මහින්ද - ගෝඨා­භය සුසං­යෝ­ගය සමඟ එක්ව රට ආරක්ෂා කර ගැනීම අපේ අපේ­ක්ෂා­වයි | සිළුමිණ

මහින්ද - ගෝඨා­භය සුසං­යෝ­ගය සමඟ එක්ව රට ආරක්ෂා කර ගැනීම අපේ අපේ­ක්ෂා­වයි

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී කොළඹ දිස්ත්‍රි­ක්කයේ ජය­ග්‍ර­හ­ණය පිළි­බ­ඳව ඔබේ තක්සේ­රුව කොහො­මද ?

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපි කොළඹ දිස්ත්‍රි­ක්කය ජය­ග්‍ර­හ­ණය කර­නවා. මේ මැති­ව­ර­ණයේ කිසිදු දේශ­පා­ලන පක්ෂ­යක් මැති­ව­රණ සට­නට බැහැල නෑ. අපි සෞඛ්‍යය ආර­ක්ෂිත ක්‍රම­වේද පිළි­ප­දි­මින් මහ­ජන හමු පව­ත්වලා ⁣ගෙන් ගෙට යමින් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­පත් කර ඇති ⁣සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශය ගැන ජන­තාව දැනු­ම්වත් කරල ඒ ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන්න අපි බල­යක් දෙන්න කියල ජන­තාවගෙන් ඉල්ලු­වාම ඒකට ඉහළ ප්‍රති­චා­ර­යක් තියෙ­නවා.මම කල්පනා කරන්නෙ මෙවර අපිට වෙනත් මැති­ව­රණ වලට වඩා වැඩි බල­යක් කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් ලැබෙ­නවා කිය­ලයි.

ඔබේ පාර්ලි­මේන්තු දේශ­පා­ලන කාලය ඇතු­ළත ඔබට මෙවර ලැබුණ අමා­ත්‍යාංශ ගැන මොන­වද හිතන්නෙ?

මගේ පාර්ලි­මේන්තු දේශ­පා­ල­නය තුළ මේ දක්වා විවිධ අමාත්‍ය ධුර දරල තියෙ­නවා. ඒ හැම අමාත්‍ය ධුර­ය­කම මම ඉතාම කැප­වී­මෙන් කට­යුතු කරල අපේ රටත් ජන­තා­වත් යම් දියුණු තත්ත්ව­ය­කට ගෙන එන්නට කට­යුතු කරල තිබෙ­නවා. මෙවර ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා මට වග­කිව යුතු අමා­ත්‍යාංශ දෙකක් බාර දීල තිබෙ­නවා. ඒ අමා­ත්‍යාං­ශ­ව­ලින් මේ කෙටි කාලය තුළ ජාතික මට්ටමේ විශාල වැඩ කොට­සක් කළා කියල මට සතුටු වෙන්න පුළු­වන්. විශේ­ෂ­යෙන් යහ­පා­ලන රජය අපේ රණ­වි­රු­වන්ට එරෙ­හිව ජීනීවා මානව හිමි­කම් කවු­න්ස­ලයේ සභා­ගත කර තිබු 30/1 යෝජනා වලින් අප ඉල්ලා අස්වෙන බව මම ඉකුත් ජිනීවා මානව හිමි­කම් කවු­න්ස­ලයේ සැසි­වා­ර­යට සම්බන්ධ වී සඳ­හන් කිරී­මෙන් අප විශාල කර­ද­ර­ය­කින් ගැල­වුණා කියල මම හිත­නවා. ඒ වාගේම මේ කොරෝනා වසං­ගත වෙලාවෙ විදේශ රට­වල හිර වී සිටි අපේ ශ්‍රී ලාංකික ජන­තා­ව­ගෙන් කොට­සක් මේ වන විටත් මෙර­ටට ගෙන්වා ගන්න අපි­ටත් මැදි­හත් වෙන්න පුළු­වන් වුණා. අනෙක් විශේෂ කාර­ණය තමයි කොවිඩි 19 නිසා පෞද්ග­ලික අංශයේ සේව­ක­යන් ලක්ෂ 35කගේ පමණ රැකියා අන­තුරේ තිබුණ වෙලාවේ හාම්පු­තුන් ගේ සම්මේ­ල­නය වෘත්තීය සමිති හා කම්කරු දෙපා­ර්ත­මේ­න්තුව එකට වාඩි­වෙලා කතා කරල මේ රැකි­යා­වන් සුර­ක්ෂිත කරන්න අපිට අව­ස්ථාව ලැබුණා. ඒ පිළි­බ­ඳව මම හාම්පු­තුන්ගේ සම්මේ­ල­නයේ සියලු දෙනාට මේ වෙලාවෙ කෘත­ඥ­තාව පිරි­න­මන්න කැම­තියි. මොකද රැකි­යාව කර ගන්න බැරිව නිවෙ­ස්වල සිටි සේව­ක­යන්ට ලබන සැප්තැ­ම්බර් මාසය දක්වාම මස­කට රුපි­යල් 14500/=ක් හෝ ඒ ඒ සේව­කයා ගේ වැටු­පෙන් 50%ක් හෝ මේ දෙකෙන් වැඩි එක ගෙවන්න හාම්පු­තුන් එක­ඟ­වීම අපේ රජ­යට මේ වෙලාවෙ ලබා දෙන විශාල සහ­යෝ­ග­යක් ලෙස අපි සල­ක­නවා. ඒ ගෙවීම් සමඟ සැම ආය­ත­න­යක්ම ඒ ආය­ත­නයේ සේව­ක­යන් ගේ අර්ථ සාධක දීම­නා­වද ඔවුන් ගේ ගිණු­ම්වල බැර කරන්න එකඟ වී තිබෙ­නවා.

ඔබේ පියා පිලිප් ගුණ­ව­ර්ධන මෙරටේ ඒකීය භාවය හා දේශි­ය­ත්වය පිළි­බ­ඳව විශාල අර­ගල කළ නාය­ක­යෙක්. ඒ පියා ගේ ප්‍රති­පත්ති ගැන අද ඔබ මොන­වද හිතන්නෙ?

ඇත්ත වශ­යෙන්ම මම අද ආඩ­ම්බර වෙනවා; මට මගේ පියා ගේ අඩි­පාරේ මේ දක්වා ගමන් කරන්න ලැබීම ගැන. අපේ රටේ ඒකී­ය­භා­වය, ස්වාධී­න­ත්වය, කිසිම බල­වේ­ග­ය­කට යට නොකර රැක ගැනීමේ සටනේ පෙර­මුණ ගෙන මට ක්‍රියා කරන්න අව­ස්ථාව ලැබුණේ හැම­දාම කොළඹ ජන­තාව මට ලබා­දුන් ශක්තිය නිසයි. එදා මගේ පියා ඩී. ඒ. රාජ­පක්ෂ මැති­තුමා සමඟ එක්ව මේ රට බේරා ගන්න කට­යුතු කළා වගේ මටත් අද පුළු­ව­න්කම ලැබී තිබෙ­නවා; මහින්ද හා ගෝඨා­භය යන රාජ­පක්ෂ සුසං­යෝ­ගය සමඟ එක්ව කරට කර වැඩ කරල රටත් ජාති­යත් ආග­මත් අපේ­ක­මත් ආරක්ෂා කර ගන්න. මෙවර මහ මැති­ව­ර­ණ­යෙන් අපට විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගැනී­මෙන් පසුව නැවත මෙරටේ ජාති­වාදි ආග­ම්වාදී ප්‍රදේ­ශ­වාදී කිසිදු අර­ග­ල­යක් යළි ඇති වීමට ඉඩ නොතබා ජනා­ධි­පති හා අග­මැති සමඟ ශ්‍රී ලාංකේය අන­න්‍ය­තාව සුර­කෙන ස්ථීර වැඩ පිළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන්න අපි අපේක්ෂා කර­නවා.

අපිට මත­කයි ඔබ 1983 ප්‍රථම වතා­වට පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස පත් වුණාට පස්සේ මහ­නු­වර ශ්‍රී දළදා සමි­ඳුන් අබි­යස ප්‍රති­ඥා­වක් දුන්නා. ඒ ප්‍රති­ඥාව අද­ටත් වලං­ගුද?

