ලොව කළඹන භාරකාර රොබෝවරු | සිළුමිණ

ලොව කළඹන භාරකාර රොබෝවරු

ලොව කළඹන භාරකාර රොබෝවරු

මිනිසා හා තාක්ෂණය අතර පවතින්නේ ප්‍රබල සම්බන්ධතාවයක්.

තාක්ෂණය දියුණු වීම සමඟ මිනිසා ද කාර්යය බහුල වෙයි.

කාර්යය බහුල ජීවන රටාව අභියෝගයට ලක් කරමින් මිනිසා රෝබෝ තාක්ෂණයට  හුරු වී ඇත.

මේ අතර භාරකාර රොබෝවරුන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

රෝගීන් රැක බලා ගැනීම සඳහා විශාල ලෙස අද වන විට රෝබෝවරු භාවිතා කරයි.

මුහුණට මුහුණ බලා සන්නිවේදනය කිරීම තුළින් රෝගී සුවපත් කිරිමට භාරකාර රොබෝවරු භාවිතා කීරිම ප්‍රවණතාවයකි.

අංශභාගය සෑදුණු රෝගීන් සඳහා මෙය බහුල ලෙස භාවිතා කරයි.

භෞත චිකිත්සක පුහුණු කරුවන් ලෙස ද  රෝබෝවරු ක්‍රියා කරයි.

මානව සම්පත් හීන රටවල රෝගීන් රැක බලා ගැනීමට මෙම තාක්ෂණය යොදා ගනී.

මිනිසුන් සමඟ සන්නිවේදනය කරමින් රෝගීන්ගේ මානසිකත්වය යතා තත්ත්වයට ගෙන එයි.

අනාගතයේ  දවසක ලොව පුරා භාරකාර රෝබෝවරු මිනිසුන් සුව කරන යුගය එනු ඇත.

 

Comments