කළු­ත­රට මෙතෙක් ඉටු නොවූ සේවා­වක් කරන්න මම සූදා­නම් | සිළුමිණ

කළු­ත­රට මෙතෙක් ඉටු නොවූ සේවා­වක් කරන්න මම සූදා­නම්

  මාධ්‍යයේ හා දේශ­පා­ල­නයේ බොහෝ සමා­න­කම් තියෙ­නවා. ඔබ එය හඳු­නා­ගෙන තිබෙ­න­වාද?  

ඇත්ත­ටම ඔබ කියූ ආකා­ර­යට ‍මම මාධ්‍ය­ක­රු­වෙක් විදි­යට දේශ­පා­ල­න­යට යොමු වෙන්නත් එක් හේතු­වක් තමයි මේ දෙක අතර තිබෙන බොහෝ සමා­න­කම්. මාධ්‍ය­වේ­දියා සමාජ ශෝධ­ක­යකු ලෙස කට­යුතු කර­නවා වගේම දේශ­පා­ල­ක­යන් සමාජ ශෝධ­ක­යකු හා සමාජ ප්‍රග­ම­නයේ නිය­මු­වකු ලෙස කට­යුතු කරන්න ඕනේ. මම හිතන්නේ මාධ්‍ය­වේ­දි­යකු ලෙස මම සමා­ජ­යට කරන්න උත්සහ කළ මෙහෙ­වර දෙතුන් ගුණ­ය­කට වැඩි­යෙන් දේශ­පා­ල­න­ඥ­යෙක් ලෙස ඉටු කරන්න පුළු­වන් කිය­ලයි.  

 පව­තින දේශ­පා­ලන සංස්කෘ­තිය තුළ ඔබේ අපේ­ක්ෂාව ඉටු කර­ගන්න පුළු­වන් කියල ඔබ විශ්වාස කර­න­වාද?  

අපේ රටේ විත­රක් නොවෙයි. ලෝකයේ ම දේශ­පා­ල­නය දූෂිත තත්ත්ව­යට පත්වෙලා. නමුත් ඒ අතර ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන් තමන්ගේ කාර්ය අවං­කව ඉටු කර­නවා. මඩ­ගො­හො­රු­වක නෙළුම් මල් පිපු­ණට නෙළුම් මලේ මඩ තැ‍වරෙන්නෙ නෑනේ. ඒ වගේ මම උත්සාහ කරන්නෙ මේ පව­තින දේශ­පා­ලන සංස්කෘ­තිය තුළ අපි අපි­ටම අවං­කව හෘදය සාක්ෂි­යට එක­ඟව කට­යුතු කර­න්නයි. ඒක කරන්න ටිකක් අමාරු වෙයි. එහෙම වුණත් ඒ දේ කරන්න මම කැප වෙනවා.  

 ඔබත් පිළි­ගන්න මේ දූෂිත දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කරන්න බැරිද?  

ඇත්ත­ටම බැරි කමක් න‍ෑ. ඒකට ඉව­සී­මෙන් හා උප­ක්‍ර­ම­ශී­ලීව කට­යුතු කරන්න ඕනේ. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ දැන­ට­මත් ඒ සඳහා එතු­මාගේ කට­යු­තු­ව­ලින් ම ආදර්ශ සප­ය­මින් ඉන්නවා. එතුමා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ­දී­වත් ඉන්ප­සු­ව­වත් තමන්ගේ විරු­ද්ධ­වා­දීන් විවේ­ච­නය කරලා අතීත වැර­දි­ව­ලට ඔවුන්ට ඇඟිලි දිගු කරලා කාලය කා දමන්නෙ නෑ. ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් තමන්ගේ ප්‍රති­ප­ත්තිය ගැන ජන­තාව දැනු­ම්වත් කර­මින් ඒ අනුව කට­යුතු කර­මින් රට­ටත් ජන­තා­වත් නිවැ­රැදි සංව­ර්ධන මාව­ත­කට ගෙන එන්න උත්සාහ කර­නවා. මේ මැති­ව­ර­ණ­යේදී අපි ජන­තා­ව­ගෙන් ‍ඉල්ලන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඒ උත්සා­හ­යට සහය දෙන්න කිය­ලයි. එහෙම වුණොත් දේශ­පා­ලන ආර්ථික සමා­ජ­යීය සංස්කෘ­තික, අධ්‍යා­ප­නික යන මේ හැම ක්ෂේත්‍ර­ය­කම විශාල වෙන­ස්කම් ඇති කරලා රට නිද­හස් නිව­හල් ස්වෛරී සෞභා­ග්‍ය­වත් රටක් බවට පත් කිරීමේ දැවැන්ත කාර්යය මල්ඵල ගන්වා ගන්න පුළු­වන්.  

