ආප­දා­වට පත් සිසුන්ට කඩි­නම් සහන | Page 3 | සිළුමිණ

ආප­දා­වට පත් සිසුන්ට කඩි­නම් සහන

ව­තින වැසි සහිත තත්ත්වය හේතු­වෙන් ආප­දා­වට ලක් වී ඇති දිස්ත්‍රි­ක්ක­වල සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටින සිසුන් සඳහා අවශ්‍ය පහ­සු­කම් කඩි­න­මින් සල­ස­න්නැයි රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්න­කෝන් මහතා අදාළ දිස්ත්‍රි­ක්ක­වල දිසා­ප­ති­ව­රුන්ට උප­දෙස් දී තිබේ.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ හා අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ උප­දෙස් පරිදි ආපදා සහන පිණිස උප­රිම පහ­සු­කම් සැල­සී­මට ජාතික ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය හා ආපදා සහන සේවා මධ්‍ය­ස්ථා­නය කට­යුතු කරයි. ඒ අනුව සිය­ලුම දිස්ත්‍රික් ලේක­ම්ව­රුන්ට රුපි­යල් ලක්ෂ 10 බැගින් රුපි­යල් මිලි­යන 25ක් ලබාදී ඇත. ඊට අම­ත­රව ගංව­තුර නිසා අව­තැන්ව කඳ­වු­රු­වල වෙසෙන පුද්ග­ල­යන් 5018ක් පමණ ජන­තා­වට පහ­සු­කම් සැල­සී­මට රුපි­යල් ලක්ෂ 85ක් ද වෙන් කර ඇත. ඊට අම­ත­රව අන­තු­රු­දා­යක නිවා­ස­ව­ලින් ඉවත් කරනු ලැබූ හා ආප­දා­ව­ලට ලක්වූ අයට වියළි ආහාර ලබා­දී­මට රුපි­යල් ලක්ෂ 47ක් පමණ ලබා­දී­මට ද පිය­වර ගෙන තිබේ. නාය­යෑ­මට ලක්වී ඇති ඉඩ­ම්ව­ලින් ජන­තාව ඉව­ත්කර අලුත් ඉඩම් ලබා­දීම සඳහා ද මෙහිදී මූල්‍ය ප්‍රති­පා­දන වෙන් කර ඇත.

Comments