
නාසා ආයතනය ස්වකීය ප්‍රථම වාණිජ අභ්‍යවකාශ ගමන සාර්ථකව නිම කළ බව පසුගියදා ප්‍රකාශ කර සිටියේය. සැබවින්ම මේ ලොව ප්‍රථම වාණිජ අභ්‍යවකාශ ගමන නාසා ආයතනයේ පමණක් නොව ලෝක ප්‍රකට ව්‍යපාරික එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් ව්‍යාපාරයයේද හිමිකම් පවතින බව පැවසිය යුතුය.
මේ වන විට වාණිජ අභ්‍යවකාශ ගමන් සඳහා ලොව පුරා ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයතන කිහිපයක්ම ආයෝජනය කර තිබුණද එලෝන් මස්ක් සහ නාසා ආයතනය ඒ සියල්ල පරදවමින් ප්‍රථම වාණිජ අභ්‍යවකාශ ගමන පැවැත්වීමට සමත් විය.
මේ වාණිජ අභ්‍යවකාශ ගමන පැවැත්වීම වැදගත් වන්නේ සැබවින්ම මෙය අනාගතයේදී සංචාරක කර්මාන්තයේ තවත් එක් අති විශාල අංශයක් වනු ඇති බැවිනි. ලොව පුරා බොහෝ ධනවතුන් සංචාරය වෙනුවෙන් අති විශාල මුදල් ප්‍රමාණයන් වැය කරමින් සිටින අතර අභ්‍යවකාශයේ සංචාරය ඔවුන් බොහෝ දෙනෙකුගේ සිහිනයකි. මේ බව හොඳින් වටහා ගත් ලොව ප්‍රධාන ව්‍යාපාරිකයන් වාණිජ අභ්‍යවකාශ ගමන් සංවිධානය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරිම ආරම්භ කර සිටියේ මීට වසර කිහිපයකට පෙර දී මය. ඒ අතරින් එලෝන් මස්ක් පියවරක් ඉදිරියෙන් සිටින්නේ ප්‍රථම වාණිජ අභ්‍යවකාශ ගමනට ආයෝජනය කිරීමෙනි.
එලොන් මස්ක් තම අභ්‍යවකාශ ගමන් සංවිධානය කිරීම වෙනුවෙන් ඇති කරන ලද ආයතනය ස්පේස් එක්ස් යනුවෙන් නම් කර තිබේ. ස්පේස් එක්ස් ආයතනය අභ්‍යවකාශ ගමන් සංවිධානය වෙනුවෙන් බර පැණ දැරූවද එහි තාක්ෂණික අංශයේ කටයුතුවලට උර දුන්නේ නාසා ආයතනයයි.
පසුගියදා සාර්ථකව අවසන් කරන්නට යෙදුණු මේ ගමන පූර්ණ පෙරහුරුවක් ලෙස සලකණු ලැබූ අතර ඒ සඳහා යොදා ගනු ලැබූවේ අත්දැකීම් බහුල අභ්‍යවකාශගාමීන් දෙදෙනෙකි. ඒ බොබ් බෙන්කෙන් සහ ඩග් හර්ලිය. ඔවුන් මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් අභ්‍යවකාශ ගමන් රැසක නිරතවී තිබූ අතර මේ වන විට විශ්‍රාම සුවයෙන් කල් ගෙවති.
කෙසේ වුවද වයස්ගත ධනවත් පුද්ගලයන්ට ඉතා සුරක්ෂිතව අභ්‍යවකාශයේ සැරිසරා යළි සුවසේ පොළොවට පැමිණිය හැකි බව මෙමගින් ඔප්පු කර පෙන්වීමට එලෝන් මස්ක්ට සහ නාසා ආයතනයට හැකියාව ලැබීම ඔවුන්ගේ ව්‍යපාරික සිහින කුළු ගන්වනු ඇති බව සහතිකය.
මේ අභ්‍යවකාශ ගමන සඳහා ඔවුන් පෘථිවියෙන් නික්මී ගියේ පසුගිය මැයි මාසයේ 30වැනිදාය. එතැන් සිට පුරා මාස දෙකක කාලයක් අභ්‍යවකාශයේ සැරි සැරීම සහ අභයවකාශ මධ්‍යස්ථානයේ සංචාරය වැනි කටයුතු සඳහා වෙන්විය. මෙය පළපුරුදු අභ්‍යවකාශගාමීන් වූ ඔවුන් දෙදෙනාට ඉතා සුන්දර අත්දැකීමක් වූ බවට සැක නැත.
පසුගියදා අභ්‍යවකාශ සංචාරය නිමා කරමින් පෘථිවියට ළඟා වූ මේ ගගනගාමී සංචාරකයන් දෙනෙනා රැගත් ‘ඩ්‍රැගන්‘ නම් වූ කැප්සියුලය ආරක්ෂිතව ගොඩබානු ලැබුවේ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය ආසන්නයේ මහා සාගරයටය. ඔවුන්ගේ මේ සම්ප්‍රාප්තිය කල් තබා දැනුම් දී තිබුණෙන් අදාළ මුහුදු ප්‍රදේශයේ පෞද්ගලික යාත්‍රා බහුලව ගැවසෙණු දක්නට ලැබිණි.
