රනිල්ගේ හයේ හතේ කොළ­ව­ලට තිස්ස තුරුම්පු ආසි­යාම ගහයි | සිළුමිණ

රනිල්ගේ හයේ හතේ කොළ­ව­ලට තිස්ස තුරුම්පු ආසි­යාම ගහයි

සු­ගිය සතිය පුරා මෙරට දේශ­පා­ල­නයේ ලොකු උණු­සු­මක් නැතත් තීර­ණා­ත්මක කරුණු කාරණා බොහෝ සිදු විය. ඒ අතර ශ්‍රීල­නි­පයේ අනා­ගත සැල­සුම් සහ එජා­පයේ බල අර­ග­ලය ප්‍රධාන විය. නිමක් නැති එජාප බල අර­ග­ලය මැද ගෙවුණු සතියේ දේශ­පා­ලන කර­ළියේ ‘රජ හෑල්ල’ යි මේ...

 

එජාප වළං කඩේඩ පැන්න ගොනා කවුද?

 

‘ගහෙන් වැටී සිටින එජා­ප­යට ගොනා ඇන්නා සේ’ විප­තක් සිදු කළ රන්ජන් රාමනා­යක පසු­ගිය 21 වැනි දා පාර්ලි­මේ­න්තු­වට පැමි­ණියා. රන්ජන්ගේ පැමි­ණීම එජා­පයේ පම­ණක් නොව ආණ්ඩු පක්ෂයේද බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ දෙයක් බව පැහැ­දි­ලියි. මේ තත්ත්වය තුළ පාර්ලි­මේ­න්තුවේ දී මිනිත්තු 12ක කතාවක් කළ රන්ජන් යළිත් වරක් දෙබ­ර­යට ගල් ගැසුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මහත් කැල­ඹී­මක් ඇති කර­මි­නුයි.

පාර්ලි­මේ­න්තුවේ විවේ­ක­යක් අත­ර­තුරේ මැති ඇමැ­ති­ව­රුන් පිරි­සක් රන්ජන්ගේ බෝම්බය ගැන පාර්ලි­මේන්තු ලොබියේ කතා­බහ කර­මින් සිටියා.

“රන්ජන් අද කරපු කතාව ඇහු­වම මට මතක් වුණේ වළං කඩේට පැන්න ගොනාගේ කතාව. ගොනා අද වළං කඩේ කුඩේ කුඩු කරලා දැම්මා’ ප්‍රසන්න සිනා­සෙ­මින් පැව­සුවා.

“ඒක නම් ඇත්ත. සමා­ජය ඉදි­රියේ සුදු ඇඳ­ගෙන ඉන්න ගොඩක් අයගේ රෙදි ටික අද රන්ජන් ගල­වලා දැම්මා. සම­හරු දැන් ඉන්නේ විලි ලැජ්ජා­වෙන් මිරි­කිලා’ සනත් නිශාන්ත ප්‍රස­න්නට අලගු තබ­මින් කිව්වා.

“තව ටික දව­ස­කින් එයාලා කියයි ඕකේ තියෙන්නේ අපේ කට­හ­ඬ­වල් නොවෙයි කියලා’ ලන්සා එජා­පයේ අතී­තය සිහි­පත් කළා.

“මේ හඬ­ප­ට­වල තියෙන බර­ප­ත­ළම කාර­ණය තමයි පහු­ගිය අවු­රුදු පහේ අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්ව­යට වෙලා තියෙන හානිය. හැමෝම හඬ­පට අහලා රස වින්දට මේක නිසා අධි­ක­ර­ණ­යට වෙච්ච හානිය ගැන කල්පනා කරන්නේ නැහැ’ ප්‍රසන්න පෙන්වා දුන්නා.

“නඩු හදලා, නඩු අහලා, තීන්දු දීලා තියෙන්නේ අර­ලි­ය­ගහ මන්දි­රයේ ඉඳන් ක්‍රියා­ත්මක වෙච්ච රනිල්, අජිත් පිල, රන්ජන්, රාජිත, පාඨලී ඇතුළු කණ්ඩා­යම කියන එක අපිට දැන් පැහැ­දි­ලියි’ පියල් තත්ත්වය විශ්ලේ­ෂ­ණය කර­මින් කිව්වා.

