දකුණු පළාතේ සියලු සුරාසැල්වලට මුද්‍රා | සිළුමිණ

දකුණු පළාතේ සියලු සුරාසැල්වලට මුද්‍රා

දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලු සුරාසැල් මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ පොලිස් ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ.

විදේශිය සංචාරකයින් නවාතැන්ගෙන සිටින සංචාරක හෝටල්වල ඇති සුරාසැල් විවෘත කර තිබීම ඊට හේතුවයි.

පොලිස් ඇඳිරි නීති කාලය තුළ නීති විරෝධීව මත්පැන් අලෙවි කළ කොළඹ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැල් 2 කට ද මුද්‍රා තැබු බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර නිවාස ආශ්‍රිතව නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වැඩි වී ඇතැයි ද කපිල කුමාරසිංහ පැවසීය.

 

Comments