ඔව්, ඒ ප්‍රති­ඥාව අද­ටත් එලෙ­සම වලං­ගුයි. මම පාර්ලි­මේ­න්තු­වට ආව මුල් දිනයේ සිටම ඒ ප්‍රති­ඥාවේ ඇති කරුණු සාක්ෂාත් කර ගන්න තමයි කට­යුතු කරන්නේ. අපේ රට අනා­ගා­මික රාජ්‍ය­යක් බවට පත් කරන්න සම­හ­රුන්ට ඕන වී තිබෙ­නවා. ඒවා අපි ජීව­තුන් අතර සිටි­න­තාක් කල් කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ. අපේ බෞද්ධ උරු­මය අපිට උරුම ශ්‍රේෂ්ඨ සංස්කෘ­තිය විනාශ කරන්න කිසිම බල­වේ­ග­ය­කට ඉඩ දෙන්නේ නෑ. ඇත්ත­ටම අපිට අද සතුටු වෙන්න පුළු­වන්; අපේ ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­පති හා මහින්ද රාජ­පක්ෂ අග­මැති දෙදෙ­නාම මේ රටට ආද­රය කරන අපේ සභ්‍ය­ත්වය සංස්කෘ­තිය ආරක්ෂා කරන ඒ සඳහා කැප වෙන දෙදෙ­නකු වීම ගැන. ඒ නිසයි මම මුලි­නුත් සඳ­හන් කෙළේ මෙවර මැති­ව­ර­ණ­යේදී ජන­තාව අපිට තුනෙන් දෙකේ බල­යක් ලබා දුන්නාම කිසිදු බල­වේ­ග­ය­කට මේ රටට අහි­ත­කර කිසි­වක් කළ නොහැකි වන ආකා­ර­යට නව අණ­ප­නත් සකස් කරලා අපේ රට ස්වාධීන ස්වෛරී රාජ්‍ය­යක් බවට පත් කරන්න අපි කට­යුතු කර­නවා කියල.

ඒකිය රාජ්‍ය සංක­ල්පය තුළ දෙමළ හා මුස්ලිම් ජන­තාව ගේ අන­න්‍ය­තාව තහ­වුරු වන්නේ කොහො­මද?

ඔබගේ ප්‍රශ්නය තුළත් අපි ජාතීන් විදි­යට බෙදිලා. ඇයි අපි එහෙම බෙදෙන්නෙ? සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ අපි සිය­ලුම දෙනා ශ්‍රී ලාංකික ජාති­යක්. අපි ශ්‍රී ලාංකි­කයෝ කියලා අපිට කියන්න පුළු­වන් වෙන්න ඕන.අපි සියලු දෙනා­ටම එක නීති­යක් තියෙන්න ඕන. ප්‍රදේ­ශ­යෙන් ප්‍රදේ­ශ­යට ජාතීන් අනුව ආගම් අනුව නීති වෙනස් වෙන්න බෑ. අපි හැමෝම අනෙකා ගේ ඇද­හි­ලි­ව­ලට, ගරු කරන්න ඕනේ. මෙරටේ පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­කම් ඇති තැන් ආරක්ෂා කිරී­මත් ඓති­හා­සික කරුණු පද­නම් කර ගෙන අපි විශ්වාස කරන යම් යම් කරු­ණු­ව­ලට අපි සියලු දෙනාම ශ්‍රී ලාංකි­ක­යන් විදි­යට ගරු කරන්න අව­ශ්‍යයි. මේ විදියේ පොදු සම්මු­ති­යක් ඇතිව අපි සියලු දෙනා ශ්‍රී ලාංකි­කයෝ විදි­යට හිතලා ඒ අනුව කට­යුතු කර­නවා නම් ජාතීන් හැටි­යට අමු­තු­වෙන් දිනා ගත­යුතු දේවල් තියෙන්න විදි­යක් නැති වෙනවා පම­ණක් නොව අපි සියලු දෙනා­ටම අනෙ­නෝන්‍ය අව­බෝ­ධ­යෙන් නිද­හසේ ජිවත් වෙන්නත් පුළු­වන් වෙයි.

