පොලිස් භාරයට ගත් රථ වාහන සංඛ්‍යාව 15490ක් | Page 10 | සිළුමිණ

පොලිස් භාරයට ගත් රථ වාහන සංඛ්‍යාව 15490ක්

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 56,326 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ පොලිස් භාරයට ගත් මුළු රථ වාහන සංඛ්‍යාව15,490ක් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේය.

අදාළ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම් 13,556ක් සිදුකර ඇතිඅතර දඞුවම් නියම කළ සංඛ්‍යාව 5221ක් වේ.

මේ අතර අද (17) පෙරවරු 6.00න් අවසන් වූ ගත වු පැය 24 තුළඇදිරි නීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධව පුද්ගලයින් 620 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිඅතර රථ වාහන 274ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Comments