ශක්ති සම්පන්න රාජ්‍ය­ය­කට අපේම ව්‍යව­ස්ථා­වක් ඕනෑ | සිළුමිණ

ශක්ති සම්පන්න රාජ්‍ය­ය­කට අපේම ව්‍යව­ස්ථා­වක් ඕනෑ

 

කුමා­ර­තු­ංග මුණිදාස ශූරින්ගේ මුණුබුරකු වන ඔබ මෙරට අද පව­තින දේශ­පා­ලන සංස්කෘ­තිය ගැන මොන­වද හිතන්නෙ?

අපේ රටේ අද පව­තින දේශ­පා­ලන සංස්කෘ­තිය නම් ඉතාම නරක දුර්වල තත්ත්ව­යට පත් වෙලා තියෙන්නෙ.මේක කොත­රම් දරුණු පරි­හා­නි­යක්ද කියල අව­බෝධ කර ගන්න තිබෙන හොඳම උදා­හ­ර­ණය තමයි දේශ­පා­ලන පක්ෂ සමා­ජය ඉදි­රියේ කරන ඇතැම් විවේ­චන අවං­කව කරන විවේ­චන බව පෙන්වන්න කරන රඟ­පෑම. අනෙක් කාර­ණය ඉකුත් යහ­පා­ලන නඩය මාදු­ළු­වාවේ සෝභිත නාහි­මි­යන් සමඟ ඇති කර ගත් එක­ඟතා අද වෙන කොට මොකද වෙලා තිබෙන්නේ. අනෙක සම­හර මන්ත්‍රී­ව­රුන් ගේ හැසි­රීම් ගැන කිය­වෙන හඬ­පට සමාජ ගත­වී­මේදි ඉන් ප්‍රද­ර්ශ­නය වූ කරුණු දිහා බැලු­වම අපේ රටේ දේශ­පා­ලන සංස්කෘ­තිය මොන­ත­රමි පිරි­හී­මට ලක්වෙ­ලාද කියල තේරුම් ගන්න පුළු­වන්. සමා­ජය නිවැ­රදි කරන්න ඕන කියල හඬ නඟන අයම නැවත නැවත සමා­ජ­යට වැරදි කරන අයට නාම යෝජනා ලබා දීලා ඔවුන් මහ­ජන නියෝ­ජි­ත­යන් බවට පත් කරන්න ගන්නා උත්සා­හ­යම අපේ දේශ­පා­ලන සංස්කෘ­තිය කොත­රම් පිරි­හි­ලාද කියල පෙන්වා දෙන හොඳ සාධ­ක­යක්.

ඔබත් ගරු­ ක­රන මෙරටේ හැට නම ල­ක්ෂ­යක ජනතා විශ්වා­සය දිනා ගත් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා මේ තත්ත්වය වෙනස් කරයි කියල ඔබ විශ්වාස කර­න­වාද?

ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස ඒ මැති­ව­ර­ණ­යට මුහුණ දෙමින් ප්‍රද­ර්ශ­නය කළ බොහෝ කරු­ණු­ව­ලින් අපේ රටේ බහු­තර ජන­තා­වට විශ්වා­ස­යක් ඇති වුණා එතුමා මේ රටේ දේශ­පා­ලන සංස්කෘ­තියේ පම­ණක් නොව බොහෝ ක්ෂේත්‍ර­යන්හි වෙන­සක් ඇති කරාවී කියලා. ඒ නිසා­මයි එතු­මාට ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කරන්න පුළු­වන් වන්නේ. ඒ වාගේම එතුමා ජය­ග්‍ර­හ­ණය කළාට පසු­වත් මේ දක්වා කට­යුතු කර තිබෙන ආකා­රය අනු­වත් සත්‍ය වශ­යෙන්ම මෙරට දේශ­පා­ලන සංස්කෘ­තියේ විශාල වෙන­ස්කම් රැසක් ඇති කර­මින් ඉන්නවා. ඒ අනුව අපිට ලොකු විශ්වා­ස­යක් තිබෙ­නවා ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා මේ රටේ අපේ අන­න්‍ය­තා­වය රකි­මින් විශාල වෙන­ස­කට යොමු කරයි කියලා.

අපේ රටේ ඩීල් දේශ­පා­ල­න­යත් මේ වෙන කොට ජන­ප්‍රිය මාතෘ­කා­වක් බවට පත්වෙලා. යහ­පා­ල­නය රාජ­ප­ක්ෂ­වරු හොරු කිව්වා. ඔබ­ලාත් යහ­පා­ල­නයේ බහු­ත­රය හොරු කිය­නවා. මේවා චෝදනා විත­රයි. ඉන් එහාට මොකුත් වෙන්නේ නැද්ද?

ඇත්ත­ටම යහ­පා­ලන රජය රාජ­ප­ක්ෂ­වරු හොරු කියලා ඔප්පු කරන්න උත්සාහ කළේ සත්‍ය කරුණු පද­නම් කර ගෙන නොවන බව මේ වෙන කොට ඔප්පු වී තිබෙ­නවා. නමුත් අපි යහ­පා­ල­නයේ බහු­ත­රය හොරු කියල ඔප්පු කරන්න ප්‍රමා­ණ­වත් සාක්ෂි ඉදි­රි­පත් කරලා තිබෙ­නවා. දැන් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා මේ චෝදනා සම්බ­න්ධ­යෙන් අප­ක්ෂ­පා­තීව ස්වාධී­න­ව විම­ර්ශන කට­යුතු කරන්න අවශ්‍ය පසු­බිම සකස් කර දීල තිබෙ­නවා. දේශ­පා­ලන වෛර­ය­කින් හෝ පෞද්ග­ලික කෝන්ත­ර­යක් නිසා­වෙන් බොරු චෝදනා ගොතලා පුද්ග­ල­යන් අප­හ­සු­තා­වට පත් කරන්න ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු නොක­රන බව හොඳ­ටම පැහැ­දි­ලියි. මහ බැංකුවේ හොර­කම ගැනත් පාස්කු ප්‍රහා­රය ගැනත් දැන් ඉතා වැද­ගත් කරුණු හෙළි වෙමින් පව­තින්නේ ඒ පිළි­බ­ඳව කෙරෙන විම­ර්ශන ඉතාම ස්වාධී­නව කෙරෙන නිසයි. මේ විම­ර්ශන අව­සන් වෙන කොට වර­ද­ක­රු­වන් ගැන සමා­ජය දැන ගනීවී. ඒ නිසා අපේ චෝදනා නිර­ප­රාදේ ගොනු කළ චෝදනා නොවන බව දැන­ටම තහ­වුරු වී තිබෙ­නවා. මම එක උදා­හ­ර­ණ­යක් විත­රක් කිය­න්නම්. ඔබ­ටත් මතක ඇති ස්විට්ස­ර්ලන්ත තනා­පති කාර්යා­ලයේ සේවි­කා­වක පැහැර ගත්තාය ඒකට ගෝඨා­භය රාජ­පක්ෂ සම්බ­න්ධයි කිය­මින් මහ කල­බ­ල­යක් ඇති කළා. ඒ වෙලාවෙ ඒ චෝද­නා­ව­ලට මාධ්‍ය හමු තියල උත්තර දෙන්න නොගිය ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ඒ චෝද­නාව අතේ රෝලක් බව කරුණු සහි­තව ඔප්පු කළානේ. ඒ වාගේ හැම දෙය­කම ඇත්ත නැත්ත ඉදි­රි­යේදී ජන­තා­වට දැන ගන්න අව­ස්ථා­වක් උදා වේවි.

ඔබ නියෝ­ජ­නය කරන යුතු­කම සංවි­ධා­නයේ දේශ­පා­ලන ප්‍රති­ප­ත්තිය මොකක්ද?