“අද මේ රටේ ජන­තාව ආණ්ඩුවේ වැඩ­පි­ළි­වෙළ ගැන ප්‍රසා­ද­යෙන් ඉන්නේ. හැබැයි එජාප ජවිපෙ දෙගො­ල්ලන්ට ඒක ‍ අල්ලන්නේ නැහැ. කොහොම වුණත් වැඩි කාල­යක් යන්න ඉස්සර ඔය පක්ෂ දෙක මේ රටේ දේශ­පා­ල­න­යෙන් අතු­ගෑ­විලා යනවා’ ප්‍රසන්න කතා­වට විරා­ම­යක් දෙමින් කිව්වා.

 

දයා­සිරි බරට බරේ අමුතු මල්ලක් අරන් ඇවිත්

 

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දයා­සිරි ජය­සේ­කර පසු­ගිය බදාදා පාර්ලි­මේ­න්තු­වට ආවේ විශාල කළු පැහැති බෑග­යක් ද එල්ලා­ගෙ­නයි. එය දුටු ඇමැති නිමල් ලාන්සා, ‘ඇම­ති­තුමා මොනා ද මේ බරට බරේ උස්සා­ගෙන’ කියා විම­සුවා.

“එක පැත්තක රන්ජන්ගේ සීඩී. අනෙක් පැත්තේ තියෙන්නේ ඊටත් වඩා රහ­සි­ගත දෙයක්’ දයා­සිරි සුපු­රුදු උප­හාස හඬින් කිව්වා.

“ඒ මොනාද ? ඇස් උඩට ගනි­මින් ලන්සා ඇසුවා.

“මේකෙ තියෙන්නේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් ඉවත් කරන්න නිය­මිත ආසන සංවි­ධා­ය­ක­ව­රුන්ගේ ලේඛ­නය” දයා­සිරි උත්තර දුන්නා.

“ඒක නම් හරිය කිය­මුකෝ. හැබැයි රන්ජන්ගේ සීඩී තාම සභා­ගත කරලා නෑනේ. ඒක නිසා ඒ ටික කොහො­මද ඔබ­තු­මාට ලැබුණේ කියලා වෙනම හොයලා බලන්න වෙයිද මන්දා’ ලාන්සා අසල සිටි පිරිස සිනා­ග­න්ව­මින් කිව්වා.

පසු­ගිය බදාදා පාර්ලි­මේන්තු ලොබි­යේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලි­මේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරි­ඇ­ල්ලට වන­ජීවි රාජ්‍ය ඇමැති විම­ල­වීර දිසා­නා­යක මුණ­ගැ­සුණා.

“ඔබ­තු­මා­ටත් ඇම­ති­ක­මක් තියෙ­න­වාද” කිරි­ඇල්ල විම­ල­වී­ර­ගෙන් ප්‍රශ්න කළා.

“තියෙ­නවා නේන්නම්. මමනේ වන ජීවි රාජ්‍ය ඇමැති. මට අලි කොටි වලස්සු ගැරඬි මීයෝ කැර­පොත්තෝ ඔක්කොම අයි­තියි” විම­ල­වීර මහ හඬින් උත්තර දුන්නා.

“අනේ හොඳයි. අපේ පැත්තෙත් හරි­යට වනජීවි ප්‍රශ්න තියෙ­නවා” කිරි­ඇල්ල මැසි­විලි ස්වර­යෙන් කිව්වා.

“අපොයි මන්ත්‍රී­තුමා ඔය­ගො­ල්ලන්ගේ අලි ප්‍රශ්න මට විස­ඳන්න බෑ. ඔය හූනෝ කැර­පො­ත්තන්ගේ ප්‍රශ්න නම් කොහොම හරි විස­ඳලා දෙන්න පුළු­වන්” විම­ල­වීර ඇඟ­ට­ප­තට නොදැනී උත්තර දුන්නා.

