ඇඳිරි නීතිය කඩකල අයට නීති දැඩි වෙයි | සිළුමිණ

ඇඳිරි නීතිය කඩකල අයට නීති දැඩි වෙයි

චේතනාන්විතව ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දහසකට පමණ මේ වනවිටත් දඬුවම් නියම කර ඇති බවයි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු මස 20 වැනිදා සිට අද උදෑසන 06.00 දක්වා කාලය තුළ නීති කඩකළ පුද්ගලයින් හැටදහස් හාරසිය විසි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව දහසය දහස් නවසිය විසි හතරකි.

ඒ අනුව ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් දාහත් දහස් එකසිය අනූ තුන් දෙනෙකුට නඩු පවරා ඇති බවත්, ඉන් හයදහස් හාරසිය අසූ දෙනෙකුට දඬුවම් නියම කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Comments