ජාති(ක) ලැයි­ස්තුවක් බවට පත්වූ ජාතික ලැයිස්තුව | සිළුමිණ

ජාති(ක) ලැයි­ස්තුවක් බවට පත්වූ ජාතික ලැයිස්තුව

පේ පාර්ලි­මේ­න්තුවේ සමස්ත මන්ත්‍රි­වරු ගණන 225කි. ඉන් මන්ත්‍රි­ව­රුන් 196ක් සමා­නු­පා­තික ක්‍රමය යටතේ දිස්ත්‍රික් මට්ට­මින් තේරී පත්වෙති. ඉතිරි 29 දෙනා පාර්ලි­මේ­න්තු­වට එන්නේ ඒ ඒ පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව ඉදි­රි­පත් කරන ජාතික ලැයි­ස්තුවේ සිටින පුද්ග­ල­ය­න්ගෙනි.

මෙවර ‍පාර්ලිමේන්තු මැති­ව­ර­ණ­යේදි ජාතික ලැයි­ස්තු­වට පොදු ජන පෙර­මු­ණට වැඩිම ජාතික ලැයිස්තු මන්ත්‍රි­ව­රුන් පිරි­සක් ඉදි­රි­පත් කිරී­මට අව­ස්ථාව ලැබී ඇත. ඒ ගණන 17කි.

මීට පෙර 2010 දී ද එජ­නිස ට මෙත­රම් ගණ­නක් ජාතික ලැයි­ස්තු­වට ඉදි­රි­පත් කිරී­මට ඉඩ­ලැබී තිබේ. සමගි ජන බල­වේ­ග­යට මන්ත්‍රි­වරු 7ක් දෙමළ ජාතික සන්ධා­න­යට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 1ක්ද ජාතික ජන බල­වේ­ග­යට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 1ක්ද, අහිල ඉල­න්ගෙයි තමිල් කොන්ග්‍ර­ස­යට ජාතික ලැයිස්තු මන්ත්‍රි­ධුර 1ක්ද හිමිවී තිබිණි. ඊට අම­ත­රව එක්සත් ජාතික පක්ෂ­යට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර­යක් ද අපේ ජන බල පක්ෂ­යට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර­යක් හිමිවී තිබිණි.

මේ අත­රින් පොදු ජන පෙර­මු­ණට හිමි මන්ත්‍රි ධුර 17ට අදාළ නම් 17ක් එහි ලේකම් සාගර කාරි­ය­ව­සම් මහතා මඟින් මැති­ව­රණ මහ­ලේ­කම් කාර්යා­ලය වෙත යැව්වේ පසු­ගිය 7 වැනි­දාය. එනම් අව­සන් ඡන්ද ප්‍රති­ඵල නිකුත් වූ දින­ය­දීය. එම පෙර­මු­ණින් කොට පරා­ජය වූ කිසිම අයකු මේ සඳහා නම් නොකි­රී­මට පොදු ජන පෙර­මුණ අව­ධා­නය යොමු කර තිබිණි. එමෙන්ම මෙම ජාතික ලැයි­ස්තු­වට මෙරට ප්‍රථම වරට මහා­චා­ර්ය­වරු 4 දෙනෙක්, ආචා­ර්ය­වරු, ඉංජි­නේ­රු­වරු, වෛද්‍ය­වරු, සමාජ ක්‍රියා­කා­රිහු ඇතු­ළත් වූහ.

මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජාතික ලැයි­ස්තු­වට මහා­චාර්ය තිස්ස විතා­රණ, මහා­චාර්ය චරිත හේරත් ද මහා­චාර්ය ජී.ඇල්. පීරිස්, මහා­චාර්ය රංජිත් බණ්ඩාර, නීතිඥ සාගර කාරි­ය­ව­සම්, අජිත් නිවාඩ් කබ්රාල්, ජනා­ධි­පති නීතිඥ මොහො­මඩ් අලි සබ්රි, ජනා­ධි­පති නීතිඥ ජයන්ත වීර­සිංහ, විශ්‍රා­මික ගුරු උප­දේ­ශිකා මංජුලා දිසා­නා­යක, ගෙවිදු කුමා­ර­තුංග, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රි මොහො­මඩ් මුස­ම්මිල්, ඉංජි­නේරු යදා­මිණි ගුණ­ව­ර්ධන, ආචාර්ය සුරේන්ද්‍ර රාඝ­වන්, ව්‍යාපා­රික ටිරාන් අලස් විශේ­ෂඥ වෛද්‍ය සීතා අර­ඹේ­පොළ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රි ජයන්ත කැට­ගොඩ යන මහ­ත්වරු පත් කරනු ලැබූහ.

මෙම පොදු ජන පෙර­මුණේ ජාතික ලැයි­ස්තුවේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය වෙනු­වෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර දෙකක් වෙන්කර තිබිණි. ඉන් එක් මන්ත්‍රි­ව­ර­යකු ලෙස නම් කර ඇත්තේ උතුරු මැද පළාතේ ආණ්ඩු­කා­ර­ව­ර­යකු ලෙස කට­යුතු කළ සුරේන්ද්‍ර රාඝ­වන් මහ­තාය.

ආචාර්ය සුරේන්ද්‍ර රාඝ­වන් මහතා මෙවර පොදු­ජන පෙර­මුණ ජාතික ලැයි­ස්තු­වට නම් කර ඇත. ඔහු පිළි­බ­ඳව විප­ක්ෂයේ ඇතැමි අය ද්විත්ව පුර­වැ­සි­යකු ලෙස හඳු­න්වති. 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට අනුව ද්විත්ව පුර­වැ­සි­ය­කුට අපේ රටේ පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වී­මට නොහැ­කිය. පොදු­ජන පෙර­මුණේ ජාතික ලැයි­ස්තුව මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා වෙත එහි ලේකම් නීතිඥ සාගර කාරි­ය­ව­සම් යවා ඇත්තේ 2020 මාර්තු 12 වැනි­දාය. නමුත් ඔහු 2020 ජුනි 3 වැනිදා සිය ද්විත්ව පුර­වැසි බව ඉව­ත්කර තිබේ. ඒ අනුව සු‍ෙර්න්ද්‍ර රාඝ­වන් මහ­තාට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර­යට පත්වී­මට ගැට­ලු­වක් නැති බව පෙනේ.

මීට අම­ත­රව සමගි ජන බල­වේ­ගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර­ව­ලට රංජිත් මද්දුම බණ්ඩාර, ඉමි­ටි­යාස් බකිර් මාකාර්, තිස්ස අත්ත­නා­යක, හරින් ප්‍රනාන්දු, ඉරාන් වික්‍ර­ම­සිංහ, මයන්ත දිස­නා­යක හා ඩයනා ගමගේ යන මහත්ම මහ­ත්මීහු පත්කර තිබේ. නමුත් සමගි ජන බල­වේ­ගයේ මුස්ලිම් හා දෙමළ පක්ෂ­ව­ලට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර හිමිවී නැත. මුලින් එම පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර ඉල්ලු­වත් ඒ අය නිශ්ශ­බ්දව සිටින්නේ ඇයි දැයි දැන් ගැට­ලු­වකි.

ජාතික ජන බල­වේ­ගය මඟින් ජාතික ලැයි­ස්තු­වට ඉදි­රි­පත් කර ඇති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය විවෘත විශ්ව විද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­රි­යෙකි.

ඊට අම­ත­රව ඉලං­ගෙයි තමිල් අරසු කච්චි පක්ෂ­යෙන් තව­රාජ තලෙයි අර­යන් හා අහිල ඉල­න්ගෙයි තමිල් අරසු කොන්ග්‍ර­ස­යෙන් සෙල්ව­රාජා ගජේ­න්ද්‍රන් යන මහ­ත්වරු මෙවර ජාතික ලැයි­ස්තු­වට නම් කර ඇත.

කෙසේ වුවත් එජා­පය හා අපේ ජන බල පක්ෂය මඟින් තවම සිය ජාතික ලැයි­ස්තු­වට හිමි එකම මන්ත්‍රි­ව­ර­යා­වත් නම් කර නොමැත.

අ‍ෙප් ජන­බල පක්ෂයේ එකම මන්ත්‍රි ධුරය පිළි­බ­ඳව එහි ලේකම් වේදි­නි­ගම විම­ල­තිස්ස හිමි හා හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රි අතු­ර­ලියේ රතන හිමි හා ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි අතර විවිධ මත­වාද රැසක් පවතී.

මේ අතර අපේ ජන­බල පක්ෂයේ මන්ත්‍රි ධුරය ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­ය­න්ටම ලබා­දිය යුතු යැයි ඉල්ල­මින් එම පක්ෂයේ දකුණු පළා­තෙන් අපේ­ක්ෂ­ක­යෙකු ලෙස ඉදි­රි­පත් වූ පුද්ග­ල­යෙකු උප­වා­ස­යක් ආරම්භ කර ඇති බවද වාර්තා වෙයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර­යට නම් කිරීමේ අව­සන් දිනය වූයේ පසු­ගිය සිකු­රා­දාය.

1988 මැයි 29 වැනිදා ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 19 වැනි සංශෝ­ධ­නය කරනු ලැබීය. එහිදී පාර්ලි­මේ­න්තු­වට පත්කර ගන්න මන්ත්‍රි­වරු සංඛ්‍යාව 225 දක්වා වැඩි විය.

ඒ අනුව 1988 එක් එක් පක්ෂ­ව­ලට තරග නොක­රන නමුත් එක් එක් පක්ෂ­ව­ලදි නම් කරන පුද්ග­ල­යන් 29 දෙන­කුට මැති­ව­රණ වලදි එක් එක් පක්ෂ ලබා­ගන්න ඡන්ද අනු­පා­තය අනුව ජාතික ලැයි­ස්තුව මඟින් පාර්ලි­මේන්තු මන්ත්‍රි­ව­රුන් ලෙස කට­යුතු කිරී­මට අව­ස්ථාව ලැබිණි.

ජාතික ලැයි­ස්තුව මඟින් රටේ සිටි මහා­චා­ර්ය­ව­රුන්ට ආචා­ර්ය­ව­රුන්ට සහ විවිධ ක්ෂේත්‍ර­ව­ලට අයත් විශා­ර­ද­යන්ට මැති සබ­යට පැමි­ණී­මට අව­ස්ථාව ලබා­දීම මෙම වැඩ­පි­ළි­වෙ­ළෙහි ප්‍රධාන අර­මුණ විය.

ඔවුන් තුළ ඇති බුද්ධි­මත් බව කාර්ය ශූර­ත්වය හා ජාති­ක­මය හැකි­යාව රට සංව­ර්ධ­න­යට යොදා ගැනීම මෙන්ම කාර්ය­ක්ෂම හා විධි­මත් පාර්ලි­මේ­න්තු­වක් ස්ථාපිත කිරීම මෙම ජාතික ලැයිස්තු ක්‍රමයේ අනෙක් අර­මුණු අතර වෙයි.

1988 දි මහත් බලා­පො­රොත්තු තබා­ගෙන හඳුන්වා දුන් මේ ක්‍රමය අනුව 1989 සිට ජාතික ලැයිස්තු මන්ත්‍රි­වරු 29ක් පාර්ලි­මේ­න්තු­වට ඒ ඒ පක්ෂ­ව­ලින් නම් කෙරිණි. 1989 - 2010 අතර කාලයේ බොහෝ විට සිදුවී ඇත්තේ දේශ­පා­ලන පක්ෂ නාය­ක­යන්ගේ සමීප හිත­ව­තුන්ම ජාතික ලැයි­ස්තුව හරහා පාර්ලි­මේ­න්තු­වට පිවි­සී­මට අව­ස්ථාව උදා කිරී­මයි. ඊට පසු ඒ සම­හර දෙනා ඊළඟ මැති­ව­ර­ණ­ව­ලදි ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යට පිවිස ඡන්දය ඉල්ලා යළිත් පාර්ලි­මේන්තු ගොස් තිබේ.

1989 සිට 2020 දක්වා පැවැති මැති­ව­රණ 7ට අදාළ ජාතික ලැයි­ස්තුව මඟින් 200 දෙනෙක් පාර්ලි­මේ­න්තු­වට පිවිසී ඇත. ඉන් සම­හර අය එම ක්‍රියා­දා­මයේ අර­මුණු පසෙක දමා තම පුද්ගල ප්‍රව­ර්ධ­න­යට එම මන්ත්‍රි ධුරය යොදා­ගෙන ඇති බව පෙනේ.

1989 දි එක්සත් ජාතික පක්ෂ­යෙන් ප්‍රථම වරට ඉදි­රි­පත් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රි නාමා­ව­ලි­යට 15 දෙනෙක් ඇතු­ළත් වූහ. එස්. තොණ්ඩ­මන්, රංජන් විජේ­රත්න, කේ. එන්. චොක්සි, ඒ.එච්.එම්. අස්වර්, ඒ.ආර්. මන්සූර්, කාලිංග ඔබේ­වංශ හා ඒ.ජේ. රණ­සිංහ යන මහ­ත්වරු ද ඇතු­ළත් වූහ.

1989 වස­රේදි ශ්‍රීල­නි­ප­යට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර ගණන 9කි. මෛත්‍රි­පාල සේනා­නා­යක, මර්වින් සිල්වා, අනු­රුද්ධ රත්වත්තේ, හලිම් ඉෂාක්, සෝම­සිරි දිසා­නා­යක යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් එම ජාතික ලැයි­ස්තු­වට ඇතු­ළත් වූහ.

මහ­ජන එක්සත් පෙර­මුණේ ජාතික ලැයි­ස්තු­වට ගීතාං­ජන ගුණ­ව­ර්ධ­නද, මුස්ලිම් කොන්ග්‍ර­සයේ ජාතික ලැයි­ස්තු­වට එන්.එම්. බදු­ර්දීන් ද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙර­මු­ණෙන් ජාතික ලැයි­ස්තු­වට එම්.එස්. සේනා­ධි­රාජා ද ඇතු­ළත් වූහ.

මෙලෙස ඒ ඒ පක්ෂ­ව­ලින් ජාතික ලැයි­ස්තුව මඟින් පාර්ලි­මේ­න්තු­වට ගිය ඉහත අප නම් සඳ­හන් කළ සියලු දෙනා පසුව මැති­ව­ර­ණ­ව­ලදි මන්ත්‍රි ධුර සඳහා මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූහ.

ඒ අනුව අනු­රුද්ධ රත්වත්තේ මහතා 2001 මැති­ව­ර­ණ­යේදී මහ­නු­ව­රට පොඑ­පෙන් තරග කර මනාප 102906ක් ලබා පාර්ලි­මේන්තු ගියේ එම ලැයි­ස්තුවේ ප්‍රථ­මයා වෙමිනි.

