හතර වටේ ගොසිප් | සිළුමිණ

හතර වටේ ගොසිප්


 

දිය­ව­න්නා­වට නිත­ර­ඟ­යෙන් යන්න හදන බදුල්ලේ කට­කා­ර­යාට කර­ද­ර­යිලු

 

කොළ පාටියේ ගොඩක් වැඩ දාලා බදුල්ල පළා­තෙන් දිය­ව­න්නා­වට පැන ගන්න හාදයා කාටත් මත­ක­යිනේ.

එයා නිල් පාටිය පැත්තට සෙට් වෙන්න කාල­යක් දැඟ­ලුව කිය­ලත් කිය­නවා. මෑන් කොහො­මත් පනින්න හරිම දක්ෂයි. ඒ නිසාම දැන් පුතාණෝ එක්ක කරේ අත දාගන්න ගම­න්ම­යිලු. පුතාණෝ රජ්ජු­රුවෝ හැටි­යට රට වැසියා තෝරා­ගන්නා දව­සට තමන් අනි­වා­ර්යෙන් ම යුව රජ හැටි­යට කිරුළු දරන බව තමයි මේ හාදයා නිතර නිතර තමන්ගේ ළඟ ඉන්න ඇත්තන්ට කිය­නවා කියන්නේ. බදුල්ල දිහාට සුරූ­පි­නි­යක් තරග කරන නිසා බදුල්ල පැත්තේ වැඩියේ කරක් ගහන්න මෑන් කැමති නැතිලු.

කොහොම ‍වුණත් තරග නොකර පුතා­ණෝගේ පානෙන් මේ සැරේ දිය­ව­න්නා­වට පනින්න මෑන් ලෑස්ති වෙච්ච නිසා පුතා­ණෝගේ පාටියේ නිතර නිතර මෑන්ට කැපිලි තිය­නවා කිය­ලයි ආරං­චිය.

 

දේශ­පා­ලන නාය­කයන් නිව­සට එන­විට ක්‍රිකට් ක්‍රීඩ­කයා සැඟ­විලා

 

ශ්‍රී ලංකාව ක්‍රික­ට්ව­ලින් බැබ­ළවූ ක්‍රීඩ­ක­යන් කිහිප දෙනෙ­කුම පසු­ගිය කාලේ දිය­ව­න්නාව පැන්න කියල රට වැසි­යන්ට හොඳ­ටම මත­ක­යිනේ. ඒ අතර සිටි බොහෝ දෙනෙකු කාටත් නොකි­යාම දිය­ව­න්නා­වෙන් එළි­යට ඇවිත් රට පාල­නය ගැන වච­න­ය­ක්වත් කතා නොකර සිටි­න්නට වග බලා ගත්තලු. ඒ වෙන කිසි­වක් නිසා නොවෙයි. දිය­ව­න්නාවේ ඇතු­ළ­තදී මෙන් ම පිට­තදී වන වංචා දූෂණ ඉව­ස­ගන්න බැරි­වයි කියලා බොහෝ දෙනෙක් කියන්නේ.

මෙවර මැති­ව­ර­ණය ආරම්භ කිරී­ම­ටත් කලින් ක්‍රිකට් මහ­ත්ත­යෙක් දිය­වන්නා සට­නට එනවා කියලා ජන­මාධ්‍ය, සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නිතර කතා කරාලු. හැබැයි දැන් ඒ ක්‍රීඩ­කයා හොයා­ග­න්නත් නැහැයි කිය­ලයි කියන්නේ.

ප්‍රධාන පාටි­වල ලොකු ලොක්කෝ හරි හරි­යට මෑන්ව හමු­වෙලා. දේශ­පා­ලන වේදි­කා‍වට එන්න කිව්වට මෑන් එන්න කැමැති නැතිලු.

