ලංකාව හරිම ලස්සන කරු­ණාව පිරුණු මිනි­සුන්ගේ රටක් | Page 2 | සිළුමිණ

ලංකාව හරිම ලස්සන කරු­ණාව පිරුණු මිනි­සුන්ගේ රටක්

ටක් ලෙස දියුණු වීමට නම් ආර්ථික වශ­යෙන් බල ගැන්විය යුතුම ය. ඊට ප්‍රබල දාය­ක­ත්ව­යක් සංචා­රක කර්මා­න්තය ලබා­දෙයි. පසු­ගිය කාල වක­වා­නුව තුළ රටේ ඇති වූ අශිෂ්ට සිදු­වීම් ගණ­නා­වක් සංචා­රක ව්‍යාපා­ර­යට අහි­ත­කර ලෙස බල­පෑ­වේය. පාස්කු ඉරිදා ප්‍රහා­රය ආස­න්නම උදා­හ­ර­ණය ය. රට අනා­ර­ක්ෂිත බව දිගින් දිග­ටම කියැ­විණි. මේ පසු­බිම තුළ ශ්‍රී ලංකාව ආර­ක්ෂිත සේම, සුව­දායී පරි­ස­ර­ය­කින් හෙබි සංච­ර­ණ­යට සුදුසු රටක් යන පණි­වි­ඩය යළිත් ලෝක­යට සන්නි­වේ­ද­නය කර­න්නට අපට අම­තර ආයා­ස­යක් දැරී­මට සිදු විය.

එවැනි පසු­බි­මක් තුළ ඉන්දීය සුපිරි බොලි­වුඩ් සිනමා නිළි මධුරි ඩික්සිත් මහ­ත්මිය තම පවුලේ සාමා­ජි­ක­යන් සමඟ පෞද්ග­ලික සංචා­ර­ය­කට ලංකා­වට ආවාය. රට තුළ කළ සංචා­රය අත­ර­තුර ඇය රත්න­පුර ප්‍රදේ­ශ­ය­ටත් පැමි­ණි­යාය. ඇය රත්න­පුර උඩ­ව­ලව පිහිටි ග්‍රෑන්ඩ් උඩ­ව­ලව හෝට­ල­යට පැමි­ණෙන්නේ ඇත් අතුරු සෙවණ නැර­ඹී­මට ය. අලි පැට­වුන්ට කිරි පොවන අව­ස්ථාව නැර­ඹීම අර­මුණු කර­ගත් ගමනේ නිය­මිත වේලාව එළ­ඹෙන තෙක් ගත කිරීම හෝට­ල­යට පැමි­ණීමේ නිමිත්ත විය. එහි පැමිණ පැය කීප­යක් ගත වන තෙක් ඇය කවු­රු­න්දැයි කිසි­වෙකු දැන සිට නැත.

එහෙත් ඇය දැකී­මෙන් ඇති වූ කුකුස නිසා හෝට­ලයේ මෙහෙ­යුම් කළ­ම­නා­කාර අධ්‍යක්ෂ චන්දන පත්ම­කු­මාර ඇය වෙත ගියේය. “ සමා­වෙන්න ඔබ­තු­මිය මධුරි ඩික්සිත් නේද?” ඔහු සුදුසු මොහො­තක ඉතාම විනී­තව විම­සු­වේය.

ඇය සිනා­සුණා ය. අසල රටේ ඈත ගම්බි­ම්වල වෙසෙන ළෙන්ගතු මිනි­සුන් මධුරී ඩික්සිත් නැමැති ගැහැ­නි­යට ආද­රය කරන බව දැනී­මෙන් උපන් සියුම් ආශ්වා­ද­නීය වේශ­යක් ඒ සිනාවේ ගැබ් වී තිබිණි.