පසුව 2000 මැති­ව­ර­ණ­යෙහි එන්. තොන්ඩ­මන් මහ­තාගේ පුත් ආරු­මු­ගම් තොණ්ඩ­මන් මහතා මනාප 61779ක් ලබා නුව­ර­එ­ළි­යෙන් පාර්ලි­මේ­න්තු­වට පත්විය. ජාතික ලැයිස්තු මන්ත්‍රි­ව­රුන් හැම­ටම විම­ධ්‍ය­ගත අර­මු­දල් ඇතුළු ඡන්ද­යෙන් පත්වූ මන්ත්‍රි­ව­රුන්ට ලැබෙන සියලු ප්‍රති­පා­දන හා වර­ප්‍ර­සාද ලැබෙන අතර ඒ අනුව ඔවු­න්වත් යම් මැති­ව­රණ බල ප්‍රදේ­ශ­ය­කට සේවය කිරී­මට ඉඩ­කඩ සැල­සිණි. ඒ අනුව ඒ ප්‍රදේ­ශයේ ජන­තා­වගේ මනාප ලබා­ගෙන යළි මැති­ව­ර­ණ­යක් මඟින් පාර්ලි­මේ­න්තු­වට යාමට ඔවුන්ට පසු­කා­ලී­නව අව­ස්ථාව ලැබී තිබුණි.

1994 මහ මැති­ව­ර­ණ­යේදි ජය ගත්තේ පොදු ජන එක්සත් පෙර­මු­ණයි. ඒ අනුව පොදු ජන එක්සත් පෙර­මුණ මඟින් ඔවුන් ජාතික මන්ත්‍රි ලැයි­ස්තු­වට විවිධ ක්ෂේත්‍ර­වල පුද්ග­ල­යන් 12 දෙනෙකු නම් කරන ලදි. සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක, මහා­චාර්ය ජී.ඇල්. පීරිස්, ධර්ම­සිරි සේනා­නා­යක, ලක්ෂ්මන් කදි­ර­ගා­මර්, මහා­චාර්ය විශ්වා වර්ණ­පාල, අලවි මවු­ලානා, බැටී වීර­කෝන්, වයි.පී. ද සිල්වා, කේ.ජී. සිල්වා, රවී කරු­ණා­නා­යක, කේසර ලාල් ගුණ­සේ­කර හා කේ.බී. රත්නා­යක යන මහත්ම මහ­ත්මීහු ඒ අතර වූහ.

පසු­කා­ලී­නව ඒ අය­ගෙන් රවී කරු­ණා­නා­යක, කේසර ලාල් ගුණ­සේ­කර, මහා­චාර්ය විශ්වා වර්ණ­පාල, මහා­චාර්ය ජී.ඇල්. පීරිස් යන මහ­ත්වරු ඊළඟ මැති­ව­රණ සඳහා තරග කර ජය­ගත්හ. රවී කරු­ණා­නා­යක මහතා 2000 දි කොළ­ඹින් තරග කර මනාප 145593 ලබා ජය ගත්තේය.

1994 දි එජාප ජාතික ලැයි­ස්තු­වට එස්. තොණ්ඩ­මන්, අර්ල් ගුණ­සේ­කර, ජය­ලත් ජය­ව­ර්ධන, ජී.ඇම්. ප්‍රේම­චන්ද්‍ර, රාජිත සේනා­රත්න, ආරිය බී රැකව ඇතුළු නම් 13ක් ඉදි­රි­පත් කර තිබුණි. ඉහත නම් සඳ­හන් සියලු දෙනා පසුව ක්‍රියා­කාරි දේශ­පා­ල­න­යට පිවි­සිනි. ජය­ලත් ජය­ව­ර්ධන මහතා 2000 දි මනාප 82130 ලබා පාර්ලි­මේ­න්තු­වට තේරී පත්විය. රාජිත සේනා­රත්න මහතා තව­මත් ක්‍රියා­කාරි දේශ­පා­ල­නයේ නිතර වීම විශේ­ෂ­ත්ව­යකි. ඔහු 2001 වසරේ කළු­ත­රින් එජා­ප­යට තරග කර 2 වැනි ස්ථානය ලබා මනාප 102919 ක් ලබා පාර්ලි­මේ­න්තු­වට පිවි­සිනි. 1994 දි මුස්ලිම් කොන්ග්‍ර­ස­යට ද ජාතික ලැයිස්තු මන්ත්‍රි අවස්ථා 3ක් ලැබිණි. ඒ අනුව ඒ. රාවුෆ් හකීම්, ඒ අසිත පෙරේරා හා මොහ­මඩ් සුහ­යිර් යන මහ­ත්වරු ඒ සඳහා නම් කර තිබුණි. ඒ අතර සිටි හකීම් මහතා තව­මත් ක්‍රියා­කාරි දේශ­පා­ල­නයේ නිරත වේ. ඔහු 2001 මැති­ව­ර­ණ­යේදි මහ­නු­ව­රට එජා­ප­යෙන් තරග කර මනාප 71094ක් ලබා එජාප මඟින් පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වී ඇත.