අපි බෞද්ධ­යන් ලෙස විශ්වාස කර­නවා මනු­ෂ්‍ය­යින්ට උත්ත­රී­තර තත්ත්ව­යට පත්වෙන්න පුළු­වන් වගේම ඉතාම නරක අඳුරු අගා­ධ­ය­කට ඇද වැටෙ­න්නත් පුළු­වන්. 2015 දී අපි දැක්කේ මේ රටේ ජන­තාව බලෙන් අර අඳුරු අගා­ධ­ය­කට ඇද දම­න්නට ඇතැම් පිරිස් උත්සාහ කරන බවයි. ඒ වෙලාවෙ අපි මිතු­රන් කීප දෙනෙක් එකතු වෙලා මේ ගැන සමාජ කථි­කා­වක් ඇති කරන්න තමයි සංවාද කවය නමින් සංවි­ධා­න­යක් හදා ගත්තේ. දේශ­පා­ලන වෙනස් වීම් සාමාන්‍ය දෙයක් වුවත් මෙරට ඇති වූ දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘ­ති­ව­ලින් ඇස්ප­නා­පිට ජන­තාව පහ­සු­කම් බුක්ති විඳින බව දැක දැක සාධා­රණ කරුණු වලින් තොරව ඒ කට­යුතු නිර්දය ලෙස විවේ­ච­නය කිරිම අපිට බලා ගෙන ඉන්න බැරි වුණා. අධි­වෙිගී මාර්ග පද්ධ­තිය අති­ශ­යින්ම ජන­තා­වට මහත් අස්වැ­සි­ල්ලක් වු බව පෙනි පෙනී ඒවා­යෙන් ගසා කෑවා යැයි චෝදනා කර­මින් ජන මනස වෙනස් කර­න්නට දැරූ උත්සාහ ව්‍යර්ථ කර ජන­තා­වට සත්‍ය පසක් කර­න්නට තමයි අපි සංවි­ධා­නය වුණේ. අපි එදා මෛත්‍රී­පාල සිරි­සේ­න­යන් ගේ හැසි­රිම අපේ සමාජ සංස්කෘ­ති­යට කොයි තරම් ගෝච­රද කියල එදා අපි ප්‍රශ්න කළා. එහෙම ආරම්භ වුණ අපේ සංවි­ධා­න­යට විශාල දේශ­පා­ලන ඉලක්ක නෑ. අපි උත්සාහ කරන්නෙ අපේ දේශ­පා­ලන හර පද්ධ­තීන් රැක ගනි­මින් හරි දේට හරි කියන ගමන් වැරදි දේ වැර­දියි කියල පෙන්නලා ඒවා නිවැ­රදි කර ගන්නයි.

ඔබ ඔය කියන අපේ සංස්කෘ­තික හර පද්ධ­තිය තුළම මිනි­සුන් බෙදිලා එකි­නෙකා ඇන කොටා ගන්න තත්ත්ව­යට පත් වුණේ අපේ දේශ­පා­ල­න­ඥ­යන් ගේ වර­දින්ම නොවෙ­යිද?

නෑ; ඒක සිය­යට සිය­යක්ම එහෙම වුණා කියල අපිට කියන්න බෑ. මොකද අපි යටත් විජි­ත­යක් වුණාට පස්සේ බ්‍රිතා­න්‍ය­යන් අපේ මිනි­සුන් ගේ සිතුම් පැතුම් වෙනස් කරලා තිබෙ­නවා. මේ නිසා අපේ ජන­තා­වට තමන්ගේ දේවල් තමන් ගේ කියන හැඟී­මෙන් බලන්න බැරි මාන­සික විකෘ­ති­යක් ඇති වෙලා තිබෙ­නවා. එවැනි මාන­සික තත්ත්ව­ය­කින් පෙළෙන අයට පාලන බලය ලැබු­ණාම දේශී­ය­ත්වය ගැන හැඟීම නැතිව කට­යුතු කරන්න පෙල­ඹෙ­නවා. බණ්ඩා­ර­නා­යක ඝාත­නයේ සිට ඒ මාන­සික විකෘ­තියේ ප්‍රති­ඵල­යන් අද­ටත් අපේ සමා­ජයේ වරින් වර මතු වෙනවා. මේ තත්ත්වය අපි විසින්ම වෙනස් කර ගත යුතුයි. අපි මේ කරන්නේ ඒ වෙනස් කර ගැනී­මට සහය වීමක්.