“ඔව් ඒ මම තමයි.” ඇය ආචා­ර­ශී­ලීව පිළි­ව­දන් දුන්නාය. අන­තු­රුව සිය පෞද්ග­ලික හැඳු­නු­ම්පත චන්දන වෙත දිගු කළාය. ඇයගේ පැමි­ණීම සිය ආය­ත­න­යට වගේම මේ රට­ටත් විශාල ගෞර­ව­යක් බව ඇයට කී චන්දන මේ රට සම්බ­න්ධව ඇය දක්වන අද­හස් සමඟ සංවා­ද­යක යෙදු­ණේය.

පසුව ඇය වැඩි­පු­රම වේලා­වක් ගත කලේ හෝට­ලයේ පිහිටි Gen luck මැණික් හා ස්වර්ණා­භ­රණ ප්‍රද­ර්ශ­නා­ගා­රය නැර­ඹී­ම­ටය. එක් එක් මැණික් වර්ග හඳු­නා­ගැ­නී­මට ඇය මහත් උන­න්දු­වක් දැක්වූ­වාය. එම අවස්ථා ඡායා­රූප හා වීඩි­යෝ­ගත කර­ගත්තා ය.

ඇය එක් එක් මැණික් වර්ග හඳු­නා­ග­නි­මින් ඒවායේ මිල ගණන් මෙන්ම ලැබෙන ප්‍රදේශ පිළි­බඳ ද අව­බෝ­ධ­යක් ලබා­ගැ­නී­මට වැඩි කාල­යක් වැය කළාය.

ග්‍රෑන්ඩ් උඩ­ව­ලව හෝට­ලයේ කළ­ම­නා­කාර චන්දන පද්ම කුමාර කී කතාව සිත් ගන්නා­සු­ලුය.

“පසු­ගිය 17 වැනි දා උදේ දහ­යට විතර ඉන්දි­යන් ටීම් එකක් ආවා. අපි කාට­වත් විශේ­ෂ­යක් තිබුණෙ නෑ. ඒත් මට ඒ කාන්තාව හොඳට දැකලා හුරුයි. මධුරි ඩික්සිත් ද?. ඒත් එයා එක පාර­ටම මෙහෙම එන්න පුළු­වන් ද?. මම කෙළින්ම ඇයත් එක්ක කතා කරන්න හිතලා ගිහින් ඇයව ඇම­තුවා. ඔව්... ඒ මධුරි තමයි. ඇය ඇවිත් තිබුණෙ ඇයගේ මවු­පි­යන්, දරු දෙදෙනා හා සැමියා එක්ක. ”

“ඇය කලා­ක­රු­වෙ­කුට තියෙන්න අවශ්‍ය උප­රිම සංය­මය, නිහ­ත­මා­නී­කම මෙන්ම දැක්මක් තිබුණු කාන්තා­වක්. ඇය වැඩි වශ­යෙන් කාලය ගත කළේ අවට පරි­ස­රය විඳින්න. ඇය තේ කර්මාන්ත ශාලා­වක් නර­ඹ­න්නත් ගියා. මට අවශ්‍ය වෙලා තිබුණෙ එක දෙයයි. මධුරි කියන්නෙ ඉන්දි­යාවේ පම­ණක් නොවේ, මුළු ලෝකය තුළම විශාල ජන මත­යක් ගොඩ නැඟිය හැකි කලා­කා­රි­නි­යක්. ඇය අපේ රට ගැන දරන ආක­ල්පය සම්බ­න්ධව අද­හ­සක් මට අවශ්‍ය වුණා. එය මා රැකි­යාව කරන සංචා­රක ක්ෂේත්‍ර­යට ඉතාම වැද­ගත් තොර­තු­රක්. මොකද පසු­ගිය පාස්කු ඉරිදා ප්‍රහා­රය සමඟ සංචා­රක ව්‍යාපා­රය බිංදු­ව­ටම ඇද­වැ­ටුණා. මේ එය යළි නැඟි­ටි­මින් සිටින මොහොත.”

