අකුරණ16ක් ස්වයං නිරෝධායනයට | සිළුමිණ

අකුරණ16ක් ස්වයං නිරෝධායනයට

කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ අකුරණ පුද්ගලයා සමඟ සෘජුවම සම්බන්ධකම් පැවැත්වු 16 දෙනෙකු හඳුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති ඒ . රාජපක්ෂ පැවැසිය.

මෙම පුද්ගලයා වෛද්‍ය ප්‍රථිකාර ලබාගත් පෞද්ගලික වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයාද මේ වන විට නිරෝධනයට ලක් කර ඇති බවද ඔහු පැවැසිය.

මේ අතර මෙම පුද්ගලයා සමග ඉන්දියාවේ සිට පැමිණි  අනිත් පුද්ගලයාද සොයමින් පවතින බවද මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති රාජපක්ෂ මහතා පැවැසිය.

සුදුහුම්පල,වැරල්ලගම,ගම්පල, වත්තේගම පෙදෙස් වල මෙම පුද්ගලයා ඇසුරු කල පුද්ගලයින් පිළිබදව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් විසින් සොයමින් පවතින බවද ඔහු පැවැසිය.

Comments