 

ඇමැති පියල්ගේ වයස ගැන ලොකු උන­න්දු­වක්

 

ජන­පති ගෝඨා­භය මෙන්ම අග­මැති මහි­න්දත් ආණ්ඩුවේ මැති ඇම­ති­ව­රුන් බොහෝ දෙනකුත් පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා දහ­වල් සිටියේ වාද්දුවේ. ඒ පාර්ලි­මේන්තු මන්ත්‍රී පියල් නිශා­න්තගේ පුතාගේ විවාහ උත්ස­ව­යට සහ­භාගී වීම­ටයි. උදෑ­සන 10.30ට පමණ යෙදුණු සුබ නැක­තින් මනාල යුවළ අස්සන් තැබුවා. මනා­ල­යාගේ පාර්ශ්ව­යෙන් සාක්ෂි­කරු ලෙස අස්සන් කළේ ජන­පති ගෝඨා­භ­යයි. මනා­ලි­යගේ පාර්ශ්වය වෙනු­වෙන් සාක්ෂි­යට අත්සන් තැබුවේ අග­මැති මහි­න්දයි. මෙහි තවත් විශේ­ෂ­ත්ව­යක් තිබුණා. ඒ පියල්ගේ 23 වන විවාහ සංව­ත්ස­රය ද එදි­නට ම යෙදී තිබී­මයි.

විවාහ මංගල උත්ස­ව­යට සහ­භාගි වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, ජානක වක්කු­ඹුර වැනි මැති ඇම­ති­ව­රුන් බොහෝ දෙනෙ­කුට පියල් විවාහ වූ වයස දැන­ගැ­නී­මට තිබුණේ පුදුම උන­න්දු­වක්. ඔවුන්ගේ ප්‍රශ්න­යට උත්තර දුන්නේ අග­මැති මහි­න්දගේ පාර්ලි­මේන්තු කට­යුතු ලේකම් කුමා­ර­සිරි හෙට්ටි­ගේයි. පියල් මන්ත්‍රී­තුමා බැඳලා තියෙන්නේ අවු­රුදු 18 දී, කිය­මින් හෙට්ටිගේ පැමිණි සිටි පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ කුහුල සංසි­ඳු­වී­මට කට­යුතු කළා.

පැය­කට ආසන්න කාල­යක් පියල්ගේ පුතුගේ විවාහ මංගල උත්ස­වය පැවැති හෝට­ලයේ රැඳී සිටි මහින්ද ඉන් පිටව කෙළින්ම තංගල්ල බලා පිටත් වුණා. ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යගේ උප­න්දි­නය නිමි­ත්තෙන් තංගල්ල කාල්ටන් නි‍ෙවසේ එදින දාන­මය පුණ්‍ය­ක­ර්ම­යක් සංවි­ධාන කර තිබුණා. මහින්ද තංගල්ල කාල්ටන් බලා ගියේ ඊට සහ­භාගි වීම සද­හායි. එම පුන්‍ය කර්මයට ජනාධිපතිතුමාත් චමල් ඇමැතිතුමාත් එක් වූහ.

 

පොහො­ට්ටුව සමඟ නව ගිවි­සු­ම­කට ශ්‍රීල­නි­පයේ අව­ධා­නය

 

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ දී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය පොදු­ජන පෙර­මුණ සහ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සමඟ ගිවි­සුම් තුනක් අස්සන් කළා. ඒ වගේම ජන­ප­ති­ව­රණ ව්‍යාපා­ර­යට උප­රිම සහා­යක් ලබා­දුන්නා. මේ තත්ත්වය තුළ ශ්‍රීල­නි­පය දැන් විශ්වාස කරන්නේ ජන­ප­ති­ව­ර­ණ­යේ දී ලබා­දුන් මේ සහා­යට වඩා වැඩි සහා­යක් තමන් මහ මැති­ව­ර­ණ­යේ දී ලබා­දිය හැකි බවයි. ඒ ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට පාර්ලි­මේ­න්තුවේ 3/2ක බල­යක් ලබා­දීම සඳ­හායි.

