මැතිවරණ පෙත්සම් සලකා බැලීම 18 සහ 19 | සිළුමිණ

මැතිවරණ පෙත්සම් සලකා බැලීම 18 සහ 19

ලබන ජුනි 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න ඇතුළු පිරිසක් ගොනුකර ඇති පෙත්සම් 7 සලකා බැලීම සඳහා ලබන 18 හා 19 යන දින දෙකෙහි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.

මෙම පෙත්සම් අද දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජජා හා මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණ.

එහිදී එම පෙත්සම් වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස මැදිහත් වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ජූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශව 8 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලේඛන ගොනුකර තිබිණ.

එම පෙත්සම්වලට අතරමැදි පාර්ශව ලෙස සම්බන්ධ වීමට අපේක්ෂා කරන සෙසු පුද්ගලයින්ට හෙට පස්වරු 3 දක්වා ඒ සඳහා ඉල්ලීම් කිරීමට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේ ය.

එමෙන්ම මෙම පෙත්සම් ඉතා හදිසි කරුණක් ලෙස සලකා බැලීමට දින නියම කරන ලෙසත් එලෙස සලකා බැලීමට දින නියම කරන තුරු මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේවතෙත් එම අතුරු තහනම් නියෝගය අද දිනයේ නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ විනිසුරු මඩුල්ල සියලු පාර්ශවවලට සවන් දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයේන් සුදුසු නියෝගයක් නිකුත් කරන බව පෙන්වා දුන්නේ ය.

Comments