ස්පාඤ්ඤය තුළ යළිත් කොරෝනා ව්‍යාප්ත වන තත්ත්වයක් | සිළුමිණ

ස්පාඤ්ඤය තුළ යළිත් කොරෝනා ව්‍යාප්ත වන තත්ත්වයක්

ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව තිබේ.

ඒ, ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් අලූතින් ආසාදිතයින් 1,226 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

ඉන් 894 දෙනෙකුම වාර්තා වන්නේ බාසිලෝනා ප‍්‍රදේශයෙන්.

ඒ අනුව බාසිලෝනා වැසියන්ට නියෝග කර ඇත්තේ දින 15 ක් යන තුරු නිවෙස්වලින් බැහැර නොයන ලෙසටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව අද සිට ඉදිරි සති දෙකකට අධික කාලය තුළ බාසිලෝනා වැසියන් ලක්‍ෂ 40 ක් නිවෙස්වලට කොටුවන බවයි.

ස්පාඤ්ඤය යනු කොරෝනා වෛරසය පාලනයකට නතු කළ යුරෝපාකරයේ ප‍්‍රධාන රටක් ලෙසටයි සැලකෙන්නේ.

මේ අතර ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන අද (19) වනවිට එක්කෝටි 44 ලක්‍ෂය ඉක්මවා තිබේ.

වාර්තා වන මරණ සංඛ්‍යාවද ලක්‍ෂ 6 කට අධිකයි.

ගත වු පැය 24 තුළ පමණක් නව ආසාදිතයින් දෙලක්‍ෂ 59,848 දෙනෙකු වාර්තා වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එය දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන බවයි.

ගත වු පැය 24 තුළ අමෙරිකාවට පසු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් වීමද විශේෂත්වයක්.

එම සංඛ්‍යාව  37,000 කට අධිකයි.

 

Comments