ආරුමුගන් තොණ්ඩමාන් අභාවප්‍රාප්ත වෙයි | සිළුමිණ

ආරුමුගන් තොණ්ඩමාන් අභාවප්‍රාප්ත වෙයි

කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් අභාවප්‍රාප්ත වී තිබේ.

එම පක්ෂයේ උපනායක මරදපාන්ඩි රමේශ්වරන් මේ බව තහවුරු කර ඇතැයි අප වාර්තාකරු පවසයි.

ආරුමුගන් තොණ්ඩමාන් උපත ලැබුවේ 1964 වසරේ මැයි මස 29 වැනිදායි.

ඔහු දේශපාලනයේ නිරත වුණේ තම මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන්ගේ අඩිපාරේ යමින් ය.

1994 වසරේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔහු පාර්ලිමේන්තුවට පිවිසුණේ ය.

ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන් ඔහු මෙරට ප්‍රධාන පක්ෂ නායකයින් සමග සමීපව කටයුතු කළ දේශපාන නායකයෙකි.

වර්තමාන අමාත්‍ය මණ්ඩලයේද සාමාජිකයෙකු වන ඔහු මින් පෙර විවිධ අමාත්‍ය ධුර හොබවමින් කඳුරට ජනතාවට සේවය ඉටු කළේ ය.

පශු සම්පත් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරය කිහිපවරක්ම හෙබවූයේ ආරුමුගන් තොණ්ඩමාන්ය.

Comments