මහින්ද රාජ­ප­ක්ෂ­යන් ගේ පනස් වස­රක දේශ­පා­ලන දිවිය අර්ථා­න්විත වීමට යැයි කිය­මින් ඔබලා කොන්දේසි ඉදි­රි­පත් කර තිබුණා. ඇයි ඒ. ඒක සාධා­ර­ණද?

නෑ, ඒ පිළි­බඳ ඔබේ විග්‍ර­හය සාධා­රණ නෑ. අපිට උරුම උදාර ඉති­හා­සය තුළ සුවි­ශේෂි නාය­ක­යෙක් විදි­යට තමයි මහින්ද රාජ­ප­ක්ෂ­යන් අපි දකින්නෙ. එතුමා අවස්ථා තුන­කදී අපේ රටේ ගමන් මඟ වෙනස් කරල තියෙ­නවා. ඔබ­ටත් මතක ඇති අසුව දශ­කයේ එජා­පය හා ජවිපෙ අතර ගැටු­මෙන් නිර්මා­ණය වු භීෂ­ණ­යෙන් රටේ ජන­තාව මුදවා ගන්න එදා සාමාන්‍ය මන්ත්‍රී­ව­ර­යකු ලෙස එතුමා පෙර­මුණ ගත්තා. ඉන්ප­සුව 2005 පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ගත් එතුමා මේ රටේ ත්‍රස්ත­වාදී යුද්ධය අව­සන් කරලා ශ්‍රී ලාංකික ජන­තා­වට බියෙන් සැකෙන් තොරව ජිවත් වීමට හැකි සමාජ පරි­ස­ර­යක් හැදුවා. ඒක ලෝක දේශ­පා­ලන නාය­ක­ත්වය ගැන සල­ක­ද්දීත් සුවි­ශේෂි තත්ත්ව­යක්. ඊටත් වඩා සුවි­ශේෂි කාර­ණාව තමයි 2015 කුම­න්ත්‍ර­ණ­යෙන් එතුමා පරා­ජය වෙලා දේශ­පා­ලන නාය­ක­ත්වය අහිමි වු මොහොතේ නැවත තමන්ට රටේ නාය­ක­ත්ව­යට එන්න බැරි බව දැන දැනම මෙරටේ දේශ­ප්‍රේමි ජන­තාව එක්ක එක­තුව තමන් ගේ සහෝ­ද­රයා රටේ නාය­කයා බවට පත් කර ගන්න කරපු විශාල කැප කිරිම. අපේ රටේ දේශ­පා­ලන ඉති­හා­සය දිහා බැලු­වම එවැනි කැප­කි­රී­මක් කර ඇති එකම නාය­ක­යාත් මහින්ද රාජ­ප­ක්ෂ­යන්ම පම­ණයි. එවැනි නාය­ක­යකු ගේ දේශ­පා­ලන භූමි­කාව අනා­ගත පර­පු­රට වඩා අර්ථා­න්වි­තව විග්‍රහ කර ගන්න බැරි කරුණු කීප­යක් තිබෙ­නවා. එතුමා ගේ සමස්ත දේශ­පා­ලන කැප­කි­රීම ඒකීය රාජ්‍ය­යක් සඳහා නම් අපි කියන්නේ ඒකීය රාජ්‍ය සංක­ල්ප­යට එරෙහි ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධන සියල්ල ඉවත් කළ යුතුයි කිය­ලයි. ඒ අනුව 13,16, හා 19 යන ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධන ඉවත් කළොත් පම­ණයි මහින්ද රාජ­ප­ක්ෂ­යන් ගේ දේශ­පා­ලන දිවිය වඩාත් අර්ථා­න්වි­තව සම­රන්න පුළු­වන්නෙ.

ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අනුව මෙරටේ ජන­තා­වගේ දේශ­පා­ලන භාවි­තය යම් වෙන­ස­කට භාජ­නය වෙලා කියල ඔබ පිළි ගන්න­වාද?

ඔව්, ඒ වෙනස ජන­තාව ගේ පැත්තෙන් වගේම ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ තුළි­නුත් අපි දැක්කා. මෙතෙක් පැවැති මැති­ව­ර­ණ­ව­ලදී අපි දැක්කේ දේශ­පා­ලන වේදි­කාව වෙන් වුණේ එකි­නෙකා විවේ­ච­නය කර­මින් පොරොන්දු පත්‍ර ඉදි­රි­පත් කර­න්නයි. නමුත් ප්‍රථම වතා­වට තමයි අපේ­ක්ෂ­කයා ගේ රුව සහිත බැනර් පෝස්ටර් සැර­සිලි නැතුව දේශ­පා­ලන වේදි­කාවෙ කිසි­ව­කුට ඇඟිල්ල දිගු නොකර කිසි­වකු විවේ­ච­නය නොකර තමන් ගේ ප්‍රති­පත්ති ගැන පම­ණක් කතා කරල මැති­ව­රණ ව්‍යාපා­ර­යක් දියත් වුණේ. ඒ වගේම ජන­තාව ගේ පැත්තෙ­නුත් දේශ­පා­ලන පළ­පු­රු­ද්දක් ගැන නොස­ලකා සාම්ප්‍ර­දා­යික දේශ­පා­ලන පක්ෂ­යක්ද කියන හැඟී­මෙන් තොරව ජාති­ක­ත්වය පෙරටු කර­ගෙන ජන­තාව ඡන්දය පාවිච්චි කරල තිබෙ­නවා. ඒකයි අපි කියන්නේ මේ ආර­ම්භය මේ රටේ සෑම ක්ෂේත්‍ර­ය­කම විශාල වෙන­සත් ඇති කරන ආර­ම්භ­යක් කියල.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් මේ මැති­ව­ර­ණයේ දී රාජ්‍ය ආය­තන ප්‍රධ­නීන්ට හා රාජ්‍ය නිල­ධා­රීන්ට ප්‍රසිද්ධ දේශ­පා­ල­නය තහ­නම් කරල තිබෙ­නවා. ඒ ගැන ඔබ මොන­වද කියන්නේ?

ඇත්ත­ටම ජනා­ධි­ප­ති­ව­රයා මේ තහ­නම මඟින් කරල තිබෙන්නේ රාජ්‍ය අංශයේ අයට දේශ­ප්‍රේමි දේශ­පා­ල­නයේ නියැ­ළෙ­න්නට අව­කා­ශ­යක් ඇති කර තිබී­මයි. රාජ්‍ය සේව­ක­යන් පක්ෂ දේශ­පා­ල­නය නොකර රට ගැන හැඟී­මෙන් තම රජ­කා­රිය ඉටු කිරීම තමයි දේශ­ප්‍රේමි දේශ­පා­ල­නය. මේ මගින් ජනා­ධි­ප­ති­ව­රයා දේශ­පා­ලන පද්ධ­ති­යේම විශාල වෙන­සක් ඇති කරල තිබෙ­නවා. මෙය රට ඉදි­රි­යට ගමන් කරන බවට හොඳ සාධ­ක­යක්. ඒ වගේම එතුමා රට බාර ගත්තාට පසුව ප්‍රථම වතා­වට ලංකාවෙ කුඩාම අමාත්‍ය මණ්ඩ­ලය හදා ගත්තා. බාර­කාර ආණ්ඩු­ව­කට තිස් දෙනෙ­කු­ගෙන් යුත් කැබි­නට් මණ්ඩ­ල­යක් පත් කර ගන්න පුළු­වන් කම තිබි­යදී දහ­සය දෙනෙ­කු­ගෙන් යුත් අමාත්‍ය මණ්ඩ­ල­යක් පත් කර ගෙන එතුමා අපේ රටේ නාස්තිය දුෂ­ණය නැති කරන ක්‍රම ආණ්ඩු­වෙන්ම හඳුන්වා දීල තියෙ­නවා.

