අප නොදත් ගුණ ඇති අපේ අග­මැති | සිළුමිණ

අප නොදත් ගුණ ඇති අපේ අග­මැති

ශ්‍රී මහා බෝධිය අස­ලදී 2016 දී පැවැති පින්කම අව­ස්ථා­වේදී අග­මැ­ති­තුමා අතට බෝ කොළ­යක් පතිත වූ අව­ස්ථාව. අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම සිරි­නි­වාස නාහිමි හා දර­ණා­ගම කුස­ල­ධම්ම හිමි­යන් ඇතුළු මහා සංඝ­ර­ත්නය ද  මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.
ශ්‍රී මහා බෝධිය අස­ලදී 2016 දී පැවැති පින්කම අව­ස්ථා­වේදී අග­මැ­ති­තුමා අතට බෝ කොළ­යක් පතිත වූ අව­ස්ථාව. අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම සිරි­නි­වාස නාහිමි හා දර­ණා­ගම කුස­ල­ධම්ම හිමි­යන් ඇතුළු මහා සංඝ­ර­ත්නය ද මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

ශෛලේ ශෛලේ න මාණික්‍යං

මෞක්තිකං න ගජේ ගජේ

සාධවෝ නහි සර්වත්‍ර

චන්දනං න වනේ වනේ

 

මහා පොළොවේ කොයි­ත­රම් ගල් තිබු­ණත් මැණික් ගලක් හමු ­වන්නේ ඉතා කලා­තු­ර­කින් ය.

මහ වනයේ කොප­මණ අලි ඇතුන් සිටි­යත් ගජ­මුතු තිබෙන ඇතකු හමු­ වන්නේ කලා­තු­ර­කින් ය.

මහ වනයේ කොප­මණ ගස් තිබු­ණත් සඳුන් ගසක් හමු­ වන්නේ කලා­තු­ර­කින් ය‍.

සමා­ජයේ කොප­මණ මිනි­සුන් සිටි­යත් සත් ගුණ­වත් උතුම් මිනිස් ගුණාංග පිරි මිනි­සකු හමු­ වන්නේ කලා­තු­ර­කිනි.

ශ්‍රී මහා බෝධි වන්දනා පින්ක­මේදී රන් රිදී පල­ඳ­නා­වක් ශ්‍රී මහා බෝධි­යට පල­ඳ­වන ලද අව­ස්ථාව.

මට හමු වූ ඉහත කී අයු­රින් උතුම් මානව ගුණාංග පිරි සත්ගු­ණ­වත් වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන් ම නියම මහ­ත්ම­යකු ගැන රට නොදත් විරල තොර­තුරු ඇතු­ළත් මෙවැනි සට­හ­නක් රට හමුවේ තැබීම මගේ යුතු­ක­මක් කොට සල­කමි.

මේ සුවි­ශේෂ පුද්ග­ලයා වනාහි අන් කිසි­වෙක් නොව පසු­ගි­යදා සිය පාර්ලිමේන්තු ජීවි­තයේ 50 වසර සපිරි අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මැති­තුමාණෝය.

1974 වර්ෂයේ නීති විද්‍යා­ල­යට මා තේරී පත් වූ අතර එව­කට බෙලි­අත්ත ආස­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා වූ මහින්ද රාජ­පක්ෂ මැති­තු­මෝ ද නීති විද්‍යා­ල­යට ඇතුළු වූහ.

මෙම කාල­යේදී පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් තේරී­ පත් වූයේ ආසන මට්ට­මින් වූ අතර ආස­නයේ මන්ත්‍රී­ව­ර­යාට ඉහ­ළින් කිසිම කට­යු­ත්තක් කිරී­මට වෙනත් කිසිව­කුට බල­තල නොවීය. රජයේ ආය­තන හා දෙපා­ර්ත­මේ­න්තු­ව­ලට පුද්ග­ලයන් පත් කිරීම, රැකියා උස­ස්වීම්, ස්ථාන මාරු, රාජ්‍ය කොන්ත්‍රාත් ආදී සෑම කරු­ණ­ක­දීම මන්ත්‍රී­ව­ර­යාගේ අනු­මැ­තිය අව­ශ්‍යව තිබිණි. එම නිසා පළාතේ මන්ත්‍රී­ව­රයා හමු­වී­මට පවා ප්‍රදේ­ශයේ ජන­තාව දින ගණන් සති ගණන් කාලය වැය කරන යුග­යක් විය.

