අග්නිදිග ආසියාවට WHO අනතුරු අඟවයි | සිළුමිණ

අග්නිදිග ආසියාවට WHO අනතුරු අඟවයි

අග්නිදිග ආසියාව තුළ කොවිඩ්-19 රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් හමුවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම කලාපය වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

"තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. වෛරසය වැඩි පිරිසකට ආසාදනය වීම වැළැක්වීම සඳහා අප ගන්නා සියලු උත්සාහයන් වහාම ඉහළ නැංවිය යුතුයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප අධ්‍යක්ෂ ආචාර්ය පූනම් කේත්‍රපාල් සිං පැවසීය.

"වෛරස් සම්ප්‍රේෂණය පිළිබඳ තවත් පොකුරු ප්‍රජාවන් සම්බන්ධ තොරතුරු සනාථ වෙමින් පවතිනවා. මෙය සුපරීක්ෂාකාරී හා ඵලදායී සෝදිසියක ඇඟවීමක් බව සඳහන් කළ යුතුයි.

කොවිඩ්-19 තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී හා සමස්ත සමාජ ප්‍රයත්නයන්හි අවශ්‍යතාවය පිළිබඳවද අවධානය යොමු කරන්න.

තවත් බොහෝ දේ කිරීමට හා මෙය කඩිනම් කිරීමට අපට පැහැදිලිවම අවශ්‍යයි.” හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා කලාපයේ රටවල් 11 න් 8 ක්ම රෝගීන් තහවුරු කර ඇති අතර, ඒ අතර වැඩිම ආසාදිතයන් පිරිසක් තායිලන්තයෙන් වාර්තා වෙයි.

එමෙන්ම, ඉන්දුනීසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන රටවල්ද ඊට අයත්ය.

 

Comments