අපේ රටේ සාම්ප්‍ර­දා­යික දේශ­පා­ලන පක්ෂ දෙදරා යෑමත්, අලුත් දේශ­පා­ලන පක්ෂ බිහි­වී­මත් ජන­තාව ඒ වටා එකතු වීමත් ඔබ දකින්නෙ කොහො­මද?

ඇත්ත­ටම මේ රටේ මුල්ම දේශ­පා­ලන පක්ෂය විදි­යට සල­කන්න පුළු­වන්. එජා­පය මේ වෙන කොට ඉතාම ඛේද­නීය විදි­යට විනාශ වෙමින් තිබෙ­නවා. ඒ වාගේම ඒ පක්ෂය නියෝ­ජ­නය කළ නාය­ක­යි­නුත් ජන­තාව ගෙන් ප්‍රති­ක්ෂේප වෙමින් ඉන්නවා. මෙහෙම වුණේ ඇයි කියල හිතල බලන්න ඕන. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන ධාරාවේ පාර්ලි­මේ­න්තුවේ ප්‍රබල විප­ක්ෂ­යක් තිබීම අනි­වා­ර්යයි. අද එජා­ප­යට ඒ තැන­වත් ගන්න බැරි තර­මට දුර්වල වෙලා. ජන­තාව දැන් වෙනස් වෙන ලෝක­යත් එක්ක වෙනස් වෙලා. ඒ නිසා සාම්ප්‍ර­දා­යික දේශ­පා­ලන පක්ෂ තුළ ඔවුන් දැන් රැදෙන්න කැමති නෑ. එජා­ප­යෙන් වෙන්ව ගිය පිරි­සක් සම­ඟි­ජන බල­වේ­ගය හදා ගෙන හිටි­යත් ඒක අලුත් පක්ෂ­යක් ලෙස සමා­ජ­ගත වුණත් ජනතා ආක­ර්ෂ­ණය ගන්න ඒ පක්ෂ­යත් සමත් වෙලා නෑ. මොකද ඒ පක්ෂයේ ප්‍රති­පත්ති හා එජාප ප්‍රති­පත්ති අතර වෙන­සක් නැති නිසා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යත් අපේ පැරණි පක්ෂ­ය­යක්. ඩී.ඒ. රාජ­ප­ක්ෂලා මේක රැක ගෙන ආවේ එජාප විරෝධී බල­වේ­ග­යක් විදි­ය­ටයි. නමුත් ඉකුත් 2015 ඒ පක්ෂය නැවත එජා­පය සමඟ සන්ධාන ගත­වීම ජන­තාව ප්‍රති­ක්ෂේප කරලා තිබෙ­නවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බිහි වුණේ. එහෙම වුණත් ශ්‍රීල­නි­පය හුදෙ­කලා නොකර ඔවුන්ද එකතු කර ගෙන මේ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙන්නෙ අද වමේ ඉන්න බොහෝ අයට දේශ­පා­ලන අත්පොත් තිබ්බෙ ශ්‍රීල­නි­ප­යෙන් නිසයි. අපේ රටේ ජන­තාව රට වෙනු­වෙන් කට­යුතු කරන නාය­කයෝ වගේම බලය වෙනු­වෙන් කැප වෙන නාය­ක­යන් හොඳින් හඳු­නා­ගෙන ඉන්නෙ. ඒ නිසා තමයි 2018 පළාත් පාලන මැති­ව­ර­ණ­යේ­දීත් ඉකුත් 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ­දීත් මෙරටේ බහු­තර ජන­තාව පෙහො­ට්ටුව සමඟ එකතු වෙන්නෙ. දැන් දේශ­පා­ල­න­ඥ­යන්ට ජන­තාව රව­ටන්න බෑ. ජන­තාව නිව­ැරදි තැන හොයා ගන්නවා. මෙව­රත් බලය වෙනු­වෙන් තරග කරන දේශ­පා­ලන පක්ෂ­ව­ලට ජන­තාව ඉතා හොඳ උත්ත­ර­යක් දෙයි කියල අපිට විශ්වා­ස­යක් තියෙ­නවා.

