ලංකාවේ පැරණිතම ලී පාලම | සිළුමිණ

ලංකාවේ පැරණිතම ලී පාලම

ශ්‍රි ලංකාව පුංචි රටක් වූවත් එහි ඓතිහාසික සාධක මුළු ලොව පුරා ප්‍රචලිතයි.

අපටම අනන්‍ය වූ අපේ තාක්ෂණයක් එකළ සිටම ලාංකිකයන්ට පැවැතුණා.

මේ  අතර බොල්ගොඩ ලී පාලමට හිමි වන්නේ සුවිශේෂ තැනක්.

ශ්‍රි ලංකාවේ පැරණිතම ලී පාලම ලෙස මෙය සැලකෙනවා.

බදුල්ල දිස්ත්‍රිරික්කයේ පිහිටා ඇති මෙම පාලම දඹදෙණි යුගයට අයත් වෙනවා.

යකඩ ඇණ භාවිතයෙන් තොරව මෙම පාලම ලී වලින් සාදා තිබෙනවා.

මෙම පාලම ඉදිකර ඇත්තේ බෝගොඩ විහාරයට මායිම්ව ලොග්ගල් ඔය හරහා ය.

අතීත කතාවලට අනුව, පුරාණ සිංහල රාජධානි යුගයේ දී භාවිතා කරන ලද පැරණි බදුල්ල – මහනුවර මාර්ගයේ මෙය පිහිටා තිබෙනවා.

වසර 400කටත් වඩා මෙම පාලම පැරණිය.

මීටර 15ක් පමණ දිගින් යුතුව තනා ඇති පාලම මීටර 1.5 ක පමණ පළලකින් සමන්විත වෙනවා.

මීටර 2.4 ක පමණ උසකින් යුතුව පාලමට සම්බන්ධ කොට  වහළයක් ද නිර්මාණය කොට තිබෙනවා.

ලංකීය උරුමය රැගත් මෙවැනි නිර්මාණ සුරැකීම සියළු ලංකිකයන්ගේ වගකීම හා යුතුකම වෙයි.

 

Comments