
2020 ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තැබීමට නියෝග කල බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත්තේ, ඒ අනුව 2020 පෙබරවාරී මස 04 වන දින මෙය ක්‍රියාත්මක බවයි.
එමෙන්ම නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ඡාවාරම් කිරීම වැළැක්වීම සඳහා ද ඒ අනුව නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ සඳහා සුරාබදු නිලධාරීන් 1000 ක් පමණ යෙදවීමට නියමිතව ඇත.
මහජනතාවගේ පැමිණිලි බාර ගැනීම සඳහා 1913 කෙටි දුරකථන අංකය පැය 24 පුරාම විවෘතව පවතියි.