
නීතිපති දප්පුල ද ලිවේරා අද (20) දේශපාලන පලිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ, දහවල් 01.30 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කිරිමට පියවර ගෙන ඇති බවයි.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව පලිගැනීමේ චේතනාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ජනපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඊට අදාලව හිටපු නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන් අතර එහිදී ඔහු ලබාදුන් සාක්ෂි මත පදනම්ව නීතිපතිවරයා කොමිසම හමුවට කැඳවීමට පියවර ගෙන තිබේ.