 පොරොන්දු දේශ­පා­ල­න­යෙන් එහා ගිය ප්‍රති­පත්ති දේශ­පා­ල­නය තුළ ඔබගේ අනා­ගත අපේ­ක්ෂාව කුමක්ද?

ඇත්ත­ටම ‍මම දේශ­පා­ල­න­යට ඇවිල්ල කළු­තර දිස්ත්‍රි­ක්කය තෝරා ගත්තේ මේ දිස්ත්‍රි­ක්කයේ ජන­තාව මුහු­ණදී ඇති ගැට­ලු­ව­ලට විස­ඳු­මක් දෙන්න පුළු­වන් කියල හිතා­ගෙ­නයි. අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ ආශි­ර්වා­ද­යෙන් කළු­තර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කරන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේ කණ්ඩා­යම සමඟ එකතු වෙලා කළු­තර ජන­තාව ගේ ඇත්ත ප්‍රශ්න­ව­ලට විස­ඳුම් හොයන්න ඕනේ. මම විශ්වාස කර­නවා අපිට මේ මැති­ව­ර­ණ­යෙන් ජය­ගෙන කළු­ත­රට මෙතෙක් ඉටු නොවූ සේවා­වක් කරන්න පුළු­වන් කියලා. මොකද මම දන්නවා අග­මැති ජන­පති දෙදෙ­නාම කළු­තර ගැන වැඩි අව­ධා­න­යක් යොමු කරලා මේ දිස්ත්‍රි­ක්කයේ ජනතා ප්‍රශ්න විස­ඳන්න පිය­වර ගන්නවා කියලා.  

 කළු­තර දිස්ත්‍රි­ක්කයේ සංචා­රක කර්මා­න්තය නංවා­ලන්න ඔබට වැඩ­පි­ළි­වෙ­ළක් තියෙ­න­වාද? 

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ගේ සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­ප­ත්තිය ඇතුළෙ මෙරට සංචා­රක කර්මා­න්තය දියුණු කිරීම පිළි­බද ප්‍රායෝ­ගික මඟ­පෙ­න්වීම් කරලා තියෙ­නවා.ඒ අනුව මුළු රටේම සංචා­රක කර්මා­න්තය දියුණු කරන්න රජය සැල­සුම් සකස් කරද්දී අපිත් ඊට මැදි­හත් වෙලා කළු­තර සංචා­රක කර්මා­න්තය නැවත නඟා සිටු­වන්න අපි මැදි­හත් වෙනවා.ඒ වාගේම කොවිඩි 19 වසං­ග­තය නිසා අපේ රටේ කෘෂි­ක­ර්මය නැවත පුන­ර්ජී­ව­යක් ලැබුවා. මේ තත්ත්වය දිග­ටම පවත්වා ගෙන යන්න අපි ස්ථිර­සාර වැඩ පිළි­වෙ­ලක් හද­නවා. ඒ වාගේම කළු­තර මැණික් කර්මා­න්තය හා සුළු හා මධ්‍යම පරි­මා­ණයේ කර්මාන්ත වැඩි දියුණු කරල දිස්ත්‍රි­ක්කයේ උගත් තරුණ තරු­ණි­යන්ට රැකියා අවස්ථා සුලබ කර­න්නත් අපි පිය­වර ගන්නවා.

 ඔබ ඔය කියන කොයි දේ කර­න්නත් පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය ලබා ගන්න ඕන. ඔබේ තක්සේ­රුව අනුව දිව­යි­නේම කොප­මණ ආසන ප්‍රමා­ණ­යක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට ලබා ගන්න පුළු­වන්ද?

බහු­ත­රය ගැන නොවෙයි අපේ තක්සේ­රුව තිබෙන්නේ. අපි මේ මැති­ව­ර­ණ­යෙන් තුනෙන් දෙකක බල­යක් ලබා ගන්නවා.ඒකයි අපේ තක්සේ­රුව. සම­හරු  කිය­නවා අපිට තුනෙන් දෙකක බලය ලබා ගන්න බෑ කියල. නමුත් 2018 පළාත් පාලන මැති­ව­ර­ණයේ ප්‍රති­ථල හා 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල සංස­න්ද­නා­ත්ම­කව බලල අපිට පුළු­වන් නිග­ම­න­ය­කට එන්න. ඒ මැති­ව­ර­ණ­වල ප්‍රති­ඵල අනුව අපි මෙවර අනි­වා­ර්ය­යෙන්ම පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බලය ලබා ගන්න­වා­මයි.

Comments