ඒත් ශ්‍රීල­නි­පයේ ප්‍රබ­ල­යන් බහු­ත­ර­ය­කගේ අද­හස වෙලා තියෙන්නේ ජන­ප­ති­ව­රයා, එහෙම නැති නම් පොහො­ට්ටුව තමන්ට ‘කළ­ගුණ සැල­කිය යුතු බවයි. ඒ ගැන පසු­ගිය දා ශ්‍රීල­නි­පයේ ප්‍රබ­ල­යන් අතර පැවැති සාක­ච්ඡා­ව­ක දී බර­ප­තළ ලෙස අව­ධා­නය යොමු වුණා.

“අපි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ දී ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තු­මාට තීර­ණා­ත්මක සහා­යක් ලබා­දුන්නා. ඒ නිසා මහ මැති­ව­ර­ණ­යේ දී අපිට අපේ­ක්ෂක ලැයි­ස්තු­වෙන් සිය­යට 30ක ප්‍රති­ශ­යක් ලබා­ගන්න ඕනෑ’ මේ සාක­ච්ඡා­වේ දී ශ්‍රීල­නිප ජ්‍යෙෂ්ඨ­යෙක් කිව්වා.

“ඒක ඇත්ත. අපිට වැඩි බල­යක් තියෙන උතුරු - නැඟෙ­න­හිර ප්‍රදේශ ගැන අපි වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුයි. එහෙම වුණොත් අපිට පහ­සු­වෙන් අපේ ඉල­ක්කය කරා යන්න පුළු­වන්’ හිටපු ජන­ප­ති­ව­ර­යාට වඩාත් සමීප ඇම­ති­ව­ර­යෙක් කිව්වා.

“අපි මේ වේලාවෙ අන­වශ්‍ය ගැටලු ඇති කර­ගන්න ඕනෑ නෑ. ඒත් අපි ගිවි­සුම් අනුව කට­යුතු කළ යුතු බව අව­ධා­ර­ණය කළ යුතුයි. එහෙම නැති නම් අලුත් ගිවි­සු­ම­කට යා හැකියි. එහෙම නැතිව ලාභ ජන­ප්‍රි­ය­ත්වය සඳහා මේ වේලාවේ දේශ­පා­ල­නය නොකළ යුතුයි’ ශ්‍රීල­නිප ජ්‍යෙෂ්ඨයා කිව්වා.

කොහොම හරි මේ සාක­ච්ඡා­වේ දී අව­ධා­ර­ණය වුණේ පක්ෂය ශක්ති­මත් කිරීම සහ නව සාමා­ජි­ක­යන් බඳ­වා­ගැ­නීම වඩාත් වේග­වත්ව සිදු කළ යුතු බවයි.

“අපිට අපේ පාක්ෂි­ක­යන් අම­තක කරන්න බැහැ’ හිටපු ජන­ප­ති­ව­ර­යාට සමීප ප්‍රබ­ලයා අව­ධා­ර­ණා­ත්ම­කව කිව්වා.

 

තිස්ස­ගෙන් තීර­ණා­ත්මක යෝජනා තුනක්

 

රනිල් වික්‍ර­ම­සිංහ පාර්ශ්වයේ ප්‍රබ­ල­යන් එජාප නාය­ක­ත්වය රනිල් අතේම තියා­ගන්න සියලු තුරුම්පු ගහද්දී එජාප නාය­ක­ත්වය කෙසේ හෝ සජිත් අතට ගන්න සජිත් පිලේ ප්‍රබ­ලයෝ නොගන්න උත්සා­හ­යක් නැහැ. මේ ගැන බැලූ බැල්මට පේන්නේ සජිත් පිල තාම ‘බාල කොළ­ව­ලින්’ සෙල්ලම් කර­මින් ඉන්න ආකා­රය වුණත් තිස්ස අත්ත­නා­යක වගේ තුරුම්පු ආසියෝ ඉන්න තැනක මේ හතේ - අටේ තුරු­ම්පු­ව­ලින් කළ හැකි දෙයක් නැති වග දැන් දැන් රනිල් පාර්ශ්ව­යට තේරුම් යමින් තිබෙන බවයි මේ අර්බු­දයේ අලුත්ම තත්ත්වය ගැන ‘රජ හෑල්ලක්’ දිග අරි­මින් සජිත් පිලේ ප්‍රබ­ල­යෙක් කිව්වේ.

