
පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව සහ දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයට වන සූදානම කවරාකාරද?
මෙවර මැතිවරණයට පෙර කවරදාකවත් නොමැති උද්යෝගයක්, උනන්දුවක්, අප දිස්ත්‍රික්කයේ ජනතාව අතරින් මෙවර පිළිබිඹු වීමක් දක්නට ලැබෙනවා. එය දේශපාලන නායකත්වයන් හා අපේකෂකත්වයන් දරන අපටද මහත් අස්වැසිල්ලක් වී තිබෙනවා. විවිධ ජන වර්ග හා විවිධ රැකියා කටයුතු වල නියැළී තම ජීවනෝපායන් කරගෙන යන අප ප්‍රදේශයේ ජනතාවට මෙම මහ මැතිවරණය විශේෂත්වයක් වී තිබෙන්නේ ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ එකමුතුවෙන් ශක්තිමත් රජයක් පිහිටුවාලීමට ඔවුන් පෙරටත් වඩා මෙවර දායකත්වයක් ලබාදීමට දරන වෙහෙසයි. එය මෙම මැතිවරණයෙදී මුළු දිස්ත්‍රික්කය පුරාවටම ප්රගතිශීලී ජනතාව පෙන්නුම් කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ යහපාලන රජයේ සහ හිටපු මැති ඇමතිවරු හා අන්තවාදී මුස්ලිම් අපේක්ෂකයන් මෙවර පරාජය කිරිමට ඔවුන් පෙළ ගැසී සිටීම මෙම මැතිවරණයේ විශේෂ වූ කාරණාවක්.
මුස්ලිම් අන්තවාදී කොටස් යළි නැඟිටීම ඔබ දිස්ත්රික්කයෙන්ම යළි ඉස්මතු වීමට බලපෑ කරුණු කවරේද?
පළමුව මා සඳහන් කර යුතුයි කුමන අන්තවාදී ජාතිවාදී කොටසකට වුවද යළි මෙරට තුළ නැඟී සිටීමට කුමන අයුරකින් හෝ නොදි යුතු වග. සහරාන්ගේ අන්තවාදි මුස්ලිම් කල්ලිය පුත්තලම් දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට නැඟී සිටි අයුරු අප දැන් මනාව සවිස්තරව වටහා ගෙන තියෙනවා. පාස්කු ප්‍රහාරය හමුවේ යහ පාලන රජයේ ආරක්ෂක දුර්වලතා ගැන දැන් මුලු රටම විවිධ ජනමාධ්‍ය ඔස්සේ විකාශනය වන ජනාධිපති පරික්ෂණය ඔස්සේ කරුණු වටහා ගනිමින් සිටී- දහස් ගණන් ඔත්තු සේවා වාර්තා හා ආරක්ෂක මණ්ඩල වාර්තා තුලින් විවිධ වාර ගණන් වල යහපාලන රජයේ වගකිව යුතු නිළධාරින්ට වගකිව යුතු දෙශපාලන නායකත්වයට දැනුම් දී තිබුණත් ඔවුන් එයට කිසිදු සාර්ථක ආරක්ෂිත වැඩ පිළිවෙලක් නොයෙදීම හේතුවෙන් සිදුවූ අහිංසක මනුස්ස ඝාතන සංඛ්‍යාවට එම යහපාලන රජය සෘජුවම වග කිව යුතුයි.