ඔබ සඳ­හන් කළ ආකා­ර­යට ඩි. ඒ. රාජ­පක්ෂ සමඟ එදා දේශ­පා­ලන පොර­පි­ටියේ එකට සිටි පිලිප් ගුණ­ව­ර්ධන වගේම අද මහින්ද දිනේෂ්ලා එකට මේරට රැක ගන්න කරන සටන ඔබ දකින්නෙ කොහො­මද ?

ඔබ සඳ­හන් කළ ආකා­ර­යට එදා පිලිප් ගුණ­ව­ර්ධන වගේම අද දිනේෂ් ගුණ­ව­ර්ධන අපේ රට වෙනු­වෙන් ඓති­හා­සික කාර්ය­භා­ර­යක් ඉටු කර­නවා. අපි විශ්වාස කර­නවා ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා මෙවර අමාත්‍ය මණ්ඩ­ලය පත්ක­රන කොට දිනේෂ් ගුණ­ව­ර්ධ­න­යන් විදේශ කට­යුතු අමා­ත්‍ය­ව­රයා විදි­යට පත්කි­රී­මත් විශේෂ කාර­ණ­යක් කියල. ජිනිවා මානව හිමි­කම් සමු­ළුවේ දී අපේ රටේ රණ විරු­වන් පාවා දුන්නු ගිවි­සුම ඉවත් කර ගෙන ශ්‍රී ලංකාවේ අභි­මා­නය රැක ගන්න දිනේෂ් ගුණ­ව­ර්ධන ඇම­ති­ව­රයා ඉටු­කළ කාර්ය­භා­ර­යත් මෙරටේ ඉති­හා­ස­යට එකතු වෙනවා. මේ වැනි නාය­කයෝ පාර්ලි­මේ­න්තුවෙ ඉන්නම ඕන අයයි. අපි විශ්වාස කර­නවා කොළඹ ජන­තාව ඒ ගැන අව­ධා­නය යොමු කර­නවා කියල.

ඔබලා MCC ගිවි­සුම ගැන ඊට එරෙ­හිව විවි­ධා­කාර අර­ගල මෙහෙ­යවා තිබෙ­නවා. ඇත්ත­ටම මේ ගිවි­සුමේ අල­ගිය මුල­ගිය තැන් ගැන ඔබ දන්න­වාද?

මේ වෙන කොට ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කරල ආචාර්ය ගුණ­රු­වන් ඇතුළු කණ්ඩා­යම සකස් කළ වාර්තා­වෙන් මෙහි ඇති හානිකර බව තහ­වුරු වෙලා තිබෙ­නවා. මේ ගිවි­සුම පිළි­බ­ඳව මීට බොහෝ කාල­ය­කට පෙර සිටම යම් යම් කතා­බහ ඇතිව තිබෙන බව දක්නට තිබෙ­නවා. නමුත් ඉකුත් යහ­පා­ලන ආණ්ඩුව තමයි මේ ගිවි­සුම බලා­ත්මක කරන්න උත්සාහ කර තිබෙන්නෙ. එහි වැද­ගත්ම කාර­ණය තමයි 2017 හා 2018 වස­ර­වල ඇම­රි­කන් ඩොලර් මිලි­යන දහ­යක ගනු­දෙ­නු­වක් මේ ගිවි­සුම හරහා සිදුව ඇති බවට වාර්තා පළ වෙනවා. නමුත් එවැනි මුද­ලක් ශ්‍රී ලංකා රජ­යට ලබා නොදුන් බව ඇම­රි­කන් තානා­ප­ති­නිය කිය­ලත් තිබුණා. අපිට මේ ගැන විශාල සැක­යක් තිබෙ­නවා. පසු­ගිය මැති­ව­රණ වලදි විශාල වශ­යෙන් විදේශ මුදල් යොද­වලා යම් යම් කට­යුතු කෙරුණු බවට තොර­තුරු සංස­ර­ණය වෙනවා. මුදල් ලැබුණෙ නැත්නම් ඒ පිළි­බ­ඳව මිට අදාළ ලිපි­වල සට­හන් වුණේ කොහො­මද කියල පැහැ­දිලි කිරීම එවක රාජ්‍ය නාය­ක­යන්ගේ හා ඇම­රි­කන් තානා­පති කාර්යා­ලයේ වග­කී­මක්.