කැප්සියුලය මුහුදට පහත්වීම අති විශාල පැරෂුට් මගින් පාලනය කෙරුණු අතර එමගින් අති සුමුදු ගොඩබෑමක් ගගනගාමීන්ට හිමිවිය. එහිදී බලාපොරොත්තු නොවූ සිදුවීමක් ලෙස සිදුවූයේ ගගනගාමීන් රැගත් කැප්සියුලය මුහුදට ගොඩබෑමත් සමඟ ඔවුන් වටේට පෞදිගලික බෝට්ටු පිරී යෑමය. එය ගගනගාමීන්ට අහිතකර බව පැවසූ නාසා ආයතනයේ බලධාරීන් පවසා සිටියේ ඉදිරියේදී එසේ නොවීමට වගබලාගත යුතු බවයි. කැප්සියුලය පොළොවට පතිත වන අවස්ථාවේදී නයිට්‍රජන් ටෙට්රොක්සයිඩ් අවට වායුගෝලයේ බහුලව පවතින බැවින් ඒ සමඟ තවත් යාත්‍රා පැවතීම ගගනගාමීන්ගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බව නාසා ආයතනයේ විධායක නිලධාරියකු වන ජිම් බ්‍රිඩන්ස්ටයින් මාධ්‍යයට පවසා තිබිණි.
කැප්සියුලය වට කර ගනිමින් බෝට්ටු යාත්‍රා කරන අන්දම දිස්වන ඡායාරූප සමාජ මාධ්‍යවල බහුලව දක්නට ලැබිණි.
මේ අවස්ථාව අගයමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අමතක කර තිබුනේ නැත. ඔහු පවසා තිබුණේ මේ අවස්ථාව එක්සත් ජනපදයේ සුවිශේෂ අවස්ථාවක් වන බවයි. එමෙන්ම මේ අවස්ථාව අගයමින් සංචාරයට සහභාගී වූ ගගනගාමී හාර්ලි පවසා තිබුණේ මේ අවසථාවට සහභාගී වීමට ලැබීම සැබවින්ම වාසනාවක් බවයි.
කෙසේ වුවද විචාරකයන් පවසන්නේ ස්පේස් එක්ස් ආයතනය මගින් ආරම්භ කළ මේ අභ්‍යවකාශ සංචාර වැඩපිළිවෙළ ඉදිරියේදී ලෝකය උඩු යටිකුරු කරනු ඇති බවයි. මේ වන විටත් ව්‍යාපාරිකයන් රැසක්ම මේ අභ්‍යවකාශ සංචාරය සඳහා ආයෝජනයට සූදානමින් සිටින්නේ එය එතරම්ම ලාභදායී වන බව දන්නා නිසාය. වර්ජින් සමාගම් සමූහයේ නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් එවැනි ව්‍යාපාරිකයන් අතර එක් උදාහරණයක් පමණි. ඔහු වර්ජින් ස්පේස් යනුවෙන් තම අභ්‍යවකාශ සංචාරක ව්‍යපෘතිය ඇරඹීමට කටයුතු යොදමින් සිටී. බෝයිං සමාගම ද අභ්‍යවකාශ සංචාරයට එක්වීමට යානා නිපදවමින් සිටින අතර මෘදුකාංග ගැටලුවක් හේතුවෙන් ඔවුන්ගේ අභ්‍යවකාශ සංචාරය තවත් කල් යනු ඇතැයි දැනගන්නට ලැබී තිබේ.
ඊශ්‍රායෙලයද රජයේ ආයෝජනයක් ලෙස අභ්‍යවකාශ සංචාර සංවිධානය කිරීමේ අභිලාශයෙන් පසුවන බව වාර්තා වේ. ඒ අතර එලෝන් මස්ක් ප්‍රථම අභ්‍යවකාශ සංචාරය සඳහා ආයෝජනය කරමින් අභ්‍යකාශයේ සංචාරය කිරීමට කැමැත්තෙන් සිටින ධනපතීන්ගේ අවධානය තමා වෙත දිනා ගනිමින් සිටී. කෙසේ වුවද විචාරකයන් පවසන්නේ මේ ව්‍යපෘතිවල ආයෝජනය කිරීමෙන් ඩොලර් මිලියන ගණනින් යළි උපයා ගැනීමට ආයෝජකයන්ට හැකියාව ලැබෙනු ඇති බවය. එමෙන්ම මේ ව්‍යාපාරික මට්ටමේ අභ්‍යවකාශ ගමන් සංවිධානය ඇමරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයද නව යුගයකට ගෙන යනු ඇති බවය.
එමෙන්ම අනාගතයේ සංචාරකයන් සඳ මතට, අඟහරු මතට පවා ගෙන යා හැකි අන්දමේ ගමන් සංවිධානය කෙරෙනු ඇති බවත්, එය මිනිස් වර්ගයා වෙනමම අරමුණු කර ඔසවා තැබෙනු ඇති බවත් විචාරකයන්ගේ අදහස වී තිබේ.
එමෙන්ම මේ වාණිජ අභ්‍යවකාශ සංචාර ‘අභ්‍යවකාශ ටැක්සි සේවාවක්‘ ලෙස හැඳින්විය හැකි බවද ඇතැම් දෙනා පෙන්වා තිබේ. එහෙත් සැබවින්ම සිහි තබා ගත යුත්තේ පෘථිවියෙන් ඉවතට ගොස් එහි සුන්දරත්වය දැක ගැනීමේ අවස්ථාව හෙවත් අභ්‍යවකාශ සංචාරවලට සහභාගී වීමේ අවස්ථාව අතිශයින්ම ධනවතුන්ට පමණක් සීමා වනු ඇති බවයි.