තරුණයින් 11ක් අතුරුදන් කිරීම - නැවත කැඳවයි | සිළුමිණ

තරුණයින් 11ක් අතුරුදන් කිරීම - නැවත කැඳවයි

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 4 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළහ.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදුකර ඇත.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවත් ඊට එරෙහිව නීතිපතිවරයා විසින් එම අධිකරණය ඉදිරියේ විරෝධතා ඉදිරිපත් කර තිබෙන බවත් දන්වා සිටියේය.

 

Comments