ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු | සිළුමිණ

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ (19) හඳුනාගත් ආසාදිතයින් 20න් 16ක් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වනවිට හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2724 කි.

වසංගත රෝග විද්‍යා අංශය පැවසු වේ ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගත් බවය.

අවසන් වරට හඳුනාගත් ආසාදිතයින් නව දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසකි.

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් කිහිපදෙනෙකු ට ද ඊයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ.

කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සහ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද ඒ අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව කටාර් හි සිට පැමිණි තිදෙනෙක්, ඉන්දියා වේ සිට පැමිණි දෙදෙනෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් නිරෝධායනයට ලක්වෙමින් සිටිය දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

මෙරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 678 දෙනෙකු පමණි.

මේ අතර මාස 03කට ආසන්න කාලයක් පැවති නාවික හමුදා පොකුරේ ආසාදිතයින් 903 කු මේ වන විට සුවය ලබා ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

මේ වන විට ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2035 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Comments