එම නිසා මහින්ද රාජ­පක්ෂ මහතා අප නීතිඥ සිසු කණ්ඩා­ය­මට (Batch) එකතු වුණ ද ඔහු සමඟ කථා කිරී­මට පවා මා වෙත තිබුණේ චකි­ත­යකි. එහෙත් ඉතා කෙටි කාල­ය­කින් එතුමා අප සැමගේ ම ඉතා­මත් ම කුලු­පග මිත්‍රයකු බවට පත් වූයේ එතුමා කෙරෙහි තිබූ අසා­මාන්‍ය සුවි­ශේෂී ජනතා හිත­කාමී ගුණාංග නිසා ය.

1977 වසරේ මැයි මාසයේ පමණ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ අපේ­ක්ෂ­ක­යකු වශ­යෙන් ඉදි­රි­පත් වූ එතුමා පරා­ජ­යට පත් වීය. එහෙත් එම වසරේ සැප්තැ­ම්බර් මාසයේ දී එතුමා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නීති­ඥ­ව­ර­යකු වශ­යෙන් දිවු­රුම් දුන්නේ ය.

1977 වසරේ බල­යට පත් වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රති­වාදී දේශ­පා­ලන පක්ෂ­වල ආධා­ර­ක­රු­ව­න්ගෙන් දැඩි දේශ­පා­ලන පළි­ගැ­නීම් සිදු කරන ලද අතර එව­කට පැවති අප­රාධ නඩු විධාන පනත සංශෝ­ධ­නය කර බල­වත් අප­රාධ සඳහා සැක­ක­රු­වන්ට, මිනී­ම­රු­වන්ට, මංකො­ල්ල­ක­රු­වන්ට, දේපළ වංචා­ක­රු­වන්ට ඇප ­දීමේ බල­තල ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පම­ණක් පැවරිණි.

මෙවැනි දේශ­පා­ලන පළි­ගැ­නීම් බහු­ල­වම දකුණු පළාතේ සිදු වූ අතර, මහින්ද රාජ­පක්ෂ මැති­තු­මන්ට ඡන්ද­යේදී උදවු කළ දෙමා­පි­යන්ගේ දරු­වෝ එවැනි අභූත චෝදනා ඉදි­රි­පත් කොට බන්ධ­නා­ගා­ර­ගත කරන ලදහ. එකී දරු­වන්ගේ අහිං­සක මව්පි­යන්ට තම දරු­වන් වෙනු­වෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය වෙත ඇප ඉල්ලීම් කිරීම සඳහා කිසිදු වත්ක­මක් හෝ කොළ­ඹට පැමි­ණී­මට දැනු­මක් හෝ නොවූ අතර එවැනි සැක­ක­රු­වන් වෙනු­වෙන් ‍ශ්‍රේෂ්ඨාධි­ක­ර­ණය වෙත ඇප ඉල්ලීම් සිදු­ ක­රන ලද්දේ මහින්ද රාජ­පක්ෂ මැති­තු­මන් විසිනි. ඒ ඔහුගේ විය­ද­මින් නීතිඥ ගාස්තු හා අනෙ­කුත් ගාස්තු ගෙව­මිනි.

1974 නීති විද්‍යා­ලයේ කණ්ඩා­ය­මට මේ වන­විට වසර 46ක් ගත වී ඇති අතර 1977/1978 වර්ෂ­වල නීති­ඥ­වරුන් හා වරි­යන්වූ පසු අපි සෑම වස­ර­කම එහි වාර්ෂික සුහද හමුව (Batch get together) අඛ­ණ්ඩ­වම පව­ත්ව­න්නෙමු.

කොයි­ ත­රම් වැඩ රාජ­කාරි තිබුණ ද දරුණු යුද්ධය සම­යේදී වුව ද ආර­ක්ෂක හේතූන් මත ඒ සඳහා සහ­භාගි නොවන ලෙස එතු­මාට ආර­ක්ෂක අංශ විසින් අව­වාද කරනු ලැබූ­වද මහින්ද මහතා ඒ අව­වාද නොතකා සුහද හමු­වට පැමිණ ඉතා සතු­ටින් අප කණ්ඩා­යමේ සියලු දෙනා සම­ඟම ප්‍රීතිය බෙදා­ගත් අයුරු මට මත­කය. එම කණ්ඩා­යමේ නීතීඥ සොහොයුරියක විසින් කරන ලද ප්‍රකා­ශ­යක් මෙසේ ය.

වත්මන් ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පිත්තල හන්දියේ බෝම්බ­යට මුහු­ණ­දී­මෙන් පසු අර­ලි­ය­ගහ මන්දි­ර­යට පැමිණි අව­ස්ථා­වේදී මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­තුමා විසින් වැල­ඳ­ගත් අව­ස්ථාව.

“ශ්‍රී ලංකා ඉති­හා­සයේ අති­ශ­යින් කීර්ති­මත් සහ බල­වත් දේශ­පා­ල­න­ඥය­කුව සිටි­ය­දීත්, වසර පන­හ­කට පෙර ‍කනිෂ්ඨ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස තමා ඇතුළු වූ නීති විද්‍යා­ල­යීය ශිෂ්‍ය කණ්ඩා­යම සමඟ සම්බ­න්ධව සිටී­මට මහින්ද රාජ­පක්ෂ මහතා කට­යුතු කළේ ය. ඔහු කිසිදා කණ්ඩා­යමේ වාර්ෂික සුහද හමුව මඟහැර­ගත්තේ නැත. රටේ උසස් ම කාර්යා­ලයේ සේවය කළ වසර දහය තුළදී ද ඔහු කණ්ඩා­යමේ සාමා­ජි­ක­යන් සමඟ සුහද සමීප සම්බ­න්ධතා පවත්වා ගත්තේ ය‍. ඔහුගේ ජන­කාන්ත පෞරු­ෂය, නිසැක ආක­ර්ෂ­ණය මෙන් ම උසස් ජීවන වින්ද­නය සහ සෙසු නොයෙක් විශේ­ෂතා සමඟ වුව ද ඔහු තව­මත් 1974 දී අපට මුණගැසුණු පරණ මහි­න්දම විය.”

“1974 නීති විද්‍යා­ල­යීය කණ්ඩා­යම වන අප ඔහුගේ පනස් වස­රක දේශ­පා­ලන දිවි­යට සුබ­පැ­තුම් එක් ක­රන්නේ නීරෝගී සුවය සහ දීර්ඝා­යුෂ පත­මිනි.”

එතුමා සෑම ආගම දහ­ම­කට මෙන් ම බුදු­ද­හ­මට විශේ­ෂ­යෙන් ඇති බැඳීම නිසා නායක හිමි­ව­රුන් බොහෝ ආග­මික උත්ස­ව­ව­ලට එතුමා සහ­භාගි කරවා ගැනීම නිර­න්ත‍ර­යෙන් ම සිදු ­විය.

පූජ්‍ය­පාද දර­ණා­ගම කුස­ල­ධම්ම නාහි­මි­යන් වහන්සේ 2007 වසරේ ජූනි මස 29 දින බෞද්ධයා රූප­වා­හිනි නාළි­කාව අර­ඹන විටදී ද 2011 මැයි මස 15 දින බෞද්ධයා ගුවන් විදු­ලිය අර­ඹන විටදී ද 2012 ජන­වාරි 8 වැනි දින ශ්‍රී සම්බෝධි සද­හම් සඟ­රාව අර­ඹන අව­ස්ථා­වේදී ද ප්‍රධාන ආරා­ධි­තයා වශ­යෙන් කැඳ­වනු ලැබූවේ එව­කට ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මැති­තු­මාය.

බෞද්ධයා නාළි­කාව මගින් 2016 වසරේ මහ බෝ අට­ම­ස්ථාන වන්ද­නාව අනු­රා­ධ­පුර ශ්‍රී මහා බෝධිය ඉදි­රි­පි­ටදී සිදු කරන ලදී.

ලක්ෂ ගණනක මහා සැදැ­හැ­ති­යන් සංඛ්‍යා­වක් අනු­ර­පුර ශුද්ධ භූමියේ මහ­මෙ­වුනා පුද­බිම අතුරු සිදුරු නැති වන සේ පිරී යන්නට කැඳ­වා­ගෙන සිදු කළ මේ සිය­වසේ අසි­රි­මත්ම පින්ක­මට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වූයේ මහින්ද රාජ­පක්ෂ මහතා ය.

