අදත් මිලිමීටර් 50 ඉක්මවු තද වැසි | සිළුමිණ

අදත් මිලිමීටර් 50 ඉක්මවු තද වැසි

නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙන්ම සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩි විය හැකි බවයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු විය හැති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී විමසිලිමත් විය යුතු බවයි.

Comments