තවත් ලාංකිකයින් පිරිසක් අද දිවයිනට | සිළුමිණ

තවත් ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

මාලදිවයිනේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතය.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකු එලෙස මෙරටට පැමිණීමට නියමිත බවය.

ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් විශේෂ ගුවන් යානය අද උදෑසන 11.30 ට මෙරටට ළඟාවීමට නියමිත වේ.

මේ වනවිට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදෙස් ගතව සිටි පුද්ගලයින් 8500 ක් පමණ දිවයිනට පැමිණ ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ  පැවසුවේ ය.

තව ත් 40,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පිටින බව ද ඔහු සඳහන් කළේ ය.

එම පිරිස් ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ජයනාත් කොළඹගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

 

Comments