රැකියා 9500 ක් කප්පාදු කල අවුඩි සමාගම | සිළුමිණ

රැකියා 9500 ක් කප්පාදු කල අවුඩි සමාගම

ජර්මනියේ මෝටර් රථ සමාගමක් වන අවුඩි සමාගම මුදල් ඉතිරි කිරීම සඳහා රැකියා 9,500ක් කප්පාදු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එම සමාගම දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති අතර එම සැලැස්මට අනුව වසර 2029 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ඉතිරි කිරීමට සූදානම් වේ.

එසේ මුදල් ඉතිරි කිරීම සඳහා 2025 වසර වෙද්දි සමාගමේ රැකියා 9,500ක් අඩු කිරීමට සැලැසුම් කර තිබේ.

මෙම වැඩසටහන යටතේ කලින් විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ‘ඉලෙක්ට්‍රෝමොබිලිටි’ සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවලට නව සේවකයන් බඳවා ගන්නා බව ද අවුඩි සමාගම නිවේදනය කළේය.

(ඒ.එෆ්.පී)

 

Comments