මා ඇය ප්‍රශ්න කරලා මේ ක්ෂේත්‍රයේ ආචා­ර­ධර්ම බිඳි­න්නට උත්සාහ කළේ නැහැ. ඔවුන්ගේ නිද­හස අහිමි කර­න්නට උත්සාහ කළෙත් නැහැ. ශීලා­චා­රව සහ ඉතා කුලු­ප­ගව සංවා­දය ගොඩ නඟා­ගත්තා. එහිදී තමයි මට වැට­හුණේ ඇය පේ රට ගැන පිබි­දුණු හැඟීම් සහි­තව සිටින බව. ඇය ලංකාව පිළි­බඳ දක්වන අද­හස් අප­ටත් වඩා වැද­ගත් වෙන්නෙ ලෝක­යට. එය ශ්‍රී ලංකාවේ සංචා­රක ව්‍යාපා­ර­යට ආලෝ­ක­යක් වේවි කියලා මට හිතුණා. ශ්‍රී ලංකාවේ මැණික් පිළි­බඳ මධුරි ඩික්සිත් සහ පවුලේ සියලු දෙනාම දැක්වූයේ දැඩි උන­න්දු­වක්. මම ඒක දැක්කා. උදේ පැමිණි වේලාවේ සිට වැඩි කාල­යක් ඔවුන් වෙන් කළේ අපේ මැණික් ප්‍රද­ර්ශ­නා­ගා­රය තුළයි. ඇත් අතුරු සෙවණ නැර­ඹී­මට ගොස් ආපසු දිවා ආහා­රය ගැනී­මත් සමඟ නැවත ඒ අය ගියේ මැණික් බැලී­ම­ටයි. ලද අව­ස­ර­ය­කින් ඇය එක්ක යළිත් සංවා­ද­යට එක් වුණා. ඇය අපේ රට ගැන අවං­කව ඇයගේ අද­හස් මා ඉදි­රියේ කියා සිටියා.

"මම ශ්‍රී ලංකා­වට ආවේ තුන් වැනි වතා­ව­ටයි. පසු­ගිය කාලයේ ලංකාව ගැන ඇසූ කතා­ව­ලට වඩා ඉතාම සුබ­දා­යක දේවල් දැන් අහන්න ⁣ලැබෙ­නවා. මම ලංකා­වට ගොඩක් ආද­රෙයි. ලංකාවේ හැම තැන­කම පරි­ස­රය හරිම සුන්ද­රයි. ඒ වගේම ලංකාවේ මිනිස්සු හරි ම කාරු­ණි­කයි."

මධු­රිගේ සැමියා ද ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණා­භ­රණ, තේ නිෂ්පා­දන මෙන්ම ඇත් අතුරු සෙවණ පිළි­බඳ විශේෂ උන­න්දු­වක් දක්වනු දුටුවා.

මධුරි ඩික්සිත් වැනි ලෝ ප්‍රකට චරිත ශ්‍රී ලංකාවේ කෙරෙන සංචා­රය මැණික් ව්‍යාපා­රය කෙරෙහි සුබ­වා­දීව බලපෑ හැකි ආකා­රය මැණික් ව්‍යාපා­රි­ක­යන්ගේ සංග­මයේ සභා­පති සම්පත් සම­ර­සේ­ක­රගේ අද­හස මෙසේය.

"පසු­ගිය කාලය පුරාම සංචා­ර­ක­යන් හිඟ වීම නිසා මැණික් විකි­ණීම පහළ බැස්සා. සංචා­රක ව්‍යාපා­රය දියුණු වෙනවා කියන්නෙ මැණික් කර්මා­න්ත­යට හොඳ කල­ද­සා­වක් කියන එකයි. මධුරි ඩික්සිත් ලංකා­වට අරන් ආවේ සුබ පණි­වු­ඩ­යක්. ඇය රත්න­පුට පැමිණ මැණික් ගැන දැක්වූ ප්‍රති­චා­රය අපිට ඉම­හත් බලා­පො­රොත්තු ඇති කර­නවා. ඒ කියන්නෙ සංචා­රක ව්‍යාපා­රය පිළි­බඳ ලෝක සුබ­වාදී අක­ල්ප­යක් අපේ රට පිළි­බඳ ගොඩ­නැ­ඟෙ­මින් තිබෙ­නවා කියන එකයි.