2000 මහ මැති­ව­ර­ණය ජය ගත්තේ පොදු ජන එක්සත් පෙර­මු­ණයි. ඒ අනුව ඔවු­නට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 13ක් ලැබුණි. රොනී ද මැල්, විජ­ය­පාල මැන්ඩිස්. මහා­චාර්ය ලෙස්ලි ගුණ­ව­ර්ධන, මර්වින් සිල්වා යන මහ­ත්වරු ඇතුළු 13 දෙනෙ­කුගේ නම් ජාතික ලැයි­ස්තු­වෙන් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කෙරිණ. පසුව ඉහත නම් සඳ­හන් අය සක්‍රීය දේශ­පා­ල­න­යට පිවිසි අතර මහා­චාර්ය ලෙස්ලි ගුණ­ව­ර්ධන මහ­තාට විද්‍යා තාක්ෂණ ඇමැති ධුරය ද ලැබිණ.

2001 ඔක්තෝ­බර් මස පොදු­ජන එක්සත් පෙර­මුණේ පිරි­සක් එජා­ප­යට යාම නිසා 2001 දී තවත් මහ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට සිදු­විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ­යට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ගණන 12 කි. පොදු­ජන එක්සත් පෙර­මු­ණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 11 ක් ලැබුණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජාතික ලැයි­ස්තු­වට ඇස්.බී‍. දිසා­නා­යක, මහා­චාර්ය ජී.ඇල්. පීරිස්, තිලක් මාර­පන, ආර්. යෝග රාජා ද ඇතුළු පිරි­සක් ඇතු­ළත් වූහ.

පොදු­ජන වත්මන් පෙර­මුණු ජාතික ලැයි­ස්තුව සුවි­ශේෂී එකක් විය. එය දි.මු. ජය­රත්න, රොනී ද මැල්, මහින්ද අම­ර­වීර, ඩිලාන් පෙරේරා, අතුල නිම­ල­සිරි ජය­සිංහ (ලොකු අතුල) යන මහ­ත්වරු පොදු­ජන පෙර­මු­ණෙන් ඉදි­රි­පත් කර තිබුණි. ඒ අය සියලු දෙනා පසු­කා­ලීන මැති­ව­ර­ණ­ව­ලදී පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ව­ලට ක්‍රියා­ශී­ලීව ඉදි­රි­පත් වූහ. ඒ අනුව දි.මු. ජය­රත්න මහතා 2004 මැති­ව­ර­ණ­යේදී මහ­නු­ව­රින් එජ­නි­ස­යෙන් ඡන්දය ඉල්ලා මනාප 64317 ලබා පාර්ලි­මේ­න්තු­වට පත්විය. මහින්ද අම­ර­වීර 2004 මැති­ව­ර­ණ­යේදී හම්බ­න්තො­ටින් එජ­නි­ස­යෙන් ඡන්දය ඉල්ලා මනාප 63118 ලබා ජය ගත්තේය. ඩිලාන් පෙරේරා මහතා 2004 මැති­ව­ර­ණ­යේදී බදු­ල්ලෙන් ඡන්ද­යට ඉදි­රි­පත් වී මනාප 64665 ක් ලබා පාර්ලි­මේ­න්තු­වට තේරී පත් විය.අතුල නිම­ල­සිරි ජය­සිංහ 2004 දී ගම්ප­හින් එජා­ප­යෙන් ඉදි­රි­පත් වී මනාප 12900 ක් ලබා පරා­ජය විය.

