කර­ව­ටක් මඩේ ගීලි ගෙන දේශ­පා­ල­­ඥ­යන්ට විසිල් ගැසීම | සිළුමිණ

කර­ව­ටක් මඩේ ගීලි ගෙන දේශ­පා­ල­­ඥ­යන්ට විසිල් ගැසීම

මේ දින­වල රටේ බොහෝ පෙදෙස් වල පැවැ­ත්වෙන මැති­ව­රණ රැස්වීම් අම­තන කථි­ක­යන්ගේ වාග් ප්‍රහාර වලින් අපගේ දෙස­වන් පිරී­ගොස් තිබේ. ඒ අත­රින් වැඩි­පු­රම ඇසෙන්නේ ඔවු­නො­වුන්ට එරෙ­හිව නගන අව­ලා­ද­යන්ය. නැත­හොත් චෝදනා ය.

ඊටත් අම­ත­රව එක් එක් පක්ෂ නාය­ක­කා­ර­කා­දීන් විසින් දෙනු ලබන ඡන්ද පොරොන්දු ද ටොන් ගණ­නින් අස­න්නට ලැබේ. සිතන පතන හැම සම්ප­තක්ම ලබා­දිය හැකි කප් රුකක් තමන්ගේ ගෙවත්තේ තිබු­ණත් ඉටු­කළ නොහැකි අන්දමේ පොරොන්දු රාශි­යක්ම ඒ අතර ඇති බවක් ද පෙනෙ­න්නට ඇත. අප මෙතෙක් අත්දැක තිබෙන අන්ද­මට නම් එම පක්ෂ නාය­ක­කා­ර­කා­දීන් එලෙස ගජ­බින්න දෙසා­බාන්නේ තනි­ක­රම ජන­තාව ගොනාට ඇන්ද­වීමේ අද­හ­සිනි. ඔවුන් එසේ කරන්නේ ජන­තා­වගේ කර­පි­ටින් මැති­ස­බ­යට යාමේ අස­හස පෙර­දැරි කර­ගෙ­නය.

ඔවුන් එසේ සිත­න්නේද? ඒ අනුව කිසිම දිනෙක ඉටු­කළ නොහැකි පට්ට­පල් බොරු ඇද­බෑ­මට පෙලඹී සිටින්නේ ද ජන­තා­ව­ගේම වැරැද්ද නිසාය. එනම් මෙරට පාර්ලි­මේන්තු පාලන ක්‍රමය ඇර­ඹුණ දා පටන් රටේ බහු­තර ජන­තාව මේ කපටි දේශ­පා­ල­න­ඥ­යන්ට දිගින් දිග­ටම රැව­ටුණු නිසාය.

දහ­සක් බොරු පොරොන්දු දී ජන­තාව මුලා කර ඔවුන්ගේ වටිනා ඡන්දය ඩැහැ­ගන්නා මේ දේශ­පා­ළු­වන් ඊළ­ඟට කරන්නේ තමන් විසින් ජන­තා­වට දෙන ලද ඡන්ද පොරොන්දු අම­තක කර­දමා තමන්ගේ මඩිය තර­කර ගැනී­මය. රුපි­යල් මිලි­යන ගණ­නින් සහ බිලි­යන ගණ­නින් මහ­ජන මුදල් ගසා­කෑම ඔවුන් සිතන්නේ තමන්ට ජන­තා­ව­ගෙන් ලැබුණු වර­ප්‍ර­සා­ද­යක් ලෙසිනි.