ගාල්ලේ මනාප සටන මුහුණු පොතින් ඇවි­ළෙයි

 

ගාල්ල පළාතේ වැද­ගත් යැයි කියා කියා ගන්නා හතර පස් දෙ‍නකුම මේ දින­වල මනාප පොරේට ලොකු ලොකු ගේම් ගහ­නවා කිය­ලයි ආරං­චිය. දිය­ව­න්නාව කලක සිට නියෝ­ජ­නය කරපු කිහිප දෙනෙ­කුම මේ සටන නිසා මුහුණ බලන්නේ නැතැයි කිය­ලයි කියන්නේ.

පොහොට්ටු පාටියේ දැවැ­න්ත­යන් ලෙස පෙනී සිටින හිටපු දිය­වන්නා සාමා­ජි­ක­යින් මෙලෙස ඇණ කොටා ගන්නා බව මහ­ර­ජු­ටත්, යුව­ර­ජු­ටත් කන වැටි­ලාලු. මේ සැට් එක සැට් කරන්න ලොකුම තැනින් නොයෙක් ක්‍රියා­මාර්ග ගත්තත් ඒවා අසා­ර්ථ­කයි කිය­ලයි ගාල්ල පැත්තේ ඇත්තෝ කියන්නේ. නිල් පාටි­යට ගොස් නැවත පොහොට්ටු පාටි­යට පැමිණි බව කිය­මින් හිටපු දිය­වන්නා සාමා­ජි­ක­යෙ­කුට හොඳ­ටම පහර දෙනවා කියලා මුළු ගාල්ලම දන්න­වලු. මේ අතර පොහොට්ටු පාටියේ ප්‍රබ­ල­යින් දෙදෙ­නකු සහ තවත් හිටපු දිය­වන්නා සාමා­ජි­ක­යකු අතර මුහුණු පොතින් මහා යුද්ධ­යක් ආරම්භ කර ඇති බව ගාල්ල පැත්තේ තරුණ තරු­ණි­යන් නිතර කිය­නවා කිය­ලයි ආරං­චිය. මේ වෙනු­වෙන් මුහුණු පොතේ දස දහස් ගණන් මඩ ප්‍රචාර ප්‍රචා­රය තර­නවා කිය­ලත් බොහෝ දෙනා කතා වෙන­වලු.

 

බදුල්ලේ නිළියට සද්දේ වහල ඉන්න කියයි

 

දිය­ව­න්නා­වට, එක එක විදි­යට රඟ­පාන නළු නිළි­යන් ඇතුළු වුණානේ. මේ කිසි­වෙක් කලා­කා­රි­යන්ට කිසිදු සේව­යක් නොක­රන බවයි වැඩි­හිටි ශිල්පීන් බොහො­ම­යක් කියන්නේ. ඒ වගේ ම තවත් නළු නිළි­යන් රැසක්ම කලා­වට සේව­යක් කරන බව පව­ස­මින් දිය­ව­න්නා­වට පැමි­ණි­යාට කිසිදු දෙයක් තමන්ට ඒ වෙනු­වෙන් කිරී­මට නොහැකි බව දිය­ව­න්නා­වෙන් නික්මුණු පසු ප්‍රකාශ කරන බව තවත් කලා­ක­රු­වන් රැස­කගේ ම මත­යයි. මෙවර බදුල්ල පැත්තෙන් දිය­ව­න්නා­වට රංගන ශිල්පි­නි­යක් පැමි­ණෙ­නවා කිය­ලයි ඒ පළා­තෙන් ආරං­චිය.

ජන­ප්‍රිය රංගන ශිල්පි­නි­යක් නිසා ඇයත් කලා­වට බොහෝ දේ කර­නවා කියලා වේදි­කා­ව­ලදී කිය­න­වාලු. සුරූ­පි­නි­යගේ කටේ බ්‍රේක් නෑ කිය­ලයි ආරං­චිය. ඇය පොහොට්ටු පාටියේ ජ්‍යෙෂ්ඨ­යන්ට හානි වන අයු­රින් නොයෙක් ප්‍රචා­ර­යන් සිදු කර­නවා කියල ඒ පාටියේ ජ්‍යෙෂ්ඨ­යන් බොහෝ දෙනකු යුව රජුට පැමි­ණිලි කරල කිය­ලත් ආරං­චියි. දිය­ව­න්නාව නියෝ­ජ­නය කරපු තරුණ මන්ත්‍රී­වරු කිහිප දෙනෙක්ම සුරූ­පි­නි­යට කට වහන්න කියලා සද්ද­යක් දැම්මලු.

