මරණ 10,000 ඉක්මවයි - මරණ වැඩිම රට ඉතාලිය | සිළුමිණ

මරණ 10,000 ඉක්මවයි - මරණ වැඩිම රට ඉතාලිය

කෙවිඩ් නයින්ටීන් රෝගයෙන් වැඩිම පිරිසක් මිය ගිය රට බවට ඉතාලිය පත්වෙයි. ඉතාලියේ මරණ සංඛ්‍යාව  3,405ක් ලෙස වාර්තාවේ.

මෙතෙක් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ රෝගය ආරම්භ වූ චීනයෙනි. චීනයේ සමස්ත මරණ සංඛ්‍යාව 3,248කි.

ඉතාලියේ ගත වූ පැය 24 තුළ මරණ 427ක් වාර්තා වීමත් සමග සමස්ත සංඛ්‍යාව චීනය අභිබවා ගොස් තිබේ.

මේ අතර ඉතාලියේ මිලාන් නගරයේ මිය ගිය රෝගීන්ගේ සිරුරු රැගත් ට්‍රක්රථ පෙලක්, යාබද බෙර්ගාමෝ නගරය හරහා ගමන් කරන ආකාරය දැක්වෙන් වීඩියෝ දර්ශන පෙලක් ඊයේ(19) මාධ්‍යට නිකුත් කර තිබුණි.

මේ අතර ගතවූ පැය 24 තුලදී ලොව රටවලින් වාර්තා වන මුළු කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා මරණ ගණන 1,079 ක්  බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට ලොව පුරා සිදුව ඇති මුලූ කොරෝනා මරණ 10,000 ඉක්මවා තිබේ.
 
ඒ අනුව මේ දක්වා වාර්තා වන කොරෝනා වෛරස මරණ සංඛ්‍යාව 10,041 කි. ලොව පුරා සිටින මුළු කොරෝනා ආසාදිතයින් ගණන 244, 779 කි. 

Comments