ඇමෙ­රි­කාවේ USA TODAY පුවත් පත ප්‍රකා­ශ­යට පත් කර තිබෙ­නවා උණු­සුම් කාලයේ දී සංච­ර­ණ­යට අංක එකේ සුදුසු ම රට ශ්‍රී ලංකාව බවට. ඒ විත­රක් නෙවෙයි LONLEY PLANET වෙබ් අඩ­විය පෙන්වා දෙන්නේ " වෙර­ළට ආද­රය කර­න්නන්ගේ පාරා­දී­සය ශ්‍රී ලංකාව බවයි. මොවුන් ලෝකයේ විශා­ල­තම සංචා­රක මඟ­පෙ­න්වන පොත් ප්‍රකා­ශ­යන්. සංචා­රක ගම­නාන්ත පිළි­බඳ පොත් මිලි­යන එක­සිය විස්සක් ඔවුන් අලෙවි කර තිබෙ­නවා. ඔවුන් පවසා සිටින පරිදි 2019 අව­සා­නය වන විට ලෝකයේ සංචා­ර­යට හොඳම රට ශ්‍රී ලංකාව බවට පෙන්වා දී තිබෙ­නවා. අපි රත්න­පුර ජෙම් සිටි ව්‍යාපෘ­තිය ලෝක ආකා­ර්ෂ­ණය දිනා­ගත හැකි ප්‍රබල චරි­ත­වල පැම­ණීම අපේක්ෂා කළා. එය ප්‍රක­ටව හෝ අප්‍ර­ක­ටව සිදු වෙමින් පව­ති­නවා.” ඔහු කියයි.

මධු­රිගේ ලංකා ගමන සිදු වන්නේ රහ­සි­ග­ත­වය. ඇය ලංකා­වට පැමිණි බව මාධ්‍යන්ට නිරා­ව­ර­ණය නොවූයේ පෞද්ග­ලික ගම­නක් නිසාය. එහෙත් ඒ අහ­ම්බය අපට ඵල­දායී ලෙස සංචා­රක ව්‍යාපා­රයේ උන්න­තිය වෙනු­වෙන් භාවිත කළ හැකිව තිබිණි. ලෝකය දිනූ ඉන්දි­යාවේ සුපිරි නළු නිළි­යන් ලංකාවේ මැණි­ක්ව­ලට පෙම් කළ බව දැක්වූ මුල්ම අව­ස්ථාව මෙය පම­ණක් නොවේ. වරෙක ඓශ්චර්යා රායි රත­න­පු­රෙන් මැණික් සාරි­යක් නිර්මා­ණය කර­ග­ත්තාය. ඇයට මැණික් සාරිය නිර්මා­ණය කර දුන්නේ කුමා­ර­සිරි රත්නා­යක ය. ඔහුට අනුව මැණික් කර්මා­න්තය ක්‍රම­වත්ව දියුණු වන්නේ නම් රටේ සංචා­රක කර්මා­න්තය වෙනත්ම දිශා­න­ති­ය­කට යොමු කළ හැකිය. ලෝකය අප වෙත එන්නට සූදා­නම් සහිත පෙල­ඹු­මක සිටී. ඒ පෙඹුමේ පල නෙළා ගන්නට අපේ සැල­සු­මක් තිබුණා නම් රටේ අනා­ග­තය සෑම අතින්ම යහ­පත් එකක් වනු ඇත.

Comments