ඔබ ඔය කියන ආකා­ර­යට අපේ පුද­බිම් ආරක්ෂා කර­ගෙන ජාතික හා ආග­මික සංහි­ඳි­යා­වක් ඇති කරන්න පුළු­වන් වෙයි කියල හිත­න­වාද?

ඇති කරන්න පුළු­වන්ද නොවෙයි ඇති කරන්න ඕන. ආක­ල්ප­මය වශ­යෙන් මේවා වෙනස් කර ගෙන බුද්ධි­මත්ව කට­යුතු කරන්න කව්රු හෝ සූදා­නම් නැත්නම් ඔවුන් විවිධ අණ­ප­නත් වලට යටත් කරල හෝ අපි ශ්‍රී ලාංකික ජාති­යක් කියන පොදු මත­වා­දය පිළි­ගන්න ඊට ගරු කරන තත්ත්ව­යට පත් කරන්න ඕන. ඒකයි අපි මේ මහ මැති­ව­ර­ණ­යේදී තුනෙන් දෙකක බල­යක් ඉල්ලන්නෙ. අලු­තින් නීති සම්පා­ද­නය කරලා අලුත් අණ­ප­නත් සම්මත කර­ගෙන අතී­තයේ ඇති වු සිද්ධීන් නැවත ඇති නොවන සමා­ජ­යක් නිර්මා­ණය කරන්න ඕන. එහෙම නොවී අපි හැම­දාම රට ඇතුළෙ ඇණ කොටා ගත්තොත් අපිට කිසිදා රට දියුණු කරන්න ඉඩක් ලැබෙන්නෙ නෑ.

ඔබ දැන් මේ මැති­ව­ර­ණ­යක් කට­උඩ තියා ගෙන ඕවා කතා කර­නවා. 1983 ඉදලා පාර්ලි­මේ­න්තුවේ ඉන්න ඔබට මෙතෙක් ඕවා කතා කරලා ක්‍රියා­ත්මක කරන්න බැරි වුණේ ඇයි?

ඔබ පාර්ලි­මේ­න්තුවේ හැන්සාඩ් වාර්තා අර ගෙන බලන්න; මේ ආකා­රයේ ප්‍රශ්න ගැන මම තරම් වෙන කවුරු හරි කතා කරලා තියෙ­න­වාද කියල. අපි එදා ඉද­ලම මේවා ගැන පාර්ලි­මේ­න්තුව තුළත් ඉන් පිට­ටත් කතා කළා. අවශ්‍ය තැන්ව­ලදී අර­ගල කළා; අධි­ක­ර­ණ­යට ගියා. 1983 ඉදලා 1995 වෙන­තුරු අපිට දරුණු යුද්ධ­ය­කට මුහුණ දෙමින් සිටියා.1995න් පසුව යුද්ධ­යෙන් විනාශ වු රට යළි ගොඩ නඟන්න කැප වෙන්න සිද්ධ වුණා. ඒ සියල්ල ජය­ගෙන එද්දී 2015 කුම­න්ත්‍ර­ණ­කා­රිව අපේ ආණ්ඩුව පෙරලා දැම්මා. ඒකෙන් වුණේ අපි එතෙක් ගොඩ­නගා ගෙන සිටි ආර්ථික, සමා­ජ­යීය, දේශ­පා­ලන මේ ආදී හැම දෙයක්ම ආප­ස්සට ගමන් කිරී­මයි. දැන් අපිට රටේ ආර්ථි­කය හදා ගන්න ගමන් මේ ජාතික වැඩ පිළි­වෙළ ක්‍රියා­ත්මක කරන්න පුළු­වන්. ඒ තීර­ණය තියෙන්නේ ජන­තාව අතේ. මේ මැති­ව­ර­ණයේ දී ජන­තාව බුද්ධි­මත් නොවී කට­යුතු කළොත් අපේ රට නැවත ගොඩ ගන්න බැරි මහ අගා­ද­ය­කට ඇද වැටෙිවී. ඒකයි අපි නැවත නැවත කියන්නේ මෙවර මහ මැති­ව­ර­ණයේ දී ඔබේ ඡන්දය රට හදන රටට ආදරේ කරන කණ්ඩා­ය­මට දෙන්න කියල.

පාර්ලි­මේ­න්තු­වට උගත් බුද්ධි­මත් තරුණ කණ්ඩා­ය­මක් පත් කළ යුතු යැයි අතැම් පිරි­සක් ජන­ම­ත­යක් හද­මින් ඉන්නවා. මේ පිළි­බ­ඳව ඔබ මොන­වද කියන්නේ?

ඇත්ත­ටම පාර්ලි­මේ­න්තු­වට උග­තුන් බුද්ධි­මත් අය එවන එක හොඳයි. තරු­ණ­යින් එන එකත් හොඳයි. නමුත් පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­වරු 225න් අඩුම තර­මින් තුනෙන් එක­ක්වත් පාර්ලි­මේන්තු සම්ප්‍ර­දාය ගැන දන්න රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳතා පිළි­බඳ අව­බෝ­ධ­යක් ඇති අත්දැ­කීම් බහුල පිරි­සක් වෙන්න ඕන. එහෙම නොවු­ණ­හොත් පාර්ලි­මේන්තු කට­යුතු කර ගෙන යෑම දුෂ්කර වෙන්න පුළු­වන්. පාර්ලි­මේ­න්තුවේ සම­හර කාර­ණා­ව­ලදී පොතේ දැනු­මෙන් කට­යුතු කරන්න බෑ. සම­හර කාරණා ගරන කට­යුතු කරන්න ඒ පිළි­බඳ අත්දැ­කී­මක්ම තියෙන්න ඕන. ඒ කොහොම වුණත් රටට ආදරේ කරන දේශ­ප්‍රේමි උගත් තරු­ණ­යන්ට පාර්ලි­මේ­න්තු­වට එන්න තිබෙන අවස්ථා වැඩි කළ යුතුයි කියන මතයේ අපිත් ඉන්නවා.

රජ්‍ය සේවයේ විශ්‍රා­මි­ක­යන්ට අග්‍ර­හාර රක්ෂ­ණ­යෙන් ප්‍රති­ලාභ දෙන්න අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලැබුණ බව සඳ­හන් වෙනවා. මේ අනුව විශ්‍රා­මි­ක­යන් කී දෙනෙ­කුට සහන ලැබෙ­න­වාද?

ඇත්ත­ටම මේ වෙන කොටත් එහෙම ප්‍රති­ලාභ ලබන කණ්ඩා­ය­මක් ඉන්නවා. ඒ 2016 වස­රට පසුව විශ්‍රාම ගිය අයයි. ජනා­ධි­ප­ති­ව­රයා ගේ සෞභා­ග්‍යය දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අනුව විශ්‍රා­මි­ක­යන් සම්බ­න්ධ­යෙන් විශේෂ අව­ධා­න­යක් යොමු කර තිබෙ­නවා. ඒ අනුව අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ගේ මඟ පෙන්වීම අනුව මමත් රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍ය­ව­රයා විදි­යට ජනක බණ්ඩාර තෙන්න­කෝන් මහ­තාත් ඒකා­බද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේ­ශ­යක් ඉදි­රි­පත් කළා. ඒ අනුව 2016 ට පෙර විශ්‍රාම ලැබු ලක්ෂ හයක පමණ රාජ්‍ය සේව­ක­ය­න්ටත් අග්‍ර­හාර රක්ෂණ ප්‍රති­ලාභ ලබන්න අවස්ථා ලැ⁣බෙනවා.

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා ඔහුගේ බාර­කාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩ­ලය තිහක් කළ හැකිව තිබි­යදී දහ­ස­ය­කට සීමා කර තිබෙ­නවා. මැති­ව­ර­ණ­යෙන් පසුව රජ­යක් පිහිටු වන්නට හැකි­යාව ලැබු­ණොත් මේ තත්ත්ව­යම ක්‍රියා­ත්මක වෙයිද?

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවෙි 19 වන සංශෝ­ධ­නයේ ආණ්ඩු පිහි­ටු­වන ක්‍රමය අනුව පත් කළ හැකි අමා­ත්‍ය­ධුර හා කැබි­නට් නොවන අමා­ත්‍ය­ධුර ගැන සඳ­හන් වෙනවා. අපේ රටේ අද පව­තින ආර්ථික අමා­රු­කම් සමඟ විය­දම අඩු කිරීම ගැන රජ­යට අව­ධා­නය යොමු කරන්න වෙනවා. ඒ අනුව ජනා­ධි­පති අග­මැ­ති­ව­රයා සම­ඟත් සාකච්ඡා කරලා ඉදිරි අපේ ආණ්ඩුව තුළ පත් කළ යුතු අමා­ත්‍ය­ව­රුන්ගේ ප්‍රමා­ණය තීර­ණය කරාවි.

බලය පිළි­බ­ඳව හීන දකින අයට තන­තුරු නොලැ­බු­ණොත් පත්වන ආණ්ඩු­වත් උපන් ගෙයිම අර්බු­ද­ය­කට යයිද? අතී­ත­යෙත් එවැනි අත්දැ­කීම් තිබෙ­නවා නේද?

පාර්ලි­මේ­න්තු­වට එන 225ටම මොකක් හරි තන­තු­රක් ලැබෙ­නවා නම් ඒ හැමෝම සතුටු වෙයි. නමුත් එහෙම කරන්න බෑ. අනෙක අපේ මන්ත්‍රී­වරු දැන් ඉතාම බුද්ධි­මත්ව රට ගැන හිතල කට­යුතු කරන්න කැප කිරීම් කර­නවා. ඒ නිසා එහෙම කිසිම අර්බු­ද­යක් ඇති නොවී අපේ ආණ්ඩු­වක් තුළ රට­ටත් ජන­තා­ව­ටත් දැනෙන දෙයක් කරන්න හැමෝම එකට එක්සිත්ව කට­යුතු කරයි කියල මම විශ්වාස කර­නවා.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට මෙවර මැති­ව­ර­ණ­යේදී තුනෙන් දෙකක බල­යක් නොලැ­බු­ණොත් එජා­පය සමඟ සන්ධාන ගත වෙන්න සුදා­න­මක් තිිබෙ­නවා කියන්නේ ඇත්තද?

ඔය කතාව එජා­ප­යෙන්ම ප්‍රචා­රය කර­ව­නවා කිය­ලයි අපි හිතන්නෙ. මොකද අපේ ජන­තාව කුමන හේතු­වක් නිසා­වත් අපි රනිල් හෝ සජිත් කණ්ඩා­යම් සමඟ එකතු වෙන­වාට කැමති වෙන්නෙ නෑ. ඒ අය මේ විදියේ කතා­වක් පතු­රු­වන්නේ අපිට ලැබෙන ඡන්ද ප්‍රමා­ණය අඩු කරන්න කිය­ලයි මම හිතන්නේ. ඡන්දය විම­සන දිනය ළං වෙන­කොට තව මොනවා කිය­යිද දන්නේ නෑ. අපි ජන­තා­වට කියන්නේ මේ මැති­ව­ර­ණයේ දී අපිට තුනෙන් දෙකේ බල­යක් ලැබෙන එක වළ­ක්වන්න විරු­ද්ධ­වා­දී­න් ගෙන යන මෙවැනි බොරු ප්‍රචාර වලට රැව­ටෙන්න එපා කිය­ලයි.

ස්වාධීන මැති­ව­රණ කොමි­සම මෙවර මැති­ව­රණ නීති අකු­ර­ටම ක්‍රියා­ත්මක කිරීම නිසා අපේ­ක්ෂ­ක­යන් මෙන්ම ඡන්ද­දා­ය­ක­ය­නුත් අප­හ­සු­තා­වට පත්වෙලා කියන්නේ ඇත්තද?