ඔහු කියන ආකා­ර­යට ‘ආඬි කැඳ උයන තාලෙට’ සිද්ධ වෙන රනිල් - සජිත් සහ කරු සාකච්ඡා මාලාවේ තවත් තීර­ණා­ත්මක වට­යක් පසු­ගිය සෙන­සු­රාදා කතා­නා­යක නිල නිවසේ දී තිබුණා. ඒකට රනිල් වික්‍ර­ම­සිංහ සහ කරු ජය­සූ­රිය පම­ණයි සම්බන්ධ වුණේ. එහි දී එජාප නාය­කත්ව අර්බු­දය විස­ඳා­ගන්න ආකා­රය ගැන රනිල් - කරු දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කළා.

“මේ අර්බු­දය මහ මැති­ව­ර­ණ­යට කලින් කොහොම හරි විස­ඳ­ගන්න එක ගැන තමයි රනිල් - කරු කතා කළේ. ඒ අනුව කරු ජය­සූ­රි­යට එජා­පයේ තාව­කා­ලික නාය­ක­ත්වය දීලා සජිත්ට එක්සත් ජාතික පෙර­මුණේ නාය­ක­ත්වය දෙන්න තමයි කතා කළේ. ඒ අනුව මහ මැති­ව­ර­ණය මෙහෙ­ය­වීමේ වග­කී­මත් සජිත්ට පව­රන්න යෝජනා වුණා’ එජාප ප්‍රබ­ල­යෙක් රජ හෑල්ල සමඟ කිව්වා.

කොහොම වුණත් එදත් රනිල් - කරු සාකච්ඡා අව­සන් වුණේ කිසිම ආකා­ර­යක විස­ඳු­ම­කින් තොර­වයි. ඊට පස්සේ පසු­ගිය ඉරිදා කරු ජය­සූ­රිය සහ සජිත් ප්‍රේම­දාස අතර සාක­ච්ඡා­වක් තිබුණා කතා­නා­යක නිල නිව­සේදි. එදා කතා කළේ සෙන­සු­රාදා රනිල් - කරු අතර ඇති වුණ සාක­ච්ඡාවේ කරුණු ගැනයි. මේ යෝජ­නා­වට සජිත් තමන්ගේ කැමැත්ත දීලා තිබුණා. ඒත් එදත් අව­සන් එක­ඟ­ත්ව­යක් ඇති වුණේ නැහැ.

මේ අතර ඉරිදා සවස එජාප නාය­කයා සහ තිස්ස අත්ත­නා­යක අත­රත් සාක­ච්ඡා­වක් තිබුණා. ඒ පස් වැනි පටු­මඟේ පිහිටි රනිල් වික්‍ර­ම­සිං­හගේ නිව­ස­සේ­දීයි. මෙහි දී සජිත් පාර්ශ්වයේ යෝජනා නියෝ­ජ­නය කළ තිස්ස එජාප නාය­ක­යාට යෝජනා තුනක් ඉදි­රි­පත් කළා.

“නාය­ක­තුමා, අපි දැන් මාස දෙකක් විතර කල් මේ ගැන කතා කළා. ඒත් තාම අව­සන් තීර­ණ­යක් ගන්න බැරි වුණා. මේක පක්ෂ­යක් විදි­හට වගේම සන්ධා­න­යක් විදි­හ­ටත් අපිට ඒ තරම් හොඳ තත්ත්ව­යක් නෙමෙයි’ තිස්ස සංවා­දය ආරම්භ කර­මින් කිව්වා.

