යුක්‍රේන ජනාධිපතිවරයා විවේචනය කළ හඬ පටයක් සමාජගත වීම නිසා යුක්‍රේන අග්රාමාත්ය ඔලෙක්සි හොන්චාර්ක් (Oleksiy Honcharuk) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව ඔහු විසින් පවසන ලද හඬ පටයක් මෙසේ සමාජයට පැමිණ ඇත.
තමන් සිදුකළ ප්රකාශයක් සැලසුම් සහගතව සංස්කරණය කර මෙසේ මුදාහැර ඇති බවත් එය කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදුකළ ක්රියාවක් බවත් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.