රජ කාල­යට පසුව එතු­මාගේ පින්බර සුර­තින් රන්, රිදී, මැණි­ක්ව­ලින් නිර්මා­ණය කරන ලද මහාර්ඝ පල­ඳ­නා­වක් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහ­න්සේට පැල­ඳ­වීම එතු­මාගේ පින්බර සුර­තින් සිදු­ වන විට අහස් කුස පුරා බුදු රැස් විහි­දුණු අයුරු අති­ශය චම­ත්කා­ර­ජ­නක විය. ඒ අව­ස්ථා­වේදී මහින්ද මහ­තාගේ දෑතට ශ්‍රී මහා බෝධියේ බෝ පත්‍ර­යක් වැටීම සුවි­ශේෂ සිද්ධි­යකි. එදි­නම රාත්‍රියේ රන්මැලි සෑ කොත් වහන්සේ වෙතින් ද එවැ­නිම ප්‍රාති­හා­ර්ය­මය මහා රැස් ධාරා­වක් විහි­දුණි.

එදි­නම රුව­න්මැලි මහා සෑය අබි­යස විශාල උත්ස­ව­යක් සූදා­නම් කර තිබුණු අතර මුළු රුව­න්මැලි මහා සෑ මළුව පුරා අට­පි­රි­කර තැන්ප­ත් කර පූජා­වක් කළ අතර ලක්ෂ­යක පමණ ජන­තාව එම ආග­මික උත්ස­ව­යට සහ­භාගි වූහ. එම උත්ස­වයේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා වශ­යෙන් මහින්ද රාජ­පක්ෂ මැති­තු­මන් පැමිණ අසු­න්ගත් විට එම උත්ස­ව­යට පැමිණ සිටි ජන­තාව විශාල පෝලි­මක් සැදී එතු­මාට වඳි­න්නට වූහ. එම අව­ස්ථා­වේදී වය­ස්ගත කාන්තා­වන් ද වැඳුම් සඳහා පැමිණි අව­ස්ථා­වේදී එතුමා නිහ­ත­මා­නීව ඔවුන්ට එසේ නොක­රන ලෙසට කියා සිටියේ ය.

1974 නීති විද්‍යා­ල­යීය ශිෂ්‍ය කණ්ඩා­යමේ වාර්ෂික සුහද හමු­ව­කට මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­තුමා සහ­භාගි වූ අව­ස්ථාව.

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් එතුමා පරා­ජ­යට පත් වූයේ 2015 ජන­වාරි 8 දිනයි. එම පරා­ජ­යට ප්‍රධාන හේතු­වක් වූයේ මාදු­ළු­වාවේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් එතු­මාගේ රජ­යට එරෙ­හිව විප­ක්ෂය සමඟ ගෙන යන ලද දැඩි විරෝ­ධතා ව්‍යාපා­රය නිසා ය. එකී මැති­ව­ර­ණ­යෙන් මාස කිහි­ප­ය­කට පසුව සෝභිත ස්වාමීන් දැඩි ලෙස රෝගා­තුර විය‍. උන්ව­හන්සේ බැලී­මට මහින්ද රාජ­පක්ෂ මහතා උන් වහන්සේ වැඩ සිටි කුටියට ගිය අව­ස්ථාවේ විශේෂ දෙයක් සිදු­ විය. මහින්ද මහතා ස්වාමීන් වහන්සේ බැලී­මට පැමිණි බව දැන­ගත් රෝහලේ හෙදි සොයුරියෝ පැමිණ එතු­මාට වඳි­න්නට වූහ. එම අව­ස්ථාවේ දී දැඩි ලෙස කම්පා­වට පත්ව සිටි සෝභිත හිමි­පා­ණන් ප්‍රකාශ කර ඇත්තේ “අනේ මහ­ත්තයෝ අපට වැර­දුණා” කියාය. අප ඉතා හොඳින් ම දන්නා කරුණ වන්නේ සෝභිත ස්වාමීන් වහන්සේ අව­සාන කාල­යේදී ඉතා­මත් කන­ස්සල්ලු ලෙස හා දැඩි කම්පා­වෙන් සිටි බවයි.

2015 අගෝස්තු මස පැවැති මහ මැති­ව­ර­ණය සඳහා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ වාමාං­ශික පක්ෂ හා එකතු වූ එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය මහ මැති­ව­ර­ණ­යට මුහු­ණ­දුන්නේ අති­ගරු මහින්ද රාජ­පක්ෂ මැති­තුමා, අග­මැ­ති­ව­රයා ලෙස පත් කර­ගැ­නීම ප්‍රධාන අර­මුණ කොට ගෙන ය.

එහෙත් එව­කට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ගරු සභා­ප­ති­ව­රයා වූයේත් ශ්‍රී ලංකා ජන­ර­ජයේ ජනා­ධි­ප­ති­ව­රයා වූයේත් මෛත්‍රී­පාල සිරිසේන මහතා ය. එතුමා විසින් එම ඡන්ද­යට පෙර දින දිව­යින පුව­ත්පතේ මුල් පිටු­වෙන් ම ආරම්භ වූ ‘දිනු­වත් ඔබ’ යන ශීර්ෂය යටතේ මහින්ද රාජ­පක්ෂ මැති­තු­මාට යවන ලද ලිපි­යක් පළ කරන ලදී. එම ලිපියේ ඔහු විසින් මෙසේ සඳ­හන් කරන ලදී.

“එළ­ඹෙන මැති­ව­ර­ණ­යේදී, ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 සීමා­වට ළඟා­ වී­මට එජ­නි­ස­යට හැකි වුව ­හොත් අග­මැති ලෙස පත් විය යුත්තේ මෙතෙක් අව­ස්ථාව අහි­මි වූ ශ්‍රීල­නිප ජ්‍යෙෂ්ඨ නාය­ක­යකු බව මම විශ්වාස කරමි. යම් හෙය­කින් එජ­නි­ස­යට 113 සීමාව වෙත ළඟා­ වී­මට නොහැකි වී, ඒ ආස­න්න­යට පම­ණක් ළඟා­ වී­මට හැකි වුව ­හොත් ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට අවශ්‍ය ඉතිරි ආසන සංඛ්‍යාව ලබා ගැනීම සඳහා විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස මා හට මැදි­හ­ත් විය හැකි ය. එවිට ද අග­මැති විය යුත්තේ ඔබ නොව පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨ නාය­ක­යෙකි.”

එහෙත් ඊට වසර 2කට පසු 2018 වසරේ මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­තුමා විසින් ම මහින්ද රාජ­පක්ෂ මැති­තු­මාට අග­මැ­ති­ක­මට ආරා­ධනා කරන ලදී. ඒ අනුව මෛත්‍රී­පාල මහතා විසින් ම රනිල් වික්‍ර­ම­සිංහ මහතා දරන ලද අග­මැති තන­තු­රින් ඔහු ඉවත් කොට මහින්ද මහතා අග­මැ­ති­ව­රයා ලෙස පත් කොට පාර්ලි­මේ­න්තුව පවා විසු­රු­වනු ලැබීම දෛවයේ සර­ද­මක් දැයි සිතේ.

මහින්ද රාජ­පක්ෂ මැති­තු­මාගේ පාර්ලිමේන්තු ජීවි­ත­යට මේ වසරේ 2020 ජූනි මාස­යේදී වසර 50ක් සපි­රිණි. එකී කාල­යෙන් වසර 40කට අධික කාල­යක් අප­ හට දැන­ගන්න ලැබුණේ ඔහු සමඟ අත්වැල් බැඳ­ගත් ඔහුගේ පවුලේ සොහො­යු­රන් වන චමල් රාජ­පක්ෂ මැති­තුමා, ගෝඨා­භය මැති­තුමා හා බැසිල් රාජ­පක්ෂ මැති­තු­මා ය. මුළු රට­ටම මහත් ආද­ර්ශ­යක් වශ­යෙන් කිසිදු අව­ස්ථා­වක භේද නොවී පව­ත්වා­ගෙන යන ලද ළබැඳි සහෝ­දර බැඳී­මයි. එය අති­උ­තුම්ම මිනිස් ගුණාං­ග­යක් මෙන්ම රටේ දියු­ණු­වට සාමය උදා කිරී­මට ඉව­හල් වූ උතුම් මිනිස් ගුණාං­ග­යක් බව කිව යුතු­මය.

