
අද සිට ලබන 29 වැනි දා දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනට ගිනිකොණ දිග වායූගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් එම වැසි තත්ත්වය ඇති වන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ස්දහන් කලේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මි.මී. 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකිය.
සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකිය.