්ඩුව පිළිබඳ ඇති දැඩි විශ්වාසය නිසා බව ඉතා පැහැදිලිය.