කෙසේ හෝ ජන­තාව රවටා ඡන්දය ලබා­ගෙන ආණ්ඩු බලය ලබා ගන්නා දේශ­පා­ල­න­ඥ­යන් ඉන් අන­තු­රුව වලි­කන්නේ එම වර­ප්‍ර­සාද දිගින් දිග­ටම තමන්ගේ අත රඳවා ගැනී­ම­ටය. විරුද්ධ පක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන්ගේ උත්සා­හය වී ඇත්තේ ආණ්ඩු බලය දර­න්නන් පන්නා දමා එම බලය තමන් වෙත ලබා ගැනී­ම­ටය. මෙර­ටට නිද­හස ලැබුණු දා සිට මේ දක්වා වූ කාලය ගෙවී­ගොස් ඇත්තේ මෙම දේශ­පා­ලන බලු පොරය සඳහා නොවේ­දැයි දැන්වත් සිතා­බැ­ලිය යුතුය. එසේම එක් එක් නම්ව­ලින් හැඳි­න්වෙන දේශ­පා­ලන පක්ෂ කර­පි­න්නා­ගෙන කාල­යෙන් කාල­යට ජන­තාව හමු­වට පැමි­ණෙන මෙම දේශ­පා­ළු­වන් මෙරට ජන­තා­වගේ යහ­පත වෙනු­වෙන් සිදු­කර ඇත්තේ මොන කෙංගෙ­ඩි­ය­ක්දැයි දැන්වත් සිතා බැලිය යුතුය.

බලය ලබා ගැනී­මෙන් පසු තමන් වෙතින් ඉටු­විය යුතු ජාතික මෙහෙ­වර සිතා­ම­තාම අම­තක කරන මේ බල­ලෝභී දේශ­පා­ල­න­ඥ­යන් ඊළ­ඟට මුල්තැන දෙනු ලබන්නේ මහ­ජන මුදල් හැකි­තාක් යටි­මඩි ගසා­ගෙන තමන්ගේ වරි­ගය තර කර ගැනීමේ කර්ත­ව්‍යය වෙනු­වෙනි. තමන්ට පාලන බලය ලබා­දුන් මහ­ජ­න­තා­වට පසුව කොකා පෙන්වන මේ දේශ­පා­ල­න­ඥ­යන්ගේ ඊළඟ අභි­ප්‍රාය වී ඇත්තේ බලය දිගින් දිග­ටම තමන් අත රඳවා ගැනී­මට පිඹු­රු­පත් සැක­සී­මය.

විරුද්ධ පක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් නිර­තු­රුව දත කන්නේ ආණ්ඩුව ගෙදර යවා මස් කෑල්ල කෙසේ හෝ තමන් අතට ගැනී­ම­ටය. මෙම දෙපි­රිස බලය වෙනු­වෙන් ඇණ­කොටා ගන්නවා විනා රටේ පොදු යහ­පත වෙනු­වෙන් යමක් කිරී­මට කිසිදු උන­න්දු­වක් නොදැ­ක්වීම කන­ගා­ටු­දා­යක සිද්ධි­යකි.

මහ මැති­ව­ර­ණ­යක් හෝ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් ආස­න්නයේ දී ඔවුන් හැම දෙනෙ­කු­ටම ඡන්ද පොරොන්දු දෙනු ලබන්නේ ද තම ප්‍රති­වා­දින්ගේ ප්‍රති­ඥා­වන් අබි­බවා යන අයු­රිනි. එක් පක්ෂ­යක් එකක් කියන විට ප්‍රති­වාදී පක්ෂ නාය­ක­යන් කියන්නේ තමන් බල­යට පත්වූ විට ඊට වඩා දෙගු­ණ­යක් දෙන බවය. එහිදී එම දෙපා­ර්ශ්ව­ය­ටම අවශ්‍ය වී ඇත්තේ එකි­නෙකා අබි­බවා යන පරිදි ආක­ර්ෂ­ණීය ඡන්ද පොරොන්දු ලබා­දීම විනා ඒ පිළි­බ­ඳව යථා­ර්ථය පෙන්වා­දීම නොවේ. එවැනි දෑ ගැන අසන අපේ තක­තීරු ඡන්ද­දා­ය­ක­යන් විසිල් ගස­මින් හුරේ දමන්නේ රටක් රාජ්‍ය­යක් ලැබු­ණ­ටත් වඩා සතු­ට­කිනි.