“අපිට මේ අර්බු­දය විස­ඳා­ගන්න පුළු­වන් ආකාර තුනක් තියෙ­නවා. මුල්ම එක තමයි ඔබ­තුමා පක්ෂ නාය­ක­ත්ව­යෙන් ඉවත් වෙලා පක්ෂ නාය­ක­ත්වය සජිත් ප්‍රේම­දාස මහ­තාට ලබා­දීම. දෙක ඔබ­තුමා පක්ෂ නාය­ක­ත්ව­යෙන් ඉවත් වෙලා පක්ෂ නාය­ක­ත්වය කරු ජය­සූ­රිය මහ­තාට ලබා­දෙන එක. තුන් වැනි විස­ඳුම තමයි සන්ධා­නයේ නාය­ක­ත්වය සහ එජාප නාය­ක­ත්වය සජිත් ප්‍රේම­දාස මහ­තාට භාර දීලා එතු­මාට මහ මැති­ව­ර­ණය මෙහෙ­ය­වීමේ වග­කීම භාර දෙන එක. මේ තුනෙක් එකක් හැර වෙන කරන්න දෙයක් නැහැ. ඒත් එජාප නාය­ක­ත්වය සජිත් ප්‍රේම­දාස මහ­තාට පැව­රීම අත්‍ය­ව­ශ්‍යයි’ තිස්ස තමන්ට සුපු­රුදු ගැඹුරු, අව­ධා­ර­ණා­ත්මක ස්වර­යෙන් කිව්වා.

තිස්සගේ යෝජ­නා­ව­ලට සුපු­රුදු විදි­හට සාව­ධා­නව කන් දුන්න එජාප නාය­කයා යළිත් පරණ පොතම පෙර­ළන බව තිස්සට වහාම වැට­හුණා.

“මේ ගැන කතා කරන්න මට කාලය අව­ශ්‍යයි. ඒ වගේම මහ මැති­ව­ර­ණය ආස­න්නයේ මේ ගැන මොන­වත් කරන්න බැහැ. මහ මැති­ව­ර­ණ­යෙන් පස්සේ පළාත් පාලන මැති­ව­ර­ණය තියෙ­න­වානේ. එත­කොට මේ ගැන බලමු. දැන් අපි සමඟි වෙලා මහ ඡන්දෙට මුහුණ දෙමු’ එජාප නාය­කයා සුපු­රුදු ස්වර­යෙන් කිව්වා.

කොහොම වුණත් නොකෙ­රෙන වෙද­ක­මට කෝඳුරු තෙල් හත්ප­ට්ට­යක් හොය­නවා වාගේ සිද්ධ වෙන මේ ක්‍රියා­ව­ලියේ තවත් පිය­ව­රක් විදි­හට 23 වැනි දා තිස්ස සහ කරු අතර හමු­වක් සිද්ධ වෙන බවයි වාර්තා වුණේ.

 

එජාප නාය­ක­යාට ප්‍රශ්න­ රැසක්

 

මේ අතර පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා එජාප නාය­කයා සමඟ මන්ත්‍රී­ව­රුන් කිහිප දෙනකු කළ කතා­බ­හ­ක දී ස්විස් තානා­පති කාර්යාල සිද්ධිය සම්බ­න්ධ­යෙන් කතා­වක් මතු වුණා.

“ලේක් හවුස්, හිල්ටන් සභා­ප­ති­කම් දරපු ක්‍රිෂාන්ත කුරේ රට පැනලා කියලා ආරංචියි. ඒක ඇත්තද? කේ.කේ. පිය­දාස එජාප නාය­ක­යා­ගෙන් විම­සුවා.

ක්‍රිෂාන්ත කුරේ දේශ­පා­ල­න­යට කැඳ­වා­ගෙන ආ එජාප නාය­කයා එම ප්‍රශ්න­යෙන් කිසි­යම් අප­හ­සු­තා­ව­කට පත් වුණ බවක් පෙනුණා. යළි සුපු­රුදු සැහැල්ලු මුහුණ මවාගත් එජාප නාය­කයා නීති නිල­ධා­රි­යකු වෙත හැරිලා ‘මෙයාලා තමයි ඒවා දන්නේ’ යැයි ඇඟට පතට නොදැනී උත්තර දුන්නා.

“අර ස්විස් තානා­පති කාර්යා­ලයේ ගානියා බැරි­ස්ටර්ගේ කුම­න්ත්‍ර­ණ­යට ක්‍රිෂාන්ත සම්බ­න්ධයි කියලා චෝදනාවක් තියෙනවා. ඔහු තනතුරු දැරූ ආය­ත­න­ව­ලයි ඉන් පිට­ස්ත­ර­වයි විශාල මුල්‍ය හා වෙනත් අක්‍ර­මිකතා රැසක් ගැනත් හෙළි වෙලාලු. බර­ප­තළ චෝදනා 20 ක් විතර ඔහුට විරු­ද්ධව එල්ල වෙලා තියෙ­නවා. මේ කට­යුතු සොයා බැලීමට සහාය දෙන්නැයි සී.අයි.ඩිය නායක­තු­මා­ගෙ­නුත් ඉල්ලීම් කරලා තියෙනවා. සී.අයි.ඩිය යම් පරි­ක්ෂ­ණ­ය­කට සහාය ඉල්ලු­වොත් ක්‍රිෂාන්ත විත­රක් නොව ඕනෑම කෙනෙ­කුට අදා­ළව සහාය දෙන්නැයි නාය­ක­තුමා එජාප ආණ්ඩුවේ හිටපු නිල­ධා­රි­න්ගෙන් ඉල්ලුවා. ඔහුට විරුද්ධව ඇති චෝදනා ගණනාවෙන් එක චෝද­නා­ව­කට වුවත් ඉන්ට­ර්පෝල් රතු වරෙ­න්තු­වක් ලබා­ගන්න හැකි ඒවා කිය­ලායි ආරංචි” එජාප නීති නිල­ධා­රියා තමන් ළඟ ඇති තොර­තුරු අනුව සිද්ධිය විස්තර කළා.

 

රන්ජන් සිවිල් සමා­ජ­යට සුනා­මි­යක් වෙයි

 

නාය­කත්ව අර්බු­දයේ කර­ව­ටක් ගිලී සිටින එජා­ප­යට ‘රන්ජන්ගේ හඬ­පට’ දේශ­පා­ලන සුනා­මි­යක් වෙන කොට තවත් බොහෝ දෙනෙක් පොර­වා­ගෙන හිටිය සිංහ හම් ගැල­වෙන තත්ත්ව­යක් ද නිර්මා­ණය වෙලා තියෙ­නවා. ඒ අතර එජා­ප­යට පසු­ගිය කාලය පුරාම දර­දිය ඇද්ද මාධ්‍ය­වේ­දීන්, මාධ්‍ය සංවි­ධාන සහ සිවිල් සමාජ ප්‍රධා­නීන් ද සැල­කිය යුතු පිරි­සක් ඉන්නවා කිය­ලයි රජ හෑල්ලට වාර්තා වුණේ.

කොහොම වුණත් රන්ජන් සමඟ වැඩ කළ බී.බී.සී කොළඹ වාර්තා­කරු අසාම් අමීන්ට ගෙදර යන්න සිද්ධ වීම සමඟ තවත් මාධ්‍ය­ක­රු­වන් සහ මාධ්‍ය සංවි­ධාන ප්‍රධා­නීන් භීති­යට පත් වී සිටි­නවා.

රජ හෑල්ල සමඟ ‘මීඩියා හෑල්ලක්’ ලිහා දැම්ම එජා­පයේ මාධ්‍ය සමඟ බොහොම සමීප ප්‍රබ­ල­යෙක් කිව්වේ දැන් එජා­පයේ සහ ඇතැම් සිවිල් සංවි­ධාන නාය­ක­යන්ට සිද්ධ වෙලා තියෙන්නේ කුඩු කෑ මිනි­හට සිද්ධ වුණා වාගේ අවු­ලක් බවයි.