ස්වාධීන මැති­ව­රණ කොමි­සම කොත­රම් ස්වාධී­නද කියල දැන් සමා­ජයේ ගැට­ලු­වක් මතුව තිබෙ­නවා. කොමි­ෂන් සභාවේ ඇතැම් සමා­ජි­ක­යන් පක්ප­ක්ෂ­ග්‍රාහී ලෙස කට­යුතු කරන බව­ටත් චෝදනා එල්ල වී තිබෙ­නවා. ඒවා එහෙම තිබි­යදී කොවිඩි 19 වසං­ගත තත්ත්ව­යත් එක්ක මැති­ව­රණ නීති අකු­ර­ටම ක්‍රියා­ත්මක කිරි­මෙන් ඇත්ත වශ­යෙන්ම අපි දෙපා­ර්ශ්ව­යම අප­හ­සු­තා­ව­ලට මුහුණ දී සිටි­නවා.ඒ වුනත් අපිට කොමි­ස­මට එරෙහි වෙන්න බෑ.1981 මැති­ව­රණ පනත අනුව මැති­ව­රණ කොමි­ස­මට පැවැරී ඇති බල­තල අනුව ඒ අය කට­යුතු කර­නවා. මේ නිසා මෙවර මැති­ව­ර­ණයේ දී මනාප ඡන්ද යම් ප්‍රමා­ණ­ය­කට අඩු වෙන්න ඉඩ තියෙ­නවා. එහෙම වුණත් පක්ෂයේ ඡන්ද ලකුණ ගැන ජන­තාව දැනු­ම්වත්ව සිටින නිසා පක්ෂ­යට ලැබෙන ඡන්ද සංඛ්‍යාව සුපු­රුදු පරිදි ලැබෙයි කියල අපි විශ්වාස කර­නවා.

බොර­ළු­ගොඩ සිංහ පර­ම්ප­රාවේ මහ­ජන එක්සත් පෙර­මුණ හැම මැති­ව­ර­ණ­ය­ක­දීම වෙනත් පක්ෂ­යක එල්ලි තරග කරන්නේ තනිව තරග කරන්න බැරි නිසාද?

නෑ, එහෙම ගැට­ලු­වක් නිසා නොවෙයි. අපේ පක්ෂයේ ප්‍රති­පත්ති හා ක්‍රියා­කා­ර­කම් වලට සමාන දේශ­පා­ලන පක්ෂ සමග තරඟ කර­න­වාට වඩා එක්ව එක කණ්ඩා­ය­මක් ලෙස තරග කීරිම ජන­තා­ව­ටත් අපි­ටත් පහ­සු­වක් කිය­ලයි අපි හිතන්නේ. ⁣එක පොදු ලකු­ණ­කින් ඡන්ද­යට ඉදි­රි­පත් වුණාම ජන­තා­වට ඡන්ද පාවිච්චි කිරීමේ ව්‍යාකූ­ල­තා­වක් ඇති වෙන්නෙ නෑ. එහෙම නැතුව එක සමාන ප්‍රති­පත්ති තිබෙන අපිත් වෙන වෙනම මැති­ව­රණ වලට තරග කරන්න ගියොත් හැමෝම යම් ප්‍රමා­ණ­යක අප­හ­සු­තා­ව­ලට පත් වෙනවා. අනෙක අපි පොදු ලකු­ණ­කින් ඡන්දය ඉල්ලු­වත් අපි ගැන දන්න ජන­තාව අපිට මනාප ලබා­දීල අපිව පාර්ලි­මේ­න්තු­වට තෝරා පත් කර යව­නවා.

කුරු­ණෑ­ගල පුරා­විද්‍යා වටි­නා­ක­මක් සහිත ගොඩ­නැ­ගි­ල්ලක් ඩෝසර් කීරිම පිළි­බ­ඳව රටට ආග­මට ආද­රෙයි කියන ඔබ නිහ­ඬව ඉන්නේ ඇයි?