අප ඉහ­තින් දක්වන ලද්දේ කවර අන්දමේ ඡන්ද විම­සී­මක් හෝ පැවැ­ත්වෙන කාල­සී­මා­ව­කදී දකින්නට සහ පෙනෙ­න්නට තිබෙන පොදු යථා­ර්ථ­යයි. මෙතෙක් මේ රටේ බහු­තර ජන­තාව හුරු­පු­රු­දුවී සිටියේ කපටි දේශ­පා­ල­න­ඥ­යන් ගේ බොරු පොරො­න්දු­ව­ලට මුළාවී වැඩි­පු­රම පොරොන්දු ලබා­දෙන දේශ­පා­ලන පක්ෂ නාය­ක­යන් රජ කර­වී­ම­ටය. ඔවුන් එසේ කරන්නේ ‍ෙමදා හෝ තමන්ට යහ­ප­තක් සිදු­වෙ­තැයි යන අහිං­සක අද­හ­සිනි. එහෙත් අන්ති­මේදී සිදු­වන්නේ ජනතා අභි­ම­තා­ර්ථ­යන් යට­පත්වී කෛරා­ටික දේශ­පා­ල­න­ඥ­යන් ඉස්මතු වීමය. කාලා­න්ත­ර­යක් තිස්සේ පැවති මේ දේශ­පා­ලන සෙල්ලම හෙවත් ජන­තාව රැව­ටීම දැන්වත් නතර කළ ­යු­තුය. එසේ නොමැ­ති­වු­ව­හොත් සිදු­වන්නේ ජන­තාව සද­හ­ටම දුකට පත්වී­මය. එහෙ­යින් මහ මැති­ව­ර­ණ­යක් හෝ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් වැනි තීර­ණා­ත්මක ඡන්ද විම­සී­ම­කදී ජන­තාව තීරණ ගත යුත්තේ හද­ව­තින් නොව බුද්ධි­යෙන් සිතා බල­මිනි. දැනුදු එළඹ ඇත්තේ එවන් අව­ස්ථා­වකි.

බො‍රුව කනට ඉතා­මත් මිහි­රිය. එහෙත් සත්‍යය අමි­හි­රිය. එහෙ­යින් අප විසින් කළ යුතුව ඇත්තේ කනට මිහිරි බොරු­වට වඩා අමි­හිරි සත්‍යය පිළි­ගැ­නීම ය.

ඒ අනුව මෙකල විවිධ පක්ෂ වලට අයත් දේශ­පා­ලන වේදි­කා­ව­ලින් කනට ඉතා­මත් මිහිරි හා රස­වත් ඡන්ද පොරොන්දු ගැන අස­න්නට ලැබේ. එහෙත් අප ඒවා පිළි­ගත යුත්තේ එහි ඇති තාර­බර අඩු­කර බුද්ධි­මත්ව සලකා බැලී­මෙන් පසු­වය. අප අතර සිටි සහ සිටින දේශ­පා­ල­න­ඥ­යන් වැඩි දෙනෙකු හුරු­පු­රු­දුවී සිටින්නේ තමන්ගේ ඡන්ද පොරොන්දු එකට හත­කින් වැඩි­කර ආල­ව­ට්ටම් දමා ජන­තාව හමුවේ තැබී­ම­ටය. එහෙත් අප ඒවා පිළි­ගත යුත්තේ හද­ව­තින් නොව බුද්ධි­යෙන් සිතා­බලා එහි ඇති තාර­බර ද හතට එකේ අනු­පා­ත­යට අඩු­ක­ර­මිනි.

එහෙ­යින් කෛරා­ටික දේශ­පා­ල­න­ඥ­යන් තමන්ගේ ඇට නැති දිවෙන් කොතෙ­කුත් බොරු පොරොන්දු දෙනු­ලැ­බු­වද ඡන්ද­දා­ය­ක­යන් ඒවා පිළි­ගත යුත්තේ ඒවායේ ගැබ්වී ඇති යථා­ර්ථය හඳුනා­ගැ­නී­මෙන් පසු­වය. එසේ සිදු නොක­රන තාක් අපේ ජන­තා­වට සිදු­වන්නේ කර­ව­ටක් මඩෙහි ගිලී­ගෙන කපටි දේශ­පා­න­ඥ­යන්ගේ බොරු පොරොන්දු ගැන අසා විසිල් ගස­මින් හුරේ දැමී­මට ය. කාල­යක් තිස්සේ එක­දි­ගට ප්‍රති­රූ­ප­ණය වෙමින් පව­තින මේ මුළා­වට දැන්වත් තිත තැබිය යුතුය.

 

Comments