“අපි හිතු­වට වඩා මේක දුර­දිග යන පාටයි. විශේ­ෂ­යෙන් අසාම් අමීන්ට බී.බී.සී. එක දුන්න දඬු­වම ගැන තවත් කිහිප දෙනෙක් දෙලෝ රත් වෙලයි ඉන්නේ. මොකට පහු­ගිය කාලේ අපිත් නොදන්න ගේම් මේ කට්ටිය දීලා තියෙ­නවා. විශේ­ෂ­යෙන්ම සිවිල් සංවි­ධාන නාය­ක­යන් කියලා අපි ගාවට ආපු කල්ලිය ගැන දැන් එළි­යට එන තොර­තුරු ඒ තරම් ගුණ­දා­යක නැහැ” එජාප ප්‍රබ­ලයා තමන් සතු තොර­තුරු හෙළි කර­මින් කිව්වා.

 

ලාල් කාන්තට ත්‍රිරෝද රථ රියැ­දු­ර­න්ගෙන් ලැබුණු සහ­ති­කය

 

ජනතා විමුක්ති පෙර­මුණ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ දී ලබපු නීරස අත්දැ­කීම ‘පැණි­රස’ කර ගන්නයි දැන් සූදා­නම් වෙන්නේ. ඒ කියන්නේ දැන් ම තියාම ජවිපෙ මහ මැති­ව­ර­ණ­යට වැඩ පටන් අර­ගෙන. ඒ අතර දිස්ත්‍රික් නාය­කයෝ එහෙ­මත් තෝරා­ගෙන අව­සන්.

මේ දිස්ත්‍රික් නාය­ක­යින් අතර කැපී පෙනෙන නාය­ක­යෙක් වෙන්නේ ජවිපෙ වෘත්තීය සමිති නාය­ක­යෙක් වුණ කේ.ඩී. ලාල් කාන්ත. ඔහු මෙවර මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ කණ්ඩා­යම් නාය­කයා විදි­හට ඉදි­රි­පත් වෙන බව තමන්ගේ සමී­ප­ත­ම­යන්ට කියලා තියෙ­නවා.

‘මට උදව් කරන්න’ ලාල් කාන්ත පක්ෂය ගැන නොකියා ඉල්ලීමක් කර­නවා විත­රක් නෙමෙයි ගමන් බිමන් යන කොටත් දේශ­පා­ලනේ කර­නවා.

මේ අතර පසු­ගිය දින­වල ලාල් කාන්ත අපූරු අත්දැ­කීම් දෙක­කට මුහුණ දුන්නා. ලාල් හේවා­හැට ත්‍රිරෝද නැව­තුම් පොළ ළඟට ගියාම එතැන හිටිය ත්‍රිරෝද රථ රියැ­දුරෝ ඇවිත් ඔහුව වට­කර ගත්තා.

‘නුවර අපි හරිම වාස­නා­ව­න්තයි. අපිට දෙවි­වරු 12 දෙනෙක් ඉන්නවා. ඒ අය අහ­සින් වඩි­නවා. පොළ­වට පය ගහන්නේ නැහැ. ඒත් ඔබ­තුමා විත­රයි මේ පොළොවේ පය­ග­හලා ජීවත් වෙන්නේ’ ත්‍රිරෝද රථ රියැදු­රෙක් සියලූ දෙනාම වෙනු­වෙන් කිව්වා.

මේ අතරේ නාව­ල­පි­ටි­යේ දී ලාල් කාන්ත අලුත්ම අත්දැ­කී­ම­කට මුහුණ දුන්නා. ළඟ­කදී ඉඳන් ජවිපෙ සමඟ වැඩ­ක­රන එජාප පවුල් පසු­බි­මක් තිබෙන තරු­ණ­යෙ­කුගේ තාත්තා කෙනෙක් ලාල්ට නාව­ල­පි­ටි­යෙදී හමු­වුණා.

ලාල් සුපු­රුදු විදි­හට ‘මට උදව් කරන්න’ කියලා කිව්වා.

‘අම්මපා උදව් කර­නවා. ඒ රනිල් එජාපයේ නාය­කයා විදි­හට මේ පාරත් හිටි­යොත්. රනිල් එජාප නාය­ක­කමේ ඉන්න කම් අපි ආයේ එජා­ප­යට නම් ඡන්දය දන්නේ නැහැ’ ඔහු ගත් කට­ටම කිව්වා.

Comments