නෑ අපි නිහඬ නෑ. නමුත් අපි මේ වෙලාවෙ ඒ ගැන කල­බ­ල­යක් ඇති කර ගත්තොත් ඒකේ වාසිය විප­ක්ෂය ලබා ගන්නවා. ඒ නිසා අපි පෞද්ග­ලි­කව ජනා­ධි­ප­ති­ව­ර­යා­ටත් අග­මැ­ති­ව­ර­යා­ටත් දැනුම් දීලා තිබෙ­නවා මේ සිදු­වීම පිළි­බ­ඳව අප­ක්ෂ­පා­තීව ස්වාධීන පරි­ක්ෂ­ණ­යක් පව­ත්වලා වර­දක් කරලා තියෙ­නවා නම් ඒ වර­ද­කළ අයගේ තරා­ති­රම නොබලා නීති­යෙන් දඬු­වම් දෙන්න කියලා. දැන්වත් රජය ඒ ගැන පරි­ක්ෂණ ආරම්භ කරලා තිබෙ­නවා. එහි වර­දක් සිදුව ඇත්නම් ඒ වරද කළ අයට දඬු­වම් ලැබෙිවි. අනෙක මීට වඩා වටිනා පුරා­විද්‍යා ස්මාරක කඩා බිඳ දාලා දේශ­පා­ලන වාසි වෙනු­වෙන් කට­යුතු කළ යුග­ය­කුත් තිබුණා. ඒවාට වග­කිව යුතු අයම මේ සිද්ධිය ලොකු කර­ගෙන කට­යුතු කරන්නේ මැති­ව­ර­ණයේ දී දේශ­පා­ල­නය වාසි­යක් ලබා ගැනීමේ අර­මු­ණෙන්.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ එම ධුර­යට පත්ව මාස අටක් ගතව තිබු­ණත් ඔහු ජනා­ධි­ප­ති­ව­රණ වේදි­කාවේ කියපු කිසිම දෙයක් මේ දක්වා ඉටු කළේ නෑ කියල චෝදනා එල්ල වෙනවා. මේ ගැන මොන­වද ඔබ කියන්නේ?

ජනා­ධි­ප­ති­ව­රයා එදා ජනා­ධි­ප­ති­ව­රණ වේදි­කාවෙ කියපු බොහෝ දේ කරන්න පාර්ලි­මේ­න්තු­වක් ඕන. තිබුණු පාර්ලි­මේ­න්තුවේ කාලය අව­සන් කර­න්නට ජනා­ධි­ප­ති­ව­ර­යාට බලය තිබුණ නිසා ඒ පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරලා නව පාර්ලි­මේ­න්තු­වක් රැස් කරන්න නිය­මි­තව තිබුණ කාලය කොවිඩ් 19 වසං­ග­තය සමඟ වෙනස් වුණා. පාර්ලි­මේ­න්තුව තුළ කතා කරලා කරන්න ඕන දේ කරන්න නොහැකි වුණත් පාර්ලි­මේ­න්තු­වෙන් පිටත තීන්දු අර ගෙන කරන්න පුළු­වන් හැම­දේම එතුමා කරල තිබෙ­නවා. කොවිඩි 19 වසං­ග­ත­යෙන් පීඩා­වට පත් වු අයට සහන සැල­සීම, මේ වසං­ග­තය පාල­නය කරන්න ලොව බල­වත් රට­වල් අබි­බවා නිවැ­රදි නාය­ක­ත්ව­යක් දීම, මත්ද්‍රව්‍ය ජාවා­රම්, පාතාල ක්‍රියා­කා­ර­කම් මැඩ­ලී­මට පිය­වර ගැනීම, මහ බැංකුවේ මුදල් කොල්ලය, පාස්කු ප්‍රහා­රය වැනි අප­රාධ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කරන්න ජනා­ධි­පති විම­ර්ශන කමිටු පත් කිරීම, වැනි බොහෝ දේවල් කරල තිබෙ­නවා. ඒ වගේම ආන­යන සීමා කරල අප­න­යන දිරි ගන්වන්න සහන ලබා දීම ජාතික අධ්‍යා­පන ප්‍රති­ප­ත්ති­යක් සකස් කිරීම සඳහා කරුණු අධ්‍ය­ය­නය කරන්න විද්වද් කමි­ටු­වක් පත් කිරීම වගේම අපේ රටේ තරුණ පර­පුරේ කුස­ලතා වර්ධ­නය සදහා කුසතා වර්ධන දශ­ක­යක් ප්‍රකා­ශ­යට පත් කිරීම වැනි වැද­ගත් කට­යුතු බොහෝ­මක් මේ වන විටත් ඉටු කරල තිබෙ­නවා. හැබැයි ඒවායේ ප්‍රති­ඵල දකින්න වෙන්නෙ ටිකක් ප්‍රමාද වෙලයි. ඒ නිසා තමයි ඔය මොන­වත් කළේ නෑ කියල චෝදනා කරන්නෙ.

Comments