සැලසූ බදු සහන මහජනතාව වෙත සත්‍ය ලෙසම ගලා යන්නේදැයි සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබේ. තවදුරටත් ජනතාවට සැලසිය හැකි කඩිනම් සහන පිළිබඳ සොයා බලන ලෙසත්, විශේෂයෙන්ම දුගී පවුල්වල පුද්ගලයන්ට රැකියා දීමේ ක්‍රමවේද පිළිබඳ කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත.
ඉදිරි මහමැතිවරණය පිළිබඳ ජනතා අදහස් ලබාගෙන, ඒ සඳහා සූදානම් වීමට ගත යුතු පියවර පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබේ.