නිවැ­රදි මිනි­සුන් පාර්ලි­මේ­න්තු­වට යැවීමේ අව­සන් අව­ස්ථාව මේ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යයි | සිළුමිණ

නිවැ­රදි මිනි­සුන් පාර්ලි­මේ­න්තු­වට යැවීමේ අව­සන් අව­ස්ථාව මේ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යයි

ප මේ පසු­ක­ර­මින් පව­තින්නේ ලංකා ඉති­හා­සයේ එක්තරා සුවි­ශේෂ යුග­යකි. කෝවිඩ් 19 ගැට­ලු­වත් සමඟ විශාල ගැටලු සමු­දා­ය­කට අපි මුහුණ දීමට සිදු­විය. ඒ සම­ඟම මේ අව­ස්ථා­වේදී මහා මැති­ව­ර­ණය නමැති තීර­ණා­ත්මක සාධ­කය සඳහා මුහුණ දීමට ද අපට සිදු වී ඇත. කවර ආකා­රයේ සංස්කෘ­තික, ආගම් ලක්ෂණ තිබු­ණද ලෝකයේ ඇති භෞති­ක­ම­යම සහ සමා­ජීය දියුණු රට­වල් හා සස­ඳන කල අපේ රට ඉතා පහත් මට්ට­මක පව­තින බව මගේ අද­හ­සයි. පසු­ගිය කාල­ව­ක­වා­නුව සලකා බලන විට පෙනී යන්නේ රටේ සමාජ, ආර්ථික සහ දේශ­පා­ලන පසු­බිම ද විශාල ඛේද­වා­ච­ක­යක් බවට පත්ව ඇති බවයි. එය තේරුම් බේරුම් කර ඉදි­රි­යට යා හැකි ස්ථාන­යක් ලෙස පාර්ලි­මේ­න්තුව හැඳින්විය හැකිය. සමාජ, ආර්ථික, දේශ­පා­ල­නික අධ්‍යා­ප­නික සහ සංස්කෘ­ති­ක­මය සියලු කාරණා සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේ­න්තු­වේදී ගනු ලබන තීන්දු තීරණ අති­ශ­යින් ඍජු­වම සමා­ජ­යට බල­පානු ලබයි. නමුත් මේ වන විට එය කිසිදු ජනතා ප්‍රසා­ද­යක් නැති, ප්‍රති­ක්ශේපිත, පිරි­හුණු ආය­ත­න­යක් බවට පත්වී ඇත. පාර්ලි­මේ­න්තුව එම තත්ත්ව­යට පත්ව ඇත්තේ ඇයිද යන කරුණ සම්බ­න්ධ­යෙන් අප නැවත සලකා බැලී­මක් සහ කියවා බැලී­මක් කළ යුතුය.

මෙය දීර්ඝ කාලීන ගැට­ලු­වක් වුවත් එයට අවශ්‍ය වන්නේ කෙටි­කා­ලීන පිළි­තු­රුය. ඒ සඳහා දීර්ඝ කාලීන විස­ඳුම් නොසෙ­විය යුත්තේ ඇයිද යන කරුණ ඉස්මතු කරන්නේ නම්, මේ වන විට ඉතා විශාල සමාජ ප්‍රශ්න රැසක් මතු­වෙ­මින් පැව­තීම ඊට හේතු­වයි. ඒ අනුව ඉදි­රි­යට ගාමක බලය සප­යන, රට නිවැ­රදි දිශා­න­ති­යක් කරා ගමන් කර­වීමේ ප්‍රමු­ඛ­ත්වය ගත යුතු තරුණ ජිවි­ත­ව­ලට මහා සහ­න­යක් අවශ්‍ය කාල­යක් උදා­වෙ­මින් පවතී. එම තරු­ණ­යන් දකින ලෝකය මේ රට තුළ නොමැති වූ විට සමා­ජ­යට වෛර කිරීම්, රට හැර­යෑම් මෙන්ම අව­සා­නයේ තරුණ නැඟි­ටීම් ද සිදුවේ. ඒ අනුව ඉදි­රි­යේදී විශාල පීඩ­න­යක් රට තුළ ඇති­වේය යන උප­ක­ල්ප­න­යට අප පැමි­ණිය යුතුය. මේ තත්ත්වය වෙනස් කිරී­මට යම් කිසි යාන්ත්‍ර­ණ­යක් රටෙහි ඇති­විය යුතුය. මේ මොහොතේ අප මුහුණ දීමට නිය­මිත පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී එම තත්ත්වය වෙනස් කිරී­මට ඇති අව­සන් අව­ස්ථා­වයි. එනම් නිවැ­රදි මිනි­සුන් පාර්ලි­මේ­න්තු­වට යැවිය යුතුය යන කරුණ අප මතු කළ යුතුය. ජනතා බලා­පො­රො­ත්තුව ද නිවැ­රදි මිනි­සුන් පාර්ලි­මේ­න්තු­වට යැවීම සහ ඒ හරහා යම් කිසි වෙන­සක් ඇති කිරී­මයි. පාර්ලි­මේ­න්තුව යහ­පත් තැනක් බවට පත් කළ යුතුය යන්න මෙහිදී ඉතා වැද­ගත් කරු­ණකි. පසු­ගිය කාලයේ ‘වියත් මඟ' වැනි සංවි­ධාන හරහා පාර්ලි­මේ­න්තුව නිවැ­රදි තැනක් බවට පත් කිරී­මට උත්සා­හ­යක් ගෙන ඇති බව පෙනේ. මම විශ්වාස කරන කරුණ නම් ඒ සියල්ල අබි­බ­ව­මින් පරණ ක්‍රම­වේ­ද­ව­ල­ටම අප යළිත් පැමිණ ඇති බවයි. මෙරට දේශ­පා­ල­නික රටාව වෙනස් වී නැත. ඒ වෙනස් වීම සිදු නොවී අලුත් ප්‍රාර්ථ­නා­ව­ලින් පලක් නැත. දේශ­පා­ලන ධාරාවේ ප්‍රධාන පෙළේ සිටින අති බහු­ත­ර­යක් පිළි­බඳ ජනතා පැහැ­දී­මක් නැත. ඔවු­න්ගෙන් බහු­ත­ර­යක් විශාල වශ­යෙන් ජාතික මුදල් සොරා­ගෙන ගොඩ­නඟා ගත් ආර්ථික සතු වූවෝ බවට චෝදනා ලැබ සිටිති. ඉතා පහළ අඩියේ ආර්ථි­ක­යක් තිබූ පුද්ග­ල­යන් ජාතික පෙළේ ආදා­යම් තත්ත්ව­යට තම ආර්ථි­කය ගොඩ­නඟා ගත්තේ කෙසේද යන කාර­ණාව පිළි­බඳ ජන­තාව සවි­ඥා­නි­කය. මෙය වෙනස් නොකර කවර පෙළේ පාර්ලි­මේන්තු ක්‍රම­යක් ඇති කළත් පලක් නැත. සොරා කන මාන­සි­ක­ත්යෙන් පාර්ලි­මේන්තු යන අයට රට හදන්න අප­හසු බව මිනි­සුන්ගේ මත­යයි. එවැනි පුර්වා­ද­ර්ශ­යක් කිසි­වකු මේ වන විට ලබාදී නැත. පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට ධනය කෙසේද ලැබුණේ කෙසේද යන කරුණ සලකා බලා අයි­තිය නිසි ලෙස තහ­වුරු කර­ගැ­නී­මට නොහැකි දේපළ සහ මුදල් රාජ සන්තක කළ යුතුය යන්න මගේ අද­හ­සයි. එසේ මුදල සහ මන්ත්‍රී­වරු අතර සම්බ­න්ධය ඉවත් කොට රට සහ මන්ත්‍රී­ව­රුන් ලෙස එය නිවැ­රදි විය යුතුය.

එමෙන්ම සෑම විටම දේශ­පා­ල­නික වශ­යෙන් අප යම් ස්ථාව­ර­යක් තබා­ගත යුතු අතර එයින් පිට­තට ගොස් රටේ සිදු­වන්නේ කුමක්ද යන්න පිළි­බඳ යථා ස්වරූ­ප­යෙන් කතා නොක­ළ­හොත් එය එක්තරා අන්ධ වීමකි. එසේ අන්ධ­යන් ලෙස විවිධ පුද්ග­ල­යන් පසු­පස යෑම අප නතර කළ යුතුය.

ලොව ප්‍රධාන රට­වල් දකින මානව නිද­හස ඒ අයට මෙන් අපට නැති­වීම ඛේද­වා­ච­ක­යකි. අන්ධ ගම­නක් යමින් රට නිවැ­රදි දිශා­න­ති­ය­කට ගෙන යා යුතු හැකි යැයි අපට කිව නොහැ­කිය. ඒ සඳහා නිවැ­රදි දේශ­පා­ලන ගම­නක් යා යුතුය. ඒ සඳහා විශාල බුද්ධි­මය අව­බෝ­ධ­යක්, ඥාන සම්භා­ර­යක්, නිවැ­රදි කිය­වී­මක්, සාක­ච්ජා­වක් සහ තේරුම් කර­ගැ­නී­මක් තිබිය යුතුය. මැති­ව­රණ ව්‍යාපා­ර­යක් කිරී­මට අද මුදල් තිබිය යුතුය. මුදල් මත සියල්ල තීන්දු වීම ඇතුළු වෙනත් දේශ­පා­ල­නික කාරණා මත සියල්ල තීර­ණය වීම කන­ගා­ටු­වට කරු­ණකි. පාර්ලි­මේ­න්තු­වට යා යුතුයි කියන පිරිස සම්බ­න්ධ­යෙන් මතය නිවැ­රදි විය යුතුයි කියා කීවද එය සිදු නොවීම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මහ මිත්‍යා­වක් ලෙස මම දකිමි. මේ තත්ත්වය මත "හොඳ නියෝ­ජි­ත­යන් දීපල්ලා" කීමෙන් පලක් නැත. ඒ සංවාද තුළ ඇත්තේ කුඩු­කා­ර­යන්ට, වැරදි කරන මිනි­සුන්ට පාර්ලි­මේ­න්තු­වට පැමි­ණී­මට උදව් කරන පිරි­සක් මෙව­රත් සිටින බවයි. එවැනි අයට උදව් කරන පිරි­සම පාර්ලි­මේ­න්තු­වට අත්‍ය­වශ්‍ය කාන්තා නියෝ­ජ­න­යට මඟ අහු­ර­මින් කාන්තා­වන් පාර්ලි­මේ­න්තු­වට පැමි­ණීම වැළැ­ක්වී­මට උත්සාහ දරන ආකා­රය ද අපි දුටු­වෙමු. සුදු­සු­කම් පිළි­බඳ කතා කිරී­මේදී උගත්, බුද්ධිත් කියන කාර­ණා­වට නිර්ණා­යක නොමැති අතර දේශ­පා­ල­න­යේදී අපට අත්‍ය­වශ්‍ය වන්නේ පරි­ඥා­නය, අත්දැ­කීම් සහි­තව ජන­තාව වෙනු­වෙන් අවං­කව වැඩ කරන පිරි­සකි. අවංක බව,

රටේ සම්පත් පාවිච්චි කරන ආකා­රය මෙන්ම අනෙ­කුත් රට­වල් දියුණු වීමට හේතු සහ එවැනි සැලැ­සුම් ගැන ඔවුන් දැන සිටිය යුතුය. චීනයේ සිටින්නේ බුද්ධි­ම­තුන්ම නොවු­ණද චීනය, කොරි­යාව වැනි රට­වල් සිටි­නුයේ කොතැ­න­කද යන කාර­ණාව ඉතා වැද­ගත්ය. අපේ විශ්ව­වි­ද්‍යා­ල­වල බුද්ධි­ම­තුන් කියන අයගේ ඥන සම්භා­රය අද උකහා ගනු ලබන්නේ කව­රෙක්ද යන්න ද මතු­කළ යුතු තවත් වැද­ගත් සාධ­ක­යකි. සංස්කෘ­තිය, ආර්ථ­කය වැනි වැද­ගත් කාරණා ගැන කතා කිරී­මට ඒ විෂ­යය හැදෑරූ අය විය යුතුය. නමුත් ඒ විෂ­යන් සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරී­මට එවැනි ප්‍රවී­ණ­යන්ට ඉඩ හසර ලැබී තිබේද යන්නද ඉතා වැද­ගත් කරු­ණකි. ජන­ප්‍රිය නළු නිළි­යන් සහ නොසු­දු­ස්සන් දමා­ගෙන රංගන කරන තත්ත්ව­යට අද පත්වී ඇත. සිදු­විය යුත්තේ ඒ ඒ ක්ෂේත්‍ර­වල සුදු­සු­කම් ඇති පිරිස් ස්ථාන­ගත කිරී­මයි. මේවා විනි­විද දැකිය යුතු ප්‍රශ්න ලෙස සැල­කි­ල්ලට ගත යුතුය. එවැනි දේවල් වෙනස් කිරී­මට දරන ක්‍රියා­දා­ම­යට අප ආශි­ර්වාද කරනු ලබන අතර එක්තරා තැන­කදී විවේ­චන ද එල්ල කළ යුතුය.

ජන­තාව කැමති, හොඳ පෞරු­ෂ­යක් සහිත නාය­ක­ත්ව­යක් අද අපට ලැබී ඇත. ජේ.ආර්. විසින් දිය­කර හරින ලද වත්මන් පාර්ලි­මේ­න්තුවේ සිටින බහු­තර පිරිස අඥා­න­යන්ය. මේ ක්‍රමය වෙනස් කළ යුතුය. කොල්වින් ආර්. ද සිල්වා, ඇන්. ඇම්. පෙරේරා, ලලිත් ඇතු­ළ­ත්මු­දලි වැනි ඥාන ගබඩා අද පාර්ලි­මේ­න්තුවේ නැති තරම්ය. සිටි­යත් ඒ අයගේ ඥාන සම්භා­ර­යන් ප්‍රායෝ­ගි­කව උකහා ගනු නොල­බයි. පුටු විසි කරන, පොත් සහ මිරිස් කුඩු ගහන සංස්කෘ­ති­යක් රටේ නීති සම්පා­දක ආය­ත­නය තුළ ඇති­වීම ඉතා ඛේද­නී­යය. එබැ­වින් අප විශාල පරි­ව­ර්ත­න­ය­කට යා යුතුය. මේ දේශ­පා­ලන ධාරාවේ විශාල වෙනස් වීමක් හෝ නැවත කිය­ වී­මක් සඳහා බල­පෑ­මක් කිරී­මට හැකි පිරි­ස­කගේ බල­පෑ­මක් හෝ වෙනස් කිරීමේ ක්‍රියා­දා­ම­යක් අද වන­වි­ටත් නැත. නව කණ්ඩා­ය­ම­කගේ ආග­ම­න­යක් සිදු වේ නම් ඒ අය යළි පාර්ලි­මේ­න්තුව තුළ දියවී යයිද යන කරුණ ද මෙහිදී මතු වෙයි. සිංග­ප්පු­රුව, කොරි­යාව වැනි රට­වල් කොත­රම් දුරට දියුණු වීද, සැල­සුම් කොත­රම් ද යන කරුණු තුළින් දක්නට ලැබෙන්නේ ඔවුන් විද්‍යා­ත්මක පද­න­ම­කින් ගමන් කරන බවයි. ඒ රට­ව­ල්වල ව්‍යපෘති පිළි­බඳ සැල­සුම් කාල­සී­මා­වන් සහ ඉලක්ක ඇත. නමුත් අපේ රටේ සමහර ව්‍යාපෘති කවදා පටන් ගන්න­වාද කවදා අව­සන් වෙන­වාද යන කරුණු ගැන සඳ­හ­නක් හෝ නැත. දේශ­පා­ලන මත­වාද සහිත එක් එක් විශ්ව­වි­ද්‍යාල හෝ වෙනත් ආය­ත­න­වල ඇදු­රන් හදන සැල­සුම් ඉදි­රි­යට ගෙන යෑමේ සංස්කෘ­තිය අප වෙනස් කළ යුතුය. එය අති­ශ­යින් අසා­ර්ථක, රටට අහි­ත­කර ක්‍රම­යකි. පැරණි චින්තන වෙනස් වන්නේ නැතිව මේ රට දියුණු නොවන බව ඉතා පැහැ­දි­ලිය.