2004 මහ මැති­ව­ර­ණ­යේදි යළි ජය ලැබුවේ එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යයි. ඒ අනුව විජ­ය­දාස රාජ­පක්ෂ, රත්න­සිරි වික්‍ර­ම­නා­යක, ගීතාං­ජන ගුණ­ව­ර්ධන ඇතුළු 13 දෙනෙක් ජාතික ලැයි­ස්තු­වට ඇතු­ළත් වූහ. විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ද පසුව 2010 මැති­ව­ර­ණ­යේදී කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් එජා­ප­යෙන් ඉදි­රි­පත්වී මනාප 60030 ක් ලබා පාර්ලි­මේ­න්තු­වට තේරී­පත් විය.

2004 මැති­ව­ර­ණ­යේදී එක්සත් ජාතික පක්ෂ­යට ජාතික ලැයිස්තු මන්ත්‍රී­වරු 11 ක් හිමි විය. ඒ අතර සිටි නවීන් දිසා­නා­යක මහතා 2015, මැති­ව­ර­ණ­යට එජා­ප­යෙන් නුව­ර­එ­ළි­යෙන් ඉදි­රි­පත් විය. මනාප 66716 ක් ලබා පාර්ලි­මේ­න්තු­වට තේරී පත්විය.

2010 මහ මැති­ව­ර­ණ­යේදී ජය­ගත් ගත්තේ ද එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යයි. ඒ අනුව 2010 දී ජාතික ලැයිස්තු මන්ත්‍රී­වරු 17 දෙනෙකු පත් වූහ. ඒ ප්‍රමා­ණය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ක සංඛ්‍යා­වක් එක් පක්ෂ­ය­කට ලැබුණු ප්‍රථම අව­ස්ථා­වයි. දී.මු. ජය­රත්න ගීතාං­ජන ගුණ­ව­ර්ධන, මුත්තු සිව­ලිං­ගම් යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් පත්වුණ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ලේඛ­න­යට ප්‍රවීණ නිළි මාලින‍ි ෆොන්සේ­කාත් ශ්‍රීල­නි­පයේ විශාල කාල­යක් ක්‍රියා­කාරී නායි­කා­වක වූ කමලා රණ­තුං­ගත් ඇතු­ළ­ත්වීම විශේ­ෂ­ත්ව­යකි. මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලට පත්වූ ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා 2020 මාතර දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කර මනාප 103534 යළි පාර්ලි­මේ­න්තු­වට පත් විය.

2010 ජාතික ලැයි­ස්තු­වෙන් එජා­ප­යෙන් නම් කළ පිරිස නව දෙනෙකි. ඒ අතර සිටි හර්ෂ ද සිල්වා මහතා 2020 මැති­ව­ර­ණ­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් ජාතික ජන­බ­ල­වේ­ග­යෙන් තරග කර මනාප 182845 ක් ලබා ගෙන මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වී ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලයි­ස්තු­ව­ලින් පාර්ලි­මේන්තු ගිය පුද්ග­ල­යන්ගේ අභි­මා­න­යට විශාල කැළ­ලක් වූයේ 2015 දී එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය ඉදි­රි­පත් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලේඛ­න­යයි. එම ලැයි­ස්තුවේ 60% ක් තිබුණේ එම මැති­ව­ර­ණ­යේදී පරා­ජ­යට පත් පිරි­සකි. ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන, එස්.බී. දිසා­නා­යක, ඒ.එච්.­එම්. ෆවුසි, මහින්ද සම­රසිංහ, ගාමිණි විජිත් විජ­ය­මුණි සොයිසා, තිලංග සුම­ති­පාල යන අය ඒ අතර වූහ.

ඊට අම­ත­රව එම ලැයි­ස්තු­වට ඩිලාන් පෙරේරා, අංග­ජන් රාම­නා­දන් යන අය ද එක්ව සිටි­යහ. එම ජාතික ලැයි­ස්තු­වට නම්කර සිටි අය අතු­රින් ඩිලාන් පෙරේරා මහතා 2020 මැති­ව­ර­ණ­යට බදුල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් පොහො­ට්ටු­වෙන් ඉදි­රි­පත්වී මනාප 53081 ක් ලබා පස් ‍වැනියා බවට පත් වී පාර්ලි­මේ­න්තු­වට යාමට අව­ස්ථාව උදා­ක­ර­ගෙන ඇත.

ඊට අම­ත­රව 2015 ජාතික ලැයි­ස්තු­වට පරා­ජය ලැබූ අපේ­ක්ෂ­ක­යන් ලෙස එක්වූ අතු­රින් මෙවර පාර්ලි­මේ­න්තු­වට ඡන්ද­යෙන් තේරී පත්වී ඇත්තේ තවත් දෙදෙ­නෙක් පමණි. ඒ මහින්ද සම­ර­සිංහ මහතා හා එස්.බී. දිසා­නා­ය­කය. ඒ අනුව මහින්ද සම­ර­සිංහ මහතා කළු­ත­රින් මෙවර ඉදි­රි­පත්වී මනාප 58514 ක් ලබා එහි අට වැනියා ලෙස පාර්ලි­මේ­න්තු­වට තේරී පත්විය. එස්.බී‍. 2020 දී නුව­ර­එ­ළි­යෙන් මනාප 66045 ක් ලබා පාර්ලි­මේ­න්තු­වට තේරී පත්විය.

2015 දී එක්සත් ජාතික පෙර­මුණේ ජාතික ලැයි­ස්තු­වට නම් කළ සරත් ෆොන්සේකා, 2020 මහ මැති­ව­ර­ණ­යට ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් සමගි ජන­බ­ල­වේ­ග­යෙන් ඉදි­රි­පත් වී මනාප 110553 ක් ලබා සමගි ජන­බ­ල­වේ­ගයේ ප්‍රථ­මයා වීම ද විශේ­ෂ­ත්ව­යකි.

මේ අනුව සමස්ත ලෙස බලන විට 1988 දී මේ ජාතික ලැයිස්තු සංක­ල්පය ඉදි­රි­පත් කිරීමේ මූලික අර­මුණු හරි­යට ඉටුවී ඇත්තේ මෙවර 2020 ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඉදි­රි­පත් කළ ශ්‍රී ලංකා ජාතික ලැයිස්තු නාමා­ව­ලි­යෙන් පම­ණක් බව කිව යුතු ය. එයට හේතුව එය මහා­චාර්ය වරු 4 දෙනෙ­ක්ගෙන් ජනා­ධි­පති නීති­ඥ­ව­ර­යෙක් ගෙන් ආචා­ර්ය­ව­රු­න්ගෙන් විශේ­ෂඥ වෛද්‍ය­ව­රු­න්ගෙන් ඉංජි­නේ­රු­ව­රු­න්ගෙන් හා සමාජ ක්‍රියා­කා­රි­ක­ය­න්ගෙන් ද සම­න්විත වීම නිසා ය. ඒ අනුව මේ ජාතික ලැයි­ස්තු­වට මුල් අර­මුණ අනුව විද්ව­තුන් පම­ණක් ඉදි­රි­පත් කරන්නේ නම් එය රටේ ප්‍රග­ති­යට ඉම­හත් සෙතක් ම වනු ඇත. එසේ නැතිව ජාතික ලැයි­ස්තු­වට පත්ක­රන අයත් දේශ­පා­ල­න­ඥ­යන් පම­ණක් වුව­හොත් එය රටට වැඩක් නැති වනු ඇත.

 

Comments