පාර්ලි­මේ­න්තු­වට උග­තුන් හා බුද්ධි­ම­තුන් පම­ණක් යවන්න ඕන කියල ඇතැම් අය ගොඩ­න­ඟන ජන­ම­තය පිළි­බ­ඳව ඔබ මොන­වාද කියන්නෙ?

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මේ වන විටත් ජන­ගත කර තිබෙන සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශය ක්‍රියා­වට නැංවීම සඳහා යම් ප්‍රමා­ණ­යක උග­තුන් බුද්ධි­ම­තුන් අව­ශ්‍යයි කියන එක ගැන නම් අපිට විවා­ද­යක් නෑ. අපි ජාති­ක­ත්වය පද­නම් කර ගත්තු සංවි­ධා­න­යක් ලෙස අපේ නිර්ණා­ය­ක­යන් වන්නේ උගත් බුද්ධි­ම­ත්කම වගේම රටට ආද­රය කරන දේශී­ය­ත්වය අගය කරන මේ මහ පොළොවේ දෙප­යින් හිට ගන්න පුළු­වන් ප්‍රායෝ­ගික මහ­ජන නියෝ­ජි­ත­යින් පිරි­සක් අපේ පාර්ලි­මේ­න්තු­වට අව­ශ්‍යය බවයි.

සමා­ජ­වා­දය ගරු­ක­රන පාර්ලි­මේ­න්තු­ව­කට අවශ්‍ය වන්නෙ බහු­තර මන්ත්‍රීන් සහිත ආණ්ඩු­වක් හා ශක්ති­මත් විප­ක්ෂ­යක්. ඒක එහෙම නම් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා මේ මැති­ව­ර­ණ­යේදී පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බල­යක් සහිත ආණ්ඩු­වක් හදන්න උත්සාහ කරන්නේ ඇයි?

අපේ රට නිවැ­රදි මාව­තට ගන්න නම් දැන් පව­තින ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව වෙනස් කරන්න ඕන. ඒ සඳහා පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බල­යක් අව­ශ්‍ය­යයි. ඒ වාගේම රටට හිත­කර අණ­ප­නත් සම්මත කර ගැනී­මේදි ඊට විප­ක්ෂය හරස් වුණොත් ඒවා සම්මත කර­ගත හැකි බල­යක් ආණ්ඩු­වට තිබිය යුතුයි. ආණ්ඩුව කරන්න තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ඒ වගේම ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාට නම් මේ රට රකින්න තුනෙන් දෙක අවශ්‍ය වෙන්නෙ නෑ. එතුමා ගේ අවු­රුදු පහ තුළ එතුමා රටත් ජන­තා­වත් රැක ගනීවි. නමුත් එතැ­නින් එහාට මේ රට අස්ථා­වර කරන්න පුළු­වන්ද? එහෙම කරන්න බැරි නිසා තමයි රට රකින වැඩ පිළි­වෙළ ස්ථාවර කරන්න තුනෙන් දෙකක් දෙන්න කියන්නෙ

 




Comments