උගත් බුද්ධි­මත් සංක­ල්පය සහ පාර්ලි­මේ­න්තුව වෙනස් විය යුතුයි යන ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අද­හස පාර්ලි­මේන්තු ඉති­හා­සයේ මෙතෙක් නොකි­ය­වන ලද ඉතා හොඳ අද­හ­සකි. ඒ සැලැ­සුම් ක්‍රියා­ත්මක කිරී­මට අව­ස්ථා­වක් උදා කර­ගත යුතුය. පාර්ලි­මේ­න්තු­වට පැමි­ණිය යුතු පිරිස සංවි­ධා­නය කරන පිරිස එම වෙනස කිරී­මට සහාය දිය යුතුය. හොඳ පිරි­සක් පාර්ලි­මේ­න්තු­වට යැවිය යුතුයි කියන කාර­ණා­වේදී සහ රට ගැන හිතන පිරි­සක් තෝරා­ගත යුතුයි යන කාර­ණා­වේදී ඒ ඒ ක්ෂේත්‍ර­ව­ලට පත් කිරීම සඳහා ක්‍රම­වේ­ද­යක් තිබිය යුතුය. නමුත් මේ පව­තින ක්‍රමය වෙනස් කළ යුතුය. බොරු­කා­ර­යන් ඉවත් වී නව මත­වා­ද­යන් දරන පිරි­ස­කගේ ආග­ම­න­යක් සිදු වුව­හොත් අප එයට ආශි­ර්වාද කළ යුතුය. බුද්ධි­මත්, උගත් යන කාර­ණාව මෙන්ම නව කණ්ඩා­ය­මක් පත්විය යුතුය යන කාර­ණා­වේදී ලෝකය දකින, රට ගැන සිතන කණ්ඩා­ය­මක් පාර්ලි­මේ­න්තු­වට යැවිය යුතුයි යන අද­හසේ මෙරට ප්‍රග­ති­ශිලී ජන­තාව සිටින බව අපි දනිමු.

රටේ බහු­ත­ර­යක් රටේ වත්මන් නාය­ක­ත්ව­යට ඉතා ප්‍රියය. රට නිවැ­රදි දිශා­න­ති­යට යා යුතු බව කියන යාන්ත්‍ර­ණ­යට අප සහාය දිය යුතුය. නමුත් මෙම ගමන යෑමට බාධක විශාල ප්‍රමා­ණ­යක් ඇති අතර එය ජය­ග්‍ර­හ­ණය කිරීම ජනතා ජය­ග්‍ර­හ­ණ­යක් ලෙස මම දකිමි. එය ජය­ග්‍ර­හ­ණය කිරී­මට නොහැ­කි­වු­ව­හොත් මේ රටේ අභා­ග්‍ය­යකි. ජන­තාව විසින් තෝරන මිනි­සුන් ඉදි­රි­යට ගැනීම ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යයි. සංවි­ධා­ය­ක­යන් තෝරන මිනි­සුන් නොව ජන­තා­වට නියෝ­ජි­තයා තෝරා ගැනී­මට ඉඩ හසර ලබා­දිය යුතුය. තම ප්‍රදේ­ශයේ වැඩ කර­න්නට හැකි කණ්ඩා­යම කව­රෙක්ද යන්න තීර­ණය කළ යුත්තේ ජන­තා­වයි. නමුත් දැන් ජන­තාව හමු­වට එවන නියෝ­ජි­ත­යන් තේරීම සිදු කරන්නේ සංවි­ධා­ය­ක­යන්ය. පාර්ලි­මේ­න්තු­වට යා යුත්තේ ඔවුන් තෝරන අය නොව ජන­තා­වට අවශ්‍ය අයයි. පත්වීම් දෙන ආකා­රය සහ පර­ම්ප­රා­ගත දේශ­පා­ල­නය ද වෙනස් විය යුතුය. ජන­තා­වට වෙනු­වෙන් වැඩ කරන, ස්වාධීන, ප්‍රග­ති­ශිලී අද­හස් දරන මිනි­සුන් සිටින අතර සම්මත දේශ­පා­ලන පක්ෂ­ව­ලට අම­ත­රව ස්වාධීන දේශ­පා­ලන කණ්ඩා­ය­ම්වල නියෝ­ජි­ත­යන්ට පාර්ලි­මේ­න්තු­වට පැමි­ණී­මට ඉඩ තිබිය යුතුයි. ප්‍රධාන ධාරාවේ පක්ෂ අද විශාල වශ­යෙන් විනා­ශ­යට පත් වී ඇත. පක්ෂ නාම­ව­ලින් පෙනී සිටී­මෙන් පලක් නැත. වෙනත් ජාතික මට්ටමේ සංවි­ධාන බිහිවී ඇති අතර ඒවා ජන­තාව ඉදි­රි­යට පැමි­ණිය යුතුය. පක්ෂ නාම නොව ජන­තා­වට අවශ්‍ය වන්නේ ප්‍රග­ති­ශිලී අද­හස් දරන ජනතා නියෝ­ජි­ත­යන් පිරි­සකි.

Comments