
මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින තරගකාරිත්වය ඔබ දකින්නේ කොහොමද ?
ඇත්තටම කොළඹ ලොකු තරගකාරිත්වයක් නෑ. කොළඹ විතරක් නොවෙයි දිවයින පුරා තිබෙන තත්ත්වයත් ඒකයි. පසු ගිය ජනාධිපතිවරණයේ දී රනිල්ලා, සජිත්ලා, මංගලලා කියන ඔය ඔක්කොම එකට අපිට එරෙහිව ඡන්ද ව්‍යාපාරය මෙහෙයවලත් අපිව පරාජය කරන්න බැරි වුණානේ. මෙවර මහ මැතිවරණය වෙන කොට ඒ හැම දෙනාම බෙදිලා වෙන්වෙලා ඉන්නේ. ඉතින් අපිට මැතිවරණ තරඟයක් නෑ.
ඔබ කියන විදියට ඔවුන් වෙන්වෙලා වුණත් මැතිවරණයට තරඟ කරනවා. ඔවුන්ගෙන් ඔබලාට අභියෝගයක් නැද්ද?
කොහෙත්ම නැ.මොකද රනිල්ලා සජිත්ලා එදා යහපාලන ආණ්ඩුව තුළ ඉඳගෙන ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය කපලා,7% මට්ටමක තිබුණ ආර්ථික වර්ධන වේගය 2.8% දක්වා පහළට ඇද දමලා. රටේ ආර්ථික මරමස්ථාන ලෙස ගොඩනැගුණු හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ආදි ආයතන විදේශිකයන්ට විකුණලා, ජාතික ආරක්ෂාව තුට්ටුවකට මයිම් නොකර, කටයුතු කරපු යහපාලන ආණ්ඩුවෙ කෙරුවාවල් ගැන රටේ ජනතාව හොඳින් දන්න නිසා පක්ෂ බේදයෙන් තොරව මේ මැතිවරණයේදි ජනතාව පොහොට්ටුව වටා එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා දෙතුන් දෙනා එකතු කර ගෙන කරන මැතිවරණ ව්‍යාපාරයක් අපිට අභියෝගයක් වෙන්නෙ කොහොමද?
ඔබලා වේදිකාවලත්, මාධ්‍යයටත් මහ දිගු ලැයිස්තු ගෙන හැර පාමින් යහපාලන ආණ්ඩුවෙ වැරදි කියනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පත්ව මාස අටක් ගතවෙලත් මේ දක්වා ඒ වැරදි වලට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි?
ඔබ කියන විදියට කැලෑ නීතිය අනුව පළිගැනීමේ ස්වරූපයෙන් ඔවුන් කළ වැරදි වලට එරෙහිව කටයුතු කරන්න බෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් දැනටමත් සමහර කාරණා සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් පත් කරලා ගැඹුරින් විමර්ශන කටයුතු කර ගෙන යනවා. තවත් සමහර වැරදි සම්බන්ධයෙන් පොලිසිය යොදවලා විධිමත්ව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. දැන් ඔබලාටම පෙනෙනවානෙ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ ස්වාධීනව කෙරෙනවා. පාතාලය මර්දනය වෙනවා. මේ විදියට නිතිය සාධාරණ ආකාරයට ක්‍රියාත්මක කරලා වැරදිකරුවන් හඳුනා ගෙන දඬුවම් ලබා දේවි.
ඔබ කියන ආකාරයට නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් ඉකුත් ජනාධිපතිවරණයේ දී ඔබත් නියෝජනය කරන සමෘද්ධි අධිකාරියේ සිදු වු වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කළ වැටලීම් වලට මොකද වෙලා තිබෙන්නේ?
ඇත්තටම අපිට මැතිවරණ කොමිසම ගැන නම් ලොකු පැහැදීමක් නෑ. එදා සමෘද්ධි අධිකාරියේ සිදු වු දේවල් පිළිබඳව අපි අදාළ ආයතන වලට පැමිණිලි කළා. නමුත් තවම ඒ සම්බන්ධයෙන් අපේ දැන් පවතින ආණ්ඩුවත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග අර ගෙන නෑ කියල අපිටත් පොඩි කනගාටුවක් තිබෙනවා.
කොහොම වුණත් මේ මැතිවරණ සමයේ පුද්ගලයන්ට හිරිහැර වෙන ආකාරයට කටයුතු නොකරන එක හොඳයි. මැතිවරණයෙන් පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරල වැරදිකරුවන්ට දඬුවම් දෙන තුරු අපිත් මැදිහත්ව පරික්ෂණ කඩිනම් කරන්න අපේක්ෂා කරනවා.
මෙතෙක් පත් වු හැම ආණ්ඩුවක්ම රට දියුණු කළා කීවත් වසරින් වසර සමෘද්ධි ප්‍රතිලාභීන් වැඩි වෙන්නෙ කොහොමද ?
සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වුණේ 1995දී. ඒ වෙන කොට රටේ දිළිඳුකම 25%-30% ක තත්ත්වයක පැවැතියත් අද වෙන කොට දිළිඳුකම 6% න් දක්වා අඩුවෙලා තිබෙනවා. නමුත් වාර්ෂිකව වැඩිවන ජනගහනය නිසාත් වසරින් වසර වැඩිවන ජීවන වියදම නිසාත් සමෘද්ධි ව්‍යාපාරයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගන්න නොහැකි වෙලා තිබෙනවා. යහපාලනය රජය සමෘද්ධි සහනාධාරය එජාප පාක්ෂිකයන්ට දෙන්න ඕනෑ කියල සමෘද්ධි සහනාධාරය සඳහා වන නිර්ණායක නොසලකා කටයුතු කිරීම හේතුවෙන් බැලු බැල්මට දරිදාතාව ඉහළ ගොස් ඇති බවක් පෙනෙනවා.
ඔබ රාජ්‍ය සේවාවේ සිටි කෙනෙක් ඇයි දේශපාලනයට ආවේ?
මම අධ්‍යාපනය ලබන කාලේ දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තා. ඒකාලේ තමයි මට හිතුණේ න්‍යායාත්මකව වගේම ප්‍රායෝගිකවත් දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕන කියලා.
ජනතාව අපි ගැන යම් විශ්වාසයක් තබා තිබෙනවා. ඒ විශ්වාසය රැක ගෙන ජනතාවට සේවය කිරිම තමයි මගේ අරමුණ. මට පෞද්ගලික අරමුණු තිබුණා නම් පසුගිය කාලේ මටත් මහ ඇමතිකමට ඉකුත් රජයෙන් ආරාධනා ආවා. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා ජනතාව ගේ ආශිර්වාදයෙන් යම් දෙයක් දිනා ගෙන ඔවුන්ට සේවය කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.
දේශපාලනඥයකුට ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඔබ රාජපක්ෂවාදියෙක් හැරෙන්න වෙන ප්‍රතිපත්තියක් තියෙනවාද?
ඔව් ඇත්තටම මම රාජපක්ෂවාදියෙක්. එතුමාගේ දේශපාලන ප්‍රතිපත්ති තමයි අපෙත් ප්‍රතිපත්ති වෙන්නෙ. මේ රට යුද්ධයෙන් මුදවා ගෙන රටත් ජනතාවත් රැක ගත්තු යුග පුරුෂයෙක් එක්ක දේශපාලනයට සම්බන්ධ වෙන්න ලැබීම සතුටක් විදියටයි මම සලකන්නෙ.
2015 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ පරාජය ලැබුවට පස්සේ එතුමා තනි නොකර නැවත් එතුමා ක්‍රියාකාරි දේශපාලන ප්රවාහයට රැගෙන එන්න මුල්ම පියවර ගත්තේ මමයි. එදා එතුමා පරාජිතව කාල්ටන් නිවසේ සිටියදී ගෙදරට ඇඳ ගෙන සිටි ඇඳුම පිටින්ම තංගල්ලේ විශාල පිරිසක් සහභාගි වූ රැස්වීමකට එතුමා සම්බන්ධ කරගෙන නැවත එතුමා ක්‍රියාකාරි දේශපාලනයට ගෙන ඒමේ ගෞරවය මට හිමි වෙනවා.
ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රබල ලෙස සමාජයේ කතා බහට ලක් වු කාරණයක් තමයි උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත් කර යවන්න ඕන කියන කාරණය.ඒ ගැන ඔබ හිතන්නෙ කොහොමද?
ඒ මතවාදයත් සමඟ මගේ එකඟතාවක් තියෙනවා; මොකද ඔය කියන කණ්ඩායමට මමත් අයත් වන නිසා. උගතුන් බුද්ධිමතුන් කියන කරණය වගේම වැඩ කරන ඊට කැපවෙන පිරිසක් තමයි පාර්ලිමේන්තුවට යන්න ඕනෙ. ඒ වාගේම උගතුන් බුද්ධිමතුන් වුනත් ඔවුන් ප්‍රායෝගිකව කටයුතු කරන්නේ නැත්නම් ජනතා අපේක්ෂා ඉටු වෙන්නෙ නෑ. අනෙක් කාරණය තමයි ඔය කියන කාරණා අතරේ ඔවුන් ප්‍රතිපත්ති ගරුක වෙන්නත් ඕන. ඉකුත් පාර්ලිමේන්තුවෙත් උගතුන් බුද්ධිමතුන් හිටියා. ඒ අය තමයි මහ බැංකුව කොල්ල කෑවෙ. ඒ නිසා පාර්ලිමේන්තුවට යා යුත්තේ රටට ජනතාවට ආදරය කරන ප්‍රායෝගික උගතුන් බුද්ධිමතුන් පිරිසක් බවයි මගේ හැඟීම.