රාජිත ගැන තීන්දු හෙට | සිළුමිණ

රාජිත ගැන තීන්දු හෙට

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය කොළඹ මහාධිකරණය විසින් හෙට (13) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කළ නියෝගය සංශෝධනය කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය මීලඟ හෙට දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

Comments