2018 දී මහින්ද රාජපක්ෂ මහතා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිව්රුම් දුන් අව­ස්ථාව.

ඊට හොඳම උදා­හ­ර­ණය නම් 2007 වසරේ කොල්ලු­පි­ටිය පිත්තල හන්දි­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තු­මන් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහා­ර­යෙන් එතුමා ශාරී­රික පීඩා­වට පත්වූ අව­ස්ථාවේ මහින්ද රාජ­පක්ෂ මැති­තු­මාට එම සිද්ධිය දරා ගැනී­මට අප­හසු වූ අව­ස්ථා­වයි. මහින්ද මහතා ඇස් දෙකම කඳු­ළින් පුර­වා­ගෙන තම සොහො­යුරා වූ ගෝඨා­භය රාජපක්ෂ මැති­තුමා බදා­ගත් ආකා­රය අපට අම­තක කළ නොහැ­කිය.

‍එමෙන් ම එකම පවු­ලෙන් ජනා­ධි­ප­ති­වරු න් දෙදෙ­නකු අපට ලැබුණේ මහින්ද රාජ­පක්ෂ මැති­තුමා හා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා කෙරෙහි මුළු රටේම ජන­තාව අතර දැක්වූ ආද­රය, ගෞර­වය හා දැඩි විශ්වා­සය නිසා­මය. මේ ‍රටේ ඇරැ­ඹුණු භයා­න­කම ත්‍රස්ත­වාදී ව්‍යාපා­රය මෙන් ම ලෝකයේ ප්‍රබ­ල­තම ත්‍රස්ත­වාදී ව්‍යාපා­ර­යක් වූ එල්ටීටී‍ඊ ත්‍රස්ත­වා­දය සම්පූ­ර්ණ­යෙන් විනාශ කර සිය­ලු ප්‍රබල නාය­ක­යින් හා ඊට සම්බන්ධ සන්නද්්ධ නාය­ක­යන් විනාශ කර දමා පුරා වසර 10ක් වන තෙක් කිසිදු බෝම්බ­යක් හෝ ත්‍රස්ත­වාදී ක්‍රියා­වක් සිදු­ නො­වන මට්ට­මට එම යුද්ධය අව­සන් කර­වී­මට හැකි ­වූයේ මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ අප්‍ර­ති­හත ධෛර්යය හා එක කුස උපන් සහෝ­ද­ර­ය­න්ගෙන් ලැබුණු උසස් ම ආධාර හා උප­කාර නිසා­මය.

එමෙන්ම එතුමා 2005 – 2015 වස­ර­ව­ලදී අපේ රටේ ආරම්භ කළ සංව­ර්ධන ව්‍යාපෘති පිළි­බ­ඳ­වත් ඉන් රටට වූ සෙත පිළි­බ­ඳ­වත් අප අම­තක නොකළ යුතු ය.

1974 වසරේ සිට වසර 46ක් එතුමා ළඟින් ම ඇසුරු කිරී­මට මා හට හැකි වූ අතර එම මුළු කාලය තුළම කොත­රම් ජය පරා­ජ­යන්ට මුහුණ දුන්න ද එතු­මාගේ ඉහ­ත කී උතුම් මිනිස් ගුණ සමු­දා­යන් කිසි­වක් වෙනස් නොවුණි. එම ගුණාංග අඛ­ණ්ඩ­වම පැව­තිණි.

තමාට හිත­වත් රටට වැඩ කරන රටේ වැද­ගත් සියලු දෙනාගේ උපන් දින එතු­මාට හොඳින්ම මත­කය. ඒ අනුව ඒ අයට තම උපන් දිනයේ දී මුලින් ම සුබ පතන්නේ බොහෝ විට මහින්ද රාජ­පක්ෂ මහතා ය.

දේශ­පා­ලන ජීවි­තයේ 50 වන සැත­පුම් කණුව පසු­ ක­රන හා ජීවන මගේ 75 වන සැත­පුම් කණු­වට ළංව සිටින එතු­මාට මා ප්‍රාර්ථනා කරන්නේ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ, ජය, සැප හා සතු­ටයි.

 

Comments