කලවච්චිකුඩි ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදින් විසින් කරන ලද පිපිරිම් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිලිම කඩා දමමින් තැනින් තැන ඉතා කුඩාවට පටන් ගත් සහරාන්ගේ අන්තවාදි මුස්ලිම් ත්‍රස්ත්‍ර ක්‍රියාවන්ට අප ප්‍රදේශයේ මුස්ලිම් දේශපාලන නායකත්වයන් අනුබල හා උදව්වන් දුන් බව දැන් රටේ ජනතාව දන්නවා. යහපාලන රජයෙන් පළමු වතාවට අමාත්‍යධුරයෙන් ඉවත් වීමේ පළමු වෙඩි මුරය තැබීමට ඔබට හේතු වු කරුණු
ඔව්, මම තමයි එම තීරණය ගත් පළමු අමාත්‍යවරයා. මම එම රජයට එකතු වන්නේ අපේ පක්ෂය වන ශ්‍රිලනිපයේ පොදු එකඟතාවයට හිස නමමින්. නමුත් කෙටි කාලයකින් මට වැටහෙනවා යහපාලන රජය ගමන් ගන්නා මාවත රටට ජාතියට නොගැළපෙන දේශද්‍රෝහි මාවතක බව. මම ඒ පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටත් එම රජයේ වගකිව යුතු දේශපාලන නායකත්වයට පළමුව විරෝධය පා හඩ නගන්නේ රටේ ජනතාව වෙනුවෙන්. මම මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට පෞද්ගලිකව කීප වතාවක් වරින් වර කරුණු කාරණා කියා පෑවත් ඔහු ඊට නිසි පිළිතුරක් ලබා දුන්නේ නෑ. ඔහු ඒ අවදියේ සිටියේ දැඩි මහින්ද රාජපක්ෂ විරෝධි ප්රවේශයකට යොමු වෙලා. මම දිගින් දිගටම පැවසුවා මෙම යහපාලනය දීගය අපේ රටට නොගැළපෙන බවත් මහින්ද රාජපක්ෂයන් සමඟ යළි එකමුතුව අපේ රජයක් පිහිටුවා ලීම මෛත්‍රි ජනාධිපතිවරයා විසින් කළ යුතු බවත්. ඊට අමතරව එම යහපාලන රජය දැඩි ලෙස මා විවිධ මාධ්‍ය ඔස්සේ විවේචනය කරමින් රටේ ජනතාවට ඔවුන් කළ හා කිරීමට සැලසුම්කර තිබු දේශද්රෝගි අදහස් සහ ක්‍රියාවලි මම රටට පහදා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස මා එම රජයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂයන්ගේ එනම් විපක්ෂයේ පාර්ලිමේන්තුවේ අසුන් ගත්තා. ඒ නැගීටි යහපාලන රජයට එල්ල කළ පළමු වෙඩි මුරය. යහපාලන රජය විසුරුවා හැර යළි මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ලෙස යළිත් පත්කිරීමෙන් එම ඉල්ලීම ඉටු වුණා. මටද මේ පිළිබඳව පෙෘද්ගලිකව ආඩම්බරයක් තියෙනවා; එම යහපාලන රජය දෙදරවන්න පළමුවෙන්ම කටයුතු කළ පුද්ගලයා වශයෙන්.
2010/2015 මහින්ද රජපක්ෂ රජය විසින් ආරම්භ කර කල්පිටිය සංචාරක ප්‍රවර්ධන කලාපය අතරමග නතර කළ බව ඇත්තද ?
කල්පිටිය සංචාරක කලාපයක් ලෙස සියලු යටිතල පහසුකම් සමග ආරම්භ කිරිමට යෝධ සංවර්ධන ව්‍යාපාරයක් ලෙස මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළා. නමුත් එය අපි සිතා ගත් පරිදි යහපාලන රජය මගින් එයට දැනෙන සුලු දායකත්වයක් ලබාදුන්නේ නැහැ. එහි සංවර්ධන කටයුතු එම පස් වසර තුළ ඉතා මන්දගාමීව සිදු වුවා. මට කියන්න සතුටුයි, මම සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජයේ සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙනුත් මෙම සංචාරක කලාපයට කළ හැකි සෑම දායකත්වයක් ම ලබාදුන්නා. එම කාලය ඇතුළත මෙම කල්පිටිය සංචාරක කලාපය සංවර්ධනය කර අපේ දිස්ත්‍රික්කයට වැඩි රැකියා අවස්ථා සහ වක්‍ර රැකියා අවස්ථා ලබාදීමට සෑම උත්සාහයක්ම ගනු ලැබුවා.
මෙම මැතිවරණයේදි පුත්තලම් දිස්ත්‍රික්කයේ ඔබ පක්ෂය ලබාගන්නා ජයග්‍රහණය පිළිබඳව සහ ඉදිරි කටයුතු පිළිබඳව කතාකළොත්
අනිවාර්යෙන්ම අපි විශිෂ්ට ජයග්‍රහණයක් මෙවර පුත්තලම් දිස්ත්‍රික්යෙන් ලබා ගන්නවා. ජනතාව එයට තම ඡන්දය ගෝඨාභය රාජපක්ෂයන්ට ලබා දෙන බව විශ්වාසයි. සමස්තයක් වශයෙන් 3/2 බලයක් ලබාදී විනාශකාරී ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව වෙනස් කොට මෙරට ජනතාවට සාමයෙන් සහජීවයෙන් ජීවත් විය හැකි ආණ්ඩු බලයක් ලබා ගැනීම සහ ලබාදීම සඳහා අගෝස්තු මස 5 වන දින තෙක් මග බලා සිටින බව මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටින අප හට දැක ගත හැකි දර්ශනයක්.