 

ඇමෙ­රි­කාවේ නව ජනා­ධි­පති ඔසාමා බිල්ලා­ඩන් බව රතු පාටිය කියයි

 

දිය­ව­න්නා­වට තරග වැදුණු රතු පාටියේ අය හැම­දාම හොඳ වින­යක් ඇතිව තරග කරා කියල රටේ ජන­තාව අතර ප්‍රසිද්ධ.

මේ අය කවු­රුත් මනාප පොර­යක නැති බවත් සෑම විටම පාටිය වෙනු­වෙන් කට­යුතු කරන බවත් රතු පාටියේ නාය­ක­යින් නිතර නිතර කිය­නවා කිය­ලයි කියන්නෙ. මේ වන­විට ඒ තත්ත්වය සම්පූ­ර්ණ­යෙන් ම වෙනස් වී ඇති බව රතු පාටියේ ආධාර කරු­වන් අතර කිය­වෙ­න­වාලු. දැන උගත් බුද්ධි­මත් යැයි කියන කාන්තා­වන් රතු­පා­ටිය නියෝ­ජ­නය කර­මින් රූප­වා­හිනී පෙට්ටියේ වැඩ­ස­ට­හ­න­කදී ගොඩක් නාගත්ත කියල මේ දින­වල සමාජ මාධ්‍ය­වල ප්‍රචා­රය වෙනවා කිය­ලයි කියන්නේ.

ඇමෙ­රි­කාවේ ජනා­ධි­පති ඔසාමා බිල්ලා­ඩන් බව මේ කාන්තාව දිගින් දිග­ටම රූප­වා­හිනි වැඩ­ස­ට­හ­නේදී ප්‍රකාශ කරයි කියල රතු­පා­ටියේ ජ්‍යෙෂ්ඨ­යන්ට හොඳ­ටම තරහ ගිහිල්ලා කිය­ලයි ආරං­චිය.

කොළ පාටියේ මූල­ස්ථා­නය නිසා පුතාණෝ දෙලො­වක් අතර තනි වෙයි

 

පුතා­ණෝගේ පාටියේ අභ්‍ය­න්තර ගැටුම් එන්න එන්නම වැඩි­වෙ­නවා කිය­ලයි ආරං­චිය. කොළ පාටියේ මූල­ස්ථා­නය කෙසේ හෝ තමන්ගේ බල­යට නතු කර­ගන්න ඕන­මයි කියලා පුතාණෝ පාටියේ චණ්ඩි කිහිප දෙනෙක්ම පුතා­ණෝට යෝජනා කරාලු.

මේ යෝජ­නා­වට ඒ පාටියේ ම තවත් කට්ටි­යක් දැඩි විරෝ­ධ­තා­ව­යක් දක්වන නිසා පාටින් ඇතුළේ එන්න එන්නම ගැටලු වැඩි වෙලා කිය­ලයි ආරං­චිය. කොළ පාටියේ ඇත්තන්ට ඔවුන්ගේ මූල­ස්ථා­නය තියා­ගන්න කියලා අපි අලුත් මූල­ස්ථා­න­යක් හදමු කියලා පුතාණෝ ළඟින් ම ඉන්න දිය­ව­න්නාව නියෝ­ජ­නය කරපු කට්ටි­යක්ම කිය­න­වාලු.

නෑ අපි කොළ මූල­ස්ථා­නය ඡන්දෙට කලින් අල්ල­ගමු කියලා තවත් නාය­ක­යින් කිහිප දෙනෙ­කුම කිය­නවා කිය­ලත් ආරං­චියි. මේ ගැටුම නිසා පුතාණෝ දෙලො­වක් අතර තනි­වෙලා කිය­ලයි කියන්නේ.

Comments